වැලිවේරිය නැදුන්ගමුව අවට ළිං ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම මත එම වතුරෙහි ඇසිඩ් සාන්ද්‍රනය වැඩිවීමට හේතුන් සහ එයට විසදුමක් ලබා දීමට දේශපාලන නියෝජිතයින් සහ අදාල වගකිවයුතු නිලධාරීන් මෙතෙක් අපොහොසත් වීම නිසා හල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියෝ මින් මද වෙලාවකට පෙර මාරාන්තික උපවාසයක් අරඹූහ.
මේ සදහා පිළිගත හැකි විසදුමක් ලැබෙන තෙක් උපවාසය සහ උද්ඝෝෂනය අත් නොහරින බව ගම්වාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක මිනිසුන් තම දරුවන් මිය යනවා කියලා හඩගා කෑගසා කීවෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව මහ ඉහලින් කථා කරන රටක පොදු මාධ්‍ය වලින්.ප්‍රදර්ශනය විතරක් මදි මානව හිතවාදය හද පත්ලෙන්ම එන්න ඕනෑ. (නි)
උන්නාන්සේ මොකට බයවෙනවද? පන ගියොත් දිව්‍යලෝකේ යාවි. (ස)
ඔය පිටුපස සිටින අයත් කොන්ද පන අතිව හාමුදුරුවන් සමග එකතු වන්න බලන් හිටියට ප්‍රශ්න විසදෙන්නෙ නෑ සාමූහික එකමුතුව ගමේ ප්‍රශ්ණය විසදාවි. (දී)
අපේ ගෞරවනීය බල සේනාවේ සහ සියලු දෑ හිතකාමීන්ගේ සහ්යෝගය ජනතාවට ඉතා අවශ්‍යයි කරුණාකර උදවු කරන්න. (ස)
එදා සිංහලයන් වෙනුවෙන් හඬ නැගු බෙන්ගමුවේ නාලක හිමියනුත්,මුරුත්තෙටුවේ ආනන්ද හිමියනුත් අද සිංහලයන් වෙනුවෙ හඬ නගන සිංහල රාවයත්,බොදු බල සේනා සහ ජාතික හෙළ උරුමයේ නායකයනුත් මේ සිංහල ජනතාව හෝ මාරාන්තික උපවාසයකට අවතීර්ණ වෙන මේ බෞද්ධ ස්වාමින් වහන්සේ දෙස නොබලනේද? (නි)
ජනාධිපතිතුමනි, කරුණාකර මෙයට මැදිහත් වන්න..මේක පොඩි ප්‍රශ්නයක් නොවේ. (නි)
අපේ හාමුදුරුවෝ තමයි කවදත් අපේ පිහිටට එන්නේ..මේක මුළු රටටම ආදර්ශයක්. (නි)
ගෞරවණීය ස්වාමින්වහන්ස, අපේ සංඟයාවහන්සේලා නායක ස්වාමින්වහන්සේලා දහස් ගණනක් වැඩ වසන පළාතක ඔබ වහන්සේට විතරයි මේ මහජනතාව විදින දුක වැටහිලා තියෙන්නේ. අනේ ඒ අය තවම අඩ නින්දේ. ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ! සියලු දෙනා ආගම් පක්ස බේදයකින් තොරව මේ ප්‍රශ්නය විසදීමට එකමුතු විය යුතුයි. (ස)
දේශපාලකයින්ටත් මේ රසායනික වතුර පෙවිය යුතුයි. (නි)
හාමුදුරුවනේ ඔය ලින් වතුර හොඳයි ළඟ තියන් ඉන්න මෙගා සිසිල් බිම බෝතලයට වැඩිය.(ස)
ඒ කියන්නේ දවල් 2.00 තියනවා කියපු රැස්වීමට මොකද වුනේ ?ඒ එනවා කියපු අය ආවද ?ආවා නම් සාධාරනයක් ඉටු වුනේ නැද්ද?එහෙම ඉටු වුනේ නැත්තම් නායක හාමුදුරුවොත් එක්ක එකට උපවාසේ කරනවා කිවුවා නේද? (නි)
හැමදේටම හාමුදුරුවරු? භික්ෂුවගේ භූමිකාව හදුනාගෙන භික්ෂුව අවවාද අනුශාසන දීම විතරක් ඇති. (නි)
ඔය දේශපාලකයින්ට මින් වතුර ටිකක් බොන්න දෙන්න බලන්න, කවදාකවත් දේශපාලුවෝ ඔය වතුර බොන්නේ නැහැ. (නි)
ප්‍රමිතියක් නැති කර්මාන්ත ශාලා,කොමිස් ගසන දේශපාලුවෝ,නිලදරිවාදය හිසට ගත් නිලදාරීන් ,නොසැළකිලිමත් වගකීමක් නැති ජනයා ... දැන්වත් වැරදි සාදාගෙන පරිසරයත් මිනිසුනුත් රැකගනිමු. (නි)
මට නම් හිතෙන්නෙ අපි දන්නේ නැති වුනාට කවුරුහරි කියලා ඇති " ගිහියන් විසින් විසඳා ගතයුතු ප්‍රශ්න වලට පුළුවන් තරම් මාරාන්තික උපවාස කරන්න, එතකොට තමයි සියලු ප්‍රශ්න විසදන්න පුළුවන්" කියලා. (නි)
අර සින්දුවක් කියාගෙන ආපු ඇමතිවරයාගේ පුතාට අද දවල් කොල්ලෝ ගැහුවේ නැත්නම් එතුමා දෙකෙන් එකක් කරනවා. (නි)
සරණංකර, සඟරාජ වැනි දේශ හිතෛෂි, ජාතිමාමක හිමිවරු තව තවත් මේ ලක් දෙරණේ බිහි වේවා..!! (නි)
දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් එකතු වුණහම ඕනෑම නරක වැඩක් කරනවා. මෙම ප්‍රශ්නයේදීත් වෙනසක් නැතුව ඒක පෙන්නුම් කළා. රටට ජනතාවට දේශයට අවංකව ආදරය කරන දේශපාලකයන් අපේ රටේ හිටියා නම් අපගේ රට මේ වන විට සුරපුරයක් වෙන්න තිබුනා. ජනතාවට වස විස දීලා හරි මේ අය බලන්නේ තමන්ගේ බඩ වඩා ගන්න. මේ ටික අපේ මිනිස්සු කවදා වටහා ගනීද... (නි)
බොදු බල සේනාවත් එකතුකරගන්න බලන්න අපේ හාමුදුරුවනේ (නි)
වැලිවේරිය කියන්නේ කතෝලික බැතිමතුන් වැඩිපුර ඉන්න පළාතක් ,පියතුමන්ලත් උපවාසයට එකතු වුනා නම් නේද හොද ? හැම එකටම හාමුදුරුවෝ හාමුදුරුවෝ... (නි)