58 හැවිරිදි ගුරුවරයකු දෙවැනි ශ්‍රේණියේ සිසුන් හය දෙනකු කලක් තිස්සේ අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව තිරාණාගම බෝධිරාජ මහා විද්‍යාලයයේ මව්පියෝ පිරිසක් අද උද්ඝෝෂණයක් කරමින් විදුහල්පති ඉවත් කරන්නැයි අධ්‍යාපන බලධරයනට කරුණු කීහ.
58 හැවිරිදි ගුරුවරයකු දෙවැනි ශ්‍රේණියේ සිසුන් හය දෙනකු කලක් තිස්සේ අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව තිරාණාගම බෝධිරාජ මහා විද්‍යාලයයේ මව්පියෝ පිරිසක් අද උද්ඝෝෂණයක් කරමින් විදුහල්පති ඉවත් කරන්නැයි අධ්‍යාපන බලධරයනට කරුණු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන ක්‍රියා කිරීමට සංවිදානයකට බාර දෙමු. (නි)
අනේ බෝධිරාජෙට ගිය කලක් ......මම නම් කියන්නේ විදුහල්පතිට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ (නි)
අතීතයේ සිට දක්ෂිණ දේශය ශ්‍රේෂ්ඨ හිමිවරු, පඬිවරු,බුද්ධිමතුන්, සහ නීති විශාරදයන් බිහි කළ තක්සලාවකි. එවන් තක්ෂිලාවට මොකද මේ වෙන්න යන්නේ? හරිම සෝචනීයයි . (නි)
කොල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් එයි වගේ. (නි)
කෝ ස්ටර්ලින් ලොක්ක..මෙයාව කව්රුහරි දන ගැස්සුවොත් මොකද කියන්නේ..පෙළපාලි යනවද..?(අ)
අර අනිත් රටවල වගේ විවාහ වෙන්න අවසර දෙමුද? (නි)
ගුරුවරිය දන ගස්සපු වෙලේ හැමෝම දේශපාලකයින්ට බැන්නෙ ඔක්කොම ගුරුවරු බෝධිසත්වවරු වගේ. දේශපාලකයෝ අතරත් එහෙම තමයි.දොස්තරවරු පුජකවරු හැමෝම අතරේ මේ වගේ නරුමයෝ ඉන්නවා. (නි)
පහත් පෙලේ කාමුකයන් ලෝකේ වැඩියම ඉන්න රට ලංකාවද? (නි)
දෙයියනේ මොනාද මේ වෙන්නේ ලංකාවට (දී)
මම හිතනවා මේ පුද්ගලයා නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි. (දී)
පාසල් ළමුන්ගේ නරක කාලය (දී)
තවම හැට පැනලා නැති නිසා තව පුළුවන් කියලා හිතෙන්න ඇති (නි)
සමලිංගිකත්වයට ඇබ්බැහිවූ ගුරුවරුන් මම දන්න අයත් ඉන්නවා.ළමයින්ට උදව්කරන මුවාවෙන් ඔවුන්ගේ ආසාවන් පිනවන්න ඒ ළමයි යොදාගන්නවා.බොරු සදාචාරාත්මක සළුපිළි ඇදගෙන හැසිරෙන හැමදනාම අඩු වැඩි වශයෙන් රහසිගත ජීවිතයක් ගෙනියනවා.ඒක රකින්න තමයි ඔය ඔක්කොම පෙළපාලි.(අ)
මේ මිනිසාව පැය 24ක් පුරා පාරක් පාරක් ,ගානේ ඇවිද්දවන්න ඕනෑ පාසලේ ළමයි සහ දෙමාපියෝ එක්වෙලා, ගඩොල් කෑලි ටැට්ටරයකුත් පිටිපස්සෙන් කුලියට රැගෙන. ඉදිරියෙන් පැමිණෙන හැමෝම ලවා ගල් ගෙඩියකින් පහරදුන්නා නම්? අපේ අනාගත දරුවො ටික ඉගන ගන්න පාසල් වලට මේවා බෝවෙන්නෙ නැතිවෙයි. හොද බෝඩ් එකකුත් ටැට්ටරේ පසකින් ලියාගෙන යන්න ඕනෑ. මිනිසුනේ... නැගිටපල්ලා! (නි)
මේවා ගැන බොදුබලසේන, රාවනා, සිංහල රාවය ඇස්වලට පේන්නෙම නැහැනේ හාමුදුරුවනේ... (නි)
මේවා කරනකොට මේ පුංචි දරුවන් නේද කියලා මේ තිරිසන් මිනිස්සුන්ට නොතේරෙන තරම්ම මනස විකෘති වෙලාද? හැමදාම මේවා අහලා දැන් හරි පිළිකුල්. මේවාට මූලික හේතුව තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න තරම් මානසික ශක්තියක් නැතිකමයි.(නදී)
මෙහෙමත් ගුරුවරු ඉන්නවානේ (දී)
වයසත් හරියාගෙන ඇවිත් නිසා ,කරන ලද සේවයට උපහාර පිණිස වහාම ක්‍රියාත්මක වන පරිදී දණ ගැස්වීමත් , විශ්‍රාම ගැන්වීම හෝ ,ඉල්ලා අස්වීමත් ශුභයි. (දී))
විශ්‍රාම යන්න ඉන්න වයසේ මිනිස්සු කරන වැඩද මේවා (දී)
විදුහල් පති මොනවා කරන්නද (දී)
සිසුවියන් 6 දෙනෙකු කියලයි සමහර නිව්ස් වල තියෙන්නේ.(නදී)
මේවට පෙළපාලි නැද්ද? (නි)
අපේ රටට මොනවා වෙලාද දන්නේනැහැ. හරියට සමලිංගික ව්‍යාපාරය එලියට ඇවිත්. මේවා ගැන හොයන්න ඕනනේ නැත්නම් සමාජය අසරණ වෙයි (අ)
මට මතකයි ඉස්සර පන්තියේ සිසුවෙක් ප්‍රසිද්ධ සංගීත ගුරුවරයෙකු විසින් අපයෝජනයට ලක්කිරීමට එරෙහිව අපත් පාසලේ විරෝධතා දැක්වූවා. ඒත් බීරි අලින්ට වීණා වයන්නවගේ ඒවා කිසිවෙක් ගණන් ගත්තේ නැහැ. සිදුවුනේ සිසුවාගේ අධ්‍යාපනය අකාලයේ කඩාවැටීම පමණයි. වඩාත් සුදුසු නීතිය ඉදිරියට යාමයි. නැතිනම් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය අරක්ගත් කුම්භාණ්ඩයෝ තමන්ගේ බඩ වඩා ගැනීමට සංවිධානයවී දරුවන්ගේ අනාගතය අඳුරුකිරීමයි.(අ)