නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට නියෝග කළ පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.
මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර 16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට මිලට ගෙන ඇතත් මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට අපොසත් වී යැයි නඩේසන්ට එරෙහිව නඩු පවරන බව මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.
සේනාධිර අප්පුහාමිලාගේ සේනාධිර නම් දේශිය වෛද්‍යවරයකුගේ දියණියන් තිදෙනෙකුගෙන් ඔහු මෙම ඉඩම මිලට ගෙන ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.
නඩුව ලබන ජනවාරි 10 වැනි දා දක්වා කල් තැබිණි.
නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බවත් එහි ප්‍රකාශකයෙක් කියයි.
ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ
ජායාරූප ඉෂාන් සංජිව






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා. ළඟදිම සහනයක් ලැබෙයි (නි)
දාන්න තියෙන්නේ ජීවිත කාලෙටම බරපතල වැඩ සහිතවම හිරේට
රාජපක්ෂලාට සම්බන්ධ වෙන්නෙම මෙහෙම අයනේ බලනකොට (නි)
තව හිනාවෙන හැටි? මේවා දැක්කහම අපිට බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නේ (නි)
මෙයාලට උසාවි යන එක ලොකු අභිමානයක් (නි)
මහජන මුදල් කොල්ල කා ඇති ආකාරය දැක්කම ඉතින් ඡන්දෙ දාපු ඇත්තන්ට බඩ කපන් මැරෙන්න තමයි වෙන්නේ.(හේ)
මේ ගොල්ලෝ අහිංසක මිනිසුන්ව කොටවනවා. එ්වුණාට ඒගොල්ලෝ ජාතිහිතෙශිව හොරකම් කරනවා. අන්තිමට අපේ අහිංසක ජනතාව මරාගන්නවා. මේගොල්ලෝ සැපට ඉන්නවා (නි)
බය වෙන්න එපා. ළඟදීම රට යන්න අවසර ලැබේවි. (නි)
පසුවට සිදුවන දේ ගැනත් අපි විමසිල්ලෙන් (නි)
මෙයාලා කළේම කොලේ වහලා ගැහීම. මෙවන් මිනිසුන් සාක්ෂි සහිතවම අල්ලා ගැනීම රටවැසියාගේ ජයග්‍රහණයක්. (නි)
ලයිට් කපන එක මට අමතක වුණා මේක දැකල. (අ)
අත්අඩංගුවට ගත්තනම් කෝ අප්පා මාංචු , අනේ පවු අර අහිංසක බිරිඳ දැන් පොළොවේ පස් කනවා ඇති මගේ දෙයියෝ අරන් ගිය කියල ?(අ)
බය වෙන්න දෙයක් නැහැ, අධ්‍යක්ෂ ජෙනරාල් අස්වෙන්න යන්නේ.
රාජපක්ෂ පවුලේ අලගිය තැන්, මුලගිය තැන් වල හැමෝම රජයේ බෝඩිමට පෝළිමේ යනවා වගෙයි. (නි)
අපිට නම් දැන් මේවා ඇතිවෙලා (නි)
රාජපක්ෂ මහත්තුරු බලාගෙන ගියාම ඉන්ටර්නැෂනල් ෆැමිලි එකක්නේ...... (නි)
දැන් වැරදි කරන පොඩි කට්ටියට ගානට නීතිය ක්‍රියාත්මක වෙනවා. (නි)
දැන් ලැජ්ජාවට තව රාජපක්ෂ කෙනෙකුට ගෑවිච්ච කෙනෙක් පස්සේ එළවනවා. බලාගෙන සංහිඳියාවට අවුලක් වෙයිද දන්නේ නැහැ. (නි)
මොනවා වුණත් අන්තිමට ආයෙත් පාරක් රාජපක්ෂ කෙනෙක් ගෑවිලානේ....! (නි)