තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.
මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.
උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.
දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලේ ඒවා තිබුනේ නෑ කියලා, අද පරම්පරාවට ඒ දේවල් ලැබෙනකොට ඊරිසියා කරන්න එපා මිනිසුනේ. ඔය බනින අය තමාගේ හිතට කතා කරලා අහන්න ඔය තියෙන්නේ අපිට ඒවා නොතිබුණු නිසා තියෙන ඊර්ශාව නොවෙයි ද කියලා? තරුණ කාලේ සීමාවල් ඇතිව ප්‍රේම කිරීමට නිදහස තිබිය යුතුයි. ජීවිතේ තියෙන්නේ හනමිටියට යට වෙලා හැරමිටියට යන්න නෙවෙයි. හැරමිටියට යන්න කලින් සන්තෝස වෙන්න ඒ අයට ඉඩ දෙන එක ඉතාමත් මානුෂික ක්‍රියාවක්. (දී)
ඉක්මනට වැඩේ පටන්ගත්තොත් හොදයි..මමත් එනවා ඩුබායි වල ඉදන් (අ)
අනේ මේ උයන්වතු වල ඇපල් ගසුත් වවනවද.ඇමතිතුමා හදන්නේ අපේ තරුණ පරම්පරාවට තහනම් ගහෙ ගෙඩි කවන්නද (අ) .
ඉතාමත් හොඳ වැඩක්, අනාගතේ දෙමවුපියන්ට තම දරුවෝ හොයන්න මල්වතු පාර්ක් කියයකට යන්න වේවිද දන්නේ නැහැ (අ)
ඉතාම හොදයි ඇමති තුමාට කියන්න හැම එකකම ගබ්සා මධ්‍යස්ථානයක් හා උපත් පාලන කොපු හා පෙති ෆාමසිය බැගින් දාලා උන්ට හම්බෙන දරුවෝ බාරගන්න ළමා නිවාසයකුත් රජය මගින් අරඹන්න කියල (අ)
ආනේ .. උම්ම... උම්ම.. උම්ම.. (අ)
තාරුණ්‍ය ප්‍රශ්න සඟවාලීමට කරන උප්පරවැට්ටියක්.(අ)
ගණිකාවන්ගේ පාරාදීසයක් වෙයි. (අ)
රටේ රැකියා,ආර්ථික ප්‍රශ්ණ මගහැර සතුටුවෙමු (දී)
කළුවර කාමර කීපයකුත් හදන්නකෝ. (දී)
තවත් නියම ගොන් වැඩක් , කොච්චර අසරණ මිනිස්සු ලංකාවේ ඉන්නවද . ඒවා කාටවත් පේන්නේ නැහැ. මේ ගොන් දේශපලුවෝ ඔක්කොම නැති වෙනකම් රටට ගොඩ ඒමක් නැහැ.(නදී)
මේව බටහිර සංකල්ප. අපේ රට සිංහල බෞද්ධ රටක්. අපිට මේවා ඕනෑ නැහැ. මොකෝ අපේ අම්මලා තාත්තලා කසාද බැන්දේ මේවට ගිහින් පෙම් කරලද? උයනකට ගිහිල්ලා පෙම් නොකලට එයාලා ආදර්ශමත් පවුල් ජිවිත ගත කළා. (දී)
ඕකට තව ගබ්සා මධ්‍යස්ථානයකුත් පොඩිවට එකතු කලොත් හොද අදායමක් ගන්න පුලුවන් වෙයි (දී)
ඒකත් දකුණට. අද රටේ සංවර්දන කටයුතු කෙරෙන්නේ රටේ තියන්නේ දකුණ හා බස්නාහිර පළාත් 2 විතරයි කියලා හිතාගෙන. ඌව පළාතට සංවර්ධනය කියලා කෙරෙන්නේ බස් නැවතුමක්, පොලක්, වැසිකිලියක් හැදීම වගේ දේවල් විතරයි. දකුණේ, බස්නාහිර කෙරෙනවා වගේ දේවල් අපේ පළාත් වලට හීනයක් විතරයි. (දී)
මේක නම් ගොඩක් හොඳ දෙයක් වගේ (අ)
දයා අලහකෝන් , ඇපල් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලලා ඉන්න ඕනෑ කාලේ ඔයා මේ මොනවද කියවන්නේ ?ගොක්කොල, වැලි කරත්ත, කාඩ් ගහනවා එහෙම හීනෙන් පේනවද ? (දී)
අන්තීමට පාරේ ඉන්න බල්ලොයි මිනිසුන් අතර වෙනසක් නැති වෙනවා (අ)
ඇයි තරුණ පෙළට විතරක්. මැදිවියේ අයටත්, විශ්‍රාමික අයටත් විනෝදය ඕනෑ නේද? පහසුකම් ඇති නිදන කාමර සහිතව උයන් පිහිටෙව්වොත් පින් ගොඩක්.(නදී)
උද්‍යානය විතරක් හැදුවාම ඇති. ඉතිරි මුදල් තරුණ අභිවෘද්ධියට යොදවන්න.(නදී)
අනේ කාමර ටිකකුත් හදන්නකෝ.(නදී)
අනේ ඔය අය්නෙන් මට වීඩියෝ කැමරා කඩයක් දාගන්න ,ලොක්කට කියල ඉඩ ගන්න පුලුවන්ද මන්දා.(නදී)
පාලනය පළාත් සබාවෙන්ද? බුදු අම්මෝ ...මම නම් පළාතේ එන්නේ නැතෝ. අර තංගල්ල වගේ උනොත් කපෝතියි.(අ)
ඉඳල හිටලා අපි වගේ නාකි අයත් විවේක ගත්තොත් දඩ ගහනවද? (අ)
ජාතියේ කොඳු නාරටිය කියන තරුණ පරපුර හැගීම් වලට වහල් වෙලා ජීවිත අයාලේ යවා ගත්තම මොකද වෙන්නේ?(නි)
බාල,තරුණ ,මහලු කා හටත් තමන්ගේ ජිවන විඩාව නිවා ගැනීමට යා හැකි සුදුසු ස්ථානයක් වන උද්‍යානය ගැන ඇසුවාම ,බොහෝ අයගේ සිතට ඇවිත් තියෙන්නේ ලිංගිකත්වය පමණයි .ඉන් එහාට කිසිම දෙයක් නැහැ .මුලින්ම ඔබලාගේ මනස සංවර කර ගන්න .එවිට ඔබ දෙනෙතින් දකින ලෝකයත් ලස්සනට සංවරව පෙනේවි. (නි)
කාටවත් නොපෙනෙන ලෙස 'අදිසි මිනිසෙක්' ලෙස මෙම උද්‍යානයේ සැරිසරන්න ක්‍රමයක් දන්නා කෙනෙක් මට කියනවද? (නි)
කාලයක් තරුණ වැඩමුළු, ගම්මාන, කදවුරුත් තිබුනනේ. තරුණ ප්‍රශ්න සිනි බෝල දීලා විසදන්න බැහැ. (නි)
සංස්කෘතිය විනාශ වෙලා ගියාවේ (අ)
හොද සංකල්පයක් මේක මේකට ඇතුළුවෙන්න වයස් සීමාවක් එහෙම දාන්න ඕන . , ඒ වගේම පාසල් යන වයසේ පසුවන අයට තහනම් කරන්න . රගහල තුල නිතරම නාට්‍ය පෙන්නන . නිදහස අර්ථවත් ලෙස ගතකරන්න පුළුවන් වට පෙටක් සකස් කරන්න . (අ)
ඇත්තටම හොද දෙයක්. නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වේවි. පේරාදෙණිය මල් වත්තේදී නිකම් ඉන්න දෙන්නෙත් නෑ. මට ගිය සතියේ එහෙම දෙයක් උනා.(නදී)
තරුණ පරම්පරාවට යන්න ඕනෑ තරම් තැන් මාතර නගරයේනම් ඇත. වැඩේ තියෙන්නේ පොලීසියට නිකන් ඉදල කම්මැලි හිතුනම උන්ව අල්ලගෙන යන්න එන එකයි. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න නීතියක් නැති නිසා ලැජ්ජාවට පත්කර පොඩි මානසික ආතල් එකක් අරගෙන මුදා හරී. උද්‍යාන හදන්න කලින් ඔවුන්ගේ නිදහස දුන්නනම් හොදයි නේද?(නදී)
දකුණට කිරි ඌවට කැකිරි දකුණේ වර්ගවාදීන් මොකද කියන්නේ මේවට.(නදී)
අපේ රටේ දේශපාලනය කරන්නේ හරි හැටි අධ්‍යාපනයක් ලබපු නැති බොහොම පටු අදහස් තියෙන අය. ඒ නිසා මේ රට කවදාවත් දියුණු වෙන්නෙවත් මිනිසුන්ට මානසික නිදහස ලබෙන්නේවත් නැහැ. ඔයිට වඩා හොද නැද්ද අමාරුවෙන් ඉගෙන ගන්න ළමයින්ට අත දුන්නනම්.(නදී)
බටහිර සංස්කෘතිය සහ අප අතර විශාල වෙනසක් තිබුනා අපි ආදරය සහ ලිංගිකත්වයට වටිනාකමක් දීලා තිබුණු නිසා. ඇමෙරිකාවේ රැකියා කරන කාන්තාවන්ගෙන් 75%ක අත් බෑග් වල උපත් පාලන උපකරණ තියෙන බව සොයා ගත්තා සමීක්ෂණයකින්. එංගලන්තේ ගැහැණු පාසල් වලට උපත් පාලන කොපු බෙදල දෙන්න යෝජනා වුනා. බාල වයස් ගැබ් ගැනීම් වලක්වන්න. බටහිරට පිළිලයක් වූ එයාලගේ සංස්කෘතිය අපි ආදරෙන් බදා ගන්න හදනකොට අපේ රට යන පැත්ත ගැන අපට දුකයි.(නදී)
හේමන්ත , බණ්ඩා තවම නිදි, ඇහෙරුනදාට පෙනෙයි රටේ තත්වේ. කී දෙනෙක් එදා වේල කන්න නැතුව දුක් විදිනවද? මේ සල්ලිවලින් අසරණයන්ට සුභ සාදනයක් කරන්න බැරි ඇයි? අසරණ ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙනවද බෙහෙත් නැතුව. කෝච්චි පාරවල් වලට උන බම්බුවක් දාන්න සල්ලි නැහැ. මේවට තියෙනවා. උද්‍යාන හැදුව කියලා නැහැදිච්ච අය අඩුවෙන්නේ නැහැ. මෝඩ මිනිස්සු බත්ද කන්නේ?. අර අසරණ පවුලක් හිටියේ කකුලක් දාන්න සල්ලි නැතුව. .ඒවාට කතා කරන්නේ නැත්තේ ඇයි?(නදී)
අපේ කෙල්ලෝ කොල්ලෝ උද්‍යාන නැතත් දාන සේල්ලම් දැක්කම උද්‍යාන හැදුවම කොහොම සෙල්ලම් දායිද? (නි)
අනේ මහජන සල්ලි. ඇයි හදන්න බැරි අර ඒදඬු වලින් ඇලවල් හරහා පාසල් යන ළමයින්ට පාලම් ටිකක්.ටියුෂන් යනවා කියලා ළමයි මල්වතු වල රවුම් ගහන්න පටන් ගනීවි (නි)
අනේ අපට එපා දකුණු පළාතට විතරක් දාගන්න.(නදී)
ඇතුළු වීම නොමිලේ ,පිටවීම රුපියල් 1000යි වෙයිද? (නි)
එච්චරය් අඩුව.මේවට කියන්න වචන නැහැ (දී)
හොද වැඩක්.(නදී)
තරුණ අපෙන් ෆිට් එකක්. නියමයි (දී)
අපරාදේ මහජන මුදල් වැඩක් ඇති දෙයකට යොදවන්න.(නදී)
උද්‍යාන ඇතිකිරීම නම් හොඳයි. ඒත් තරුණ පරම්පරාවට නිදහසේ කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින්ද මේක කරන්නේ? (නදී)
සිනමා ශාලාවක් ,රඟහලක් ,පුස්තකාලයක්,අනේ මන්දා, දැනට ඔය ටික කරන්න ,තව මොනවා හරි තිබුනොත් පස්සේ කියන්නම්.(නදී)
තරුණ මනස ආදරයෙන් වල්මත් වුණහම රැකියා,ජීවන ආදී ප්‍රශ්න තරුණ පරම්පරාවෙන් මගහැරෙනවා. සමහර ප්‍රතිචාර වලින් හොදට ඒක තහවුරු වෙනවා. (දී)
නියමය් තව කුට්ටියක් කෙනෙකුට යන වැඩක් (අ)
අනේ මෙහෙමත් කෝලන්! (දී)
ඇත්තටම හිතනවට වඩා ලොකු දෙයක් ඔතන තියනවා. අද කොහෙද ලංකාවේ නිදහසේ ජෝඩුවකට පෙම් කරන්න පුළුවන් එක තැනක් තියනවද? රූම් වලට ගියහම වෙන්න ඕනෑ දේවලුත් නොවෙන්න ඕනෑ දේවලුත් දෙකම වෙනවා. "පෙම් උයන්" වල ලිංගික එකතු වීම් කරන්න බැහැ. ඒක නිසා කවුරු විරුද්ධ වුනත් මේ වැඩේ නම් කරන එක හරිම හොදා. (දී)
ලක්ෂ 800ක් වියදම් කරන එකේ ඇඳවල් ටිකකුත් දාල දුන්නනම් තමයි වටින්නෙ.(නදී)
හොදයි. එහෙත් බලාගෙන තරුණ පරපුරේ හැසිරීම් රටාව (දී)
අනේ මිනුවන්ගොඩත් පෙම් උයනක් හදන්නකෝ. යන්න තැනක් ඇත්තේම නැහැ. (නි)
මුල්න්ම රැකියා උත්පාදනය කරන්න. තියෙන කර්මාන්ත ශාලාත් වැසිලා යනවා. (නි)
නගර නිර්මාණය කරද්දී කොන්ක්‍රීට් වනාන්තර විතරක් හදනවට වැඩිය හැම නගරයකම ගස්කොලන් වලින් පිරිච්ච භූමිභාගයක් තියෙන්න ඕනෑ. අපේ රටේ නැතිම දෙයක්නේ ඒක. නගරයේ වාතාශ්‍රය පිරිසිදු කිරීමත්, උෂ්ණත්වය අඩු කිරීමත්, විඩාවට ගතට සිතට සිසිලක් ලබාගැනීමටත් හැම නගරයකම උයනක් තියෙනවා නම් හොදයි. හැබැයි තරුණ පරපුරට පෙම් කෙලීමට කියන සංකල්පෙන් නම් ඔය වැඩේට ගොඩක් විවේචන ඒවි. (නි)
හරියට හරි , ඔහොම යන්. සුබපැතුම් ඩලස් ! (නි)
හොද වැඩක්. කොළඹත් කළා නම් හොදයි (නි)
දැන් කෙල්ලෝ කොල්ලෝ හොදට ජව්සන් නටාවී. කන්න නැතත් බොන්න නැතත් මොකද. දැන්මම සංවේදී වෙලා ඇති (නි)
දියුණුවෙන ලෝකයේ හොද වැඩක් (නි)
හොඳ වැඩක් ඇමතිතුමෝ. මේකේ කමෙන්ට්ස් දාන අය රහත් වෙලාද? බුදු වෙලාද?(නදී)
සංකල්පයට තානායමකුත් තිබ්බොත් තමයි හොද.(නදී)
ඉතා හොඳ අදහසක්. සෑම නගරයකම ආපන ශාලාවකුත් සමගින් මෙය ඇති කරන්ඩ. රුපියල් 350ක් විතර ටිකට් එකක් ගත්තට කමක් නැහැ. (නදී)
ඉතා වැදගත් පියවරක්. අද මෙවැනි ස්ථාන නොමැතිවීම නිසා සහ පොලීසියේ අය තරුන තරුනියන්ට උයනක කතා කිරිමට ඉඩ නොදී පලවා හැරීම වැනී ක්‍රියා නිසා යන්නේ හොටෙල් වලටයි. දැනට සිරගතවී සිටින එක් කාකි කෝට් මහතෙකු ඇතුගල්පුර සිටින කළ බස් හෝල්ට් වල පාරවල් වල උයන් වල් කතාකරමින් සිටි ජෝඩු පලවාහැර පොරක් විය. නමුත් සිදුවු දෙය නගරයේ සියලු නිවාස හෝටල් කාමරවී සෙනසුරදා ඉරිදා දිනවල කාමර දහස් ගනනක් අලෙවි වන නගරයක් බවට පත්වීමයි.(නදී)
බොහොම දෙනෙක් හොඳ දෙයක් කරන එකත් වැරදි විදියට දකින බවකුයි පෙනෙන්නේ. ඒක හරිම අවාසනාවන්ත දෙයක්. (නදී)
අපිට දැන් වයසයි ඒත් මේක හොඳ වැඩක්.(නදී)
ලෝකේ දියුණු රටවල් ස්ත්‍රී දුෂණ සහ කාන්තා හිංසනය, සහ වෙනත් අපරාද වැලක්වීමට මෙවැනි දේ කරයි. මිනිසුන්ගේ අඩි පීඩනය මෙවැනි දේ හරහා අඩුකළ හැක. වමට නොගහා කරන්න කීවට වැඩක් නැහැ ගහනවා. එනිසා කියන්නේ නැහැ. (නදී)
රටේ අපරාද තව වැඩි කරන වැඩක් තමයි ඔය.(නදී)
කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා. තව ටිකක් කල් ගියාමයි දැනෙන්නේ මහ එවුන් නුඹලාගේ හැම දෙයක්ම අතපත ගාගෙන ගිහින් කියලා. එතකොට නම් ප්‍රමාද වැඩිවෙයි.(නදී)
මේ වගේ උද්‍යාන වැඩිකරන්න. ගබ්සා කරන දොස්තරලා අල්ලන්න. උපත් පාලන උපකරණ තහනම් කරන්න. ජාතිය නැතිවීමේ අවදානම වැළකේ. ඔහොම යන්.(නදී)
එපමණයි අඩු දැන්. ඔය මහජන මුදල් රැකිය ලැබෙන වැඩකට යොදවන්න (නි)
මේකට විරුද්දව අදහස් දාලා තියෙන්නේ නිරෝගී පිරිමි නෙමෙයි. ඒ අයට සුදුසු තැනක් අපි ඇමතිතුමාට කියලා හදලා දෙන්නම් (දී)
මල්සරා, ඇදන් පහසුකම් අවශ අය ඔයාලගේ ගෙදරට එවන්නම් (දී)
තරුණ තරුණියන්ට ඕනේ තරම් රූම් තියෙන එකේ රට පුරාම. ඔය මුදල් වියදම් කරලා තව රැකියා ටිකක් උපද්දවමුද ? පෙම් කෙලින්න පස්සේ බැරිවයැ.(නදී)
හොඳ වැඩක්. තරුණ තරුණියන්ට කියල විතරක් ඇයි?බාල මහළු පවුලේ සැමට එක්ව විවේකය ගත කරන්න හදන්න. නගර අලංකරන වැඩපිළිවෙල යටතේ සෑම නගර මධ්‍යයකම ගස්කොලන් රෝපණය කරන්න. (දී)
නිදහස සීමාව ඉක්මවා යන එක වලක්වන්න පොලිසිය දානවද? (දී)
ඒ අයටත් පිස්සු.මේ අයටත් පිස්සු (අ)
මුලින් ඇතුල් වීම නොමිලේ ... පස්සේ රුපියල් 50ක් වෙයි. දැන් මේවා විතරයි අඩු (දී)
ඇයි තරුණ අයට විතරක් ? වයසක අයටත් හමුවෙන්න තැනක් හදලා දුන්නොත් නරකද? (දී)