IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තරුණ පෙළට තවත් මරාලයක්

ප්‍රබල වේදනා නාශක ඇතුළුව මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ යොදා සකස් කැර ගන්නා දියරමය ද්‍රව්‍ය පාසල් දරුවන්ට  සහ තරුණයන්ට අලෙවි කර මඩි තර කැර ගන්නා ජාවාරම් කල්ලියක් සහ ඔවුන්ගේ නියෝජිතයින් රට පුරා සැරි සරන බව ජාතික විලවුන් උපකරණ හා  ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා අනතුරු අඟවයි.

මොවුන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළක්  ක්‍රියාත්මක කැර ඇති අතර  ඒ යටතේ  මේ වන විට  සියයකට අධික පිරිසක්  අත්අඩංගුවට ගෙන නඩු පවරා  තිබෙන බවත්  වෛද්‍ය බෙනරගම පවසයි.

මෙම ජාවාරම මෙහෙයවුවන් අතර  සුදුසුකකම් රහිත වෛද්‍යවරුන් ,ආයුර්වේද  වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ වු ඇතැමුන්  ඇතැම් ෆාමසිකරුවන් ,ත්‍රිරෝද රථ රියදුරන් යනාදීන් සිටින බවටත්  හෙළිදරව් කැරගෙන ඇත.

එම නිසා පාසල් දරුවන්  ඇතුළු තරුණයන්ගේ හැසිරීම්  සම්බන්ධව විමසිලිමත්ව  ක්‍රියා කරමින් මෙම ජාවාරම්කරුවන්  හා ඔවුන්ගේ නියෝජිතයින් අත්අඩංගුවට  ගැනීමට සහාය  වන ලෙස ද වෛද්‍ය බෙනරගම ඉල්ලීමක් කරයි.

බලගතු ඖෂධ වර්ග වලින් හදා ගන්නා මෙම දියර වරක් පානය කළහොත් ඒවා නැතිවම බැරි  තත්ත්වයනට පත් විය හැකි බවද දරුවන්ගේ සහ තරුණයින්ගේ  අනාගතය සහමුලින්ම කඩාකප්පල් කරවන තත්ත්වයක් මේ නිසා උද්ගත වෙයි.

මෙම දියර බීමෙන්  දියවැඩියාව ,අධි රුධිර පීඩනය ඇති වී අස්ථි දිරාපත් වී තවත් භයානක රෝගී තත්ත්ව  ඇතිවීමේ ප්‍රවනතාවයන් ද ඇති බව අධ්‍යක්ෂවරයා කියයි.

එම නිසා මෙවන්  ජාවාරම්කරුවන් හෝ නියෝජිතයින් හෝ ස්ථාන ගැන දන්නේ නම් 071-7456832 ,2676498, 2698896,2698897 යන දුරකථන අංක වෙතට හෝ 2689704 ෆැක්ස් අංකයටත්  එසේත් නොමැති නම්  cdda @ health.gov.lk විද්‍යුත් ලිපිනයට  ඊ මේල්  කරන ලෙස ද වෛද්‍ය බෙනරගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

තරුණ පෙළට තවත් මරාලයක්

රජින්ද Thursday, 22 May 2014 02:41 PM

ඕව නෙමේ ඔයිට වඩා දේවල් ආවත් කට්ටිය මර නින්දේ නිසා අවුලක් නැහැ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 May 2014 03:01 PM

සිංහල ජාතිය විනාශ කිරීමේ තවත් කුමන්ත්‍රණයක්. විකුණන අය වගේම මේවා හදන උනුත් අල්ලලා උල තියන්න ඕනේ.(නදී)

:       0       0

ජිනේෂ් Thursday, 22 May 2014 10:36 PM

ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් ඉන්න වැලි කතරේ රටක ලංකාවේ කට්ටියක් මේ වගේ කෙමිකල් වර්ගයක් මිශ්‍ර මත්පැන් වගයක් හදලා රහසේ විකුනනවා, ඒගොල්ල වැඩිපුර විකුණන්නේ ලංකාවේ අයටයි . ඒවා තදින් ම බීමට ඇබ්බැහි උන අයත් ඉන්නවා. තදින්ම අධි රුධිර පීඩනය මේ නිසා ඇතිවෙනවා.දන්නා කීප දෙනෙකුටම මම කීවා. එත් නැති ප්‍රසන ඇති වෙන ලකුණු මට පෙනුන නිසා නිහඬව ඉන්නවා. හැබැයි එය ඉතා භයානක දෙයක්. (ස)

:       0       0

ඉංදිකා Thursday, 22 May 2014 04:19 PM

මේවා කරන උන් ආයුධ පෙන්වන්න අරන් යන්න ඕන. (ස)

:       0       0

සමන් Thursday, 22 May 2014 04:21 PM

සිංහල නෙමේ මොන ජාතියේ වුනත් ලංකාවේ ළමුන්ට මත් ද්‍රව්‍ය පුරුදු කරවන අය උල තියන්න ඕනේ. මේවා යට යනවා සිකුරුයි. මන්ත්‍රීවරු මේවට සහයෝගය දෙනවා. එයාලට මේකේ පංගුවක් තියෙනවා. එත් දවසක තමාගේ ළමයෙක් ඕවාට ඇබ්බැහි උනාම තේරෙයි කියා මා හිතනවා. (ස)

:       0       0

ශීලා Friday, 23 May 2014 04:25 AM

දැන් මේ මත්ද්‍රව්‍යයට දාන නම මොකද්ද? (නි)

:       0       0

ජයාන් Thursday, 22 May 2014 05:57 PM

රජින්ද,මෝඩ කතා කියන්න එපා. ඉස්සර තමයි මර නින්දේ හිටියේ. දැන් නැගිටලා නිසා තමයි ගොඩක් දේවල් අහුවෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7395 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4303 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5614 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4086 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 977 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1746 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36381 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24175 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site