හංවැල්ල තුන්නානේ රබර් කම්හලකින් සිදුවෙතැයි කියන පරිසර දුෂනයට එරෙහිව උද්ඝෝෂණයක් කළ ගැමියනට පොලීසිය අද කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කළේය.
කුපිත වු ගැමියෝද පාරට ගස් කපා ටයර් පුළුස්සමින් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.
උද්ඝොෂණය මැඩ පැවැත්වීමට ගිය පොලිසිය ගැමියෝ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමග තවත් කුපිත වු ගැමියෝ ඔවුන් ඉල්ලා කෑ කෝ ගසන්නට වුහ.
ඔවුන් ආරක්ෂාව පතා අසල තිබු විහාරස්ථානයට ගියද පොලිසිය එහි ගොස් උද්ඝෝෂකයින් පලවා හරින්නට ක්‍රියා කළේය.
මීට එක් වු කාන්තාවන් ද ඇදගෙන ගිය ආකාරය මාධ්‍යවේදී හු දුටහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරලා අදහස් ලියලා වැඩක් නැහැ. රට නම් යන්නේ හොඳ ගමනක නෙවෙයි.(නදී)
අපේ රටේ ඕනම ප්‍රශ්ණයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකියි නේද? මේ දසුන් දැක්කාම සිහිවෙන්නෙ 80ව දශකයයි. අපේ අහිංසක ජනතාවගෙන් ඉල්ලන්නේ ඉතා බුද්ධිමත්ව සාමකාමිව හැසිරෙන්න කියායි. ආවේගශීලි වෙලා ප්‍රශ්න විසඳාගන්න බැහැ.(නදී)
උද්ඝොෂණ ......ජිනීවා ගැන සිතා අපි එකමුතු වෙන් ඉන්න ඕන කාලයයි ,උද්ඝොෂණය වගේ දේවල් නොකර සංදේශයක් වැනි දෙයක් නම් ගොඩක් හොදයි.(නදී)
කඩේ යන කෙනා මොන විපත උනත් පාරම්බාමින් කඩේ යනවා. ඒකට මතක නැහැ පොලිසිය අතට ඔය පොලු මුගුරු දෙන ආණ්ඩුව බලයට ආවෙත් ඔය තමන්ගේ ගම රැකගන්න පෙරට ආපු අහිංසක මිනිසුන්ගේ ඡන්ද වලින් කියා. මට හිතෙන විධියට ජනාධිපති රට රැක දුන්න වෙලාවේ මේ ගම මේ රටට අයිති වෙලා තිබිල නැහැ වගේ. අනේ මෙහෙම රටක්! (නදී)
මොනම ප්‍රශ්නයකට වත් ලංකාවේ නීතියෙන් තමන්ට හව්හරනක් නැහැයි කියන හැඟීම අපි හැමෝටම තියනවා. ඒක බොරුවට නැහැ කියන්න ඕන නැහැනේ. අන්න ඒ හැඟීම අපේ හිත් වලින් දුරු උන දාට උසාවි කාර්‍යක්ෂම උන දාට පගාව නැති උන දාට, මිනිස්සු සාමකාමී වෙයි.(නදී)
ඹතනට හමුදාවෙ 10 ක් දැම්මා නම් ඇති ලස්සනට ප්‍රශ්නෙ විසදාවි.(නදී)
බන්දුල පෙරේරා කියන්නේ මුට්ටි අල්ලන හෙන්චයියෙක්. රතුපස්වල ප්‍රශ්නෙදිත් ඔය වගේ දේවල් ලිව්වා.(නදී)
උද්ඝෝෂණ ඇතිවෙන්න ඉස්සෙල්ල ප්‍රශ්න විසදුවානම් ඔච්චර දුර දිග යන්නේ නැහැ.(නදී)
බන්දුල පෙරේරා නම් හොද සැපට ඇති කොහෙට හරි වෙලා. පිස්සෙක් වගේ කතා කරන්න එපා. පරිසරය දුෂණය උනහම ඒවා වලින් දුක් විදින අහිංසක මිනිස්සු ගත්ත තීරණයක් මේක, මේ මිනිස්සුන්ටත් ගෙවල් වල වැඩ නැතිව නෙමෙයි මේ පාරේ ඉන්නේ. විදගන්න බැරි තරම් පරිසරය දුෂණය වෙලා නිසයි මිනිස්සුන්ට මේ විදියට පොලිසියේ බලය පෙන්නන්න ගිය නිසයි මේ ප්‍රශ්නය දික් ගස්සුනේ.(නදී)
මිනිස්සු මේ තත්වයට පත් කරල තියන්නේ නිලදාරින්ම තමයි. මෙහෙම උද්ඝෝෂණ කරන්න ඉස්සෙල්ලා ඔය මිනිස්සු තැන් කීයකට පැමිනිලි කරලා ඇති ද? (නදී)
දිනේස් කියන විදිහට හමුදාවේ අය දාල රතුපස්වල උණු දේ මතකනේ.(නදී)
රට තුල එදා මෙදා තුර සියලුම ප්‍රචන්ඩ ක්‍රියා වලට (කුමන රජයන් තිබුනත්) එක්තරා දේශපාලන පක්ෂයක් කෙලින්ම වගකිවයුතුයි ඔවුන් වෑලිවෙරියේ මෙන්ම තුන්නානේ ජනයාද නෑති ප්‍රශන්යක් මවමින් ප්‍රකෝප කර ඈත.(නදී)
බන්දුල පෙරේරාගේ කතාව හරි.(නදී)
බන්දුල පෙරේරා ආයෙත් හොටු පෙරාගෙන අඩනවා. ඇඩුවට කමක් නෑ නැතිවුණා ජීවිතය වෙනුවෙන් නම්. එයාට ලොකු ජීවිතයක් නැතිවුණා එක නොවෙයි වැහෙන කම්හල වෙනුවෙන්. රතුපස්වල මැරුන මිනිස්සුන්ට හොද වැඩේ කියපු බන්දුලලා වගේ අපි අමනුස්ස කතා කියන්නේ නෑ. මේ නැතිවුණා ජීවිතය ගැනත් රතුපස්වලදී වගේම අපිට හැබෑ වේදනාවක් දැනෙනවා. කර්මාන්තශාලා,රස්සා,මුදල් සියල්ල තිබිය යුත්තේ මිනිස්සුන්ට සතුටින් ජීවත්වන්නට. එහෙම නැතිව ගමක් වනසන,පරිසරයක් වනසන,ලෙඩ දුක් දී ජීවිත වනසන කිසිවක් රටකට අවශ්‍ය නෑ. සල්ලි ලැබෙනවා නම් ඕනෑම ජරාවක් වලදන්නම් කියල හිතෙන,ඕනෑම දෙයක් පාවලදෙන,තමන් සතු සියල්ල සහ සියලුදෙනා මුදලට විකුණා "කන්ඩ දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙන් කෙදියද තව ඕන කියන්නේ....//,කියල හිතන බන්දුලාල නැවතත් කරලියට පැමිණ සිංහයන් වන්නට දැගලීම විහිළුවක්. ලෝකයේ ඕනෑම රටක් දියුණු වෙනවා යනු මිනිසුන් පෙරට වඩා දැනුවත්වීමයි. එවිටයි තමන් ජීවත්වෙන පරිසරය ගැන සංවේදී වන්නේ. එවැනි මිනිසුන්ට පැරණි ලෙස තලා පෙලා,බලය පෙන්නවා. භේද භින්න කර රැවටීමට නොයා යුතුබව තේරුම් ගතයුතුය. පරිසරය වනසන සියලුම කම්හල් හැකි විගස පරිසර හිතකාමී ලෙස ගෙනයාමට සහ අලුතින් ඇතිකරන කම්හල් මේවා සියල්ල ගැන සිතා නිසි සැලසුමකට නිසිතැන ඇරබිය යුතුය. එසේ නොමැතිව පොලිසියට,දේශපාලුවන්න්ට,නිලධාරීන්ට ගතමනා දීම මගින් යටපත්කල කාලය අවසන් බව තේරුම්ගෙන නොසිටින බන්දුල පෙරේරලා වැනි අය තප්පුලෑම කා වෙනුවෙන්දැයි අපි දනිමු. මිනිසුන් කුපිතවෙනතුරු ප්‍රශ්න බලෙන් යටකරගෙන නොසිට නිසි පිළිතුරු ලැබෙන රටක් වෙනුවෙන් අවංකව අදහස් දක්වන්න. (නදී)
පාලිත හරි .(නදී)
ගමේ ප්‍රශ්න දන්නේ ගමේ අයයි. මම මේ ගමේ කෙනෙක් නිකන් ප්‍රතිචාර ඔහේ දාන්න එපා. ඇවිත් බලලා දාන්න.(නදී)
මුලින් හලාවත. ඊට පස්සේ වැලිවේරිය දැන් තුන්කාන. මේ සිද්දියේ විතරක් පොලිසියෙන් පහර දීම. ආණ්ඩුව දැන් හොද වෙලා වගේ. හමුදාව දැම්මා නම් පළාත් සභා ඡන්දෙට හොද නැහැ. වෙලාවට තුන්කානේ කට්ටිය ඡන්දෙට ඉස්සෙල්ලා උද්ගෝෂණය කලේ. ඡචන්දෙන් පස්සේ කලානම් ගමට දෙයියන්ගේ පිහිටයි.(නදී)
මේ රබර් කම්හල නිසා ගමේ අපේ හැමෝගේම ජීවිත වලට ලොකු හානියක් වෙලා. රජයට නීතියට ගමේ අයගේ ඉල්ලීම් ගැන බලන්න බැරි නම් අපේ ගමෙන් ඡන්ද ඉල්ලන් එන්න එපා. ගමේ අපිට වතුර විනාශ කරන රබර් කම්හල ගමෙන් අයින් කරන්න ඕනේ.(නදී)
ජීවිත බිලිගන්න කලින් මී ප්‍රශ්නය විසදන්න තිබුණා.පොලිසියත් අහිංසකයි .ගම් වැසියොත් අහිංසකයි .බලධාරින්ගේ වැරැද්ද නිසා වටිනා ජීවිතයක් නැති වුණා.කණගාටුයි(දිල්)
සමහරවිට මේ මිනිස්සු දන්නෙත් නැතිව ඇති උද්ඝෝෂණය කරන්න හේතුව. බංකොලොත් දේශපාලකයෝ අහිංසක ජනතාව ගොනාට අන්දනවා. (අ)
මේ අදහස් දිහා බැලුවම පේනවා මේ රටේ මොන තරන් බුද්ධිමත් ජනතාවක් වගේම මන්ද බුද්ධික ජනතාවකුත් ඉන්නවද කියල... සමහරුන්ට මේකෙත් දේශපාලනය... ඕනෑම ප්‍රශ්නයක් විසදගන්න ක්‍රමයක් තියෙනවා... ජනතාවට උනත් කිසිම අයතියක් නෑ මේ වගේ ප්‍රචන්දව මෝඩ විදිහට හැසිරෙන්න... අනික මේ වගේ වෙලාවට ගණුද පිරිමිද කියල නෑ... අපි රූපවාහිනිය දැක්කනේ ගෑනු ගෑනු විදිහට බොහොම අහිංසකව හැසිරෙනවා... (අ)
හැමෝගෙම අදහස් බැලුව .අපි එදා සිට ලින් මැඩියන් සේ ක්‍රියා කල නිශා අලුත් දෙයක් හිතන්න අලුත් දෙයක් නිපදවන්න අපි අපෝසත් වෙලා තියෙනවා. නව ලෝකය නොදකින මන්ද බුද්දික ජනතාව රවටා සමහරක් දේශපාළුවන් ඔවුන්ගේ ඕනා එපා කම් පිරිමහ ගැනීම අවාසනාවන්ත තත්වයක්. කව්රු මොනා කීවත් අදහස් වල යම් යම් අඩුපාඩු තිබුනත් බන්දුල පෙරේරා මහත්මයාගේ අදහස්වලට මම ගරු කරනවා.(නදී)
ලංකාවට එන යෝජනා අඩු වේවි.එය ගැනත් හිතුවොත් හොඳි නේද?(අ)
අනේ රටකට ගිය කලක් ජීවත්වෙන්න අවශ්‍යම දේවල් නොලැබෙන විට පර දේශපාලනය කුමටද, ගැණු දරුවෝ සමග පාරට බැස්සේ , විදේශ කුමන්ත්රණද. දේශපාලුවන්ට ඡන්දෙට වියදම් කල උන්ගේ කම්හල් මේවා රජයට මේවට විරුද්ද වෙන්න බෑ, (අ)
බොළද හින්දි ෆිල්ම් ආදර්ශෙට ගත්තු පිරිසක් (දී)
මටත් කියන්න තියෙන්නේ නුවන් කියපු දේම තමයි (දී)
ප්‍රශ්නය මේ වෙලාවේම ගන්නේ රටට ආදරය නැති සමහරක්.දේශපාලන වාසි බලාපොරොත්තුවෙන්.ජිනීවා වලට කේලම් හදන්න(දිල්).
චන්දෙ ළඟ ලඟම එනවා නේද මේවා දේශපාලන කුමන්ත්‍රණ (දී)
අනේ මන්දා රටට මොනවා වෙලාද කියලා (දී)
මට එකක් අමතක උනා.ඔය ගැමියන්ට හමුදාවෙන් පොලිසියෙන් ගැහුවේ වෙඩිතිබ්බේ නැත්තේ පළාත් සභා චන්දෙ හින්දනේ.
හැමදේම යුද්ධ කරගන්නේ දැන් රටේ සාමය ඇති නිසාද? (දී)
පාදුක්ක ජනතාවගෙන් පොලිසියට පාඩමක්, රතුපස්වල ඝාතනයට සම්බන්ද නිලදාරියෙක් නේද? (දී)
මෝඩ මිනිස්සු හිටියහම ඔය වගේ විනාශ සිදුවෙනවා.රටේ නීතියක් ගැන නොදන්නා මේ වගේ නන්නත්තාර මහජනතාවක් හිටියොත් ඉදිරියට මිට වඩා විශාල පොදු දේපොළ ජීවිත නැතිවෙන එක අහන්නත් දෙයක් නොවෙයි.(දී)
අපේ පොලිස් කාරයන්ට යම් දෙයක් තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. නීතියක් නැහැ. පොඩි මිනිස්සුන්ට හොඳට ගහනවා. ලොක්කෙක් නම් වල්ගේ පස්ස පැත්තේ ගහගෙන ඉන්නවා. රටට ගිය කලක්.(දී)
කව්ද හරි කිඅලා හොයාලා බලන්න ඕනේ (දී)
දැන් නම් චන්දය ලග නිසා හැම පක්ෂයෙන්ම උදව්වට එයි (දී)
ඔබට මෙවන් අකල් මරණයක් මතු මතුත් නොවේවා (දී)
සාමකාමිව ප්‍රශ්නවලට විසදුම් සෙවීම බුද්ධිමත් (දිල්)
පරිසරය දූෂණය වෙනවා නම් සොයා බැලීම ඉතා අවශ්‍ය කරුණක්. නමුත් මේ අය පමණ ඉක්මවා ගොස් ගස් කපලා පාරට දැමීම,පාරට කොන්ක්‍රීට් කනු දැමීම,ගිනි තැබීම, නීති විරෝධී වැඩ.රටට එරෙහි ජිනීවා මාර සේනාවට කට ගැස්මට කරණ වැඩක් (දී)
අමෙරිකාවෙන් රටවල් වලට උගන්නපු බහුබූත ප්‍රජාතන්ත්‍රවාදය (දී)
ලොකු හේතුවක් නැති නම් ගමේ ඉන්න මිනිස්සු උද්ගෝෂණය කරන්නේ නැහැ . අනිවාර්යෙන් ම බලවතෙකු ගේ අනුග්‍රහය ලබන කර්මාන්ත ශාලාවක් වෙන්න ඇති. (දී)
මෝඩ මිනිස්සු ජිනීවා වල කට්ටිය මේවා දිහා බලන්නේ වැරදි ඇස් වලින් (දී)
රතුපස්වලදී රජය පලාත්සබා මැතිවරණය වෙනුවෙන් ගත් දේසපාලන තීන්දුව මත නිකරුනේ කම්හලක් වසා දැමීමේ වැරදි ආදර්ශය නිසා මීට වඩා දේවල් මේ රටේ ඉදිරියේදී සිදු වේවි..කර්මාන්තශාලාවක් අරින්න බැරි වේවි.ඇරපු ඒවා පවත්වාගෙන යන්න බැරි වේවි.කර්මාන්ත ශාලා නැතිවෙනකොට මිනිස්සුන්ට රස්සා නැතිවෙනකොට රටේ අවුල් ඇතිවෙනකොට බොරදියේ මලු බාන්න බලන් ඉන්න එවුන් මේ සිදුවීම් පිටිපස්සේ ඉන්නවා අනිවාර්යයෙන්ම....සාමකාමී උද්ගෝෂණ ප්‍රචණ්ඩත්වය කරා සැලසුම් සහගතව සන්විදානාත්මකව .අවසානයේ මෙහෙයවන්න මේ කට්ටිය ඉතාමත් දක්ෂයි.එක රතුපස්වලදී අපි හොදීන්ම දැක්ක..(දී)
මෙම පරිසර දුෂණය අලුත් දෙයක් නෙමෙයි, නහය ඇති කෙනෙකුට ඇස් වහගෙන අරන්ගියත් තුන්නාන සමීප වනවිට කියන්න පුළුවන් දුගද නිසා , ඉතින් පොලිසිය මේබව නොදැනද? ජනතාවගේ මෙම සාධාරණ පොදු ඉල්ලීමට මේ විදියට ක්‍රියා කළේ (දිල්)
ගමට හානි වෙනනිසා වතුර බොන්න බැරි නිසාත් වගාකරගන්නත් බැරි නිසා අපේ අය අද උපවාස කරන්නේ .(දිල්)
කර්මාන්ත ශාලාව වහල දැම්මහම උද්ඝෝෂණය කරපු අයටම පසුතැවිලි වෙන්න වෙනවා අනේ අපේ රස්සා නැතුව ගියා නේද කියල (දිල්)
සමහර අවස්ථා වලදී අපේ මිනිසුන් නිදහස ඉක්මවා කටයුතු කිරීම තුලින් රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. සාමකාමීව හා සාකච්චා මාර්ගයෙන් ඕනෙම ප්‍රශ්නයක් විසඳා ගත හැක. අපරාදේ පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයක් බිලිවුණා. (දිල්)
පොලිසිය පන්සල ඇතුලට ගිහින් පහර දෙනවනේ පෝය දවසේ.(නදී)
මිනිස්සුන්ට තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්ඩ පුළුවන් එත් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතිවෙන්න වෙන කෙනෙකුට කරදරයක් උනාම එක ඉවත්කරන්න පොලිසියට බලය තියනවා තමන්ගේ දේ ලබාගන්ඩ මිනිස්සු දස්ගනනක් යන පර වහල දැම්මම එකට මොකද කරන්නේ පොලිසියට වෙනවා මිනිස්සු ඉවත්කරන්න බලය යොදන්න අද ගමනක් යන්න ඇවිත් මහපාරේ පැය ගණන් රස්තියාදු උණු අය වෙනුවෙන් පොලිසිය ක්‍රිය කලේ කාටවත් කරදරයක් නැත්තන් පොලිසිය කදුළු ගීස් ගහන්නයි (අ)