IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තරු සිසුහු 12ක් මූලික අයිතිය ඉල්ලති

අපොස සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ගත් සිසුන්ට උසස් පෙළ හැදැරීමට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීමේ අවස්ථාව අහිමි කර ඇතැයිද, එමගින් තම අයිතිවාසිකම් කඩවී ඇතැයි ද කියමින් උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුහු 12 දෙනෙක්   ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (02)   පැමිණිලි කළහ.

ලංකා ගුරු සංගමය ද එහි ගොස් සිසුන්ගේ පැමිණිලි බාරදීමට එක් විය.

ඇතැම් සිසුන් ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසලකට ඇතුළු වන බව ද, එම අවස්ථාව අහිමි වූ සිසුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් ජනප්‍රිය පාසලකට යෑමට අපේක්ෂාවෙන් සිටින බව ද, 2008/17 චක්‍රලේඛයෙන් ලබා දී ඇති අයිතිවාසිකම ජාතික පාසල් වල සිසුනට අහිමි කර ඇතැයි ද ඔවුන්ගේ පැමිණිලි කරමින් පැවසූහ.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ9 ක් හා ඒ 8ක් ගත් සිසුහු 12 දෙනෙක්  එලෙස මානව කොමිසමට ගොස් සිටියහ.

තමන් නියමිත දිනට නියමිත ආකාරයට ඉල්ලුම්පත් සම්පූර්ණ කර දැනට අධ්‍යාපනය ලබන විදුහල්වල විදුහල්පතිවරුන්ගේ අනුමැතිය ඇතිව    ජනප්‍රිය පාසල්වලට අයදුම් පත් යොමු කළ බවද, එම පාසල්වල සම්මූඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති නමුත් තමනට එම සමූඛ පරීක්ෂණ සඳහා කැඳවීමක් හෝ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමක් ගැන නොදැන්වූ බවද, උසස් ප්‍රතිඵලයක් ගෙන ජනප්‍රිය පාසලකට යෑමේ අපේක්ෂාවෙන් තමන් බලා සිටියත් ප්‍රතිචාරයක් නොලද තැන ඒ ගැන විමසූ බව ද, ජාතික පාසලකින් ජාතික පාසලකට මාරු විය නොහැකි බවට එම පාසල්වලින් ප්‍රතිචාර ලැබුණු බව ද සිසුහු සහ දෙමාපියෝ පැවසූහ.

එම සිසුන් සමග කොමිසමට ආ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ පැවසීය.

‘පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් වලට යෑමට බොහෝ දෙනෙක් උත්සාහ කරනාවා. එලෙස අවස්ථාව නොලැබුණු තැන ඔවුන්ගේ ඊළග ඉලක්කය තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ජනප්‍රිය පාසලකට යෑම. ඒ නමයක්, ඒ අටක් වගේ විශිෂ්ඨ ප්‍රතිඵල අරගෙන තමන්ගේ දක්ෂතා මත එවැනි පාසලකට යෑමට ඇති අවස්ථාව අහිමි කරනවා කියන්නේ බරපතල වරදක්. අධ්‍යාපන අමාත්‍යංශය ගිය වසරේ මේ නීතිය ගෙනාවත් මතුවූ බලවත් විරෝධය මත එය නිසි ආකාරව ක්‍රියාත්මක කරන්න බැරිවුණා. දැන් මේ වසරේ එය ක්‍රියාත්මක කරන්න හදනවා.

ජාතික පාසල් හැම එකකම එකම වගේ පහසුකම් නෑ. ඒ නිසා එවැනි පාසලකට යෑමේ අවස්ථාව අහිමි කිරීමට විරුද්ධව තමයි අපි අද පැමිණිලි කළේ. තවත් බොහෝ දෙනෙක් පැමිණිලි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.‘

දෙමාපියන් කිහිප දෙනෙක්ම පැවසුවේ ජනප්‍රිය පාසල්වලට යෑමේ අවස්ථාව අහිමි කිරීම නිසා දම දරුවන් මානසිකව ඇද වැටී ඇති බවයි. තමන් ඉගෙනුම ලබන ජාතික පාසල් සහ අයදුම් කළ ජාතික පාසල් පහසුකම් සහ ක්‍රීඩා ආදී වෙනත් දේ මගින් විශාල වෙනසක් පවතින බව ද, එබැවින් තම දරුවනට ජනප්‍රිය පාසල්වලට යෑමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද දෙමාපියෝ පැවසූහ.

ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික නිෂාන්ත දේශප්‍රිය මහතා ද එම අවස්ථාවට සහභාගී විය.



අදහස් (0)

තරු සිසුහු 12ක් මූලික අයිතිය ඉල්ලති

ෂෙහාන් Friday, 03 May 2013 08:29 PM

මෙහෙම යන්න දෙන්නේ නැති එක හරි අසාධාරණයි. සම්මුඛ පරීක්ෂණයකට ගියාම ජනප්‍රිය පාසලට ගිය කෙනාට අවස්ථා වැඩියි. තමන්ගේ දක්ෂතා මත උසස් ප්‍රතිඵලයක් ගෙන එවැන ජනප්‍රිය පාසලකට යෑමට ඇති අවස්ථාව අහිමි කරනවා කියන්නේ බරපතල වරදක්.(නදී)

:       0       0

නෙතුමි Thursday, 02 May 2013 06:07 PM

ඔච්චර හොඳ ප්‍රතිපල අරගන්න සහය වුණ පාසල දාලා යන්න, ඇයි මෙච්චර වෙහෙසෙන්නේ? නමුත් සාධාරන හේතු මත නම් ඒ අයිතිවාසිකම ලබා දිය යුතුයි . (නි)

:       0       0

සරත් Friday, 03 May 2013 10:18 AM

මම ගිය ඉස්කොලේ අදටත් එක වැසිකිලියයි තියෙන්නේ. ගොඩනැගිලි දෙකයි ළමයි 800යි ගුරුවරු 10ට ඇවිත් 1.20ට යනවා ඒ වෙලාවට බස් එකක් තියෙන නිසා. දැන් හැබැයි ප්‍රවාහන අපහසුතා නැහැ. ඒත් අධික්ෂණය කරන්න කෙනෙක් නැහැ. දෙමාපියන්ටත් කරන්න දෙයක් නැහැ ඒ අය දුප්පත් ගැමියො. යන්තම් පුලුවන් අය පිට පලතාවල නගරෙ ඉස්කෝල වලට යනවා. මොකද කරන්නේ අපේ දරුවන්ගේ කරුමෙ? (නි)

:       0       0

සරත් Friday, 03 May 2013 10:19 AM

මේ ළමයි හැමදෙනාම යමක් කරන්න පුලුවන් අය. මිලමුදල් තියෙන අය. හොද පාසල් වල ඉන්න අය (නි)

:       0       0

පෙ‍රේරා Thursday, 02 May 2013 07:52 PM

කොහෙද ඔය මානව හිමිකම් කොමිසම තියෙන්නේ? අපිටත් තියෙනවා නඩුවක් දාන්න. (නි)

:       0       0

ජයා Thursday, 02 May 2013 07:59 PM

මෙහෙම යන්න දෙන්නේ නැති එක හරි අසාධාරණයි. කවුරු මොනවා කිව්වත් අන්තිමට සම්මුඛ පරීක්ෂණයකට ගියාම ජනප්‍රිය පාසලට ගිය කෙනාට අවස්ථා වැඩියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 8 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 29 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 73 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 87 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2377 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site