IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තනියා ලග්ගල හොල්ලයි

රැලෙන් මඟ හැරුණු වල් අලියකු සති දෙකක් ඇතුළතදී ලග්ගල මඩුමාන ,ගුරුවෙල ,හල්මිණිය, මිනිරන්කැටිය ආදී ගම්මාන වල නිවාස පහක් කඩා ගම්වැසියකුට පහර දී ඇතැයිද  ප්‍රදේශවාසීහු පවසති.

දහවල් කාලයේදී  ගම් අසල කුඩා වන රොදවල සැගවී සිටින මේ තනි අලියා රාත්‍රී කාලයේදී ගම්මානවලට වැද ගෙවල් කඩා ගෙවතු වගාද විනාශකැර දමතියි වැසියෝ කියති.

මහවැලි අධිකාරිය මගින් ඉදි කැර ඇති  විදුලි වැට  මඩුමාන ගම්මානය අසලින් ඉදි නොකිරිම නිසා වල් අලි ගම් වදින බව ගැමියන්ගේ අදහසයි.

ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය ලේකම් ඒ පී සරත් චන්ද්‍ර මහතා මෙසේ කීවේය.

‘දිගින් දිගටම මෙම ගම්මානවලට වල් අලි ගමි වැදීම විශාල ප්‍රශ්නයක්. ඉදිවෙමින් පවතින මොරගහකන්ද- කළුගග ජලාශ ව්‍යාපෘතියට සමගාමීව  මුළු ලග්ගලම ආවරණය වන අයුරින් ඉදි වන අලි වැට ඉදිකිරීම  මඩුමාන ගම්මානයෙන් නවතා තිබෙනවා.ජලාශය ඉදි වු පසු එම ස්ථානයෙන් අලි මංකඩක් තැනීම තමයි දැනට වැට ඉදි කිරීම නැවතීමට හේතුව. ඒ ගැටළුව සමඟ අලින්ට යන්න එන්න තැනක් නැති වීමෙන් අලි ගම්වලට එන ප්‍රවණතාව වැඩි වීමක් තිබෙනවා.මේ  ගැටළුව පිළිබදව මහවැලි නිලධාරීන් දැනුම්වත් කළා. ගම්මාන වටා අලි වැටක් ඉඳි කර දෙන්න ඔවුන් එකඟ වී තිබෙනවා.‘

 



අදහස් (0)

තනියා ලග්ගල හොල්ලයි

අමිල කටුනායක Monday, 09 September 2013 07:48 PM

අනේ මම හිතුවේ වයඹ කියලා (නි)

:       0       0

මොහාන් Tuesday, 10 September 2013 11:14 AM

අලින්ගේ නිජබිම් වල මිනිස්සු ගෙවල් හදාගෙන, දැන් උන්ටම විදුලි වැටවල් ගහනවා. කාට කියන්නද මේවා. ඕවා අලින්ගේ වෙරදී නෙමෙයි.(නදී)

:       0       0

කුමාරි Monday, 09 September 2013 04:18 PM

තුන් හතර දෙනෙක්වත් වල පල්ලට ගියාම ඕක ආරම්භ කරයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 September 2013 05:01 AM

මෙයාල ප්‍රශ්නෙත් දන්නවා උත්තරෙත් දන්නවා ඒත් ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි ප්‍රස්නේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 07:37 AM

නිලධාරීන් දැනුවත් කිරීමත් හරියට බීරි අලින්ට වීන වයනවා වගේ වැඩක් නේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 107 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 44 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 913 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 366 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1018 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 201 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30000 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23662 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site