තමිල්නාඩුවේ තාන්ජවුර් හි පූර්ණිමාතා කතෝලික පල්ලියේදී දෙමළ කණ්ඩායමක් විසින් සිර කර ගැනුණු ශ්‍රී ලාංකිකයන් 184 දෙනා අද මිහින් ලංකා ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ගෙන එන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා කියයි. මේ පිරිස පල්ලියේ සිට ටි‍්‍රචි ගුවන් තොටට රැගෙන ඒමට නියමිතය. ඉන්දියාවට එන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ඉන්දීය රජය කියයි. තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොටින්ගේ පස්සෙන් යන කට්ටියට මේවට පාරට බැහැල කතා කරන්න බැරිද ? බැනේ. (නි)
මේක දේශපාලන වාසි ලබාගැනීමේ පරාමාර්ථයෙන් කරන්නක් වියහැකියි (නි)
අසරණ දමිළ අයව මරපු වෛරය තමයි මේ පෙන්නන්නේ. (නි)
ගල් වදින කොට දෙවියන් කොහෙද දන්නේ නැහැ හිටියේ නේද? ඒකනේ ගල් වෑදුන. අනේ මෙහෙමත් අන්ධ ගොලු බිහිරි.........අපිත් ලෑජ්ජා නෑතිව යනවා. මේ තරම් ලස්සන, මිනිසුන් වගේ ජීවත් වෙන, මොළය තියෙන උගත් මිනිස්සු ජීවත් වෙන රටක ඉදන් මොළය කලදක් නෑති, සතුන් වගේ මිනිස්සු ඉන්න රටකට දෙවියන් පුදන්න. ඈයි මේ රටේ දෙවියන් නෑද්ද? (නි)
තව ඉස්සරහට කොටීන්ගෙන් කරදර වෙන ලකුණු...(ස)
පිට රටවලට සේවයට ගොස් අතරමන්ව සිටින අයත් මේ විදියට අරන් එන්න බැරිද ? (ස)
මේවා ජාතිවාදී බොරු දේශප්‍රේමීන්ගේ වැඩ. මෙවැනි අය 03 වැනි ලෝකයේ රටවල ඉන්නවා. යුරෝපයේ රටවලට මෙන්ම දියුණු රටවල සංචාරය කිරීමට ලාංකිකයන්ට අවස්ථාවක් සැලසෙන වැඩපිලිවෙලක් දියත් කළ යුතුය. එවැනි රටවල බැලීමට බොහෝ දේ ඇත ඉන්දියාවට වඩා...(ස)
කෙසේ නමුත් ඉන්දීය මධ්‍යම රජය සමග මේ ගැන සාකච්ඡා කළ යුතුයි. දෙරටේ ස්ථාවරයන් අනුව තමිල්නාඩුව සම්බන්ධව අපගේ සීමාවන් පැනවිය යුතුයි. (නි)
ඔන්න බලන්න මිහින් ලංකා ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක් කළත් මේ වගේ වෙලාවට ප්‍රයෝජන ව්‍රණා. කාටද ආඩම්බර? (නි)
මට නම් ඉන්දියාවේ ඉන්නවට වඩා ෂූවර් නැත්තේ මිහින් ලංකා ගුවන් යානයේ එන එකයි. (නි)
ඉන්දියන් චිත්‍රපට ඇතුලුව සියලුම දේවල් වර්ජනය කළ යුතුයි. (නි)
අලුතෙන් ගෙනාපු යානාවට ඔය වැඩ තියෙන්නේ..(නු)
අනේ මන්දා, යන්න වෙන රටවල් නැතුවට යනවද? ඔයිට වඩා අපාය හොදයි කියලා මට හිතෙනවා. මම ඉන්න රටෙත් තමිල්නාඩු අය ඉන්නවා. අඩු ගානේ නාන්නෙවත් නැහැ. ඉතින් තව මොනවා බලන්න යනවද? අපේ කට්ටියට තේරෙන්න කල්යයි. (නි)
තවත් අඩුවටම තමිල්නාඩු මිනිසුන් ගේ ගමන්වාර ගෙනියමු...(නු)
වන්දනා සංවිධායකයන් වෙන රටත් හොයා ගනියි නේද? (නි)
අර වික්‍රමබාහු මහත්තයාට නම් එහේ යන්න පුළුවන් ඇති නේද?(නු)
මොකට යනවද මේ ජරාවලට..!!(නු)
මේ කරන අරියාදු බැලුවම ඉන්දියාවෙ තහවුරු කිරීම්නම් දැං අවුරුදු තුනක් තිස්සෙ වෙන හැටි පේනවා.. තමිල්නාඩුවයි ඉන්දියාවයි නැතිව ජීවත්වෙන්න අපට පුළුවං නම් මේ තාඩන පීඩන වලට ලක්වෙන්න ඕන නැහැ.. අපිත් මේ වගේ හිතලා තමිල්නාඩුව වර්ජනය කරමු.. වෙළදපොල බඩු නොගෙන ඉමු.. එතකොට මේ ප්‍රශ්ණටික වෙනස්වෙයි..!!(නු)
ඉතාම අපිරිසිදු ගමකටනෙ ගිහින් තියෙන්නෙ...!!(නු)
මානව හිම්කම් කැඩුන කියල කාටවත් පැමිණිලිකරන්න එහෙම අදහසක් නැද්ද මෙයාලට...?
මෙයාලගේ මීළග සටන සාංචිවල.. 19 වැනි දින විශාල උද්ඝෝෂණයක් පවත්වන්න සූදානම් වෙනවා..!!(නු)