සීමිත ඕවර කි‍්‍රකට් තරග ආරම්භ වීමෙන් පසුව බිහිවූ ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් අවිවාදයෙන් සැලකිය හැකි ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කාර් අද (26 වැනිදා) අයි. පී. එල්. තරග බිමෙන් සමුගත්තේය.
මුම්බායි පිල විසින් පළමු වතාවට අයි. පී. එල්. ශූරතාව දිනාගැනීමෙන් පසුව සිය සමුගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කළ තෙන්ඩුල්කාර් පැවසුවේ අයි. පී. එල්. තරගාවලියේ ශූරතාව සදහා තමන්ට වසර හයක් බලා සිටීමට සිදුවූ බවයි
”ලෝක කුසලානයක් දිනන්න මා වසර 21 ක් බලා සිටියා. අයි. පී. එල්. කුසලානය දිනන්න වසර 6 ක් බලා සිටියා” යයි තෙන්ඩුල්කාර් පැවසීය.
වසර 2008 දී මුම්බායි ඉන්දියන්ස් පිලේ සුවිශේෂී කී‍්‍රඩකයා ලෙසින් එක්වූ තෙන්ඩුල්කාර් අද පැවැති අවසන් මහ තරගයට කී‍්‍රඩා නොකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් මේ පුද්ගලයා හරිම ලෝභයි.මම ඒ ගැන දන්නවා (නි)
ඉතාමත්ම හොද තීරණයක්. මගෙන් සුභ පැතුම් ඔබට (නි)
ද සිල්වා යන්නේ කොහෙද කියල ඇහුවම මල්ලේ පොල් කීවලු.(නදී)
ක්‍රිකට් ක්‍රීඩාවේ මා දුටු විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්. ඔහුට මා හදවතින්ම සුභපතනවා (නි)
සචින්ගේ ලෝබ කන් අපිට වැඩක් නැහැ. හැබයි දක්ෂ වගේම නිහතමානි ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් වශයෙන් සැමට ආදර්ශයක්. සුබ පැතුම් ඉදිරි ජීවිතයට.(නදී)
සනත් ජයසුරිය මහත්තයව මුම්බායි කණ්ඩායමෙන් එලෙව්වේ මෙයා - ඉරිසියාවට (අ)
ආදර්ශමත් තීරනයක් (අ)
තෙන්ඩුල්කාර් යනු ලෝකයේ සිටින විශිෂ්ටම ක්‍රීඩකයෙකි (නි)
මම කැමතිම ක්‍රීඩකයන් තුන්දෙනාගෙන් කෙනෙක් තෙන්ඩුල්කාර් (නි)
ශ්‍රේෂ්ට ක්‍රීඩකයෙක්. නමුත් ඔහු ඔහු ගැන සිතා සිටින්නේ ගොඩක් ලොකුවට. ඔහුට ක්‍රීඩාවෙන් සමුගන්න තිබුනේ වසර 2ට විතර පෙර.(නදී)
ජනක දන්නා කෙහෙල් මල " ද සිල්වා " කියන්නේ ඇත්ත. සිල්වාට බස් එකේ යන්න සතේ අතේ නැතිව ඉන්නැද්දි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ තෙන්ඩුල්කාර් ගිහින් තියෙනවා කඩල ගොට්ටක් කකා. මහියන්ගනේට යන්න අත මාරුවක් ඉල්ලලා මිනිහ එක දීල නැහැ. කොච්චර ලෝබ මිනිහෙක්ද . මම දන්නවා කියන්නේ ඔන්න ඕක තමයි සිල්වා එයා ගැන දන්නවා කියන කතාව. පව් අනේ සිල්වා.(නදී)
බුද්ධිමත් තීරණයක් මා සුබ පතනවා.(නදී)
ද සිල්වා සම්බන්ද නැති දෙයක් කියනවා. ලෝකේ කවුරුවත් අංග සම්පූර්ණ නැති බව ඔබතුමාට තාම තේරුනේ නැද්ද ? කෙනෙක් ලෝබයි කියන දේ අනිත් අයට එච්චර අදාළ දෙයක් නෙමේ. මගේ අදහස නම්, තව කෙනෙකුට කරදරයක් නොවී, කරදර නොකර ජීවත් වෙනවා නම් ඒකයි වැදගත් වෙන්නේ. (නි)
මට ඇඩෙනවා අනුරාද විහිලුකරනවා.(නදී)
මෙයාලා දන්නා දේවල් තෙන්ඩුල්කාර්ගේ අත සුව කළාට ඔහු ලංකාවේ දොස්තර කෙනෙකුට ජගුවර් වාහනයක් තෑගී කලා.(නදී)
සුභපැතුම්