දෙදින නිල චාරිකාවක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත‍්‍රා මහත්මය අද සවස දිවයිනෙන් සමු ගත්තාය.
ඇය ඊයේ උදෑසන දිවියනට පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශවික ආරක්ෂක සහ සමුද්‍රාක්ෂණ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශවය ගිවිස ගත්හ.
ද්විපාර්ශවීය සාකච්ඡා වලින් අනතුරුව ආගමන, සංචාරක, විද්‍යා හා තාක්ෂණික සහයෝගීතාවට සහ වාණිජ හා බැංකු ක්ෂෙත‍්‍ර වලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් දෙරට අතර අත්සන් තැබිණ.
පසුව පාර්ලිමේන්තුවද ඇමතූ ඇය මහනුවර බලාගොස් අති පූජ්ය මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක්කාය.
ශ‍්‍රී ලංකාවේ උපසම්පදාව පිහිටුවීම නිමිත්තෙන් පැවැත්වෙන පිංකමටද අග‍්‍රාමාත්‍ය තුමිය සහභාගි වූ අතර ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේද වන්දනා මාන කළාය.
තායි අග‍්‍රාමාතයවරිය දිවයිනෙන් සමුගන්නා අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී නිරූපමා රාජපක්ෂ, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය යන මහත්වරුන් එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියගේ පැමිණීම අපි අගය කරනවා . එකමුතුවෙන් වැඩ කිරීමට දෙරටට හැකියාව ලැබේවා. බුදු සරනයි! (නි)
ප්‍රසිද්දියේ ළමා අපචාර සිදුවන රටක් තායිලන්තය. බටහිර සග මැද පෙරදිග සංචාරකයන් යන්නේ තායි රටට අඩු වයසේ ළමා අපචාර වලට. නමුත් විදේශ රාජ්‍ය නොවෙන සංවිධාන මෙයට විරුද්ධව කටයුතු කරති. විදේශ විනිමය අවශ්‍ය නිසා තායි බලදාරින් මේ ගැන විරුද්ධ තාවයක් නොදක්වති . සංචාරකයන්ගෙන් යැපෙන රටක් තායිලන්තය.(නදී)
ගොන්නු බිහිකරන්න කියලා තමියි කියලා තියන්නේ. විදේශ විනිමය ලංකාවට ගන්න පුළුවන් ලේසි ක්‍රමය කියලා පැවසුවාලු.(නදී)
එතුමිය ලබාගත් ආදර්ශ උපදේශ ගැන අපිත් දැනගන්න කැමතියි (නි)
නිරුපමා මහත්මිය ඉස්සර කොච්චර ලස්සනද? දැන් ජනතාවට සේවය හරි හැටි කරන්නේ නැති නිසා හිත අපිරිසිදු නිසා අව ලස්සනයි. තව ටික දවසකින් ඇවිද ගන්නත් බැරිවෙයි. ඒත් තායි අගමැතිනිය මං හිතන්නේ ජනතාවට සේවය කරලා ජනතාවගේ ආශිර්වාදය ගන්න නිසා තමා මෙච්චර ලස්සන. බලන්න විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රී නෝනලා තවමත් වයස ගියත් ලස්සනට හැඩට ඉන්නවා මොකද ජරාව නැහැ. හැමෝම ආශිර්වාද කරලා ප්‍රතිචාර දාලා තියෙන්නේ මෙතුමියට. ඒත් අපේ රටේ අයට මේ වගේ ප්‍රතිචාර දාන්නේ නැහැ.(නදී)
බේරිලා ගියාද , ඇත්තටම පුදුමයි.(නදී)
නැවත අපි හමු වෙමු ලොව රූමත්ම අගමැතිතුමියනි ! (නි)
මෙතුමිය හරිම ලස්සනයි , තරුණයි. මෙයා ආපු වෙලාවේ ඉඳලම ලංකාවේ මැති, ඇමතිවරු එයා එක්ක කතා කරන්නේ පුදුම සතුටකින්. ලොකු වෙනසක් මුහුණු වල පේනවා.මෙතුමිය කැමති නම් ලංකාවේ මීළඟ අගමැති වීමට පුළුවන්.අපිටත් එයාව දැක්කම ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා.එවිට පාර්ලිමේන්තුවේ කවුරුත් බොහොම විනය ගරුකව හැසිරෙනු ඇත.වතුර බෝතල් වලින් ගහ ගන්නෙත් නැතිවෙයි.ආසියාවේ ආශ්චර්යය! (නි)
දැක්කත් සිරියාවයි. ඒකට අපේ අය (නි)
තායිලන්තයෙන් අපට ගන්න තිබෙන උපදේශ මොනවද කියලයි මම මේ කල්පනා කරන්නේ. (නි)
ඔබට ජය ජනපතිතුමනි! (නි)
ලංකාවේ සම්බාහන සේවයේ ඉන්න තායි ලලනාවන් ගැන පියවරක් ගන්න. ඔවුන්ව නීතිගත කරන්න හෝ ඒ කටයුතු වලින් වලක්වා ගන්න.තායි අගමැතිනියට අපේ සුබ පැතුම් ! (නි)
බෞද්ධ නායිකාවක්.(නදී)
විදේශ කටයුතු අමාත්‍යන්ස ලේකම් කරුණාතිලක අමුණුගම මහතා තානාපති නිලධාරීන් අතරේ හිටපු ,ප්‍රවීනයෙක්, ඉතාමත් දක්ෂ ,අවංක නිලධාරියෙක්.එතුමාගේ දක්ෂකමින් ප්‍රයෝජන ගැනීම අදාල ඇමතිවරුන්ට මහත් රුකුලක්. තායි අගමැතිනියට සුභ ගමන් !! (නි)
අනේ බලන්නකෝ තියෙන පින් පාට. (නි)
කලකට පස්සේ වැදගත් කෙනෙක් ආවා (නි)
තෙරුවන් සරණයි අගමැතිතුමියනි..(නදී)
නැවතත් ඔබ අපේ සුන්දර රටට එන්න.(නදී)
දවස් දෙකක් හිටියට පස්සේ එයාට ඇති වුනාද දන්නේ නැහැ. (නි)
දේශ පාලනය ගැනනම් මම කතා කරන්නේ නැහැ (දී)