ලංකාදීප පත්‍රය 10 වැනි වරටත් පවත්වන තන්තිරිමලේ තුන්දින ආලෝක පූජාව අද (22) ආරම්භ කෙළේය. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා අලෝක පූජාව විවෘත කළ අතර තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන්ගේ උපදෙස් මත මෙම පිංකම සිදුකරයි.
ලංකාදීප පත්‍රය 10 වැනි වරටත් පවත්වන තන්තිරිමලේ තුන්දින ආලෝක පූජාව අද (22) ආරම්භ කෙළේය. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා අලෝක පූජාව විවෘත කළ අතර තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන්ගේ උපදෙස් මත මෙම පිංකම සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! මේ උතුම් පෝය දිනයේදී සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ශක්තිය අවබෝධ වේවා! ලෝක සාමය උදා වේවා! (නි)
අචිනි මෝඩ වුනාට කමක් නැහැ ඒක ප්‍රදර්ශනය කරන්න එපා. මේවා හොද හිතින් කරන වැඩ.(නදී)
අජිත්, සුදේශ්, හේමන්ත, බුදුන් වහන්සේ මේ වගේ දේවල් දේශනා කරලා තියෙනවද, මේවා නරක නැහැ. ඒත් ඊට වැඩියේ විසදන්න ප්‍රශ්න තියනවා නේද.?(නදී)
අති උතුම් මෙවැනි පුදබිමක තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් පූජාකරන මේ ආලෝක පූජාවේ මහිමයෙන් අවිදු අඳුර දුරුවේවා! ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමට සුභ පොසොන් මංගල්‍යක් වේවා! (නි)
අනේ යාලුවනේ, කියක් හරි එකතු කරලා අපි අචිනිට දෙමුද? පින් සිද්ද වෙනවනේ (නි)
අචිනි, ඔයාගේ තොරතුරු ටිකක් දෙන්න.කීයක් හරි අපි ඔයාට හොයලා දෙන්නම්, ඔයාගේ ලෙඩේ හොද කර ගන්න.අපි කැමති පින් කරන්න (නි)
අජිත් ඔයා හරි. අචිනි වගේ යට අපිට කියන්න තියෙන්නේ, කූට බුද්ධියෙන් වැඩ කරන අය කියලයි. මිනිස්සු කී දෙනෙක් මේක දැකලා ශ්‍රද්ධාව ඇතිකරගන්න ඇද්ද? පුජාවන්ට ගරහලා පන පිටින් අපාගත වුවන් ගැන අචිනි දන්නේ නැතුව ඇති. පවු එයාට. (නි)
රටට ශාන්තිය උදාවේවා! (අ)
අචින ඔයා බෞද්ධයෙක් ද රට ගැන දන්නේ නෑ වගේ මට නම් තේරෙන්නේ පන්සල් විහාර නැත්නම් බුද්ධාගම නෑ. මේ වගේ පින්කම්වලින් බෞද්ධයෝ තම ශර්ධාව වැඩි කර ගන්නාවා ඊට වැඩියේ ඔයා පොසොන් එකට තන්තිරිමලේ ගිහින් බලන්න. ලංකාදීපේ වැඩ සටහන ඒගොල්ලෝ නිකම්ම ලයිට් දාලා එන්නෙ නෑ. දහම්පසල් දරුවන්ට පොත් පත් ඇඳුම් පැලඳුම් දෙනවා ගුරුවරුන්ටත් එහෙමමයි. මේම ආලෝක පූජාව නිසා තන්තිරිමලේ කොච්චර නම් දියුණු වෙලාද. ළදේ ඉන්න මැඩියෙක් වගේ අදහස් ප්‍රකාශ කලාට වැඩක් නෑ මැඩියා දන්නේ ළිඳට වැටන බාල්දියයි වැඩහි බිඳුයි පමණයි. (අ)
මේවට යන මුදල් දුප්පත් මිනිස්සුන්ට බෙදා දුන්නනම් මීට වැඩිය පිනක් වෙන බවයි මගේ අදහස (අ)
අනිත් හැම කුණු ගොඩකටම අදහස් දාන අපේ අය මේ වගේ හොද දෙකට නිශ්ශබ්දව ඉන්නවා (නි)
මුළු ලොවටම සාමය සතුට උදා වේවා! සාධු... සාධු... සාධු...! (නි)
දුර බැහැර වනගත ප්‍රදේශයක පවතින මේ පුජනීය සිද්ධස්ථානය ආලෝක කරලා අන්‍යයන්ට වැඳ පුදාගන්න ඉඩ සැලැස්වීමෙන් ලංකාදීප කර ඇත්තේ ඉතා වටිනා සේවයක්. බොහෝ දෙනෙක් පුරුදු වී ඉන්නේ යමක ඍන පැත්ත පමණක් දකින්නයි. ආමිසද ප්‍රතිපත්තිද වැනි ප්‍රශ්න මතු වෙන්නේ ඒ ඍන දෘෂ්ඨිය නිසයි. ප්‍රතිපත්ති පුජාවක යෙදෙන්න ඕනෑ කියලා මෙතනට වෙලා ලංකාදීප කාර්ය මණ්ඩලය භාවනා කළ යුතුයි කියලද හිතන්නේ? (නි)
ඉතා අලංකාර දර්ශනයක්. මේවා ආමිස පුජාව. නමුත් අද කාලයේ බොහෝ වටින්නේ ප්‍රතිපත්ති පුජාවයි. ආමිස පුජාවට බොහෝ දෙනෙක් කැමතියි. (නි)
මෙවන් උතුම් පින්කම් දැකීමට මගේ ඇස් දෙක ගොඩක් පින් කරල තියෙනවා... සාධු...... සාධු...... සාධු......!!! (නි)
උතුම් පොසොන් පුන් පොහෝ දින,මෙවැනි පින් කටයුත්තක් සිදු කළ අපේ ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය! සියලු සත්වයෝ නිදුක් වෙත්වා,!නිරෝගී වෙත්වා.!සුවපත් වෙත්වා! සාදු!සාදු!!සාදු!!! (නි)
තන්තිරිමලේ නෙත්කළු ,මනස්කාන්ත ,දර්ශනීය ආලෝක පුජාව ලංකාදීපයට පුජා වේවා! පුජා වේවා !! පුජා වේවා !!! දස වසරක් පිරෙන මොහොතේ ,මහඟු පින්කමට දායක වූ ලාල් ජයවර්දන මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට දස මහා යෝධයින්ගේ ශක්තිය හා ධෛර්ය ලැබේවා! (නි)
ආලෝකෝ උදපාදී ,ආලෝකෝ උදපාදී අඳුර දුරලා තන්තිරිමලේ පුදබිම එකලු කල පතුරුවන කිත් යසස් ලොවේ දසතම දිනේවා "ලංකාදීපය" ඉර හඳ පවතින තුරාවට!!! (නි)
සාධු..සාධු...සාධු...! මේ ආලෝක පුජාවේ බලමහිමයෙන්, ඒ පිනෙන් බුද්ධ ධර්මයේ පිහිටෙන් අපේ රටත් ලෝකවාසී හැමෝගෙම ජිවිතත් ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
සාධු... සාධු... සාධු...! (නි)