(නිමල කොඩිතුවක්කු)
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්්‍යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 4 ක් පමණ සිරවී ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පවරා ගැනීම, නව බඳවා ගැනීම් කඩිනම් කිරීම, වැටුප් වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ(10) පස්වරු 4.00සිට පැය 48 ක කාළයක් සඳහා තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුලු සියලුම සේවාවන් අද (11) දිනයේත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණ.
වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරිම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්්‍යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුලුමනින්ම අණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා වර්ජනයෙන් ඇනහිට තිබූ බවත් විසිහත්දහසකට ආසන්න තැපැල් සේවකයෝ මේ සඳහා සහයෝගය පළ කළ බවත් තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් සිරවෙයි
Lal Monday, 11 December 2023 07:02 PM
මෙච්චර සෙනඟක් මොකටද එක කන්තෝරුවකට ...? පින් පඩි ගන්නවා...!
City Tuesday, 12 December 2023 05:49 AM
කරුණාකර තැපැල් සේවා පෞද්ගලීකරණය කරන්න.