මැල්සිරිපුර නගරයේදී තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා උරණ වු ඇය අඩි උස සපත්තුවෙන් හිටපු හමුදා සෙබළකුට පහර දී ඇතැයි ද හිස එකොළොස් පොළක් නිල් වී ඇතැයිද ගොකරැල්ල පොලීසිය කියයි.
1992 දී යුද හමුදාවට බැඳුණු ඔහු මඩකලපුවේ බෝම්බයකට හසු වී බරපතල තුවාල ලැබීමෙන් පසුව හමුදාවෙන් ඉවත් විය.
හිටපු සෙබළා පාරේ මඩ වළකින් බේරීමට යද්දී තරුණියගේ ඇගේ වදින්නට ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට ඒ කෙල්ලගෙ ඇඟේ හැප්පුනාම බිම වැටෙයි කියලා බය වෙන්න ඇති. ඔය වගෙ අය තමා ඔක්කොම කඩුලුත් පනින්නෙ. (ස)
මේකට ඇයි අදහස් දාන්නේ නැත්තේ? අපට නිදහසේ ඉන්න රට බේරලා දුන්න නිසාද?.මේවගේ ගෑනුන්ට දෙන්න ඕන රජකාලේ දඩුවම්. මෙයාල හිතාගන ඉන්නේ පත්තිනි අම්මල කියලද දන්නේ නෑ. (ස)
සමහර ගෑනු ලෝකෙට පෙන්නන්න මේවගේ රඟපෑම් සමාජය ඉදිරියේ බොහෝවිට කරනවා. (ස)
පොඩ්ඩක් අැඟේ වැදුනට මොනාද වෙන්නේ මොකද ඕක රත්තරන්ද? (ස)
මේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටි වීර සෙබලක්. අහිංසකයෙකු බව පේනවා. අත් වැරැද්දක්වත් නොතේරෙණ යක්‍ෂණියක් විය හැකියි. නීතියෙන් සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලමි. (ස)
හරියට සිද්දිය නොදෙන මොනව කියන්නද අනික රට වෙනුවෙන් සටන් කලා කියන්න බැහැ. මේ ගොල්ලෝ රැකියාව කල අය (ස)
මැස්සෙක්වත් වහල නැති ගානට ඉන්නේ. (ස)
කාන්තාවන් වෙනුවෙන් කාන්තා කාර්යාංශය ,අර සමිති මේ සමිති තියෙනවා.පිරිමි වෙනුවෙන් මොන කාර්යාංශයක්වත් නෑ.මේ තරුණිය කිව්වොත් එයාට අතවරයක් කරන්න හැදුව කියල කාර්යාංශය කරන්නේ පිරිමියාව කොහොමහරි හිරේ යවන්න උත්සහ කරන එකයි.කාන්තා හිංසනය සාධාරණයි කියල හිතෙන්නේ මේ වගේ තරුණියෝ නිසයි. (ස)
සිද්ධිය ගැන තරුණිය කියන කතාවත් පලකලානම් තමා නියම,..(ස)
තිරිසන් ගැණිට රජකාලේ පුවක් ගස් දෙකේ බැඳපු දඬුවමි දෙන්න ඕනේ.අහිංසක විරුවා මඩ වලට වැටුනානම් සැපයි. (ස)
මෙයාල හිතාගෙන ඉන්න ඇගේ වැදුනම කැල්ලක් යනවා කියල.මේ ගෑණිට දෙන්න ඕනි රජකාලේ දඩුවම් තමා.(ස)
ඕකට ඉතාම සරල දෙයයි කරන්න තියෙන්නේ.සපත්තුවේ උල් අඩිය කෙල්ලටත් ගැහුවනම් හරි. (ස)
සපත්තු තහනම් අවි ලෙස නම්කළ යුතුය !!! (ස)
මඩ වලකින් බේරෙන්න ගිහින් අහිංසකයකුට ගැහුවේ මේ විදිහට හිතා ගන්න බෑ.එත් මේ කතාවේ තව කොටසක් ඇති එහෙම ගහයිද වරදක් නොකර ආබාධිත සෙබළකුට.එක්කෝ එම තරුණියට මොහුගෙන් ලොකු වරදක් උනා.නැතිනම් පිරිමි පේන්න බැරි රෝගයක් ඇයට තියෙන්න ඕන.මොහු වරදක් කර නැත්තම් ඇයට නිසි දඩුවන් ලැබිය යුතුයි.මොනා උනත් මුණ දැක්කාම මොහුගේ දුක හිතුනා. ආබාධිත සෙබලුන් කියන්නේ අවලංගු කාසි නෙමේ අපි ආරක්ෂා කලයුතු පුද්ගලයන්.(ස)
මේ කෙල්ලට හොඳ දඩුවමක් දෙන්න ඕනේ. (ස)
මෙතනදී නම් වරද කාගේද මම දන්නේ නැහැ. වීරෝදාර හමුදාව ජීවිත පරිත්‍යාග කර මේ රට මුදවාගත් නිසයි අපි අද බයක් නැතුව ගෙදරින් එලියට බහින්නේ. එයට ඔවුන් හට පුණ්‍යානුමෝදනා කරමි. අවාසනාවට කරුණ නම් මා අත් දැක ඇති පරිදි මග තොටේදී බොහොමයක් තරුණියන්ට කරදර සිදුවන්නේ ද නොහික්මුණු හමුදා සෙබළුන් අතින් වීමයි. මෙය මා බොහෝ විට අත් දැක ඇත. (ස)
ඇයි මේ දේවල් අහිංසකයන්ට ම වෙන්නේ. (ස)
සහතික ඇත්ත. පත්තිනි අම්මල වගේ ඉන්න හදන අය තමයි ඔක්කොම කඩුලු පැනල තියෙන්නෙ. (ස)
පහර කා ඇති පුද්ගලයා හිටපු හමුදා සෙබලෙක් වීම කෙසේ වෙතත්, අබාධිත පුද්ගලයෙකුට මෙලෙස පහර දීම නම් ශිෂ්ඨ සම්පන්න සමාජයක් කිසිදා අනුමත කරන්නේ නැහැ. මෙය තරයේ හෙලා දැකිය යුතු සිද්ධියක්. මේ ගැන විමර්ශනය කර කාන්තාවට දඩුවම් කලයුතුයි. මොහු යුද්ධයේදී අබාධයට ලක්වී ඇති හිටපු හමුදා සෙබලෙකු නම්, මේ තරුණියට දැඩි දඬුවම් පැනැවිය යුතුයි. (ස)
මේකයි කාරණාව.. අග මුල දන්නෙ නැතුව අපිට තීරණයක් ගන්න බැනේ !! (ස)
හිස එකොලොස් පොළක්ම හිල් වෙන්න තම අඩි උස සපත්තුවෙන් ගහන්න තරම් ආව වේදනාව, තරහා, ගැන හිතන්න වෙනවා.පුවතින් තමයි ආබාධිත හිටපු යුද විරුවෙක් කියා අපිත් දැන ගන්නේ. මැල්සිරිපුර වගේ ප්‍රසිද්ද නගරයකදී ඒ තරුණියට ලොකු අකරතැබ්බයක් වුනානම් ඇයට තිබුන පාරක් දෙකක් ඒ මිනිසාට ගසා, කැගසා නගරයේ අනෙක් අයගෙන් උදව් ඉල්ලන්න.අපේ මිනිසුන් එවන් අකර තැබ්බයකදී අහක බලන්න ඉන්නේ නෑ.කොහොම වුනත් මේ දෙන්නා ගැනනම් හොයා බලන්න වටිනවා. (ස)
අර මැඩම් ළඟ වැඩකරන කෙනෙක්ද? (ස)
මන් හිතන් නෑ ඇගේ හැප්පුනා කියලා කොහෙන් හරි වැරදි දෙයක් කරන්න ඇති.(ස)
පුදුමයි ඔයින් බේරුනා ඔය මනුස්සයා.කට් එකේ හැටියට මෙයත් හොද වැඩකාරයෙක් වගේ පෙන්නේනම්.(ස)
පේලි හයක කෙටි සටහනක් හරහා මිනිස්සු තීන්දු තීරණ ගන්න ලස්සන!! අනේ මෙහෙම මෝඩ රැලක්! (ස)
මේ තරම් ප්‍රමාණයක් ඔළුවටම ගහන්න තරම් වරදක් සිද්ද වෙන්න ඇති.(නදී)
සහතික ඇත්ත පාලිත ...ඒ ගැන නම් කියල වැඩක් නැහැ.(නදී)
නිහාල්, ඔයා දන්නේ නැතිව ඇති, මනුස්සයෙක් සොල්දාදුවෙක් වෙන්න අත්සන තියෙනකොටම මරණය භාරගෙන ඉවරයි. ඔහු බෝබ්ම්බයට අසු උන කෙනෙක්. සෙබලෙක්ගේ, සුව සේවකයෙක්ගේ ගුරුවරයෙකුගේ සේවය මනින්න පුළුවන් එකක් නොවෙයි. ඔවුන්ට රටක ජනතාව සදා නයයි.(නදී)
මූනට මූණ හැප්පුනා නම් පපුව දෙපොලක් හිල් වෙනවා.(නදී)
"හිටපු සෙබළා පාරේ මඩ වළකින් බේරීමට යද්දී තරුණියගේ ඇගේ වදින්නට ඇතැයි පොලීසිය කියයි" - හමුදා සෙබලාට කතා කරන්නත් බැරිද . තරුණියත් ගොළු තරුණියක්ද ? (ස)
සපත්තුවෙත් පින්තූරයක් තිබ්බනං බලන්න තිබුනා අඩිය මොනවා වලින්ද හදලා තියෙන්නේ කියලා (ස)
පෝරිසාද ගැනියෙක්! (ස)
මේ සිදුවීමට අදහසක් දාන්න සත්‍ය සිදුවීම කුමක්ද නොදනිමි. නමුත් නිහාල් නමැති නම ඇති කෙනා ලංකා පොළොවේ ජිවත් වන්න සුදුස්සෙක් නොවන බව නම් දනිමි.(ස)
හැම දෙයකටම දෙපැත්තක් තියෙනවනේ....(ස)
නිහාල් ඔයා ඔය වචනය හදවතට එකගවද කිව්වේ.? පුදුමයි ඔයා සිංහලයක් වීම.(ස)
මේ සදහා ජනාධිපති කොමිසමක් පත්කර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලවා නීතිය ක්‍රියාත්මක කලුතුව ඇත. (ස)
නිහාල්,, ඔයා මහපොළොවේ ඇවිදෙන්නේ කකුල් දෙකෙන්ද හතරෙන්ද ? යන්තන් යුද්දේ ඉවරවෙලා අවුරුදු පහයි,මේ ටික කාලයට රණවිරුවාගේ සේවය රැකියාවකට මායිම් කිරීම සබැදිව ඔබ කවුරුසේ හදුන්වන්නද? ඔයාම හරියන නමක් දාගන්න. (ස)
පාරේ යන අයට අතවර කිරීම ගැන කටයුතු කිරීමට වෙනම පොලිසියක් පත්කරනු...! (ස)
බැලු බැල්මට මේ පුද්ගලයා අහිංසකයෙකු වගේ. එත් දැන් ලංකාවේ බවලතුන් බහුතරයක් ඉන්නේ කොයි වෙලාවේ තමන්ට පිරිමියෙක් ගෙන් අඩම්තේට්ටම් වෙයි ද කියලා සැකයෙන්. ඒ තරමටම ලංකාවේ ස්ත්‍රී දුෂණ හිරිහැර වලට නමක් අරන් නෙව තියෙන්නේ. මේ තරුණියත් ඔය වගේ සැකයකින් මේ වැඩේ කලාද දන්නේ නැහැ. (ස)
මහපොලවට පස් වෙන කුණු ශරිරයේ ටිකක් හැපුනම මොකද වෙන්නෙ? (ස)
මීට පෙර පත්තරේක තිබුනා බස් එකේදී කකුල පෑගුව කියල හමුදා සෙබලෙකුට කාන්තාවක් පහර දීපු බව. ඒ සෙබල බෝම්බයකින් එක කකුලක් අහිමිව බොරු කකුලක් දාල පාවිච්චි කරපු සෙබලෙක්. (ස)
සම්පත් එහෙම කතා කරන්න එපා. හමුදාවෙ හොඳ අයත් ඉන්න පුලුවන්. (ස)
පොලිස්කාරයො කියන දේවල් සත පහකටවත් විස්වාස කරන්න බැහැ. (ස)
නිහාල් මල්ලි, අවා ගියාට අදහස් දාන්න එපා. මේ වගේ සිද්දියකදී යමෙක් හොඳින් කල්පනා කර කටයුතු කල බවයි මම කියන්නේ. කෙනෙක් තව කෙනෙක් ගේ ඇඟේ හැපුන කියල පහර දීමක් කිරීම මනුස්ස ගුණධර්මයක් ද? (ස)
පාසල් නොගිය කෙනෙක් (ස)
නිහාල් ඔබෙත් කව්රු හෝ හමුදාවේ සිටියානම් තේරුම් ගන්න තිබුන එක රැකියාවක්ද නැත්නම් පරිත්‍යාගයක්ද එහෙමත් නැත්නම් කැපකිරිමක්ද කියල. ඔබ වගේ ගුණමකු මිනිසුන් සිටින නිසා තමයි අපේ පුංචි රට අාගාදෙටම යන්නේ.(ස)
ඔය කෙල්ලෝ හරිම වාතයක් . හරිම පුදුම ජාතියක් ,ඉන්නේ නම් පත්තිනි අම්මටත් ආදර්සේට ගන්න පුළුවන් ගානට ,පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න ඕන බලන්න පත්තිනි අම්ම .කාලි අම්ම වෙනවා .නගරයට ගියාම මොනතරම් මිනිස්සු ඇගෙ හැප්පෙනවද?.මේ කෙල්ල තමන්ගේ ශරීර කූඩුව රත්තරන් වලින් හැදිලා තියනවා කියල හිතා ගෙන ඉන්නවද දන්නැ. හමට යටින් මොන ලස්සනක්ද ?.(ස)
මේ තරම් සපත්තු පහර කන්ට නම් මොකක් හරි අපිට නොකිව්ව හරියක් වෙලා තියෙනවා; අහිංසකයෙක් කියල කියන්ට නම් බැහැ. රජ කට් එක කපල තියෙන්නේ. (ස)
මෙයා අහිංසකයෙක් වෙන්න පුළුවන්. නමුත් වර්තමාන හමුදාව, පොලිසිය ගැනනම් කිසිම පැහැදීමක් නැහැ. (ස)
යුද්දෙට ගිය පලියට අපි මෙයාලට වදින්න ඕන නෑ. අද කාලේ හමුදාවේ අය තමයි හැම ජරා වැඩක්ම කරන්නේ. (ස)
මොහු යම් කිසි නොහොබිනා වැඩක් කරන්න ඇති මෙම තරුණියට. රට ජාතිය බේරුවා කියන එක වෙනම දෙයක්.රට බේරගත්තා කියලා ඕන දෙයක් කරන්න නිදහස තියෙනවද? (ස)
තිරිසනුන් වගේ අදහස් දක්වන්න එපා. (ස)
මෙච්චර ගහනකම් කව්රුත් බේරාගෙන නැත්තේ මොකක් හරි හේතුවක් ඇතිනේ (දී)
ඇත්ත ට ම හරිය ට ම විස්තරේ දන්නේ නැතුව අදහස් කියන්න අමාරු තමා . එත් ඇගේ හැප්පුන කියල කිසිම කෙනෙකුට බැහැ සපත්තුවලින් ගහන්න.මට නම් තේරෙන් නැහැ අපේ ගැහැණු මොකක් ඔප්පු කරන්න හදනවා ද කියල.එය ට වරදක් උන නම් පොලිසිය ට පැමිණිලි කරන්න තිබුනේ. පාරවල් වල සි ටි කැමරා වලින් බලා ගන්න තිබ්බ පොලිසිය ට හරියට ම මොකද්ද වෙලා තියෙන්නේ කියල. ඕවට හරි වරද බල ල දඬුවම් කරන්න ඕන.කොහොම උනත් ඇගේ හැප්පුනා කියා ඔහොම කරන්න බැහැ (දී)
ඇගේ හපෙනවාට වඩා වැඩි දෙයක් කළා නම් හොඳ පාඩම (දී)
මේකත් හිංසාවක් එත් හැමෝම නිහඩයි (දී)
රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරු වී ඔබ මා සලලෙකුට සම කළා සිනිදු මුදු දෙපා තුඩු වල පහස නොදෙනේනා යකඩ පය නුබේ අද මගේ ඔලුව හිල් කළා (දී)
අයේෂ් කොන්දක් නැති කෙනෙක් (දී)
කව්ද දන්නේ මෙතන ඇත්තටම මොකද උනේ කියලා (දී)
හොද වැඩේ (දී)
හමුදා සෙබලෙක් නිසා මොහුට අප අනුකම්පා කල යුතුයි .නමුත් මේ සිද්දිය සාමාන්‍ය පිරිමියෙක්ට උනා නං මෙතැන මේ විදිහට අනුකම්පා කරන්නේ නැහැ ඇත්තටම සිද උනේ මොකක්ද කියල නොදැන තරුණියට බනින එක වැරදි. (දී)
යකෝ්... මේ අවුරුදු පහට අපේ උන්ට අමතක තරමක්... (ස)
දැන් ඒ සිද්දියට නීතියෙන් මොනවද සිද්ධ කලේ .(ස)
ගැහැනියෙක් නිකම්ම පිරිමියෙක්ට පාරේදී ගහන්නේ නැහැනේ. එතන අපි නොදන්නා දෙයක් ඇති. මම නම් හිතන්නේ මේ කාන්තාව කලේ තමන්ගේ අාරක්ෂාව වෙනුවෙන්. අද මිනිහෙක් පාරේදි ඇඟේ හැප්පෙන්නේ වැරදිලම නෙමෙයිනෙ. (ස)
එකොලොස් පොලක් තුවාල වෙන්න මේ ආභාධිත සෙබලාට පහර දෙනකොට ඒ අහල පහල පිරිමියෙක් ඉන්න නැතුව ඇති මයේ හිතේ. (හැබැයි අහිංසකයෙක් නම් විතරයි .හමුදාව පොලිසිය අනුකම්පාවට සුදුසු අය නොවෙයි බොහෝවිට.) (දී)
නැහැ ..නැහැ ඇගේ හප්පුනාට මෙහෙම කෘර විදියට මිනිසෙකුට පහර දෙන්න තරමටම අපේ මිනිසුන් වනචාරි විදියට තවම හැසිරෙන්නේ නැහැ. මෙතන මොකක් හෝ ඊ ට වඩා දෙයක් වෙලා තියනවා ..එක්කෝ පරණ කෝන්තරයක් දෙදෙනාම විසින් පිරි මසාගෙන තියනවා ...කෙසේ වෙතත් ගැහැණියට දැන් ජීවත්වෙන්න වෙලා තියෙන්නේ මේ විදියටයි අපේ සමාජයේ පැවැත්මේ හැටියට ..? (දී)
දුක්වෙන්න එපා සමහර ගෑණු ඔහොම තමා ....කේලෙමෝ එකක් පුපුරලා ඔයා බේරුණා කියලා හිත හදා ගන්න බලන්න. (දී)
පුදුම හමුදා සෙබලෙක් ඔලුව පළල යවනකම් මොකද කලේ . හමුදාවෙන් ලබා දුන් ආත්මාරක්ෂක ක්‍රමයක් මතක් උනේ නැද්ද ? (දී)
මේ වගේ ගැහුණු .අපි ගරු කරන්න ඕන රට ජාතිය වෙනුවෙන් කැප උන මේ වගේ අයට .මේ කෙල්ලටනම් දඩුවමක් දෙන්නම ඕනේ (දී)
පිරිමෙයෙකුට සෙරෙප්පුවන් ගහන එක වැරදි අපේ සෙබල මල්ලිට ඉක්මන්සුවය පතනවා (දී)
කාන්තාවක් පිරිමියෙකුට හාද්දක් දුන්නම ඒ ආදරයට, පිරිමියෙක් කාන්තාවකට හාද්දක් දුන්නම ඒ නැහැදිච්චකමට. ගෑනු කෙනෙක් පිරිමියෙක්ගේ ඇඟේ වැදුනාම ඒක වැරදීමක්, පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ගේ ඇඟේ වැදුනාම එයා සල්ලාලයෙක්, ගෑනියෙක් පිරිමියෙකුට ගැහුවාම ඒ ආත්මාරක්ෂාවට, පිරිමියෙක් ගෑනියෙකුට ගැහුවොත් එයා ගැන කියන වචනය මෙතන ලියන්න බැහැ. මේවා කාට කියන්නද? හැබැයි සපත්තුවේ පාර හැටියට නම් මෙතන වෙනත් දෙයක් වෙලා තියෙන්නේ වගෙයි (නි)
අම්මෝ! අහනකොටත් බයයි (නි)
මේ පිලිබදව එක පාර තීරණය කරන්න බෑ. කව්ද හරි කව්ද වැරදි කියලා ඒ පිළිබද අදාල අය තීරණය කරයි.රට බේරාගත් රණ විරුවෝ අපට විතරක් නෙවී මුළු ලෝකයටම අබිමානයක්.වරද කාගේද කියලා හරියට හොයාලා බලල දඩුවම දෙන්න ඕනේ. (ස)
ලිපියට අදහස් දක්වනවාට වඩා වැදගත් මිනිස්සුන් අවවාදයක් දෙන එක. පරිගණයක් ලග තිබුනට ඒක ටිකක් දැනගත්ත පලියට පරදෙසක්කාරයින් වගේ හැසිරෙන්න එපා. ඔබලා ගැන තොරතුරු නියම හමුදා සෙබලෙක් දැනගත්තොත් සපත්තුවේ උලට වඩා හොද උලක මුවහත දැනගන්න තිබුන. (ස)
ඇඟේ විතරක් හැපිලා නිකං හිටපු එකේ විපාක තමයි ඔය (නි)
ඔය වගේ අයව ගමෙනුත් පන්නන්න තියෙන්නේ (නි)
පද්මසිරි සිරි වගේ එක එක පාර්ශව වලට කඩේ යන අයට නම් මේක මරු කතාවක්. (නි)
මෙන්න මේ "නිහාල්" කියලා අදහස් දාලා තියෙන කෙනාට ගහන්න ඕනෑ මොළය හිල් වෙන්න. මනුස්සයෝ, රැකියාව වුණත් ඒ දේ කරන්න හැකියාව නිර්භීතකම රටට ආදරය තියෙන්න ඕනෑ. (නි)
මොනවා වුණත් දක්ෂ ගැහැණු ළමයෙක්. එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
මේ සිද්ධිය වීඩියෝ කරන්න කවුරුත් හිටියේ නැද්ද?? (ස)
තුවාල වූ සෙබලෙක් නම් වාරුවත් අඩු ඇති මම හිතන්නෙ. ඉතින් ඇයගේ ඇඟේ හපෙන්න ඇති. කාන්තාවන් රට බේරගන්න ජීවිත පූජාවෙන් සටන් කළ සොයුරන්ට සළකන හෑටි?? (නි)
මෙතන මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියෙනවා.! ගුටි කාපු නිසා වැරදීමෙන් ඇගේ හැපුණා කියනවා ඇති, කොහොම වුණත් ගැහැණියෙක් වුණ මම මෙය අනුමත කරන්නේ නැහැ. පිරිමියෙකුට සෙරෙප්පුවක් උස්සන එකත් පවක්. ''ඒත්'' සමහරක් පිරිමි ඉන්නවා (සෙනග පිරුණු බස් වල එහෙම ) මරන්න හිතෙනවා. !! නිහාල් මල්ලිටත් දෙයක් කියන්න ඕනේ, හමුදා සේවය කියන්නේ නිකම්ම නිකන් රැකියාවක් නම් නෙවෙයි!!! අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කී දෙනෙක් නම් දිවි දුන්නද, එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කරන නමුත් මුළු ත්‍රිවිධ හමුදාවටම ගරහන්න එපා හොඳේ. (ස)
අයියෝ...මඩ වලෙන් බේරෙන්න.. තවත් මඩවලක හැප්පිලා නේද අයියෝ..... (ස)
මේක දැක්කම මට මතක් වුනේ සින්දුවක්. රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා විඳින වේදනා මදි මට නගයි චෝදනා උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා පිරි ඉතිරි ගිය බස් රථයේ ගොඩ වෙලා බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා නොදැන ඔබ එදා මට බනින්නට ඇති ජාති ජාති වත් තරහක් මගේ නම් නැති එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති සදා කල්ම නොමියෙන රණවිරුවා මම වෙමි (ස)
මම කාන්තාවක් වුණත් මේ දෙයට තරයේ විරුද්ධයි. මේ මනුස්සයා මහත්මා ගතිගුණ තියෙන පුද්ගලයෙක්. මේ ගැහුණු මනුස්සයට දෙන්න තිබුණෙ පාරක් බිම ඇදගෙන වැටෙන්න (නි)
මම නම් මෙය අනුමත කරන්නෙ නැහැ. ඇඟේ හැපුන කියල ඔය විදියට ගහනවද? අනික දවසකට කොච්චර මිනිස්සු ඇඟේ වදිනවද (උදේට බස් වල යද්දී) මෙයා යනවා ඇත්තෙ බස්වල නෙවෙයි වෙන්න ඇති. (ස)
මෙච්චර දෙයක් වෙනකම් අහල පහල මිනිස්සු බලන් ඉදලද? අපේ රණ විරුවන් අපි රැක ගත යුතුයි නේද? (ස)
මඩවලටම හැප්පුනා හොද වැඩේ.(නදී)
කෙල්ලට දැන් සනීප ඇති. (ස)
නිහාල්, ඒ වුණාට ජිවිතේ දෙන්න බලන් හිටිය අයනේ. ඔයාට එහෙම කරන්න බෑ නේද? (ස)
මම කවදාවත් මේකේ මුකුත් ලියල නැහැ. ඒත් මේකට පමණක් යමක් ලිවීමට සිතුනේ මම අද උදේ දුටු දෙයක් නිසායි. මෙතන ඉන්න හැමෝම රජ කාලේ දඬුවම් ගැන කතා කරනවා ඇරෙන්න සමාජයේ සෝදා පාළුව, තියෙන නිතිය හරියට ක්‍රියාත්මක කර ගැනීම කියන දේ ගැන කිසි හැඟීමක් නෑ වගේ පේන්නේ. කාන්තාවකගේ ඇඟේ හැපුන ගමන් එයාගේ සපත්තුව ගලවල ගහන්න නම් එයාට මානසික ලෙඩක් තියෙන්න ඕනි . අනික අපෙන් වරදක් වුනහම වරද පිළිගන්න සමාවෙන්න, මට වැරදීමක් වුණා කියල කියන්න පුරුදු නොවුනහම, අහංකාර කම ඔළුවේ තියාගෙන කරපු වරද සාධාරණ කරන්න ගියහම අන්තිමට කාන්තාවෝ සෙරෙප්පුව අතට ගන්නවා කියල දැනගන්න ඕනි මම නම් හිතන්නේ. මට මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඇත්තටම වැරදිලා, මට වැරදීමක් වුණා කියල කිව්වහම එයාල මට හිනාවෙලා යන්න ගියා මිසක් ගහන්න ඇවිත් නැහැ. කාන්තාවන් කාන්තාවකට අනුකම්පා නොකළත් පිරිමියෙකුට අනුකම්පා කරනවා. මේකේ කාන්තාවන් ලියලා තියෙන දේවල් වලින් වුණත් හොඳින් බැලුවොත් තේරේවි . එහෙම වුණත් එයාලට පිරිමි නපුරු වෙනවට එයාල කැමති නැහැ. අද උදේ මම ආවෙත් බස් එකේ, අම්බලන්ගොඩ හරියේදී නැග්ග අබාධිත අයෙක් පෙනුම ආරක්ෂක අංශයේ වගේ වාඩි වුණේ සිට් තුනේ ආසනයක, වීදුරුව ගාව වයස 18ක වගේ ගැණු දරුවෙක් , ඊළඟට ඇගේ මව යයි සිතිය හැකි කාන්තාවක් ඊළඟට මම කියන පුද්ගලයා , අලුත්ගම හරියට එනකොට තුන්දෙනාම නිදි කාන්තාවෝ දෙදෙනා ඇත්තට සහ අනිත් කෙනා බොරුවට , මෙම පුද්ගලයා එක අතක් ඉතාම අපහසු ඉරියව්වක තබාගෙන අර මැදිවියේ කාන්තාවගේ පපුවට පාත් කරනවා උස්සනවා. ටිකකින් එයා අර කාන්තාවගේ ඇදුම අස්සට ඇගිල්ල දාන්න හදනවා.මම කතා කරන්න නොගියේ රණවිරුවෙක්ට එරෙහි වුණා කියල අන්තිමේ ඔක්කොම මට එරෙහි වෙන්නත් තිබුණ නිසා, මොකද ඒ පුද්ගලයාගේ එක කකුලකුත් නැහැ . ඉස්සර අනුන් වෙනුවෙන් කතා කරලා මම තනියම දුක් විඳලා තියෙනවා . මේ යුගයේ ලොකුම ඛේදවාචකය හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි කියලා මට බසිද්දී සිතුණි.
මට පේන්නේ නම් සමන් අයියත් බවලත් කෙනෙක් වගේ. මම කතා කරන්නේ එක්කෙනෙක් ගැන නෙවෙයි. මධ්‍යස්තයක් වශයෙන් හැමෝම කතුන් ගැන. බහුතරයක් කැමති රෑ ඩැනියෙල් දවල් මිගෙල් රඟපාන්න. මගේ යෙහෙලියන් බහුතරයක් තමන් ප්‍රිය මනාප ලස්සන පිරිමියෙක් ඇඟේ හැප්පුනත් විහිළු කළත් අත ඇල්ලුවත් ආසයි. හැබැයි ඉතින් නිකම් මනුස්සයෙක්ගේ අතින් වැරදීමකින් හරි මේ වගේ දෙයක් වුණොත් ඒ මිනිහ වලෙක්. (ස)
මේ වගේ කුරිරු ප්‍රහාර දෙන්න තරම් කුරිරු මිනිස්සු ඉන්නවාද ලංකාවේ (දී)
මොකාක් හරි වෙලා තියෙනවා..... හමුදා පුහුණුව ලත් සෙබලෙක් මේ විදිහට ගුටි කයිද?
මම සිතන්නේ මෙම තරුණිය හොඳ සිහියෙන් කරපු දෙයක් නොවේ .(දිල්)
මානසික රෝගියා ඒ සෙබලා නෙවේ මේ තරුණිය සමහර කාන්තාවන් ඔය බොරු චන්ඩි පාර්ට් දාන්නේ තමන් හොදයි කියලා ලෝකයාට පෙන්නන්න වැදගත් කාන්තාවන් එහෙම කරන්නේ නෑ තමන්ට ඒවගේ කරදරයක් වුනාම තමන්ගේ වැදගත්කමත් තියාගන වැදගත් විදියට ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්නවා. මම දැකල තියෙනවා බස් වලදී හේත්තු වෙන්න අවහම සමහර අය මුළු බස් එකටම ඇහෙන්න කගහල උජාරුවෙන් වටපිට බලනවා අනිත් අය බලනවද කියල. සමහර අය ඔරවල බලල එතනින් මගහැරලා වෙන තැනකට යනවා. (දී)
අමාලිගේ කතාවට මමත් එකඟ වෙනවා. (ස)
එයා හමුදා සෙබලෙක් කියල බෝඩ් එකක් ගහගෙන ගිහිල්ල නැහැනේ. අනික එයා වරදක් නොකළා නම් 11 වතාවක් ඔලුවට ගහන තුරු ඔලුව අල්ලාගෙන ඉදීවිද?? (ස)
මිනිස්සු වැරදිකාරයා තීරණය කරන හැටි පුදුමයි. වෙච්ච සිද්ධියවත්, දෙදෙනා කී දේවල්වත් අඩු තරමේ මෙහි නැහැ. නිකන් ඇඟේ වැදුනට මනුස්සයෙක් ඔහොමත් ගහනවාද කියන එක හිතන්න කරුණක්. පුද්ගලයා අාබාධිත සෙබළක් බව ඇත්ත. එහෙම වුණා කියලා හරි හැටි නොදැන අනෙක් පාර්ශවයට බැනලා වැඩක් නැහැ. තමන්ගේ කෙනෙකුට වෙනකම් කාටවත් දැනෙන්නේ නැහැ. ඒ නිසා කාරණා හරිහැටි නොදැන ගැහැණු ළමයා වරදකරුකොට අපහාස කිරීමත්, දුටු පමණින් අනෙකා අහිංසකයකු බව පැවසීමත් හාස්‍යයට කරුණක්. (නි)
මේ කාන්තාව තියන්න වටින්නෙ නැහැනේ... (නි)
ආයුබෝවන් වාසනාවන්! මෙහි අදහස් දමා තිබෙන සමහර අයට යුධ හමුදාවේ හිටියායි කියලා එතකොට ඕනෑම අපරාධයක් කරන්න පුළුවන් නේද? වැදගත් සෙබළෙක් එහෙම කරන්නේ නැහැ. මෙතන වෙනත් ලොකු දෙයක් වෙලා තියෙන්න ඕනෑ. ගැහැණියෙක් ඔහොම ගහන්න කොච්චර උදහස් වෙන්න ඕනෑද. (නි)
කොතැනක හරි වරදක් වෙලා ඇති. නැත්නම් කෙල්ලෙක් ඔහොම ගහයිද? සමහරු මේ පේලි කීපයක් කියවලා සමස්ථ සිද්ධියේ යථාර්තය අර්ථ විවරණය කරන හැටි දැක්කම මේ රටේ ඡන්දදායකයන්ගේ හැසිරීම නැවත පෙන්නුම් කරනවා. බොහෝම බුද්ධිමත් ජනතාවක්. (නි)
මෙහෙම දෙයක් වෙන්න තිබුනේ බස් වල ජැක් ගහන කෙනෙකුට. (නි)
සමන් ඉන්ද්‍රජිත් බණ්ඩාර, මම ලියන්න හිතා හිටි ටික ඔයා ලියලා.මේකේ ඉන්න සමහර උදවිය ලියලා තියෙන හැමදේම ඉහ මුදුනින් පිළිගන්නවා ඇරෙන්න විචාරශීලි මනසකින් හිතලා බලලා කතා කරන්න දන්නේ නැහැ.අන්තර්ජාලයේ සැරි සැරුවට මොළය තාම ළිඳේ.කිව්වා වගේ අහිංසකයෙකුට තුවාල වෙනකම් ගහන්න ඒ මනුස්සයට පිස්සු වෙන්න ඕනෑ.අනික හමුදා සෙබළෙක් වූ පලියට ආබාධිත වූ පළියට නැහැදිච්චකම් නොකරන අයත් නැහැ.ඉස්සර ගැහැණියෙක් ඕනෑම හිංසාවක් දරාගෙන සද්ද නැතුව යනවා,ඇයි කතා කරන්න ගියොත් බැනුම් අහන්න වෙන්නෙත් ඇයටම නිසා.මම නම් හිතන්නේ අපිට දැන් පරණ ක්‍රමය වෙනස් කරන්න කාලය ඇවිල්ලා. (නි)
ඇඟේ හැපුණට වෙන කිසිම දෙයක් වුණේ නැහැනේ. මොකද අපේම ජාතියේ කෙනෙකුට මෙහෙම සළකන්නේ? (නි)
අම්මෝ! මේකට ලැබිලා තිබෙන ප්‍රතිචාර! (නි)
මේ කාන්තාවට වෙන්න ඕනෑ දේවල් ඉදිරියේදී අනිවාර්යයෙන්ම වෙනවා. නිහාල්ට කියන්න තියෙන්නේ තමුන් මේ මහා පොළවට බරක්, කළගුණ නොදත් කෙනෙක් කියලයි (නි)
ඔය වගේ සමහර ගැහැණු තමයි හොරෙන් ගිහින් ගොඩක් ලොකු ලොකු හොර වැඩ කරන්නේ. (නි)
ඔහුට වූ දෙය මොකක්ද කියලා අපි හරියටම දන්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි. (නි)
මන් හිතන්නෙ සෙල්ලම් සපත්තුවකින් ගහලා තියෙන්නෙ (දී)
තාම කව්රුවත් හරියටම උණු දේ දන්නවද (දී)
මෙහම මිනිස්සුත් ලංකාවේ ඉන්න බව අමතක කරන්න එපා (දී)
කාන්තාවට සමහර පුරුෂ පක්ෂයේ අයගෙන් මොනතරම් පීඩනයක් තියෙනවද කියලා මේ කාන්තාවගේ හැසිරීමෙන් පෙනෙනවා.වැරදීමකින් ඇඟේ හැපුනත් වැරදීමක් කියලා හිතන්න බැරි තරමටම ලඳ බොළඳ සුකොමල කාන්තාවෝ දකින්න වෙන්නේ සුරඟන කතාවලදී පමණක් වෙන්න පුළුවන් ඉදිරියේදී. (නි)
මේ තරුණිය අප්‍රසන්න අත්දැකීම් කිහිපයකට මුහුණ දුන් අයෙක් විය හැක. ඉවසලා ඉවසලා ඉවසීමේ සීමාව පුපුරා ගිය තැනක් වෙන්න ඇති. තලන්න තලන්න යකඩය මුවහත් වෙනවා වගේ ස්ත්‍රී ප්‍රශ්නත් මුවහත් වෙනවා නේද? (නි)
මුල අමතක වෙන එක අපේ ජාතියේ හැටි.(නදී)
ගොඩක් පිරිමි හැසිරෙන්න දන්නෙ නැහැ කොහොමත් (නි)
ඒ මනුස්සය සෙබලෙක් කියල ඒ ගෑණු කෙනා දන්නේ නෑනේ... එක පාරක් දෙපාරක් ගහනවා වෙනුවට ඔය තරම් ගහන්න නම් මෙතන වෙන අපි නොදන්නා දෙයකුත් අනිවාර්යයෙන්ම තියෙනවා. සිද්ධිය වුණ දෙන්නා මෙතන මුකුත් කියලා නැති එකේ මෝඩ මිනිස්සු වගේ කව්ද හරි කව්ද වැරදි කියලා තීරණය කරන්න එපා. (ස)
නිහාල් මහත්තයෝ, ඔයා මනුස්සයෙක්ද?? රැකියාවට ඔයා මැරෙන්න වුණත් යනවද?? (ස)
කුරිරු කමක මහත (දී)
හැපුණ කෙනාද නැත්නම් ගුටිකාපු කෙනාද මානසික ලෙඩක් තිබෙන කෙනා? (නි)
සිංහල අපේ කාන්තාවන් මේ පුවත බලා ආදර්ශයක් ගනීද මන්දා, මින් පසුවවත් මෙවැනි වැඩ නොකරන්න. (නි)
නිහාල් වගේ කෙනෙක් මේ රටේ ජීවත් වෙන්නවත් සුදුසු නැහැ (නි)
නිහාල්ට නම් තියෙන්නේ පුදුම අදහස් තමයි (නි)
යුද හමුදා සේවය නිකන්ම නිකන් රස්සාවක් විතරක් නෙමෙයි (නි)
සමහර විට මන්ද මානික තරුණියක් වෙන්න ඇති (ස)
මොකද මන්දා අබේරත්න ගොඩක්ම බය වෙලා තියෙන්නේ...? (ස)
මානසික ආබාධයක් තියෙනවද කොහෙද (දී)
තව ඉවසන්න තිබුණා නේද? (නි)
රට වෙනුවෙන් වැඩ කළ හමුදාවේ කොල්ලන්ට ඔහොම කරන්න එපා. ඒක හරිම පහත් වැඩක්. අද අපි හැමෝම පාරේ බැහැලා බය නැතුව යන්නේ එයාලා නිසා. එයාලට අපි ගරු කළ යුතුයි. ඇඟේ හැපුනා කියලා ඔහොම කේන්ති ගන්නවා නම් කසාද බැදපු කාලෙකට මිනිහව මරයි ගහලම. (නි)
මෙච්චරටම තරහා යන්න තරම් වුණේ මොකක්ද? (නි)
ඇඟේ හැපුනට මුකුත් වෙන්නෙ නැහැ නංගී. බයවෙන්න එපා (නි)