පොලිස් අණ නොතකා කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු මොටර් රථයක් මාර්ග බාධක දමා බැලුම්මහරදී අත්අඩංගුවට ගත් නමුත් ඉහළින් ආ නියෝගයකින් එම මෝටර් රථයත් රියදුරාත් දේශපාලනඥයකුගේ සහෝදරයකුත් අද (8) මුදා හළ බව පොලිස් ආරංචි කියයි.
මුලින්ම මේ මෝටර් රථය නතර කරන ලෙස පොලිසිය පස්යාල කලල්පිටියේදී සංඥා කළේය.ඒත් නතර කළේ නැත.පොලිස් යතුරුපැදියකින් ලුහු බැද ගියත් රිය නතර කැර ගැනීමට හැකි වුයේද නැත.යක්කල හන්දිය අසලදීත් වැරැල්ලවත්තේදීත් රිය නතර කැර ගැනීමට සංඥා කළත් එයද අසාර්ථක විය.
පොලිස් හදිසි ඇමැතුම් අංශයටද දැනුම් දී මාර්ග බාධකද යොදා බැලුම්මහරදී රිය නතරකරගත් නමුත් දුරකථනයකින් ආ නියෝගයකින් කාරයද එහි සිටි අයද මුදා හරින්නට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආස්චර්‍යෙය් හැටි තමයි.(නදී)
කොහොමද වෙනස, දෙශපාලුවාට පොලිසියේ සැලකිල්ලයි. (අ)
නම දාන්න බැරි ද (අ)
මේ අය තමයි දේශපාලනේ කන්නේ.(නදී)
කෝ අර ඉනියා ජාතිකවාදී රැල. පේනවද අපේ උතුම් බව. දේශපාලකයන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන් අයියගේ බාප්පාගේ පුතාගේ පුතත් අපට කොකා පෙන්නනවා.(නදී)
දේශපාලුවන්ට සහ නෑදෑයෝ නීති නැත අහෝ ලක් මෑණියනි (අ)
මේවා හින්ද නේද කට්ටියකට ජිනීවා යන්න වුනේ ?(අ)
හැම ප්‍රශ්නයකදීම ජාතිකත්වය ගැන කතාකරන අයට බනින්න එපා. මොන වැඩක් කලත් කැපුවත් පක්ෂයට ඡන්දය දෙන වහල් ඡන්ද දායකයන්ගේ මොලය සුද්ද කර දෙශපාලනයට සුදුසාට පමණක් ඡන්දය දෙන ජනතාවක් සාද ගැනීමටත් ඕනෑම අමනයෙකුට දෙශපලන්යට පැමිණිය හැකි මේ මනාප ක්‍රමයත් වෙනස් කිරීමටත් උත්සහ කරන්න. (අ)
බිම්බෝම්බ වලට අහුවෙන්න තිබුනේ රගේ තේරෙන්න... (දී)
දේශපාලුවෝ නිසා රටේ නීතියක් සාමයක් නැති කාලයක් උදාවෙලා. මෙයාලටම ගිය රට (දී)
නම දන්න නැත්නම් ප්‍රවෘත්තියත් නොදා ඉන්න....(අ)
උගන්ඩාව වාගේ වෙන්න, තව වැඩි කලක් යන්නේ නැහැ (දී)
අපි හිතුවා රටේ යුද්ධය අවසාන වුණාම පසු වවත් බියක් සැකක් නොමැතිව සාදාරන විදියට ජිවත් වෙන්න හැකිය කියල . නමුත් දැන් එය යුද්ධය තිබුණ කාලෙටත් වඩා වැඩි වගේ . නුගත් අසම්මත් දේශපාළුවන් නිසා අසරණ ජනයා නිතරම පිඩා විඳිනවා (අ)
මෙහෙම මිනිස්සු තමයි අපේ රට කන්නේ.ඔලුව තිබුනා නම් ඔහොම කරනවද? (දී)
ඕක මොකක්ද ? මේක හරි සරල දෙයක් (දී)
අපි මිනිස්සුද ?රූකඩද?පඹයෝද ?නීතිය ලග අපි කව්ද ? එයාලා කව්ද? (දී)
යුද්ද කාලේ මෙයාලව ඒවට අහුවෙන්න තිබුනේ (දී)
නිර්වස්ත්‍රව ආශ්චර්යයට යන ගමනේ... (දී)
චින්තනයේ ලක්සන!! රට කා අපි හැදෙමු. මේවට ගහන්න ඕනෑ මුන්ට ඡන්දෙ දීපු අයට (දී)
අනේ ඒ දේශපාලඥයාගේ නම දාන්නකෝ. ලබන මැතිවරණයේදී මනාප තුනම දෙන්න. (දී)
මගේ රට ඉවරයි . (දී)
කාගෙවත් නෙමෙයි අපේමයි වරද.අපිනේ හරක් වගේ මෙයාලව පත් කලේ.තවත් දෙමු දීලා බලන් ඉමු. අපි එහෙම ජාතියක්නේ. (දී)
මේවට බැනල වැඩක් නැහැ මිනිසුනේ.ලගදි ඡන්දෙ තියනවා.ඔලුවෙන් උත්තර දෙන්න. (දී)
වෙනත් ශිලාචාර පැත්තක් දෙසට හැරීමට කාලය එලබ ඇත. (දී)
රට කන්න ආපු ලයිසන් පොලිසියෙන්ද? (දී)
මේ රටේ නීතිය පසුගිය අවුරුදු 10 තුල තිබුනාටත් වැඩිය ආගාධයට ගියා. අපේ රටට කාගේ පිහිටක්ද? අකමැත්තෙන් හෝ පිට රටකින් හෝ මේ තත්ත්වය නවත්වනවා නම් හොඳයි කියා දැන් හිතෙනවා. දේශපාලුවෝ සහ එයාලගේ ගෝලයෝ රටම මංකොල්ල කනවා. (දී)
රට බල්ලට ගිහින් ඉවරයි දැන්. තාම යුද්දේ විකුණ විකුනා, දේශපාලඥයෝ යෙහෙන් වැජබෙනවා. ඕක තමයි තිත්ත ඇත්ත (දී)
පොලිසියේ මහත්මයාට දෙවියන්ගේම පිහිටයි (දී)
නියමයි ඔහොම යං (දී)
පහු වෙන කොට ආරංච් වෙයි කොහොමත් කවුද දේශපාලුවා කියලා. මෙයාලව තියාගෙන ජනාධිපතිතුමා කොච්චර හොද වැඩ කලත් අන්තිමේදී ඉල්ලන් කනවා. මේ පාර ඡන්දෙදි කටුකන අයගේ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ ඡන්දයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. මේවගේ වැඩ නිසා ලැබෙන්න තියන ඡන්ද කියක් නම් නැතිවෙනවද. (දී)
ඒ වුණාට දැන වැඩිපුර යන වාර්තා ඔක්කොම අහිංසක අය ගැන තමයි (දී)
ඉතින් මොකටද පොලිසියක් නීතියක් රටට? (දී)
අනේ මින් පස්සේ කාවවත් අල්ලන්න එපා. (දී)
අපි වගේ සාමාන්‍ය කෙනෙක් වුනා නම් අත පය කැඩෙනකම් පොලිසියෙන් ගුටිකාලා පොලිස් කුඩුවේ. අනේ ලොක්කන්ට නැමෙන ශ්‍රී ලංකා පොලෝසිය ! (දී)
මේගොල්ලෝ කරන්නේ තවමත් යුද්දේ විකුණා විකුණා රට කන එකනේ. මොලේ මැටි තියෙනවා නම් මෙදා පාරත් ගහන්න කතිරේ (දී)
වෙඩි තියන්නනේ තිබුනේ (දී)
මොකද නම දාන්නෙ නැත්තේ? (දී)
ඒ වෙලාවේ ගිනි අවිය පාවිච්චි කලා නම් හරිනේ (දී)
දිලිත සහ රිස්වාන් කියපු වැඩේ තමා මටත් මතක් වුනේ. පොලීසිය දැනගෙනමද මන්ො ඒ දේ නොකර ලුහු බැන්දේ. වාහනේ සුඛෝපභෝගී නිසා පොඩි බයකුත් හිතෙන්න ඇති. මොකෝ ඒගොල්ලොත් මිනිස්සුනේ. පව් අනේ එයාලා. (දී)
ගුවන් යානයෙන් පැන්න ක්‍රීඩකය ගැන වුනත් මුලින්ම ලිවුවෙ නම නොදානේ (දී)
සරත් ෆොන්සේකා මහතා සැරට කතා කළොත්, කෙලින් කතා කළොත් කියාවී පිස්සෙක් කියලා. සරත් ෆොන්සේකා මහතා තමා අපේ රටට හරියන්නේ. ඒකට කැමති නැත්නම් අඩන්නේ නැතුව ඉන්න. දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න (දී)
අපි හීන දකින ආසියාවේ ඓශ්චර්ය වෙන්න කවදාවත් අපට බෑ, මිනිස්සුන්ගේ බලය මත තිබෙන මේ මෝඩ ආකල්ප වෙනස් වෙන තාක්. (අ)
කුඩු ගෙනියන්නේ ඔහොම වෙන්න ඇති. ඔතන මොකක් හරි තියෙනවා ,මොකද නම කියන්න බැරි . ලොකුම කෙනෙක්ද .(අ)
ගරු ජනාදිපති තුමනි තවම ඔබතුමාට ජනතාව ගරු කරනවා ඒක නැති කර ගන්නා කලින් දැන්ම මේ වගේ දේවල් වලට ඇස් යොමු කරන්න. නැත්නම් ඊ ළඟ මැතිවරණයකදී ජනතාවගෙන් කිසිම උදව්වක් නැතිවේවි. (අ)
දේශපාලුවන්ට ඕනෙම බලු වැඩක් කර නිදහස් වීමේ උත්තරීතර හැකියාවක් ඇති කිරීම ද ආසියාවේ ආශ්චර්යය (අ)
ඔන්න කනෝ පිනුම් කිව්වලු. (අ)
තම තමන්ගේ හා හිතමිතුරන්ගේ දුෂණ වංචා පියවගනෙම සඳහා අපගෙන් අසාධාරණ ලෙස බදු පාරිබෝගික භාණ්ඩ මිල විදුලිබල වැනි අදායම් ලබාගනිමින් රටේ නිතිය දෙවිදියකට භාවිත කරමින් සිටින අයට නිසි ප්‍රතිචාර දක්වීමට නොඉවසිල්ලෙන් බොහෝ දෙනෙක් බලා සිටි (අ)
පොලිසියෙන් ඇයි වෙඩි තිබ්බේ නැත්තේ? ඔව් වෙදිතිබ්බොත් කියයි පොලිසියෙන් මිනි මරනවා කියලා (අ)
ඕකට උත්තරේ තියෙන්නෙත් අපි ලගමයි. හරි යට ඡන්දෙ පාවිච්චි කලානම් හරි. ඔය දේශපලනයන්ගේ නම් පලකරන්න. එතකොට අපිට පුළුවන් එයාලට ඡන්දෙ නොදී ඉන්න. එහෙම කරන්න බැරිනම් වෙනදෙයක් බලන් ඔහේ ඉන්න. අපේ රට නැති කරගන්නේ අපිමයි. කාටවත් දොස්නොකිය මේ පාරවත් තමන්ගේ පුද්ගලික වාසිය නොතකා ඡන්දෙ දෙන්නා. (අ)
අයි මාර්ග බාදක දාලා නැවෙත්තුවේ 1 වතාවක් අණට කීකරු නොවේ නම් 2 වතාවක් අණට කීකරු නොවී නම් තවත් අණකර යුතු නැත ඊළඟට කලයුත්තේ වෙඩ් තබා රථය නතර කිරීමයි 3 වතාවක් අණට පිටුපලත් නවත්වල අල්ලාගත්තේ කිරි පොවන්නද මොකගේ එකක් වුණත් එයත් රටවෙසියෙක් එයාට වෙනම නීතියක් නැහැනේ සාමන්‍ය වැසියෙක් වුණාම තමයි පොලිසිය දඩ දාගන තලන්නේ අපි ටිකක් වේගෙන් ගියොත් දඩ ලියනවා නැත්නම් 500 -1000 පගාව අරන් යවනවා දේශපාලනඥයකුගේ සහෝදරයක හෝ බත් බැලයෙක් වුණොත් එයාට සෙලියුට් ගහනවා උන්ට නෙමෙන්න අගේ නැමෙන ටෙන් මදි එයාලට අනේ අපේ රටට ගිය කලක් (අ)
බැරිවෙලාවත් ත්‍රස්තවාදින් ඕකෙ ගියානම්...වෙඩි තියල දාන්ඩනෙ තිබ්බෙ. මුන් උන්නත් අපේ රට කාල ඉවරකරන එකනෙ කරන්නෙ. (අ)
ඡන්දෙන් හැමදේම කරන්න බෑ (අ)
අනේ මේ උඩ අදහස් අපේ දේශපාලුවෝ බලන්නේ නැද්ද අප්පා ...බලනවානම් ඒ අයට ලැජ්ජාවක් නැද්ද?ඒ ය රෙදි අදින්නේ මොකටද? (අ)
මේක ආශ්චර්යමත් රටක්නේ එමනිසා ඕක සුළු දෙයක්. මුවෝ දෙන්න සිය දිවි හානි කරගෙන උත්තමයන්ගේ වාහන වලට බලෙන් එන්න ඇති.(අ)
අනේ අපොයි අපේ රටට ගිය කලක් . අහිංසක අපිම ඡන්දෙ දීල . අපේම බඩඅපිම කපා ගන්නවා වගේ ඒවා වෙන්නේ . මතු උපදින සෑම වාරයක්ම ලංකාවේ නුපදිවා පතමි . සියල්ලන්ටම මෙත් සුව (අ)
මි හරක් වගේ පාටට ඡන්දෙ නොදී හරි ම්නිහට ඡන්දෙ දෙන්න. පිට රට වල මිනිස්සු සැපට සාමයෙන් ඉන්නේ ඒකයි. මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕනා. පිට රට මිනිස්සු වගේ කිසිම පාටක් බලන්නේ නැතිව කාටද හරියට වැඩ කොරන්න පුළුවන් කියල බලලා ඡන්දෙ දුන්නොත් දුක් නොවී ජිවත් වෙන්න පුළුවන්. ඔය රටේ දැන් වෙන හැම ප්‍රශ්නෙකටම පිළිතුර ඔබ අතේ තියෙන්නේ. හොද නායකයෙක් තෝරා ගන්න.(නදී)
ඡන්දෙ කියල එකක් තියෙන්නේ ඒක විකුණගන කන්න නෙවේ. මේ වගේ හොරු තක්කඩි එලවන්න පාවිච්චි කරන්නයි. එත් ඉතින් ඡන්ද දායකයත් ඒක විකුණගන කනවා. පත්වෙන කෙනත් ආපු දවසේ ඉදන් ඒක විකුණා විකුණා ජීවත්වෙනවා. එහෙව් රටක පත්තර කාරයෝ මොන තරම් කීවත් වැඩක් වෙන්නේ නැහැ.(නදී)
අංකය මොකක්ද (අ)
අදහස් වලින් දකින්න අහන්න තියෙන්නේ හීනෙන්වත් වැරදි නොකරන සුපිරිසුදු වංචා දුෂණ ගැන හීනෙකින්වත් හිතන් නැති සිල් ගත් දෙසපාලකින් පිරිසකට රට බාර දෙන ලෙස හීනෙකින්වත් වරදක් නොකරන හිතින් මහන දම් පුරන සියලු කෙලෙසුන් නැසූ මිනිසුන් පිරිසක් නගන විලාපය. එහෙම රටක ජීවත් වෙන්න අපිටත් වාසනාව ථියෙඉද බලමු...බලමු..කොහොම උනත් තුන් පාරක් අණ නොතකපු වාහනේට වෙඩි නොතිබ්බ එක ගැනනම් පරීක්ෂණයක් කරන්න ඕන පොලිස්පති තුමා.. (අ)
මමත් මේ රජයට කතිරය ගහපු කෙනෙක්. ආණ්ඩුවේ තියෙන බලය නිසා රජය දැන් මහජන මතයට කන් දෙන්නේ නැ. ලඟ එන පළාත් සභා ඡන්දෙදි හිතුවක්කාරී දෙශපලුවන්ට ඡන්ද දායකයාගේ බලය පෙන්වමු. (අ)
අහිංසක මිනිහෙක් උනානම් කොහොමද ? ලැජ්ජයි කියන්න, අපිට තියෙන පොලිසියක්, කුලියට මිණි මරනවා , හොරකම් කරනවා, කප්පම් ගන්නවා, ලැජ්ජයි ! කිසිම දෙයක් හොයන්නේ නැතුව ඡන්දෙ දෙන යට හොද වැඩේ. . (අ)
අපේ අය දක්ෂයි කොහොම මැතිවරණෙ තිබ්බත් නරකම එකා තෝරලා කතිරේ ගහනවනේ (අ)
අනේ මහත්තයෝ,නම්,ගම් එක්ක විස්තර දාන්නකෝ? (අ)
ඡන්දය ක දී මේ වගේ දෙයක් ගැන තීරණ ගන්න බැරි හැම පැත්තේම එකාල එක වගේ නිසා (අ)
නම කියන්න (අ)
අසංග....ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනව (අ)
නීති සම්පාදනය කරන අයම නීති කඩා දමන රටක මොන සංවර්ධනයක්ද???(අ)
කෙනෙකුගේ බහකට නීතිය ක්‍රියාත්මක නොකලාට පොලිසියට විරුද්ධව නඩු දමන්න පුළුවන්.... (නි)
ජනාදිපති තුමනි ,වටේ ඉන්න හොරුන් ටික ඔබේ නම කැත කරනවා. මොහම ගියොත් ඔය පුටුවෙන් කොන්දත් කඩාගෙන වැටෙන්න මහලොකු කාලයක් යන්නේ නැහැ. පොලිස් පති තුමනි, අපි ඔබ දෙස මහා ආඩම්බරයෙන් බලා සිටියා. දෙවරක් පොලීසියේ අණ නොතකා ගිය මොකා උනත් කාගෙන් නියෝගය ආවත් අත අරින්න තරම් ඔබේ නිලදාරීන් නිවට වුනා. අපේ රටේ ව්‍යවස්තාවට අනුව නීතියෙන් පිට ඉන්නේ ජනාදිපති විතරයි. ඒ නිසා අපි ඔබේ ප්‍රතිචාරය බලා ඉන්නවා. කොන්ද කෙලින් තියාගන වැඩ කරලා කෝට් එක ගැල වුනත් ආඩම්බරෙන් ගෙදර යන්න පුළුවන් රට වැසියා ඔබව පිලිගන්නවා. (නදී)
මතකද මතක නැති ලොක්කෙකුට සැලියුට් ගැහුවා අපේ පොලිසිය? (නි)
දැන් අර එක්කෙනක් තුවක්කුත් දුන්නා නේද පොලිසියට චන්ඩි පාර්ට් දාන අයට වෙඩි තියන්න .... (නි)
නම දාන්නකෝ. (නි)
මෙම සිද්ධිය සාමාන්‍ය එකක් වශයෙන් සලකන්න බැහැ. ජනපතිතුමා මේ ප්‍රශ්නයට ඉක්මනට ක්‍රියාත්මක වෙලා ,මේ අහංකාර පිස්සුවෙන් නටන පිරිසට නිතියට අනුව දඬුවම් නොදුන්නොත්, මිනිස්සු නැවත නීතිය අතට ගන්න ලැහැස්ති වේවි. වහාම එතුමා මිට මැදිහත් වියයුතුයි. පොලීසිය පාලනය කරන්නත් බැරිතරමට දූෂණයට ඇබ්බැහි වෙලා. මෙම පුවත දකින සියලු දෙනා තුළ ම ඇතිවන්නේ ජුගුප්සාවක්! (නි)
රටේ නිතිය ගණිකා සේවයේ යොදවා ඇතිබව මෙවැනි සිදුවීම් වලින් හොදට පැහැදිලි වෙනවා. (නි)
දැන් වැඩි හරියක් අහන්න දකින්න ලැබන්නේ දේශපාලකයින් සම්බන්ද මගඩි. මේවා නවත්තන්නේ නැතුව රටේ මොන සංවර්ධනය කළත් වැඩක් නැහැ. ජනාධිපතිතුමනි, මේවට ඉඩදීම හෝ නැතිකිරීම තිබෙන්නේ ඔබතුමා අතේ (නි)
මෙතන ගොඩක් අය අදහස් දාල තියනවා ඡන්දයකදී මේ ගොල්ලන්ට පාඩමක් උගන්නනවා කියලා. ඒත් ඉතින් බලය ගන්න බලාගෙන ඉන්නේ දෑත් පිරිසිදු ශාන්ත දාන්ත තොත්ත බබලා ටිකක් නේ (නි)
දැන් රට යන විදියට ඔලුව පාවිච්චි නොකොලොත් දෙවියන්ගේ පිහිටයි. (නි)
අඩුම තරමේ නීති විරෝධී යම් ද්‍රව්‍යයක්වත් වාහනයේ තියෙන්න ඇති. නැත්නම් පොලිස් අණ නොතකා යන්න ඕනෑ නැහැනේ. අනේ අපේ රටට ගිය කලක්. ජනාධිපතිතුමනි, මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. (නි)
නීතිය කරන මහතුනි කරුණාවන්ත.. මටත් ඔහොම යන්නට හැම දින දෙන්න.. දේශපාලුවො ඉන්නවා හැම තැනම... මෙහෙවු රටක දරුවන් හට කොහෙන්ද නියම මග... (නි)
නිකන් චූන් කර යන්න කීව වගේනේ ,විස්තර දානකොට නම් ගම් එක්ක දාන්න.(නදී)
මහින්ද රාජපක්ෂ මහතාණෙනි, මේකද ඔයාගේ රටේ නීතිය? (නදී)
වෙඩක් නැහැ අපේ රටේ ඉන්න අයට රුපියල් 500ක් දුන්නම ඔය මුකුත් මතක නැහැ. බහුතරයක් අය එහෙමයි. පොඩි මිනිහෙක් ඉරක් කැපුවොත් ඌට තියෙන සෙල්ලම් සේරම දානවා. පොලිසියේ ගොඩක් අය බල්ලෝ වෙලා. ලැජ්ජයි පොලිස්පති තුමෝ.(නදී)
ලංකාවේ දේහපාලනය කරන්නේ නරුමයෝ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)
නම දාන්නකෝ (නි)
ඉහලින් එන නියෝග වලට පොලිසිය නකුට පස්සේ ගහගෙන නිකන් ඉන්නවා. ඕක පොඩි මිනිහෙක් කරා නම් දෙක තුනක් ඇනලා නැති චෝදනාත් දාල හිරෙත් යවයි. මෙහෙම පොලොසියක් රටකට අවශ්‍යද?(නදී)
මට මතකයි එක්තරා අවධියක මාර්ග බාධක නොතකා ධාවනය කල ප්‍රවීන විකට රංගන ශිල්පියකුට නම් වෙඩි තැබුවා. (නි)
පොලිසියට බොහොම ස්තුතියි මේ ගත් ක්‍රියා මාර්ගයට. ඔබ තුමන්ලා පිළිබදව ප්‍රශංසාවක් පොලිස්පතිතුමා වෙත අපි කරන්නෙමු. ඉහත සිදුවීමට මෙවැනි ප්‍රතිචාරයක් ලැබුනොත් එදාට අපේ රටත් ගොඩ නේද? (නි)
ඔය ගොසිප් වෙබ් අඩවි වලින් මෙයාගේ නම දැනගන්න පුළුවන් වෙයි (නි)
අනේ අසේල මහත්තයෝ, බයිලා නම් කියන්න එපා මහත්තයෝ. (නි)
මේ වගේ ලොකුකම් කවුරු කරාවිද ලංකාවේ? (නි)
ඉහලින් ආ නියෝගය දුන්නේ කවුද? පොලිස්පතිටත් වඩා ලොක්කෙක්ද? දැන් කාලේ පොලිසියේ හරියට රාජකාරි කරන්නේ දෙගොල්ලයි. ඒ නිල සුනඛයෝ හා අශ්වයෝ. මීට වැඩා නරකද මාර්ග නීති ඉවත් කලානම්. එතකොට පොලිසියට වාහන නවත්වන්න නියෝග දෙන්නත් අල්ලපු වාහන මුදාහැරලා නොන්ඩි වෙන්නත් ඕනෑ නෑ.(නදී)
ආසියාවේ ආශ්චර්යය, දේශපාලකයෙක්ගේ මීහරක් පුතෙක් වෙන්න ඇති. වැරැද්ද මීහරකගේ නොවෙයි ,දේශපාලකයින් ඉදිරියේ කොන්දක් නැති පොලිසියේ.(නදී)
මේ වගේ ප්‍රවෘත්ති බටහිර රටවල් වල මාධ්‍යයට නියමයි. (නි)
කියන්න තියෙන්නෙ පොලිසිය නපුංසකයි කියල තමා. අහිංසකයෙක් හදිස්සියකට ගියානම් වෙඩිතියලා මරලත් ඉවරයි. කෝ මේ රටේ නීතිය හා සාධාරණය.(නදී)
මේකෙ ගොඩක් අය ප්‍රතිචාර දාලා තියෙන්නේ අනේ ජනාධිපතිතුමනි, අනේ පොලිස්පතිතුමනි මේව දිහා බලන්න කියලා. මට කියන්න තියෙන්නේ මේ බබාලටත් කිරි ටිකක් දෙන්න කියායි.(නදී)
මණ්ඩාවල හාමුදුරුවනේ, අවසර වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් එම අමාරුව.(නදී)
මේවට තමයි කියන්නේ සාටක නාටක කියලා.(නදී)
මේ දකුණු ආසියාවේ නිවර්තන කලාපයේ රටවල් කවදාවත් හදන්ඩ බැහැ. මේක අද විතරක් වුන දෙයක් නෙමෙයි. 1948 ඉඳන් මෙහෙම තමයි. කළු හම තියෙන මිනිස්සුන්ට සුද්ධෝ වගේ දියුණු සමාජ හදන්ඩ බැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. (නදී)
නම දාන්ඩ බැරි අයි? කට කතාවක්ද?(නදී)
මේ දේශපාලුවෝ තමා අපේ රට කන්නේ, අර ගුරුවරිය දැන ගස්සපු කෙනාටත් නාමයෝජනා දුන්නා කියන්නේ.(නදී)
පසු ගිය කාලයේ පොලිස් අන නොතකා ගමන් කල ප්‍රසිද්ද විකට නළුවකුට, ගෝල්පේස් කිට්ටුව මාර්ගයක සිට ගමනේ අවසානයට යන්නට පොලිස් වෙඩිල්ල පත්තු වුනා මතකයි. එදා ජනතාව විනෝද මත් කල ඒ නළුවට ඒම වුනා නම් ????? (අ)
මෙහෙම පොලිසියක් ඉන්න එක ගැන අපිට දුකයි. අඩුගානේ ප්‍රශ්නේ වුනාට පස්සෙ හරි මේ ගැන වගකිවයුත්තන්ට හොයලා බලන්න තිබුනනේ (නි)
වාහනය ඇතුලේ මොනවද තුබුණේ කියලා හොයලා බැලුවේ නැද්ද ? ඒක තමා ලොකුම වැරැද්ද? හොර වැඩක් කරනවානම් විතරනේ පොලිසියට බය වෙන්න ඕනා. වාහනේ හයියෙන් ගිය එක ඒ තරම්ම ප්‍රශ්නයක් නොවෙයි නේ.(නදී)
මේකට මෙතරම් ප්‍රතිචාර තිබ්බට මේ ඔක්කොම පිටරට ජීවත්වෙන අය. ලංකාවේ ඉන්න අයට මේවා බලන්න වෙලා නැහැනේ. ජාතිවාදය පිටිපස්සෙන් යන්න තියෙනවනේ (නි)
ලංකාවේ දේශපාලකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට නිතිය ක්‍රියාත්මක නොවන බවත්, පොලිසියට ස්වාධීනව නිතිය ක්‍රියාත්මක කල නොහැකි බවටත් මෙම සිද්ධිය තවත් එක් උදාහරණයක් පමණයි .මෙවැනි දේ අතීතයේත් සිදු වුනා යැයි සිතමින් ,මෙවන් සිදුවීම් අනුමත කරන අයටත් නිවැරදි දේශපාලන තීන්දු තීරණ ගැනීමට කාලය එළඹ ඇති බවයි කියන්නට තිබෙන්නේ .ගුරුවරිය දනගස්වපු මන්ත්‍රීවරයාට නාමයෝජනා දීමට තීරණය කර තිබීමෙන්ම රටේ නිතිය ක්‍රියාත්මක වෙන ආකාරය අපට සිතා ගැනීමට පුළුවන් (නි)
රටේ නීතියට ඇගිලි ගහන දේශපාලුවෝ දැක්කම ඡන්දය දුන් අපිට ඇඩෙනවා (නි)
සමාවෙන්න, අපට ලැබෙන සුපුරුදු ගතමනාව නොදී මාරුවුණා නිසයි ලුහුබන්දේ. (අ)
දැන් පොලිසියේ කොන්ද කෙන්ද වෙලා (නි)
ජෙෆ්, එයාට වෙඩි තිබ්බේ පොලිසිය නෙමෙයි යුධ හමදාවේ නිලදාරියෙක්. වැල්ලවත්තේ පාලම ලගදි යුධ හමුදා මාර්ග බාධකයක් ඉදිරියේ නොනවත්වා රථය ධාවනය කරාට. (නි)
අපේ රටේ මිනිස්සු, අපි ඔක්කොටම කොන්ද පන නැති එක තමයි ප්‍රශ්නේ. අසවල් දේශපාලකයාගේ, අසවල් නෑයා කියල පලකරන්න බැරිය. අපි වගේ සුළු මිනිස්සු ගැන කවර කතාද? (අ)
ජනාධිපති තුමා තනියම රට සංවර්දනය කරන්න උත්සහ කරනවා. සමහර උන් රට කන්න උත්සහ කරනවා. අනේ පව් අපේ ජනාධිපති තුමා. (අ)
මේවට ශාපකරන්න ඕනෑ රටේ කාට ද? (නි)
පිස්සුද අනේ? බ්රේක් පෑගුවා. වාහනේ නතර වුනේ නැහැ. අපි නීති ගරුක සහෝදරයෝ. (නි)
ලලිත් මහත්තයා නම් හරි. ඒ වුනාට ඕක කාටවත් තේරෙන්නේ නැති එකනේ වැඩේ. තේරුනත් කරන්නේ එකම වැඩේ. අනික දැන් ඉතින් දෙන්න කියලා පක්ෂයකුත් නැහැනේ. රුවන් පෙරේරා මහත්තයා නම් නියමෙට ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ. (නි)
දවසින් දවස අපේ රට ප්‍රපාතෙට ගෙනියනවා සේරම දේශපාලකයින් එකතුවෙලා. හරියන්න හරි වරදින්න හරි සරත් ෆොන්සේකා මහත්තයා වගේ කෙනෙකුට රට බාරදීමට කාලය එලබිලා. (නි)
අල්ලලා උසාවි දාලා අච්චු කලත් අන්තිමට නිදහස් වෙනවනේ. ඒ නිසා උසවියෙයි පොලිසියෙයි කාලේ නාස්ති නොකර මෙහෙම මුදාහැරපු එකත් එක අතකට හොඳයි. (නි)
ලංකාවේ මොන තරම් රූපවාහිණී නාලිකා තියෙනවද? මොන තරම් පුවත් පත් ආයතන තියෙනවද? ලංකාදීපය අඩුම වශයෙන් නම නොකියාවත් මේ පුවත පල කලා. අනික් ආයතන මේ පුවත පල කලේම නැහැ. ලංකාවේ ජනමාද්‍ය හෙලුවෙන්ම කඩේ යනවා. හරිම ලැජ්ජයි.(නදී)
මිනීමරු ප්‍රභාකරන්ගේ අවදිය මීට වැඩිය සුන්දරයි කියලා දැන්නම් හිතෙනවා. ඔක්කොම බයේ ඇදවල් යට.(නදී)
මේ ඉන්නේ කවු ද කියලා මෙකෙන් බලා ගන්න පුළුවන්.(නදී) http://www.oththukaru.com/2013/07/09/mahindanandas-brother-drunken/
බන්දුල පෙරේරා,මර බිය පහුකරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක අපි අද ජීවත් වෙනවා. එහෙම රටක අපරාදයක් කියන්නේ මාධ්‍යයට ලොකු පුවතක්. (නි)
කම්හලේ ජීවත් වෙන බල්ලට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ ලංකාවේ ජීවත් වෙන බන්දුල වගේ මොළ හෝදපු අයට කපලා කොටලා මරණ ඒවා,7-8 දෙනක් දුෂණය කරලා මරලා දාන ඒවා,කප්පන් දුන්නේ නැහැ කියලා මරලා දාන ඒවා,කාර් වලින් කුඩු අදින ඒවා,කුඩු ලොක්කෝ ඇල්ලුවා කියලා පොලිසියේ අයව මරණ ඒවා,සුදු වෑන් වලින් උස්සලා මරලා දාන ඒවා,වාහන අනතුරු කරවලා මරණ ඒවා සුළු දේවල්.බන්දුල වගේ මානසික ලෙඩ්ඩුන්ට අපි අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
බන්දුල පෙරේරා, අදහස් දාන අනිත් අයගෙන් අහන්නේ, ඩුබායි තිලක් කියන තරමටම මේ රට පිරිහිලාද? නැත්නම් මේ කෙනා කියන ගල් පැලෙන බොරු ඔයාලත් අනුමත කරනවද?(නදී)
නාවලපිටිය ක්‍රීඩා පිටීය (අ)
හරිම අවාසනාවන්ත සිදුවීමක්? මොකක්ද මේවායින් පෙන්නුම් කරන්නේ? ලංකාවේ නිතිය මිනිස්සුන්ට දෙයාකාරයකින් සලකනවා කියන එකනේ. (නි)
පිටකොන්දක් කියල එකක් තියෙනවා නම් පොලිසියට සම්බන්ධ ලොකු ලොක්කෝ ඉල්ලලා අස්වෙලා දැන් ගොඩාක් කල් (නි)