මහනුවරදී මේ මස 12 වැනිදා ආරම්භ වන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කරන 17 හැවිරිදි කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටියි.
මොරටුව වේල්ස් කුමර විදුහල නියෝජනය කරන දක්‍ෂ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා යොවුන් පිලේ පසුගිය බංග්ලාදේශ සංචාරයේදී දස්කම් දැක්වීමට සමත් විය.
මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරා ද, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න ද කටයුතු කරති.
ක‍්‍රීඩකයන් 15 දෙනකු බැගින් ඇතුළත් මෙම කණ්ඩායම් තුනට උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ නියෝජනය කිරීමට ක‍්‍රීඩකයකු බැගින් ඇතුළත්කර සිටීම කැපී පෙනෙයි.
ශ‍්‍රී ලංකා පිල:
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ෂෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙදර, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර, මිලින්ද සිරිවර්ධන, ෆර්විස් මහරුෆ්, කුසල් මෙන්ඩිස් සහ එස්. සිලොජින්
ශ්‍රී ලංකා ‘ඒ’ පිල:
ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, නිරෝෂන් දික්වැල්ල, රමිත රඹුක්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න, ඉෂාන් ජයරත්න, සුරංග ලක්මාල්, විමුක්ති පෙරේරා, ළහිරු ජයරත්න, තරිඳු කෞෂාල්, යශෝධ ලංකා සහ එස්. සංජීවන්
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල:
දිමුත් කරුණාරත්න (නායක), මහේල උඩවත්ත, ජෙහාන් මුබාරක්, සචිත‍්‍ර සේරසිංහ, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, දිල්හාර ලොකුහෙට්ටිගේ, අකිල ධනංජය, මාලිංග බණ්ඩාර, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, රුමේෂ් බුද්ධික, ධනුෂ්ක ගුණතිලක, ඉසුරු උදාන සහ රිෂාන් ටූඩොර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා නියමයිනේ..(ස)
මේ තරගාවලිය පවත්වන්නේ අයි.සී.සී ශුරයින්ගේ කුසලානයට සහභාගි වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබා දීම සදහා. නමුත් ක්‍රීඩකයන් 15ක් ඈතුලත් ජාතික කණ්ඩායමෙන් මේ තරගාවලියට සහභාගි වෙන්නේ ක්‍රීඩකයන් 6ක් විතරයි. අනිත් අය අයි.පී.එල් ගහනවා. තමන්ගෙ රට වෙනුවෙන්වත් මේ වෙලාවට එකට එකතු වෙන්න බෑරිනම් මොකටද? බලන්න නවසීලන්ත ක්‍රීඩකයො දිහා, එයාලා මේ වෙද්දිත් එයාලගෙ රටට ගිහින් ඉවරයි. එංගලන්ත තරගාවලියට පුහුණුවීම් වලට. ඒකට අපේ අය?(නදී)
කුසල්ලට හොඳ කාලයක්. (ස)
මදුරංග අපේ අය ඒ හොඳට පුහුණු වෙනවා. බංකු උඩ ඉඳගෙන. නැත්නම් පොඩි කොල්ලන්ට වතුර ඇද ඇද (ස)
යොහාන් හරි. අද හැම දේම සල්ල වලට යටවෙල ඉවරයි. ක්‍රීකට් ක්‍රීඩාවත් එහෙමයි. අද රටෙ තත්වය හැටියට ක්‍රීඩකයන්ටත් බනින්න බෑ. අන්තිමට මැච් බලන අපිට තමයි ලයිට් බිල්ටත් වගකියන්න උනෙ. (ස)
ඉන්දියානුවන් තේරුම් ගන්න ටික කාලයක් යනවා. උන් හරි කපටි මිනිස්සු. මේ වෙද්දී මහේලට සංඟට සහ අනෙක් අයට ඒ බව වැටහිලා ඇති. (ස)
වේල්ස් කුමාර විදුහලෙන් පමණක් ක්‍රීඩකයන් තිදෙනෙක්. අපිට ආඩම්බරයි! (නි)
කුසල් මල්ලි හොද දක්ශ තරුණ ක්‍රීඩකයෙක්, වේල්ස් කුමාර විදුහලෙන් පමණක් ක්‍රීඩකයන් තිදෙනෙක්. නියමයි (නි)