(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරියේ කියයි .
ත්‍රිකුණාමලය බලා යන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැත.
එම හේතුවෙන් කළ සොයා බැලීමේ දී නියාමකවරයා දුම්රිය නියාමක මැදිරියේ දක්නට සිට නැත.
පසුව දැන ගන්නට ලැබී ඇත්තේ දුම්රිය ධාවනය වෙමින් පැවතිය දී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවයි .
ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
පෙරවරු 7.30 එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයට ලඟා වීමට නියමිතව ඇති හෙයින් ඉන් අනතුරුව ත්‍රිකුණාමලය බලා යන දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රි‘මලේ දුම්රියේ නියාමක මඟ හැලෙයි
sam Sunday, 16 June 2024 08:12 AM
එතකොට නියාමක සමග සේවය කරන උප නියාමක (Under guard) නිදාගෙන හිටියද??
Manoula Sunday, 16 June 2024 08:40 AM
පව් අනේ එයාට නින්ද යන්න ඇති සහ ඩෝන් ගාල වැටෙන්නට ආති
නිමල් Sunday, 16 June 2024 08:48 AM
දුම්රිය සේවයට විශාල අපලයක් ලබා ඇති වගයි පේන්නේ. ලොක්කත් ලඟදී අකාලයේ නැති වුනා. හැමදාම කුමක් හෝ අකරතැබ්බක්. බලියක් ඇරලා බැලුවොත් නරකද?