IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට

තබ්බෝව රිය අනතුරින් යුධ හමුදා දෙවන කමාන්ඩෝ බලකායේ ලුතිනන් කර්නල් සදුන් පතිරන සහ රියදුරු කෝප්‍රල් සංජීව බංඩාර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේජර් ජයසුන්දර තුවාල ලබා සිටී. මෙම  පිරිස කිලිනොච්චියේ සිට ගනේමුල්ල බලා එමින් සිටයදී අද අළුයම පහත් හයත් අතර මෙම අනතුරට මුහුන පා ඇත.

 



අදහස් (0)

තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට

මා.උපරතන හිමි -ස්වීඩන්. Saturday, 15 June 2013 11:39 PM

රට බේරාගත් පින්වන්ත රණවිරුවනි, ඔබ දෙපල මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා! දළඳා සමිඳු පිහිටෙන් ජයසුන්දර සොයුරාට නිරෝගී සුවය පතමි. (නි)

:       0       0

කෙනෙත් Sunday, 16 June 2013 12:24 AM

මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. තුවාල වූ මේජර්වරයාට ඉක්මන් සුවය පතනවා. (නි)

:       0       0

ශාන සෞදි Saturday, 15 June 2013 11:49 AM

හරිනම් බැරියර් තිබිය යුතුයි. දැන්වත් මේවා ගැන හිතන්න වෙනවා. .සිටුවා ඇති ආරක්‍ෂිත කණු අතර පරතරය ඉතා වැඩිබව පෙනේ හමුදාවේ අය ඇතුළු ඇමති ආරක්ෂක අංශ මහපාරේ ඉගිල්ලෙන හැටි දැක්කම බය හිතෙනවා .මේ අයගේ වේග පාලනය කල යුතුයි. රට රැක ගත් අපගේ වීරෝදාර රණ විරුවනි, ඔබලාට අපගේ බලවත් ශෝකය! ඔබලාට නිවන් සුව ලැබේවා! (අ)

:       0       0

විතානගේ Saturday, 15 June 2013 11:54 AM

නිවන් සුව පතනවා! ඉදිරියේදී මෙවැනි අනතුරු නොවීමට හමුදා වාහන වලට වේග සීමාවක් පැනෙවුවොත් නරකද? (නි)

:       0       0

නලින් Sunday, 16 June 2013 09:35 PM

වීර සෙන්පතියාණනි, ඔබ සදා අනුස්මරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! ගතින් වෙන්ව ගියත් සිතින් සැමදා අපි ඔබ සමගයි. (නි)

:       0       0

රනජන් Saturday, 15 June 2013 11:57 AM

අධික වේගය නිසා වෙන්න ඇති කියල හිතෙනවා කොහම වුණත් අපරාදේ නිකම් ජිවිත නැති වෙනවා (අ)

:       0       0

වාසු Saturday, 15 June 2013 05:19 PM

රට රැක ගැනීම හා පාරේ ඉගිලිම ඔලුවට අරන් ජීවත් වීම ඒ සමග පටලවා ගන්න එපා. මේ වාහනේ කෑලි දැක්කම ඇතිවෙලා තියන විනාශය හිතා ගන්න පුළුවන්. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 16 June 2013 05:03 AM

රණ විරුවනට මගේ උපහාරය!! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 16 June 2013 05:08 AM

තිසල් මහතාගේ වටිනා යෝජනාව නිලදාරීන්ගේ හා රජයේ අවධානයට යොමු වේවා! ඉතාමත් වැදගත් සහ අඩු වියදමින් කළ හැක්කක්. උණ ලී ගේට්ටුව ලෙසම සාර්ථක වේවා ! (නි)

:       0       0

ඉන්දික Sunday, 16 June 2013 08:14 AM

ඉතාම කනගාටුදායක පුවතක්.රට රකිනා රණ විරුවන් අහිමිවීම අපිට පාඩුවකි.අද අප නිදහසේ ඉන්නේ ඔබ නිසාවෙනි.මම මේ මාර්ගයේ නිතරම ගමන් කළ අයෙකි.මෑතකදී මම ඔය ස්ථානයේම ගිමන් හැර දිවා ආහාරය ගත්තා මගේ නෝනා එක්ක.ඉතාම අවදානම් ස්ථානයක්.වාහනය පොඩ්ඩක් හරි ලිස්සුවොත් ඉතාම අවදානම් පාර පටු නිසා.කෙසේ නමුත් කල්පනාකාරීව වේගය පාලනයෙන් යාම වැදගත්.ඔවුන්ට නිවන් සුව පතමි.මෙම පාරේ වේග පාලනයට පුවරු නොමැත.පොලිසියෙන් මාව දෙපාරක් ඇල්ලුවා 72 වේගය නිසා.නමුත් වවුනියා යන බස් 80-90 අතර වේගයෙන් යනමුත් අල්ලන්නේ නැත.ඇමරිකාවේ නම් අධිවේගී මගේ උපරිම වේගය පැ.කි.මී.100-110 අතර පැදවිය යුතුය.නීතිය කාටත් එකය. (නි)

:       0       0

දම්මි Saturday, 15 June 2013 06:09 PM

යුද්ධ කරන්න වගේම පාරෙ හරියට යන්නත් ඉගෙනගන්න ඕනෑ (නි)

:       0       0

ධනංජය Sunday, 16 June 2013 08:57 AM

තිසල්, මේ අනතුර නම් ආරක්ෂක වැටෙන් නවත්තන්න පුළුවන් ජාතියේ එකක් නෙමෙයි වගේ. රියදුරෝ මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනා. යකඩ ගොඩක් එලෙව්වත් ඇතුලේ ඉන්නේ පාරේ ඉන්නේ පන තියන මිනිස්සු සත්තු බව මතක තියෙන්න ඕනා එයාලට.(නදී)

:       0       0

විදු නදී Sunday, 16 June 2013 09:36 AM

රියදුරු රියදුරු ලෙස නොසිතන්න.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 01:27 PM

ශෝකජනක පුවතක්!අසන්න දකින්න ලැබීම දුකක්. තමන්ගේ ජීවිතේ වටිනාකම නොදැනද මෙහෙම වේගෙන් රිය පදවන්නේ? අනිත් අයට ආදර්ශයක් වේවා ! ඔබ දෙදෙනාට නිවන්සුව ලැබේවා! තුවාල ලද කෙනාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

තිලක් Saturday, 15 June 2013 01:27 PM

ටිකක් පරිස්සමින් ගියා නම් අනතුරක් නොවෙන්න තිබුණා (නි)

:       0       0

සුරංග Saturday, 15 June 2013 06:32 PM

සංජීව, ඔයාට නිවන් සුව පතනවා! කවදාවත් ඔබත් සමග ගතකරපු කාලය අමතක වෙන්නේ නැහැ සංජීව (නි)

:       0       0

ජෙෆ් Saturday, 15 June 2013 01:49 PM

රට රැකගත් විරුවනි ! රටේ ආරක්ෂාව ඔබලා විසින්ම තහවුරු කර ඇති මොහොතක වටිනා ඔබලාගේ ජිවිත අනවශ මොහොතක මෙසේ අනාරක්ෂික තත්වයන්ට ඇයි පත්කර ගන්නේ. තවමත් අවතාර හොල්මන් කරනවා. අලුත් පිළිකාවල් නැගෙනහිර පලාතේ ඔඩු දුවමින් පවතිනවා. ඔබලාට කෙලෙහි ගුණ දන්නා මිනිසුන් වශයෙන් අප කවදත් ගරු කරනවා. ඔබලාගේ ශක්තියෙන් මේ මවුබිමට හෙටටත් ආරක්ෂව අවශ්‍යයි. අවාසනාවන්ත ලෙස දැයෙන් සමුගත් ලුතිනන් කර්නල් සදුන් පතිරණ හා කෝප්‍රල් සංජිව බණ්ඩාර විරුවාණනි ඔබලාට මොක් සුව පතමි ! එසේම මේජර් ජයසුන්දර විරුවාහට ඉක්මන් සම්පුර්ණ සුවය පතමි ! (නි)

:       0       0

චන්දා Sunday, 16 June 2013 10:25 AM

රණවිරුවනට උත්තමාචාරය පුදකරමි.(නදී)

:       0       0

කල්ප Saturday, 15 June 2013 08:52 AM

රට රැක ගත් අපගේ වීරෝදාර රණ විරුවනි, ඔබලාට අපගේ බලවත් ශෝකය! ඔබලාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නිමල් Saturday, 15 June 2013 09:26 AM

ගමන් වේගය ගැන කතා කරන අය සිටින රටක විපතට පත් රණවිරුවන් වෙනුවෙන් සෝක වීම ගැන කල්ප ඔබට ස්තුතියි. මියගිය රණවිරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා! ඉතිරි විරුවනට ඉක්මන් සුව ලැබේවා. (නි)

:       0       0

ප්‍රින්ස් Saturday, 15 June 2013 09:28 AM

හදවතින් අපි ඔබ සමගයි සසරේ දිනක නැවත අපි හමු වෙමු රණවිරුවනි !!!(අ)

:       0       0

අසේල Saturday, 15 June 2013 07:27 PM

නිසල් කියන දෙයට මමත් එකඟයි. හැමදෙයක්ම පිටරටින් ගෙනත් සවි කරනවට වඩා තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඕනෑ.රටේ ආරක්ෂාවට සිටින ඔබ තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.මේජර්තුමන්ට ඉක්මන් සුවයත් මියගිය දෙදෙනාට නිවන්සුව ලැබේවායි පතමි ! (නි)

:       0       0

සුජිත් Saturday, 15 June 2013 09:27 AM

හමුදාවේ අය ඇතුළු ඇමති ආරක්ෂක අංශ මහපාරේ ඉගිල්ලෙන හැටි දැක්කම බය හිතෙනවා.මේ අය පාවිච්චි කරන්නේ මහජන මුදලින් මිලදී ගත වාහන.මෙතනත් කෝටියකට වැඩි අලාබයක් .වටිනා ජීවිතයකුත් රටට අහිමියි (අ)

:       0       0

සුජිත්.ක්.පී Saturday, 15 June 2013 09:28 AM

ඔබ තුමන්ලා අපේ රටට ගොඩක් ප්‍රයෝජනවත් මහත්වරු.කලබලයක් නැතුව , නිදිමතනම් ටිකක නිදාගෙන යන්න.අපි නිදහසේ ඉන්නේ ඔබ තුමන්ලා ජිවිත පරිත්‍යාගයෙන් රට බේරගත්ත නිසා.බුදුසරයි (අ)

:       0       0

දුමින්ද Saturday, 15 June 2013 07:57 PM

ඔබගේ අඩුව අපට සෑම දවසකම දැනේවි. ඔබ දෙදෙනාට නිවන් සුව! අනෙක් සොයුරාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

මිලින්ද Sunday, 16 June 2013 11:47 AM

කනගාටු දායක පුවතක්

:       0       0

ඩී.උපුල් Saturday, 15 June 2013 09:55 AM

පොලිසියට ට්‍රැෆික් කෝන්ස් ටිකක් දුන්නනම් හොඳයි නේද කියල හිතුන ප්‍රමිතියකට වැඩක් කරන්න පුළුවන් එතකොට.(අ)

:       0       0

2 ලුතිනන් හේරත් Sunday, 16 June 2013 11:55 AM

ඔබ සදා අමරණීයයි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 15 June 2013 09:55 AM

රට රකින විරුවන් දේපලක් අපට නැතිවුණා. ඔබලාට නිවන්සුව පතමු. (අ)

:       0       0

යථාර්ථ Saturday, 15 June 2013 02:42 PM

දැන් යුද්දේ ඉවරනේ. ඒ නිසා හිත නිදහසේ වේගයෙන් යන්න ඇති (නි)

:       0       0

හේරත් Sunday, 16 June 2013 11:59 AM

බනින අයට නම් හොදක් වෙන්න එපා. එයාලට මතක නැහැ අතීතය (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 15 June 2013 08:30 PM

මෙම අය හදිසියට අරගෙන ගිහින් තියෙන්නේ , හමුදා සන්දර්සන වලදී කෑලි එකතු කරලා විනාඩි ගණනින් නැගල යන වාහනයේද? මෙහෙම කෑලි ගැලවිලා විසිරිලා තියෙන්නේ (අ),................

:       0       0

තිසල් Saturday, 15 June 2013 10:04 AM

වේගයෙන් යන්නට හැකි ලෙස ඉදිකළ මෙම මාර්ගයේ නිසි ප්‍රමිතියකට ආරක්‍ෂිත වැටක් නැති බව ඉතාම පැහැදිලිව පෙනෙනවා.සිටුවා ඇති ආරක්‍ෂිත කණු අතර පරතරය ඉතා වැඩිබව පෙනේ.එහෙත් මෙවැනි දෙපස ගැබුරු හෝ ජලය ඇති තැන්වල සිදුවන අනතුරකින් වන හානිය අවම කල හැකි ආරක්‍ෂිත උපාය මද බව පැහැදිලිය.එවැනි විටක තත්පරයක වැරදීමක් නිසා විශාල ජීවිත හානි සිදුවීම නොවැලක්විය හැකිය.මෙහි ඇති කණු වල උස මද බවටද සැකයක් ඇත. නවීන වාහන පැරණි වාහන වලට වඩා උස වුවද මෙයට වසර 30-40 කට පෙර තිබු කණුවල උස තවම අප පවත්වාගෙන යනබවක් දැනේ.එම නිසා කණුවේ වැදුනද එහි වේගය අඩපන වුන බවක් නොපෙනේ.මා අනුනට දෝෂාරෝපණය කරනවා නොව බැලියයුතු පැති පෙන්වාදීමට කරන උත්සාහයකි.මෙවැනි කණු /වැට පිටරටින් ගෙන්වීමේදී අදික මුදලක් වැයවන නිසා අංගසම්පුර්ණ මාර්ග ඉදිකිරීම අපහසුබවද සත්‍යයකි. එහෙත් මා මීට පෙරත් සදහන්කර ඇති පරිදි මෙවැනි තැන්වල ජලයත් හොදින් ඇති නිසා උන පැදුරු වැවීම සාර්ථක උපක්‍රමයක්ය.උනගසේ මැද හිස් බව නිසා සැහැල්ලු බැවින් ගැටීමේදී වහනයට සිදුවන හානිය අවමකරගත හැක.නිතර මෙවැනි තැන්වල අනතුරු වලින් බරපතල හානි සිදුවන නිසා මිය ගිය වීරෝදාර රණ විරුවන් නාමයෙන් හමුදාව මගින් හෝ රට පුරා මෙවැනි තැන්වල උන පැදුරු වැවීමට කටයුතු කරන්න.එමගින් පරිසරය අලංකාර වනවා සේම ශබ්ධයද දුවිලි පැතිරීම අවමකරය්. පරිසර හිතකාමීය. (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රිනා Saturday, 15 June 2013 10:09 AM

සිත කම්පා කරවන පුවතක්. රියදුරු සෙබලාට නින්ද ගියාවත්ද ?? (අ)

:       0       0

දහම් Saturday, 15 June 2013 10:13 AM

වේගය මරුවා කැදවයි. (අ)

:       0       0

ගයාන් Saturday, 15 June 2013 10:26 AM

දෙදෙනාටම නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 15 June 2013 03:22 PM

වටිනා ජිවිත සහ දේපල නැතිවෙලා තිබෙන්නේ , නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා. ඇමති ආරක්ෂක වාහන සහ හමුදා වාහන පාරේ ගමන් කරන්නේ ඉතාමත් අසංවර විදියට. සමහර වෙලාවට මේවට යටවෙලා අසරණයෝ මැරෙනවා. යුද්ධයක් නැති රටේ මෙපමණ වේගයකින් වාහන පදවන්න අවශ්‍යද? (නි)

:       0       0

අනුර Saturday, 15 June 2013 10:30 AM

කනගාටු වෙනවා. හරිනම් බැරියර් තිබිය යුතුයි. දැන්වත් මේවා ගැන හිතන්න වෙනවා. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 15 June 2013 10:30 AM

රට රකින විරුවනි, ඔබ නැතිවීම ජාතියට විශාල පාඩුවකි. මම හිතනවා මේ අනතුරට හේතුව ඔබ අධික වේගයෙන් රිය ධාවනය කිරීමයි කියලා. හැම නිලදාරියෙක්ම මීට වඩා නීති ගරුක වුනොත් අප සමාජයේ ප්‍රගමනයට විශාල යහපතක් වේවි (නි)

:       0       0

අරවින්ද Saturday, 15 June 2013 10:46 AM

විරුවනි, අපි ඔබට සදා ණයගැතියි (නි)

:       0       0

පෙරේරා Saturday, 15 June 2013 03:49 PM

යුද්ධ හමුදාවේ සමහරෙක් ගුවන් ගතවෙන්න හැදු වගයි.(නදී)

:       0       0

සුසන්ත(දෝහා කතර්) Saturday, 15 June 2013 10:25 PM

රණ විරුවනේ ඔබට නිවන් සුව. තුවාල උන අයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. අප හද වතින්ම ඔබ සමගයි.(නදී)

:       0       0

සංජය Saturday, 15 June 2013 10:46 PM

චන්ද්‍රා ඔයාට පිස්සුද හැටිද වෙලාව හොදට අරගෙන සිංහල කියවන්න. උත්සාහය හොදයි. තව උත්සහ කරන්න.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 15 June 2013 11:11 AM

මෙම අනතුරට වේගය සහ කාර්මික දෝෂයක් ද හේතු වී ඇති බව පින්තුර වලින් පෙනේ..(අ)

:       0       0

චන්දි Saturday, 15 June 2013 11:13 AM

මියගිය සදුන්,සංජිව විරුවන් දෙපලට නිවන් පුර රුවන් දොරටු විවර වේවා තුවාල ලැබුව විරුවන්ට ඉක්මන් සුවය පතමි (අ)

:       0       0

දයා අළහකෝන් Saturday, 15 June 2013 11:12 AM

වේගයෙන් එන්න ඇති, පාරවල් කාපට් කරලා නිසා. පවු අසරණ ජීවිත. නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බෙනට් Saturday, 15 June 2013 11:22 PM

හරියටම ලයිට් කණුවට වැදීල තියෙන්නේ. පවු රියදුරා මහා රෑ එක දිගට වාහනේ එලවල වගේ පෙන්නේ. මේ අනතුර කාටවත් වලක්වන්න පුළුවන් එකක් නෙමෙයි. වෙලාව ආපුවම ප්‍රබාකරන් මලේ නන්දිකඩාල් කලපුවේ මඩ වගුරක. මියගිය දෙදෙනාට නිවන්සුව අත්වේවා. අනිත් රෝගීන්ට ඉක්මන් සුවය පතමි. ඒ වගේම පාරවල් කාපට් වෙලා වැඩක් නැ ලංකාවේ රියදුරන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව. මේ රටේ ගොඩක් වාහන අනතුරු වෙන්නේ අනුන්ගේ වාහන එලවන රියදුරන්ගේ අතින් හොයාගෙන ආපු මරණයක් තියෙන්නේ. පහල ඔච්චර පිට්ටනිය වගේ නිදහසේ යන්න පුළුවන් විශාල ප්‍රදේශයක් තියෙද්දී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 448 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 459 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 762 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 575 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 743 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site