තාරකා ඉබ්බන් 41 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
ඉබ්බන්ගේ ශරීරය වටේට සෙලෝටේප් ගසා තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිතාර ජයසේන විසින් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කළ අතර තාරකා ඉබ්බන් මුදා හැරීමට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් තාරකා ඉබ්බෝ ඇති කරන්නේ නැහැ. කිසිම වැඩකට නැති ඉබ්බෙක්. කිරි ඉබ්බෝ වගේ ලස්සනත් නැහැනේ . (ර)
ඉබ්බෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි..? (ම)
හොඳ වෙලාවට අහසෙන් යන්න බැරිවුනේ. නැත්නම් පරණ කතාව අලුත් වෙනවා. (ස)