IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ත්‍රිරෝදයක් පොලිස් පරික්ෂක හප්පා පැන ගිහින්

(ගයාන් සූරියආරච්චි)

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකායට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයකු සිවිල් ඇදුමින් හැව්ලොක්, කැප්පෙටිපොළ පාර පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී කිරුළපන දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එම නිලධාරියා හප්පා පලාගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

එම අනතුරින් පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු පාදය තුවාලවී ඇති අතර එම නිලධාරියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවෙස්නයේ රාජකාරී කරනු ලබන එම පොලිස් පරික්ෂකවරයා හදිසි අවශ්‍යතාවක සදහා තම බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගැනීම සදහා හැව්ලොක් පාර, කැප්පෙටිපොළ පදික මාරුව හරහා පාර මාරුවී ඇති බව පොලිසිය පවසයි.

එහිදී කිරුළපන දෙස සිට තුම්මුල්ල දෙසට ධාවනය කළ ත්‍රිරෝද රථයක් එම නිලධාරියාගේ ඇගේ හැපී ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියැදුරු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරුව දකුණු පාදයේ තුවාල සහිත නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානය අවට ඇති සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කර සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

ත්‍රිරෝදයක් පොලිස් පරික්ෂක හප්පා පැන ගිහින්

Ruwan Tuesday, 11 June 2024 07:16 AM

ඇමති පුතාලා ඩිෆෙන්ඩර් වලින් ගිහින් හප්පල මරණ ඒවගෙ නඩු අහල නිදොස් කොට නිදහස් කරලත් ඉවරයි.කාට හරි මතකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 491 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3201 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1138 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1968 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site