කැකිරාව මහඇළගමුව කොලොන්ගොල්ලේ වගා ළිඳකට පෙර දින මහා රාත්‍රීයේ කෑම සොයා ගම් වැදුණු අලි තුන්පත් රෑනක් වැටුණාහ. මෙම සිද්ධිය දැක ගැනීමට ආ ගම්වාසීන්ගෙන් අලි ගොඩ ගැනීමට ආ වනජීවි නිලධාරීන්ට බාධා එල්ල විය.
ඔවුන් අසළ ගස්වල නැග කෑ ගැසීම නිසා අලි රෑන කැලයට යැවීම ප්‍රශ්නයක් විය. කැකිරාව ප්‍රාදේශීය ලේකම් අතුල සෙනරත් බණ්ඩාර මහතාට ද මැදිහත් වී ඔවුන් ගස්වලින් බැස්ස වීමට ක්‍රියාකළේය.
අලි ගොඩ එද්දී කලබල වූ පිරිස් නැවතත් ගස් නැග්ගාහුය. කළ හැකි අන් දෙයක් නොවුයෙන් ප්‍රාදේශීය ලේකම් ටයි පටිය පිටින්ම ගස් නැග්ගේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිය කියවා තේරුම් අරගෙන මේක ගැන අදහස් දක්වනවානම් නේද හොඳ ? (ස)
බමුණු : ඔහු කාර්යාලයේ රාජකාරී කරමින් සිටියදී එතනට යන්න ඇති. ඔය වගේ හදිසි අවස්ථාවල අඩුම ගානේ හිත හිත ඉන්න වෙලාවක් නැහැ. (නදී)
මේ තමා තැනට සුදුසු නුවණ.වෙන කතා කුමටද? (නි)
මෙතන ටයි එක ප්‍රස්නයක් වෙලා තිබෙන්නේ එය නොපeලදීය යුතු තැනකට ටයි පැලදගෙන යාමයි. අලි එලවන්න ටයි දා ගෙන යන්නේ මොන කෙනාද? බස් එකක් තල්ලු කොරන්න ඇමති ආවේ සරම ඇඳන්. සියල්ලටම පළමු වැඩේට සුදුසු ඇඳුම අදින්න ඉගෙන ගන්න ඔනී. නැතිනම් ඔයවගේ අකර තැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා. (නදී)
මේ ලේකම් මහතා කැලයට ටයි එක දමාගන යාම විවාදාත්මක දෙයක් නොවේ. එහෙත් කැලයකට යාමේදී ඔවැනි පළාත් වල නිලධාරින් බුෂ් කෝට් එකක් ඇඳීමෙන් නිලයේ ගරුත්වයත් සිරුරට පහසුවත් ලැබේ .බුෂ් කෝට් මැසීමට දන්නා ටේලර් වරු සමහරවිට අවට නගරවල සිටීමට පුලුවන. බුෂ් කෝට් යනු කැලෑ-කබාය වේ.(නදී)
ඔය ටයි පටි දාන කව්රුත් ඉස්සර කළේ ඕකම තමයි.(නදී)
ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සඳහා ඉල්ලුම් පත් කැඳවීමේදී පොල් ගස් බඩ ගෑමේ හැකියාව අනිවාර්ය කල යුතු වේ. එදාට ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය යන වචනය සැබෑ වන අතර පොල් ගස් බඩ ගෑමේ රැකියාවට ඉතා ඉහල ඉල්ලීමක්ද ඇති වනු නියතයි.(නදී)
සේවයට නියම අයුරින් කැපවුණු මිනිසෙක් වෙනුවෙන් ලියා තිබෙන අදහස් බලන විට මේ ගීතය මට සිහිපත් උනා ."මිනිසා මිනිසට ගරහන්නේ ...මව් පියෝ නැත ඔහු හදුනන්නේ!"(ස)
කොහොම වුණත් හැකියාවෙන් ඉහළ යා හැකි මහත්මයෙක්. (ස)
ආපසු ඇවිත් ගහකට නගින්න තිබුණා දෙයක්නේ. (ස)
සතුන්ගේ ජීවිත බේරා ගැනීම අගය කල යුතු දෙයක් .මිනිස්සු අදහස් පල කරන්නේ අදාල නැති දේවල් ගැන . (ස)
කිතුල් ගහක් නෙවෙයි නේද ? (ස)
"ඔය වගේ හදිසි අවස්ථාවල අඩුම ගානේ හිත හිත ඉන්න වෙලාවක් නැහැ." ඒ බව පෙනෙනවා තිබුන හදිස්සියට සර්ට් අතවත් උඩට රෝල් කරගන්න වෙලා තිබිල නැත. (නදී)
මෙන්න අලුත්ම නිතිය ලංකාවේ ජන්ගල් යනවිට ටයි පටිය පැළඳිය යුතුයි. (ස)
හොඳ වෙලාවට එතුමා ටයි එකක් දමල හිටියේ බැරි වෙලාවත් සාටකයක් එහෙම පැළඳ හිටියනම් එතුමයි ගහයි දෙකම ඉවරයි. (ස)
ටයි දාන එක මෝඩ වැඩක් තමයි. එත් ඒක නිල ඇදුමක් වෙලා. ඒක හින්ද රාජකාරියට ටයි දාන එකට අපහාස නොකර ඉන්ඩ. (දී)
ලේකම් ට මරබය දෙනුන නම් පලාතේ ජනතාව මොනතරම් බියකින්ද රාත්‍රී කාලය අලි නිසා ගතකරන්නේ කියල හිතාගන්න පුළුවන් .වනජීවී ලොකු තැන වල ඉන්න අයට මේවගේ ගහක් උඩට නගින්න අලියක් එලවාගෙන ආවනම් මරු (දී)
සමහරුන්ට ටයි ඇලජික් වගේ (ස)
අලින්ට බයේ නැග්ගා කිවුවට මොනවා හරි ඉල්ලීමක් දිනාගන්න නැග්ග වගේ තමයි පේනනේ. ඇත්ත මොකක් ද දන්නේ නෑ (ස)
හැකියාව පෙන්නුවාට අපේ ප්‍රණාමය (ස)
අපේ කට්ටියට පෙන්නේ ඔය විදියට තමා..වෙච්ච දේ ගැන අදහස් පල කිරීම..ඒ ගැන විමසීම අමතක කරලා (අමතක වෙලා) ටයි පටිය අල්ලාගෙන දඟලනවා,,ඒ මහත්තයා ආදර්ශමත් නිලදාරියෙක්,බොහෝ දුරට ආදර්ශමත් තාත්තෙක් වෙන්න ඇති තමන්ගේ ළමයින්ට,,සහෝදර නිලදරීන්ට මග පෙන්වන්නෙක්..අපි එක අගය කරන්න ඕනෑ (ස)
මහත්තයා ගහ උඩ ඉන්නවෙලාවේ බැරිවෙලාවත් වලහෙක් එහෙම ආවනම්.... (ස)
ටයි පටියෙන් අමුඩයක් ගහ ගත්ත නම් ගහේ මුදුනටම නැග ගන්න තිබුන(දී)
අලින් ගෙන් සර්පයන්ගෙන් කුරුල්ලන්ගෙන් තමන් සහ වගාවන් බේරා ගන්ඩ තියෙන එකම ක්‍රමය තමා ඒවා වටේට 'ගජ මදාරා' හිටවන එක. තමන් ගමනක් යනකොට 'ගජ මදාරා' කෝටුවක් අතේ අරගෙන යන එක. කිසි සතෙක් පැත්ත පළාතේ එන්නේ නෑ. ඉස්සර කාලේ ගම්වල ඉන්න මිනිස්සුන්ට ගස්වැල් ගැන දැනීමක් තිබ්බා. දැන් ඉන්න මිනිස්සු කොහේ ජීවත් උනත් හිත නාගරික වෙලා තියෙන්නේ. ගම්වල ඉන්න මිනිස්සුන්ගේ තමන් ඉන්න වටපිටාව ගැන තියෙන දැනුම බිංදුවටත් වඩා අඩු වෙලා. කියලා වැඩක් නෑ. මම දකුණු පළාතේ අලින්ගෙන් කරදර වෙන ගමකට 'ගජ මදාරා' ගැන කියල යැව්වා. ඒ ගැන ප්‍රචාරය කරන්ඩ කියලා. කිසිම සද්දයක් නෑ. හැමෝම කම්මැලි, කට ඇරගෙන, උඩ බලාගෙන ඉන්න, නිවට, බයාදු, මිනිස්සු වෙලා. විදුලි වැට ගැන හිත හිතා ඉන්නවා මිසක් මොලේ යොදවල වෙන ක්‍රමයක් ගැන හිතන්ඩ තරම් උවමනාවක් නෑ. මම ඉන්නේ විදේශයක. මේ ගැන කව්රු හරි ඉදිරිපත් වෙලා පැල තවාන් දාලා, නොමිලේ ගම් වලට බෙදා දෙන්ඩ ඉදිරිපත් වෙනවා නම්, ඒ මෝඩ මිනිස්සු ගැන කේන්තියෙන් උනත්, පින් පිණිස එයට උදව් කරන්ඩ පුළුවන්.(දී)
අලි කොටි හවුල .(නදී)
ගජමන් ..! සොයුර මමත් ඉපදුනේ හැදුනේ වැඩුනේ හද්දා පිටිසර ගම්මානයක. කැලේ කොලේ සතා සීපාවාගේ සුවද තාමත් දැනෙන තරමට ඒ අතීතය ජීවිතයට ගොඩාක් සමීපයි. ඒත් ඔබ හැදින්වූ (ගජමදාරා ) නම් ශාකය මා නොදනිමි ..? මට දැනගන්න හැකිනම් ඒ කුමන වර්ගයට අයත් ශාකයක්ද ? ඉංග්‍රීසියෙන් ඒ ශාකයට හදුන්වන්නේ කුමන නමකින්ද එවිට මට ගූගල් තුලින් දැකගැනීමට හැකියි .. ඔබට ස්තුතියි.(නදී)
අලි ජරමර අස්සේ වෙච්ච දෙයක්? (නි)
බමුණුයි, නාරදයි හදන චිත්‍රපටිය මෙහි ඇති අදහස් දැමූ කට්ටිය ගැන හැදුවොත් වඩාත් හොඳයි. ඒ චිත්‍රපටිය පිට වුණ දවසට අපිටත් කියන්න, අපිත් කොහොම හරි බලනවා. (නි)
"එහෙනම් චිත්‍රපටයකට නඟමු" ටයි දාගෙන ගස් නැග්ග මහතා ගැනද? නැත්නම් වළේ වැටුන අලි ගැනද? (නි)
"බමුණුට තිබෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක්.ගමේ මිනිස්සුන්ටත් කරදරයක් නොවී සතුන්වත් බේරාගත් මනුස්සයෙක්ව අගය කරන්න බැරි මොකද?" සත්තු ටික බේරාගත්තේ වන ජීවී එකෙන්. එයා ගියේ අලි බලන්න. එයාට පුලුවන්ද බේරගන්න උපදෙස් දෙන්න? (නි)
සුනිල්, ඔයාටම බාරයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය. ඔයාට ඒ හැකියාව තිබෙනවා. (නි)
නාරද පිටපත හොඳයි. එහෙනම් චිත්‍රපටයකට නගමු.(නදී)
ටයි පටිය පමණක් ගැන සමච්චලයෙන් බලන අයට මෙහි වෙනත් පැතිකඩවල් ඇතියි කියා සිතන්නට බැරිද? අපි මෙසේ සිතමු....''ඔහු නිල රැස්වීමකට කොළඹ ගොස් එන ගමන් මේ ආරංචිය ලැබුනා,ඇඳුම් ගැන හිතන්නවත් කාලයක් තිබුනේ නැහැ.වහා ක්‍රියාත්මක වී තුන්පත් රෑන බේරාගන්න තැනට ගියා. ගොඩට එන අලින් වියරු වෙනවා මිනිසුන්ගේ කෑ ගැසීමට.ඉතින් ඔහුටත් ගහට නගින්නට සිදු වුණා ආරක්ෂාවට".??? (නි)
බමුණුට තිබෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක්.ගමේ මිනිස්සුන්ටත් කරදරයක් නොවී සතුන්වත් බේරාගත් මනුස්සයෙක්ව අගය කරන්න බැරි මොකද? (නි)
ටයි පටිය බෙල්ලේ එල්ල ගත්තු සමහර රජයේ නිලධාරීන් බොහොම උජාරුවෙන්, පුම්බාගෙන මස් කඩේට, මාළු කඩේට, එළවලු කඩේට ගිහිල්ල වාහනයෙන් බහිනවා වට පිට බල බල. ටිකක් උච්ච ස්වරයෙන් තමයි මුදලාලිට කතා කරන්නෙත්. බලපන් මගේ දිහා මට දීපන් ඉස්තරම්ම බඩු වලින් කියන මන්ද මානසිකත්වය තමයි ඔලුවේ. ඒ වුනාට සමහර රජයේ නිලධාරි උතුමන්ලා ඉන්නවා රාජකාරි අහවර වෙලා ගෙදර යන්න වාහනේට නගින්නේ ටයි පටිය ගලෝල සීට් එකට වීසි කරන ගමන්. රජයේ විධායක නිලධාරීන්ගේ රාජකාරි ඇඳුම පිලිබදව ප්‍රේමදාස ජනාධිපතිතුමා දුන් නියෝගයක් අනුව ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින් චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියනවා. 01. ජාතික ඇඳුම 02. ටියුනික් කොලරය සහිත කමිසය සහ දිග කලිසම 03. ටයි පටිය සහිත කමිසය/ කබාය සහ දිග කලිසම. දැන් වැඩි දෙනෙක් අංක 02 - 03 තමයි භාවිතය. අංක 01 ඇඳුම නිතරම ඇඳපු විගණකාධිපති තුමෙක් හිටිය. ඒ අනුව ඇත්තෙන්ම කැකිරාව ප්‍රාදේශීය ලේකම් තුමා නියෝගයකට තමයි ගරු කරලා තියෙන්න. අපි එතුමාට හිස නමා ආචාර කලයුතුයි. විවේචන නම් සාධාරණ නැහැ කියල තමයි මට හිතෙන්නේ. හැබැයි අර මම මුලින්ම සදහන් කරලා තියෙන විධියට ඇතැම් නිලධාරීන් "තද අකුරටම" ගරු කරන්නෙත් ඔය චක්‍ර ලේඛයට විතරයි. රජයේ සේවය කියන්නේ කුලියට රෙදි සෝදන එක තමයි කියල ජන ගත වෙලත් තියනවා. (නදී)
මේ අවස්ථාවේ දී ප්‍රාදේශීය ලේකම්වරයා මෙතැනට නොගියා නම් ඒ ගැන විවේචනය කරන්න ගොඩක් අය ඉන්නවා. ඒ වගේම තමයි ඇදුම ගැන විවේචනය කරන්නත් ගොඩක් අය ඉන්නවා. කවර ආකාරයකින් හෝ තම සේවය ඉටු කිරීම අගය කරන අය අඩුයි. (නදී)
හේවා, දන්නෙ නැද්ද? ගොඩක් ලේකම්ලා නිදාගන්නෙත් ටයි දාගෙන (නි)
අමිල ඔබ හරි මේක මවිත වෙන්න පුලුවන් පුවතක් නෙමෙයි. ලේකම් තුමාට ස්තුතිය පල කරන්න එතැනට ගියාට. අද රටේ පාලකයන් නිදා සිටින වෙලාවක එතුමා කළ ක්‍රියාව හරි වටිනවා (නදී)
අලියා ගහනකොට "ඔයා ප්‍රාදේශීය ලේකම්ද" කියලා අහලා ගහන්නේ නැහැනේ. ඒ නිසා ගහට නැග්ග එක වටිනවා (නි)
අපි හැමදාම කරේ පටලාව ගන්න එකනේ. (නදී)
ලංකාවේ තුන්බිය තියෙන නිසා මේවා සුළු දේවල්.(නදී)
ස්තූතියි ගජමන් ඔබේ දැනුම අපට ලබා දීම ගැන. මොනවා වුණත් සතුන්ටත් මිනිසුන්ටත් හානියක් නොවන අයුරින් කටයුතු සිදුවීම ගැන සතුටුයි. ඇඳුම, තනතුර වැදගත් විය යුතු නැහැ. (නි)
ඇයි ටයි දාගෙන ගස් නගින්න බැහැ කියලා නියමයක් තියෙනවද? හොඳට ටයි දාගෙන හිටි මහත්තයෙක් මේ ළඟදිත් ගස් යැව්වෙ කෝටි 400ක සොරකමකට. (නි)
මිලානෝ මහත්තයාට ටයි පටිය ගැන හරිම දුකයි නේද? (නි)
"කිතුල් ගහක් නෙවෙයි නේද" කිතුල් ගහක් උනත් වැඩක් නැහැ මලතලලා නැතිනම්. (නදී)
"මේ තමා තැනට සුදුසු නුවණ. වෙන කතා කුමටද" කියල වැඩක් නැහැ අර වලහා මුණ ගැසුන වෙලාවෙත් එ් ගොයියා කලේ ඕකමනේ .(නදී)
ප්‍රාදේශීය ලේකම් තුමා මෙහි තිබෙන පොටෝ සහ අදහස් බලල ලංකදීපෙට බනීවිද දන්නේ නැහැ. වැඩේ වෙන්නේ එයාගේ පුතාගේ යහළුවෝ මේක දැක්කොත්. පුතා ඉස්කෝලේ ගිහිල්ල හමාරයි.(නදී)
අලි එනකොට ගස් නඟින්න හොඳ නැහැ (නි)
දිවි මකුලුවෝ ඉන්නවා ඔය ගස් වල (නි)
සමහරුන්ට ටයි පටිය ප්‍රශ්නයක් වගෙයි. ඒක දාන නොදාන එක එයාගේ වැඩක් (නි)
මම ප්‍රදී ගේ යෝජනාවට එකහෙළා එකඟයි. (නි)
මමත් දැනට එංගලන්තයේ හිටියට කැකිරාව පළාතේ ඉපදුන කෙනෙක්.මේස් බැනියමක්වත් ඇඳගෙන ඉන්න බැරි තරමට රස්නෙයි. (නි)
මට මතක් වුණේ රාජකාරි කරන්න යන කෝරළේ මහත්තයව (නි)
අයියෝ මහත්තයෝ! (නි)
ඉතා දුෂ්කර රාජකාරියක් කළේ. දක්ෂ නිලධාරියෙක්. පුටු රත් කර කර ඉන්න අයට ආදර්ශයක්. කියවන්න ඒ.පී.ඒ. ගුණසේකර ලියූ හොරොව්පොතානේ පළමු වැනි ඩියාරෝ පොත. (නි)
ඔබ නම් සැබවින්ම දක්ෂ නිළධාරියෙක් (නි)
ඔබ නම් සැබවින්ම නියම නිලධාරියෙක් (නි)
නන්දන පනාගොඩ, ලංකාවේ ඒවාට ඔය වගේ කතා කියන්න ඕනෑ නැහැ. අපිට ආරංචියි මිලානො වල ලංකාවේ කට්ටිය කරන වැඩ (නි)
සීතල රටවලට අයත් ටයි කෝට් අපේ ගම් වලට වගේම මේ රටටත් ඔබින්නේ නැහැ. අපේ උරුමය සොයා රට ගොඩගන්න බලන්න. (නි)
ලස්සන දර්ශනයක්. අපේ පැරැන්නෝ මතක් වෙනවා. (නි)
නන්දන පනාගොඩ,(මිලානෝ), ඒ ටයි පටිය බැඳපු මහත්තයා තමයි කැකිරාව ප්‍රාදේශීය ලේකම් නොහොත් සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා.මේ තනතුර දරන අය පැය විසිහතරේම අත්‍යවශ්‍ය සේවාවන්ට කැපවූ නිලධාරීන්. ශීත කාමරවල ලැගගෙන රටට බණ කියන කඳ බඩ මහත දේශපාලන උතුමන්ලාට නම් ටයි එක කෙසේ වෙතත් අමුඩයෙන්වත් ගහකට නඟින්න පුලුවන්ද කියලා මොහොතක් හිතා බලන්න.ඒ අතින් මේ නිලධාරින් ප්‍රායෝගිකයි. ඔයා හිතන විදියට මෝඩ මනුස්සයෙක් ටයි එක පැළඳගෙන ඔතනට ගියා නම් ටයි එක රැකගන්න වන අලියට බිලි වෙන එක වළක්වන්න බැහැ.අපි කොයි රටේ හිටියත් ලංකාව අමතක නොකළ යුතුයි. (නි)
මේ තමා ලංකාවේ නිලධාරීන්ගේ වෙනස (නි)
මේ වගේ දෙයකට යනකොට සැහැල්ලුවෙන් නේද යන්න ඕනෑ? (නි)
"ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වෙනස" අනේ ප්‍රදී දන්න තරම තමා. (නි)
වගා ළිං වටේට අලි වැටක් හදන්න තරම් මොළයක් නැද්ද ළමයිනේ? (නි)
මේක අපි විහිලුවකට ගත්තත්, හොඳ නිලධාරියෙක්.ඔය වගේ දෙයකදී ගම්මු එක්ක ඉන්න එක කොච්චර හොඳද? අනික ඒ මහත්තයා හොඳට දහදිය සුවඳ දැනෙන කෙනෙක් වගේ. නැත්නම් ඔය වැඩේට වෙන කෙනෙක් යවලා නිකන් ඉන්න තිබුනනේ (නි)
සතුන්ට නම් අණක් ගුණක් තිබෙනවා මිනිසුන්ට වඩා. (නි)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වෙනස එයයි.විවිධාකාර රාජකාරි පැවරුණු නිලධාරීන් ලෙස මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකට අවස්ථානෝචිත උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ කුසලතාවය, එම සේවයේ විශිෂ්ටත්වයයි.(දිල්)
ටයි පටියකුත් බැඳගෙන ඉහත ඡායාරුපයේ ඉන්න ගස් නැගපු මහත්තයා ඡන්දෙ ඉල්ලන්න ද යන්නේ ?(දිල්)
තවත් අලි පැටියෙක් අනතුරේ! අනේ අපොයි!(දිල්)
කැකිරාවේ මහා දවල් අව්වේ කැලේ මැද්දේ ටයි පටියකුත් බැඳගෙන ඉහත ඡායාරුපයේ ඉන්න ගස් නැගපු මහත්තයා කවුද? (දිල්)
ලිපිය කියවපු අයට ටයිපටිය මහා බරක් වුණාට අතුල සෙනරත් මහත්තයාට නම් ඒක කිසිම ගාණක් නැහැ වගේ. එතුමා ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්, ආදර්ශමත් නිලධාරියෙක්. ඔවැනි නිලධාරීන් තමා ඔය සේවයට ඕනෑ. අපි ඔබට ආචාර කරනවා! (නි)
අත්ත බිඳෙයි පය බුරුලෙන්... (නි)
ඔය වගේ ගමනක් යනවිට කැළෑවට ගැළපෙන ඇඳුමක්නේ ඇඳගෙන යන්න ඕනෑ.ටයි එක ගහේ අත්තක පැටලුනා නම්? (නි)
මහත්තයත් පොඩි කාලේ ගහකට නැග්ගාට පස්සේ නැග්ගාම වෙන්න අැති නේද? (නි)
මොකද්ද ටයි එකේ සම්බන්ධය? අලියා ආවා, ගහට නැග්ගා. (නි)
ඔව් නිලූ,ඔතන ඇඳුම,තනතුර ගැන හිතන්න ගියා නම් ඔබ කියනවා වගේ අනතුරක් වෙන්න තිබුණා එතුමාට. කාටද ඔය වගේ අවස්ථාවක ඕවා ගැන හිතන්න වෙලාවක් තියෙන්නේ? කවුරුත් බලන්නේ පණ බේරාගන්න.හැම අතින්ම දක්ෂ නිලධාරියෙක්. (නි)
මහත්තයාම නේද ගස් නැග්ගේ? නැත්නම් කවුරුහරි ගස් නැග්ගුවේ එහෙම නැහැනේ? (නි)
මෙතන අදහස් දාන අය " යන්නේ කොහෙද මල්ලේ පොල් ". ඒ මහත්මයාගේ රාජකාරිය අගය කරන්න . (නි)
නිළධාරීන්ගේ කැපවීම අගය කරමි. ඔවුන්ට රාජ්‍ය ප්‍රශංෂා හිමිවිය යුතුයි. (නදී)
ඉතාමත් දුර්ලභ ඝනයේ ඡායාරූපයක් කාචයට හසුවෙලා. ඡායාරූප තරඟයකින් පළමු තැන ගන්න පුලුවන් (නි)
ඔවි ඔවි අලින්ට කවුරුත් බයයි අපිත් කාලයක් ගස් උඩ තමයි හිටියේ.(නදී)
ධර්මසේන එංගලන්තයේ බව දැනගන්නට ලැබුනා.මගේ සුබ පැතුම්. මේ ටයි පටිය බැඳි නිලධාරියා හොඳ ගැමියෙක් වගේම හොඳ රාජ්‍ය සේවකයෙක් බව පෙනෙනවා. සිය සේවා ගරුත්වයට ගැළපෙන ලෙස ඇඳුම් ඇඳීමත්,බරපතල ප්‍රශ්නයකදී ගැමියන් සමඟ ගැවසීමත් ඉතා අගය කළ යුතුයි. එතුමාටත් මගේ සුබ පැතුම්! (නි)
ටයි ,කෝට්,වගේද මරණ බය.අණක්,ගුණක් නැති සතුන්නේ.සතුන්ගේ ජීවිතත් බේරා ඔවුනුත් අනතුරක් නොමැතිව බේරුණු එක ලොකු දෙයක්.(දිල්)
අනේ අලියට බය වුණ තරමක්? අර ගහේ මුදුනටම නැගලා. කොන්දත් කඩා ගන්නවා දැන්.ඔය අත්තක් කඩා වැටුනා නම්? අලි පවුලට "කැළේ බණ්ඩාර" දෙවියන්ගේම පිහිටයි! බේරා ගත් සැමට පින්! (නි)
නිල්මිනි, රාජ්‍ය සේවයේ ගෞරවය, නිලයේ ස්වභාවය ආරක්ෂා කරගැනීම සඳහා පළදින දේ සම්බන්ධවවත් නොදන්නාකමින් අදහස් දාන නන්දන පනාගොඩ මිලානො නිසා මිලානො සුලුතරයක කරන නොහොබිනාකම් ගැන මමද කණගාටු වෙමි (නි)
ජයන්ත, ඔබේ වචන ටික මසුරන්. මෙතන සමහර අදහස් දාන කට්ටියගේ දැනුම ගැන නම් කවර කතාද? (නි)
මෙම නිලධාරියාගේ ටයි පටිය ප්‍රශ්නයක් කරගන්න එපා. වැදගත් වෙන්නේ එතුමා නියම විදියට සේවය ඉටුකරන්න ගිය එකයි. මම නම් හිතනවා ඔහු ආදර්ශමත් නිලධාරියෙක් කියලා. මේකේ තිබෙන දේවල් බැලුවොත් නම් ආයෙමත් ඔය වගේ දේවල් සිදු වුණොත් එතුමා පැත්ත පළාත බලන එකක් නැහැ. මිලානෝ සිට ලියන මහතා එංගලන්ත මත්තුරුන්ගේ ටයි එක ගැන කතා නොකර තමා ඉන්න රටේ ටයි පටිය ගැන කිව්වා නම් වටිනවා මම හිතන්නේ! (නි)
ටයි පටිය ගැනද අදහස් ලියන්න ඕනෑ? උන් ටික ඇවිල්ලා ගහ පෙරලුවා නම් තමයි වැඩේ, නේද? (නි)
පරිපාලන සේවයේ නිලධාරීන් ක්ෂේත්‍ර චාරිකා යාමේදී මෙවැනි හදිසියකදී ගහකටවත් නැඟීමට හැකි වන පරිදි පහසු ඇඳුමක් ඇඳගැනීම සුදුසුයි. (නි)
ටයි පටි දාගෙන ආණ්ඩුවේ ලොකු තනතුරු දරන උගත්තු බොහෝ දෙනෙක් ගමේ අය. එයාලට ගස් බඩගාලා හොඳට හුරුයි. (නි)
අන්න ඒකයි කියන්නේ, එංගලන්තයේ පවා උසස් නිලධාරීන් කරදරකාරී වැඩක් කියා යටහත් නිලධාරීන්ට පමණක් ටයි පටිය පළඳින්න දී තමන් කෝට් එක විතරක් පැළඳ වැඩට එනවා. අනුන් දුන් ඔය ටයි එකෙන් කිසිම වැඩක් නැති බව දැන්වත් අපි තේරුම් ගනිමු. (නි)
ගස් නැඟීම සහ පිහිනීම පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතුයි කියලා මට හිතෙනවා (නි)
ඔන්න බබෝ අලි එනවෝ....! (නි)