තමිල්නාඩු ධීවරයින් පොක් සමුද්‍ර සන්ධිය අසල මසුන් ඇල්ලීමෙන් දිනටකට ඉස්සන් ටොන් 100 ක් ඒ සමාන ප්‍රමාණයක වෙනත් මසුන් සහ කකුළුවන් ටොන් 10 කට ප්‍රමාණයක් අල්ලා ගන්නා බව රාමේෂ්වයේදී පැවති ධීවරයින්ගේ රැස්විමකදී අනාවරණය විය.
මෙම රැස්වීම පැවැත් වුයේ තමිල්නාඩු ධීවරයින් ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් එල්ල වෙතියි කියන හිරිහැර ගැන සාකච්ඡා කිරීමටය.
මුහුදු යෑමේ කාළය පැය 24 සිට පැය 14 දක්වා අඩු කිරීමටද තීරණය විය.
මේ තීරණය නිසා තමිල්නාඩු ධීවරයින්ගේ අදායම සියයට 35 කින් අබුවන බවත් අල්ලා ගන්නා මසුන් වැඩ් හරියක් ආනයයන කරන නිසා අපනයන අදායමද අඩු වන බව ධීවරයෝ කියති.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීම නිසා තමිල්නාඩු ධිවරයින් 49 දෙනකු අත්අඩංගුවට ගැනීමට පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි විය.
තමිල්නාඩු ධීවරයින් ලංකා මුහුදු තිරයේ මසුන් ඇල්ලිම නිසා තමන්ට මසුන් අල්ලා ගැනීමට නොහැකි වු බව ශ්‍රී ලංකා ධීවරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි වැඩපිළිවෙලක් යොදා අපේ ධීවරයින් ආරක්ෂා කරන්න. (නි)
ඔන්න තමිල්නාඩුවේ සැබෑ ආදරේ (නි)
උතුරෙන් ඉන්දියාව හූරන් කනවා, දකුණෙන් සමාගම් හූරන් කනවා, නැගෙනහිරින් යෝනකයෝ හූරන් කනවා, බටහිරින් අධිරාජ්‍යවාදීන් හූරන් කනවා. මේ රටේ තවත් හූරන් කන්න දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ පූරුවෙ වාසනාවට.(ස)
ඉන්දීය කාරයෝ අද ලෝකේ හැමතැනම රිංගල ඔක්කොම සුරගෙන කනවා.(නදී)
අපේ අයට අල්ලන්න බැරිනම් එයාලා හරි අල්ල ගත්තම මොකද? මුදේ මාලුනේ... ලංකාවේ කොච්චර මාළු ඇල්ලුවත් ඕවා අපිට කන්න පුළුවන් මිලකට තියනවද? රට වටේම මුහුද .. ඒත් මාළු අස්ප ගණන් (නි)
තමිල්නාඩු ධීවරයන් ඇවිත් අපේ මාලු අල්ලලා, අපිට අඩු මිලකට දෙනවනම් හොඳයි.(ස)
ජීවිත අවදානමෙන් මසුන් ඇල්ලුවත් හැමදාම ධීවරයා දුප්පත්, මාළු මුදලාලිලා පොහොසත්. මෙන්න මේවටයි රජය මැදිහත්වෙලා පියවරක් ගන්න ඕනෑ. මාළු ග්රෑම් 500ක මිල ඇහුවම දවල් තරු පේනවා. (නි)
දෙගොල්ලොටම මාළු අහුවෙන්නේ ඔතන පමණද? (ස)
අදායමෙන් භාගයක් උතුරේ වැසියන්ගේ සුභ සිද්දිය සදහා යොදවනවා වගේනේ තමිල්නාඩුවේ අය කරන වැඩ වලින් පෙනෙන්නේ. (නි)
සාන්ත,ඔයාගේ දහසේ කිසි වරදක් දකින්නේ නැහැ. ඒ වගේම ඉන්දියන් ධීවරයන්ටත් ලංකාවේ වෙළද පොළ විවෘත කර දුන්නා නම්, තරගකාරී මිලකට අඩුවට අපටත් මාලු කෑල්ලක් කන්න පුළුවන්. අනික ඔවුන් සමග සුහදත්වයත් වර්දනය කර ගන්නට පුළුවන්. කච්චතිවු දුපතේ ප්‍රශ්නයත් ඉවරයි. ධීවර වරායක තීරුබදු හා ආගමන විගමන ස්ථානයක් ස්ථාපිත කරලා මෙය ක්‍රියාත්මක කලා නම් රජයටත් යම් අදායමක් ලැබෙනවා. ලංකාවට ඉන්දියාවෙන් එන්නේ මාලු විතරක් නෙමෙයි. ඉතින් ඇයි බැරි මේ ප්‍රශ්නය දෙස මේ වගේ කෝණයකින් බලන්න. (නි)
ජෙෆ් සාන්ත මොහොමඩ් වගේ අයට මොකක් කියන්න ද මන් දැන් නැහැ. උදාහරණයක් කියන්නම් පුළුවන් නම් තේරුම් ගන්න. එක නිකන් ඔයාලගේ වත්තේ පොල්, හොරු කඩාගෙන ඔයාලටම විකුණනවා වගේ වැඩක්.(නදී)
මගේ සම්පුර්න අදහස පළකිරීම ගැන ලංකාදීපයට ස්තුත්ති කරමි.(අ)
උතුරේ මාළු අල්ලන්නේ සිංහලයෝද? නැහැ බහුතරයක් ද්‍රවිඩ ධීවරයන්. එතකොට තමිල්නාඩුවේ බයිස්කොප් දේශපාලුවෝ කිබුල් කඳුළු හෙලන්නේ කා වෙනුවෙන්ද? ද්‍රවිඩ ජනතාව වෙනුවෙන්. එහෙනම් කාට අයිති සම්පතක්ද මේ හොරකම් කරන්නේ? උතුරේ ද්‍රවිඩ ජනයාගේ ධීවර සම්පත්. ආණ්ඩුව කල යුත්තේ උතුරේ මිනිස්සුන්ට තමිල්නාඩුවේ බයිස්කොප් දේශපාලුවන්ගේ "හෙළුව" පෙන්නන එක.(නදී)
මේ ප්‍රශ්නෙටත් අනිකුත් තමිල්නාඩුවෙන් වෙන ප්‍රශ්න වලටත් තියෙන හොඳ විසදුමක් තමා ජයලලිතා මෙනවියව අපේ දේශපාලකයෙකුට කසාද බන්දල දීල අපෙත් තමිල්නාඩුවෙත් සම්බන්දතා ශක්තිමත් කර ගැනීම. පෙර කාලයේත් අපේ පාලකයන් අල්ලපු රටෙන් සරණපාවා ගත්තේ.(නදී)