අර්ජුන්, ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත්?
යෞවනියන් පස්දෙනෙකු වටා ගෙතුණු කතාවක්. කෙළිලොල් තාරුණ්‍යයේ වෙසෙන මේ අය ඔවුන්ගේ, දඟකාර, හැඩකාර සහ විසේකාර වැඩ නිසා මුහුණපෑමට සිදුවන අත්දෑකීම් සමුදාය අලලා කතාව ගලාගෙන යනවා.
මොනවද මෙහි දකින්නට ලැබෙන විශේෂත්වයන්?
තරුණියන් විලාසිතාවලට බොහෝම ආසයි, ඒ නිසා මේ තරුණියන් විවිධ විලාසිතාවලින් හැඩවෙන අතර, ගැහැණු ළමුන්ගෙ ඒ විලාසිතා ආකර්ශනය සඳහා මෙන්ම රූපලාවණ්‍ය ආදී දේ වෙනුවෙන් අපි විශේෂිත දේ අනුගමනය කළා. ඒ වගේම ගීත, හාස්‍ය සහ සටන් ජවනිකා පවා ඇතුළත්. හැබැයි ඒ සියල්ල සමග මෙහි යටි පෙළින් කියැවෙන්නෙ අරුත්බර දෙයක්. ආනන්දයෙන් ප‍්‍රඥාවට කිව්වොත් නිවැරදියි.
ප‍්‍රධාන චරිත සඳහා මේ තරුණියන් පස්දෙනා තෝරා ගත්තෙ කොහොමද?
අමීෂා කාවින්දි පිළිබඳව ගැටළුවක් තිබුණෙ නැහැ. ඇය මා එක්ක නිතර රංගනයේ යෙදීම සහ චරිතයට අදාළව ගැලපීම නිසා. අනෙක් ගැහැණු ළමුන් හතර දෙනා තෝරා ගත්තෙ විවිධ ස්වරූපයන්ට අනුවයි. සෆ්නා කරීම් පැහැයෙන් වැඩි තරුණිය ලෙසද, මේරියන් එළිසබත් කාලවර්ණ වඩා පුෂ්ඨිමත් තරුණිය ලෙසද, වඩා උස සිරුරක් හෙබි තරුණියක ලෙස නිමේෂා සෙව්වන්දිද, කටකාර චරිතය සඳහා රශ්මි පුෂ්පිකාද තෝරා ගත්තා. සෙසු චරිතවලදී දුෂ්ඨයාගේ චරිතයට ලූවී වැන්ඩර්ස්ටාටන් මහතා හඳුන්වා දුන් චාමී සේනානායක තරුණයා තෝරා ගත්තා. මේ අය සමග මා ප‍්‍රධාන චරිත රඟපාන අතර වේදිකාවේ සහ සිනමාවේ ප‍්‍රවීණයන් කීප දෙනෙකුත් රඟපානවා.
රූගත කිරීම් කළ විදිය ගැන කිව්වොත්? මොනවද ඒ ගැන මතකයන්?
ගල්කිස්ස හා කොළඹ තදාසන්න ප‍්‍රදේශවල තමයි වැඩිපුර රූගත කිරීම් සිදු කෙරුණා. ඊට අමතරව බොල්ගොඩ ගඟ ආශ‍්‍රිතව සහ රත්මලාන එයාර්පෝට් භූමියත්, කළුතර කැලිඩෝ වෙරළ තීරයත් යොදා ගත්තා. උදේ - දිවා රැ නොතකා අපි මහන්සි වී දින විස්සක කාලයකදී චිත‍්‍රපටය රූගත කිරීම් හමාර කළා. චිත‍්‍රපටය හදන එකට වඩා අපට අමාරු වුණේ මෙය තිරගත කරවීමටයි. ”ඉසුරුටීම්” නමින් අපි හදාගත්ත කීප දෙනා මුලදී නිෂ්පාදනයට අත ගැසුවා.
ඒත් පසුව අපි ආර්ථීක දුෂ්කරතාවලට මුහුණ දෙන විට ජාතික චිත‍්‍රපට සංස්ථාව යම්තාක් දුරකට උදව් කළා. ඒත් ප‍්‍රචාරක කටයුතු සඳහා නිෂ්පාදන වියදමටත් වඩා මුදලක් අවශ්‍ය වුණා අන්තිමට නිෂ්පාදනයට ආචාර්ය අරෝෂ ප‍්‍රනාන්දු ඉදිරිපත් නොවන්නට මේ චිත‍්‍රපටය තිරගත කරන්න ලැබෙන්නෙ නැහැ.
ගැහැණු ළමුන් පස් දෙනෙකුට මැදිව ඔබ කරන චරිතය ගැන මොනවද කියන්න පුළුවන්?
මම රඟපාන්නෙ ”විකී” නම් වූ සෙල්ලක්කාර අයෙකුගේ චරිතයක්. නමුත් මතුපිටින් එහෙම පෙනුනට විවිධ පැතිවලට විහිදී ගිය චරිතයක්. ඒ ත‍්‍රාසයxකුතුහලය තමයි පේ‍්‍රක්‍ෂකයාට විඳින්න තියෙන්නෙ. මුල සිට අග දක්වා මෙය නරඹන්න කියලා මම කාන්තා පරපුරෙන් ඉල්ලා සිනවා.
හේතුව?
පුරුෂාධිපත්‍යයට නතු වූ සමාජයක කාන්තාවගේ වීරත්වය ගැන කියැවෙන කතාවක්. ”තාරුණ්‍ය ප්රවේශමෙන් පරිහරණය කරන්න” යන්න මෙහි තේමාවයි.
නිළියන් පහක් සමග රඟපාද්දී වෙච්ච අමතක නොවන දේවල් තව මොනවද?
තරුණියන් වුණාම හැඩට අඳින්න, ලස්සන වෙන්න ආසයිනෙ. මේ අය අතරත් ඒ තරගය තිබුණා. අපේ වේෂ නිරූපණ ශිල්පියා චාමර නිරෝෂණ එයාලට හැඩ ගැන්වීම් කළේ කැමරාවට සහ ආලෝකකරණයට ගැලපෙන විදිහටයි. ඒත්, කැමරා අධ්‍යක්‍ෂණය කළ සජික වීරප්පෙරුම රූගත කරන්න ගියාම නිතරම දොස් නගන්න වුණා. මේක් අප් එක හරි නැහැ කියලා. මේ ගැන සොයලා බැලින්නම්, මේ තරුණ නිළියන් තම තමුන්ට ඕනෑ විදියට මේක්අප් වෙනස් කරගෙන. පස්සෙ මම එයාලට මේ ගැන වටහලා දුන්නා. මේ වදේ හැර අපි වෙන දුෂ්කරතාවලට නම් මුහුණ දුන්නෙ නැහැ. එකම සහෝදර පිරිසක් වගේ එකට වැඩ කරලා, අන්තිමට විසිර ගියේ දුකට කඳුළු පුරෝගෙනයි. ඒ මොහොත හැමෝටම වඩා හැඟුම්බර අවස්ථාවක් වුණා.
අමීෂා ඔබගෙ පෙම්වතියයි. ඇය රඟපාන්නෙ ඔබ එක්ක විතරමද? අනෙක් නිර්මාණවලට යන්න ඔබ අවසර දෙන්නෙ නැතිද?
එහෙම ප‍්‍රශ්නයක් නැහැ. එයාට ළඟදි වෙනත් නිර්මාණයක් ලැබුණා. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඇය බාර ගනීවි. මගෙන් තහංචි නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ලෝ ටික නම් ලස්සනයි. ඒ වුණාට මට මේකේ යු ටියුබ් එකේ තිබුන වීඩියෝ එක දැකලා ලංකාවේ සිනමාව ගැන කලකිරුනා. (නි)
නිලියන් අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්න ඇදුම් සකසා ගතයුතුයි (නි)
මොනවද මේ ඇදුම්? හරියට වෙසක් බකට් එකක් වගේ. (නි)
තාරුණ්‍ය ප්රවේශමෙන් පරිහරණය කරන හැටි පේනවා මේ ඡයා රූප දැක්කම. (අ)
ඔබේ කතාව මම 100% පිලි ගන්නවා සුභපතනවා මම නුබට (දී)
අනේ අපොයි අපේ සිනමාවට ගිය කලක්! හොඳ නිර්මාණයක් අවුරුදු 20කින් විතර දැක්කෙම නැහැ. තියන තරමක් තියෙන්නේ බහුබූත. ලංකාවේ නළු ප්‍රවීණ නළු නිළියන්ට මොකද වුණේ? (නි)
දැන් ඉන්න මිනිසුන් බුද්දිමත් ඔවුන්ට ගැලපෙන නිර්මාණ කරන්න.බොළඳ දේවල් ඒ අය ප්‍රතික්ෂේප කරනවා.මේ ඇඳුම් හරියට මල් පෝච්චි වගේ? (අ)
සිංහල සිනමාව නූගත් කම මාකට් කරන සිනමාවක් වෙලා (අ)
හාපෝ! විලි ලැජ්ජයි (නි)
ඉන්දීය - ලංකා ක්‍රිකට් තරගයේදී ලංකාව වෙනුවෙන් පණ දෙන අපි හින්දි චිත්‍රපටි තලු මර මරා බලන්නෙ අපේ තිබෙන කුහකකමටද? (නි)
වේල්ස් කුමර විදුහලේ ආදි සිසු කලා කරුවන් ගැන පත්තරවල ලිපි පල වෙද්දී ලංකාවේ අංක එකේ සිනමා නළුවා අර්ජුන්ගේ නම සදහන් වෙන්නේ නැත්තේ ඇයි?(නදී)
අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්න ඇදුම් නම් රෙදි හැට්ට ඔසරි අඳින්න එපාය. මේ නිළියන්ගෙන් මේරියන් එළිසබත් කතෝලික හා සප්නා කරීම් මුස්ලිම් වෙන්න ඕන. එයාලගේ සංස්කෘති වෙනස් නේ. විදෙස් සිනමාපට එක්ක තරග කරන්න නම් අපට අඩ නිරුවතට එහා ගොස් නිරුවතටත් යන්න වෙනවා. අපේ චිත්‍රපටි කීයක නිරුවත් දර්ශන තිබුනද? ඒ අතර ළමා චිත්‍රපටත් තිබුනනේ. පෙම්වතියගේ නිරුවත ගැන පෙම්වතාට ප්‍රශ්නයක් නැත්නම් අපට ඇති රුදාව මොකක්ද? (අ)
මට මතක විදිහට මේක උනේ මීට අවරුදු 15 කට පමණ පෙර , ඒ කලේ මන් ඉස්ස්කොලේ යනවා පත්තරවල තිබුන දක්ෂ කම් පිරි අලුත් නළුවෙක් සිනමාවට ඇවිත් කියලා. ඒ මේ නළුවා ගැන. එක පත්තරේක මේ අර්ජුන කියන නළුවාගේ පවුලේ අය සමග ඔහු ඉන්න පින්තුරත් තිබුනා පොඩි දරුවෝ දෙන්නෙකුත් සමග. ඒ ඔහුගේ දරුවෝ සහ බිරිඳ බව කියාවි තිබුනා. මම මේ ලඟකදී දැක්කා තව පත්තරේක තිබුන මේ අර්ජුනම කියනවා මන් කවදාවත් බැදලා නැහැ කියලා. පවු අර දරුවෝ දෙන්නම දෙන ලොකු ඇති. තාත්ත තමුන්ට පවුලක් නැහැ කියල මේ නිළියොත් එක්ක ඉන්නවා දැක්කම අර දරුවන්ට කොච්චර දුක හිතෙනවා ඇතිද?(නදී)
ඔය කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
මෙයා ඉන්නේ ගල්කිස්සේ ටෙම්පල් පාරේ.(නදී)