රැලෙන් මඟ හැරුණු වල් අලියකු සති දෙකක් ඇතුළතදී ලග්ගල මඩුමාන ,ගුරුවෙල ,හල්මිණිය, මිනිරන්කැටිය ආදී ගම්මාන වල නිවාස පහක් කඩා ගම්වැසියකුට පහර දී ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.
දහවල් කාලයේදී ගම් අසල කුඩා වන රොදවල සැගවී සිටින මේ තනි අලියා රාත්‍රී කාලයේදී ගම්මානවලට වැද ගෙවල් කඩා ගෙවතු වගාද විනාශකැර දමතියි වැසියෝ කියති.
මහවැලි අධිකාරිය මගින් ඉදි කැර ඇති විදුලි වැට මඩුමාන ගම්මානය අසලින් ඉදි නොකිරිම නිසා වල් අලි ගම් වදින බව ගැමියන්ගේ අදහසයි.
ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය ලේකම් ඒ පී සරත් චන්ද්‍ර මහතා මෙසේ කීවේය.
‘දිගින් දිගටම මෙම ගම්මානවලට වල් අලි ගමි වැදීම විශාල ප්‍රශ්නයක්. ඉදිවෙමින් පවතින මොරගහකන්ද- කළුගග ජලාශ ව්‍යාපෘතියට සමගාමීව මුළු ලග්ගලම ආවරණය වන අයුරින් ඉදි වන අලි වැට ඉදිකිරීම මඩුමාන ගම්මානයෙන් නවතා තිබෙනවා.ජලාශය ඉදි වු පසු එම ස්ථානයෙන් අලි මංකඩක් තැනීම තමයි දැනට වැට ඉදි කිරීම නැවතීමට හේතුව. ඒ ගැටළුව සමඟ අලින්ට යන්න එන්න තැනක් නැති වීමෙන් අලි ගම්වලට එන ප්‍රවණතාව වැඩි වීමක් තිබෙනවා.මේ ගැටළුව පිළිබදව මහවැලි නිලධාරීන් දැනුම්වත් කළා. ගම්මාන වටා අලි වැටක් ඉඳි කර දෙන්න ඔවුන් එකඟ වී තිබෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් හතර දෙනෙක්වත් වල පල්ලට ගියාම ඕක ආරම්භ කරයි. (ස)
අනේ මම හිතුවේ වයඹ කියලා (නි)
මෙයාල ප්‍රශ්නෙත් දන්නවා උත්තරෙත් දන්නවා ඒත් ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි ප්‍රස්නේ.(නදී)
නිලධාරීන් දැනුවත් කිරීමත් හරියට බීරි අලින්ට වීන වයනවා වගේ වැඩක් නේ? (අ)
අලින්ගේ නිජබිම් වල මිනිස්සු ගෙවල් හදාගෙන, දැන් උන්ටම විදුලි වැටවල් ගහනවා. කාට කියන්නද මේවා. ඕවා අලින්ගේ වෙරදී නෙමෙයි.(නදී)