පොලිස් අණ නොතකා පලා යන්නට තැත් කළ ත්‍රී රෝද රියකට පොලසිය අද අලුයම වාද්දුව පොතුපිටියේදී වෙඩි තැබීය.
රියේ සිටි දෙදෙනෙකු වෙඩි වැදි රෝහල් ගත කල අතර තිදෙනෙකු පැන ගිය බවත් ඉන් එක් අයෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
පොලිස් අණ නොතකා පලා යන්නට තැත් කළ ත්‍රී රෝද රියකට පොලසිය අද අලුයම වාද්දුව පොතුපිටියේදී වෙඩි තැබීය.
රියේ සිටි දෙදෙනෙකු වෙඩි වැදි රෝහල් ගත කල අතර තිදෙනෙකු පැන ගිය බවත් ඉන් එක් අයෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනගිය තිදෙනා ගැනත් ළඟදිම දැනගන්න ලැබෙයි. අපේ පොලිසියනේ! (නි)
මට නම් වැඩ තියෙනවා. අදහස් දක්වන්න වෙලාවක් නැහැ. (නි)
චමල්කගේ කතාවට මමත් එකඟයි (නි)
මම නම් හිතන්නේ දැන් ලංකා පොලිසිය හොඳටම බය වෙලා. නවත්වන්න කියන විට අණ නොතකා ගිය නිසා , එක පාරටම හිතුවේ පාතාලයෙන් කියල ..? අපිට වෙඩි තියන්න පෙර අපි උන්ට තියමු කියල තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ ..? කෙසේ වෙතත් ..ඇතුලේ ඉන්නේ කවුද ,මොනවා කරලද මේ රෑ පාන්දර යන්නේ කියල නොසොයා වෙඩි තියන්න නිළ ඇඳුම අැඟේ තිබුණු පලියට විනය ගරුක ආරක්ෂක අංශයකට ඇති අයිතියක් නැහැ ..? (ස)
දැන් ඔය වාහනේ තිබී හමු වූ දේවල් වලින් මේ අය අපරාධයකට සැළසුම් සකස්කරගෙන පැමිණි අය කියලා ඔප්පු වෙනවාද? (නි)
ත්‍රීරෝද රථ රියදුරෝ තරම් මට පෙන්නන්න බැරි තවත් කොටසක් ලෝකයේ තවත් නැහැ. ඔවුන්ට මාර්ග නීතියකුත් සදාචාරයකුත් නැහැ. (නි)
දිගින් දිගටම සිදුවන මේ අපරාධ රැල්ලට මොකක් හෝ විසඳුමක් දිය යුතුයි. ලංකාවේ දැනට ක්‍රියාත්මක ලොකුම දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමයි. මිනිසුන් 1000ක් මැරූ අපරාධකාරයෙකුටවත් වෙඩි තැබීම කියා දඩුවමක් මම නම් අසා නැහැ.වාහනය නොනවත්වා ධාවනයට මොකක්ද පොලිසියෙන් මේ දෙන දඩුවම? (නි)
පහුගිය දවස්වල උන දේවල් වල හැටියට බය හිතෙන්න ඇති.(නදී)
පොලිසියේ අණ නොතකා පළායාමට තැත් කළේ මිනීමරුවොද, කුඩුකාරයෝද කියන පුර්ව නිගමන වලට අපට එන්න බැහැ. සමහර අවස්ථාවල යතුරුපැදිකරුවන් ලයිසන්, හෙල්මට් නැතුව ගිහින් පොලිසිසෙන් බේරී පළායාමට උත්සාහ කරන අවස්ථා අප ඕනෑතරම් දැක තිබෙනවා. එහෙම කෙනෙකුට වෙඩි තැබුවොත් ඇතිවන තත්ත්වය? බොහෝ දෙනා තුළ නීතිගරුකකම යුක්තිගරුකකම නොමැතිකම තමයි ගැටලුව. මෙය ජනතාවට මෙන්ම පොලිසියටත් පොදුයි. රටක කිසිවෙකුට සිමාව ඉක්මවා යන්න බැහැ. අනික ලෝකයේ මෙවැනි දේවල් සිදුවෙන්නේ නැද්ද කියන පුහු තර්ක ගෙනඑන්න අවශ්‍ය නැහැ. මොනවා හෝ ලියන්න කියන්න කලින් මනස පිරිසිදු කර ගන්න.ලොව ඕනෑම රටක නීතියෙන් බේරී පළායාමට උත්සාහ කරන මිනිසුන් සිටිනවා. ලොව ඕනෑම අයෙකු වරදක් කළොත් ගැළවී යාමට තමයි උත්සාහ දරන්නේ. එය තමයි මනුෂ්‍ය ස්වභාවය. පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාවට මිස වැරදිකරුවන්ට වෙඩි තැබීම අපි අනුමත කරනවා නම් ඉතින්, අද ලොවෙන් තුනෙන් දෙකක් ඉන්නේ පරලොව තමයි. අවශ්‍ය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නන්, බුද්ධිමත් ලෙස සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරවීමයි. (නි)
ඔය ත්‍රීරෝද රථය අයිති කෙනා අල්ලලා පොලිසියෙන් සොයා බැලුවොත්, ඔක්කොම දේවල් සොයාගන්න පුළුවන් (නි)
මේකේ රෝද වලට හෝ එන්ජිමට වෙඩි තබන්න බැරිද? (නි)
පොලිසිය බයයි හොරුන්ට. හොරු බයයි ෙපාලිසියට. (ස)
අණ නොතකා පළායන්නට තැත් කළා නම්, ඉන්පසු පැන ගියා නම් ඉතින් නීතිවිරෝධී වැඩකට තමා යන්න ඇත්තේ. නැත්නම් නවත්වා පරීක්ෂාවට ඉඩ දෙනවානේ (නි)
එයා මට ගහනවා, මට එයා ගහනවා... ඒ වගේ වැඩක්නේ මේක (නි)
ත්‍රීරෝද රථයේ ගිය අයට කතා කරන්නවත් වෙලා නැතුව ඇති මගෙ හිතේ. පොලිසිය තියන්න ඇති වෙඩි. (නි)
අපි මේවට කියන්නේ අඟහරු ලෝකයේ ඉඳලා අදහස් දානවා වගේ කියලයි. ඔය සමහර අය කියන ශිෂ්ට රටවල් තියෙන්නේ එහෙ නේද? (නි)
ඔය වගේ නතර කරන්නෙ නැතුව ගිහිල්ලා තමයි අර අහවල් මහත්තයාගෙත් තට්ටෙට වෙඩි වැදුණේ. මතකද? (නි)
ත්‍රිරෝද රථ විතරක් නෙමෙයි , ලංකාව වටේම යන ඔක්කොම සැප රියවල් පරික්ෂා කරන්න ඕනෑ. ඔය කුඩා පරිමාණ අපරාධකාරයෝ තමා ත්‍රීවීල් වල යන්නේ. මහත්හොරු යන්නේ ලිමොසින්, ප්‍රාඩෝ ආදී "වැදගත්" වාහන වල. හැබැයි ඒවාට කිසිම පරීක්ෂාවක් නැහැ. (නි)
මෙහෙම වෙඩි තියන්න නීතියෙන් අවසරද? (නි)
මම හැමදාම කියන්නේ එකම දෙයයි.පොලිසියේ තියෙන්නේ එක එක්කෙනාට වෙන වෙනම සළකන නීතියක්ද? සමහර අය ප්‍රසිද්ධියේ නීතිය කඩද්දි නිකම් බලාගෙන ඉන්නවා, සමහර වෙලාවට කිසිම දෙයක් නැතුව එක පාරටම වෙඩි තියනවා. මෙතන කළ දෙය වැරදියි. (නි)
ගිහාන්,මේ ළඟදි ඉඳලා අවසර දුන්නා (නි)
මට නම් පෙනෙන්නේ, දැන් පොලිසිය හොඳටම කුපිතවෙලා ඉන්නේ. (නි)
වැරදිකරුවෝ නොවෙන්න වෙන කිසිවෙක් නොනවත්වා යන්නේ නැහැ නේද? එම නිසා වෙඩි තැබුවාට මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ. (නි)
"ලංකාව වටේම යන ඔක්කොම සැප රියවල් පරික්ෂා කරන්න ඕනෑ". සැප රියවල් පරික්ෂා කරලා මොනවා කරන්නද? කාර් එක අහවලාගේ කීවම රියදුරාටත් සැලියුට් ගහල යන්න කියනවා. (ස)
මේක මේ ත්‍රීවීල් එකක් නිසානේ පොලිසියෙන් වෙඩි තියල තියෙන්නේ. සැප වාහනයක් නම් අණක් දෙනවා තියා පැත්ත බලන්නේ නැහැ.(නදී)
පොලිසිය පැහැරගෙන ගිහින් නිරුවත් කර වද දීල මැරුවා. ගිහාන් කියන්නේ මොනවද? (නදී)
ත්‍රීවිල් එකක් නවත්තන්න බැරි වාහනයක් පොලීසියේ නැද්ද? ඊට වඩා වෙඩි තියන එක පහසුයිනේ. (ස)
මම නම් පොලිසියට හරි බයයි (නි)
වෙරංග මම ඔබේ අදහසට ගොඩක් ගරු කරනවා.ඔබ කී දේ සහතික ඇත්ත (අ)
වෙරංගගේ අදහස 100% සත්‍යයි. (ස)
අන නොතකා යද්දී වෙඩි තිබ්බ එක හරිද වැරදිද මම දන්නේ නැහැ. ඒත් එක දෙයක් දැනගන්න ඕනේ. ඕක ත්‍රී වීලර් එකක් නැතුව ප්‍රාඩෝ එකක් උනානම් ඔය විදිහටම වෙඩි තියයිද? (නදී)
අණ නොතකා පළායන්න තැත් කළේ මොකද දන්නෙ නැහැ (නි)
මොකක්ද මේ කියන කතාව? (නි)
විද්දෙ පඳුරට වැදුනෙ හාවට (නි)
මදෑ ඔයින් ගියා... (නි)
ඊයෙ වෙසක් උත්සවය නිසා සමහර ත්‍රීරෝද රථවල 5-6 දෙනා ගියා මමත් දැක්කා. (ස)
අහල පහළ අයට වැදිලා නැත්තම් ලොකු දෙයක්. මොකද පොලිසියනේ වෙඩි තියලා තියෙන්නේ (නි)
පොලිසිය හිතල තියන්නේ මිනීමරුවෝ කියලද කොහෙද. ගිහින් අල්ලගන්නේ නැතිව ඔහොමත් වෙඩි තියනවද. කව්රු උනත් මිනිස්සුනේ. (නදී)
පොලිසියේ අන නොතකා ගියා නම් හොරු හරි කුඩුකාරයෝ විය හැකියි. එම නිසා පොලිසිය වෙඩි තියපු එක සාදාරණයි.(නදී)
මා දන්නා පමණින් කිසිම ශිෂ්ට රටක අනිත් පාර්ශවයෙන් වෙඩි තැබුවේ නැත්නම් හෝ ප්‍රාණ ඇපකරුවන් කිසිවෙක් නැත්නම් පොලිසියෙන් හිතු මතේ වෙඩි තබන්නේ නැත. මේසේ වෙඩි තැබීමට පොලිසියට අන දුන්නේ කව්ද? කුලියට මිනී මැරීමට කැමති අයට මෙය හොඳ අවස්ථාවකි. ඔබ කල යුත්තේ පොලිසියේ කෙනෙක්ට හෝ කිහිපදෙනෙක්ට කුලිය දී තමන්ට මැරීමට අවශ්‍ය කෙනාට ඔවුන් ලවා වෙඩිතබා පොලිස් අණ නොතකා දාවනය කල බවට වාර්තා කරවීම පමණයි. රටේ පුරවැසියන්ගේ ජීවිත වර්තමානයේ කොතරම් අනාරක්ෂිතදැයි සිතාගැනීමට මෙම සිදුවීමම ප්‍රමාණවත්ය.(නදී)
එයාලට වෙඩි තියන්න ඉස්සෙල්ලා එයාලා වෙඩි තියලා. දැන් ඉතින් පොලිසිය එක්ක සෙල්ලම් දාන්න යන්න එපා. (ස)
පොලිසිය හිතන් ඉන්නෙ එයාල ඇර අනිත් ඔක්කොම අපරාධකාරයෝ කියලා. (ස)
තිදෙනෙක් පොලිසියට යටත් වෙන්නේ නැතුව පැන ගිහින් තියෙන්නේ ඒ අයගෙත් වරදක් තිබුන නිසාද, නැතිනම් පොලිසියෙන් වෙඩි තියල මරාවි කියල බයටද. මේ සිද්දිය සම්බන්දයෙන් වැඩි විස්තර දාන්න කියා ලංකාදීපයෙන් ඉල්ලමි.(නදී)
සී අල්විස්ගේ කියමන මම ස්ථිර කරමි.(නදී)
අම්මේ හෙට දිහාට ඕක අස්සෙ තිබිලා ගංජා කිලෝ 5ක් විතරයි, කුඩු ග්‍රෑම් 100ක් විතරයි හොයා ගනියි. (නදී)
මට නම් මේ කියන දේ ටිකක් පැහැදිලි මදි (නි)
මේ අය පැනලා ගියා නම් කියයි පොලීසියට ආයුධ දීලා වැඩක් නැහැ කියලා.(නදී)
කන්ටේනර් පිටින් කුඩු ගේන රටේ, මහා දවාලේ මිනි මරල පිටරට ගිහින් එන රටේ, ලයිෂන් නැති පිස්තෝල අරන් පාරේ දුවන රටේ,තව මොනවා වෙනකම්ද අපි බලාගෙන ඉන්න ඕනා. අපේ ළමයි ,ගැනු ගෙදරට් ඇවිත් අරගෙන ගියත් ඔච්චරයි නේද ? (නදී)
මංජුල බණ්ඩාර, ඇත්තමයි. ඒ ගැන නම් හිතනකොට හරිම කණගාටුවක් ඇතිවෙනවා නීතිය සමබරද කියලා (නි)
මංජුල, ඔය හරි. ප්‍රාඩෝ වුණා නම් දැක්කේ නැහැ වගේ ඉන්නවා. ලංකාවේ තමයි මෙහෙම වෙඩි තියන්නේ. අණ නොතකා පළා ගියා නම් පොලිසිය ලුහුබැඳලා අල්ලාගන්න ඕනෑ. (නි)
වැරැද්ද ඉදිරියේදී බලාපොරොත්තු වන්න... (නි)
අපිට නම් මුකුත් මතක නැහැ. රටේ නීතියක් නැති බව නම් ඇත්ත. (නි)
අණ නොතකා පළා ගියානම්, හත්දෙයියනේ ඕක පස්සෙන් ලුහුබැඳලා අල්ලගන්න තිබුණනේ වෙඩි තියන්නේ නැතුව.100සීසී යතුරුපැදියකින් ගියත් ත්‍රීරෝද රිය අල්ලාගන්න පුලුවන්.දැන් බලාගෙන ගියාම රෑට පාරේ යන්නත් බයයි.හැංගිලා ඉඳලා නවත්වන්න කියලා,අපි ඒක දකින්නේ නැතුව නොනවත්වාම ගියොත්, බුදු අම්මෝ වෙඩිකාලා මැරෙන්න වෙන්නේ. (නි)
චමල්කා සොහොයුරියගේ සහ මංජුලගේ, වේරංගගේ අදහස් වලට මමත් එකඟ වෙනවා. (නි)
වෙඩි නොතියාම බැරිවෙන්න ඇති. ඒකයි තියන්න ඇත්තේ (නි)
අයියෝ! අපේ පොලිසිය .(නදි)
ඔය කියන ශිෂ්ඨ රටවල අණ නොතකා වාහන ධාවනය වෙනවද? මංකොල්ල කෑම් සිදුවෙනවද ,පොලිසියේ අයව මරනවද , බොරු චෝදනාවලට පොලිසියෙන් ගහනවද ,නිකන් දුන්නත් කුඩු උරණ අය නැතිද , ළමා අපචාර ස්ත්‍රී දුෂණ නැතිද , ඕක මේ ලෝකයේ තියෙන රටක්ද? (ස)
හරියටම දෙයක් නොදැන මොකුත් කියන්න බෑ. ඒත් මේ අයට වෙඩි නොතියා අල්ලා ගැනීම බැරි උනේ මොකද? පොලිස් නිලදාරින්ට. ත්‍රීරෝද රථයක්නේ උවමනාවක් කලානම් පහසුවෙන් අත්අඩංගුවට ගන්න තිබුනා සියලු දෙනාම. අන්තිමේට සරා ගොයියා කතාව වගේ වෙයිද? (නදී)
"මා දන්නා පමණින් කිසිම ශිෂ්ට රටක අනිත් පාර්ශවයෙන් වෙඩි තැබුවේ නැත්නම් හෝ ප්‍රාණ ඇපකරුවන් කිසිවෙක් නැත්නම් පොලිසියෙන් හිතුමතේ වෙඩි තබන්නේ නැත. " හැබැයි ඔය ත්‍රීරෝද රථයේ හිටියේ මිනීමරා පැනයන කට්ටියක් නම් ඔය කටවල් වලින්ම හොඳට කියාවි වෙඩිතිබ්බ එක හොඳයි කියලා (නි)
ත්‍රීවීලර් කාරයෝ තරම් පාදඩයෝ ලෝකේ කොහෙවත් නැහැ එ් නිසා වෙඩි තිබ්බ එක තමයි හොඳ. (නදී)