IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ත්‍රස්තයන් මඩින්න ඕස්ට්‍රේලියා සහාය පතයි

ත්‍රස්ත කටයුතු සදහා සිදුකෙරෙන ආධාර එක්රැස් කිරීම් හා කලාපයේ සිදුවන ත්‍රස්තවාදයට උඩගෙඩි දිය හැකි ඕනෑම ක්‍රියාකාරකමක් මැඩ පැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ   සහය ඉල්ලා ඉල්ලයි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එහි ගොස් සිටි විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස්  හා  ඕස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප්  අතර පැවති හමුවකදී මෙම කරුණ  ඉස්මතු කැරිණි.

ත්‍රස්ත කටයුතු මැඩලීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජූලි බිෂොප් මහත්මිය දැනුම්වත් කිරීමට අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කටයුතු කළේය.පසුගිය සමයේ අත්තනෝමතික ලෙස අසාදු ලේඛණ ගතකොට ඇතැයි කණ්ඩායම් 16 ක් හා පුද්ගලයින් 424 දෙනෙකු මුල් කරගෙන ශ්‍රී ලංකා රජයට නැගෙන චෝදනාවන් පදනම් වරහිත යැයිද රජය එම කණ්ඩායම් වලට හා පුද්ගලයින්ට එරෙහිව පියවර ගත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1373 වැනි යෝජනාවලිය ප්‍රකාරව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ත්‍රස්ත කටයුතු සදහා විදේශයන්හි සිට මහා  පරිමානයෙන් මුදල් ගලා එන බවද,ඒවා යුධමය, බුද්ධි කටයුතු හා ප්‍රචාරක කටයුතු සදහා  යෙදවෙන බවද අමාත්‍යවරයා ජූලි බිෂොප් මහත්මිය හමුවේ පැවසීය. ඒවා මුල් අවස්ථාවන් වලදීම මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇය දැනුම්වත් කිරීමටද අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කටයුතු කළේය.

එවන් ක්‍රියාකරකම් සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීම සදහා සියලූ රටවල් එක්ව කටයුතු කිරීමේ හා අවදියෙන් සිටීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එල්.ටී.ටී.ය ඕස්ට්‍රේලියාවේ තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම ස්තූතියද පළ කර සිටියේය.තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව පෙනී සිටීම සම්බන්ධයෙන් තම කෘතවේදීත්වයද දන්වා සිටියේය.අනවසර සංක්‍රමණිකයින් හා මිනිස් ජාවාරම්කරුවන්ගේ කටයුතු මැඩීමට ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියාව හා සැමදා එක්ව කටයුතු කරනු ඇති බවට අමාත්‍යවරයා සහතික විය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික හා ආර්ථීක ප්‍රවණතා හා එම ක්ෂේත්‍රයන්ගේ ගෙන ඇති නව පියවර සම්බන්ධයෙන්ද ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය හමුවේ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කරණු පැහැදිලි කළේය.

දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කර ගතයුතුව ඇතැයි දෙපාර්ශවයම තීරණය කළෝය.දේශපාලනික, වෙළද හා ආරක්ෂක යන ක්ෂේත්‍ර මූලික කරගෙන නව සබදතා ඇති කර ගැනීමේ අවස්ථාවන් පිළිඹදවද සාකච්ඡා කැරිණි.අධ්‍යාපන, බැංකු හා මූල්‍ය කටයුතු, රක්ෂණ කටයුතු, සංචාරක ක්ෂේත්‍රය, යටිතල පහසුකම් හා මෘදුකාංග සංවර්ධනය, පතල් ක්ෂේත්‍රය, වැනි ක්ෂේත්‍රයන් වල ඕස්ට්‍රේලියා ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇති බවටද හදුනා ගැනුනි.



අදහස් (0)

ත්‍රස්තයන් මඩින්න ඕස්ට්‍රේලියා සහාය පතයි

ඩිලාන් Wednesday, 07 May 2014 02:53 PM

චන්න කියන දේ හරියටම හරි. මෙහෙම ඇවිත් ඉන්න උදවිය සමහරු කිසිම වැඩක් පලක් කරන්නේ නැහැ. රජයෙන් දෙන දීමනාවෙන් යැපෙනවා. මේ නිසා ලංකාවෙන් ගිය නීත්‍යානුකුල සංක්‍රමණිකයන් දෙසත් මිනිස්සු බලන්නේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි කොට්ඨාශයක් වගේ. රැකියාවක් ඉල්ලන්න ගියාම ලංකාවෙන් ආපු වෘත්තිකයෙකුට ප්‍රශ්න රැසක්. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 08 May 2014 03:35 AM

ඕස්ට්‍රේලියන්කාරයෝ කියන්නේ හෝටලයකට ගියහම වේටර් කෙනෙකුට රුපියලකවත් ටිප් එකක් දෙන ජාතියේ මිනිස්සු නෙමෙයි. ඔවුන්ට දැන් ලංකාවෙන් යන බොරු සරණාගතයන්ට මාසෙකට ඩොලර් මිලියන ගණන් වියදම් කරන්න වෙලා. ඒක නිසා දැන් ඔවුන් ලංකාවේ ත්‍රස්තයන් ගැන බටහිරට වඩා වෙනස් මතයක් දරනවා.කවුරු කවුරු හරි අපේ පිලට එනවා නම් අපිට වාසියි. කමක් නැහැ (නි)

:       0       0

නිලුපුලී Thursday, 08 May 2014 06:58 AM

කරන සේවයට අමතර වාසි ගන්න එහි මිනිස්සු නැහැ සිල්වා. අනෙක ආයතන ප්‍රධානියා සමග කතාබහ කරලානේ තමුන්ගේ වේතනය පිළිබඳව එකඟතාවයකට එන්නේ. එයට ලැබෙන පඩිය මදි නම් එයා ආයතනයේ රැකියාව කරන්නේ නැහැ.ගැළපෙන එකක් හොයා ගන්නවා.එහෙම නැත්නම් සතියේ තව දිනයක වෙන රැකියාවක් කරනවා. ඔය කිසිකෙනෙක් සතියේ දින පහම එක රැකියාවක් කරන්නේ නැහැ. එක එක රටවල වැඩ කරන විදිය වෙනස්. ඒක ඒ රටේ ක්‍රමය. (නි)

:       0       0

මාධවී Thursday, 08 May 2014 07:06 AM

ඔය පොඩිවට හෝ ලොකුවට සන්තෝසම් ගැනීම හෝ දීම ඔවුන්ට පුරුදු නැත. මොකද යාචකයෙකුටවත් දීලා පුරුද්දක් නැහැනේ. අනෙක හිඟන්නෙක් හොයාගන්නත් පහසු නැහැනේ. (නි)

:       0       0

මාධවී Wednesday, 07 May 2014 11:58 AM

අන්න හරි.පටන් ගනිමු. බුරුතු පිටින් ඉන්නවා. අහල බලන්න ත්‍රස්තවාදියෝ සමහරුන්ට පුරවැසිකම් දුන්නේ කොහොමද කියල? (ස)

:       0       0

ලලිත් - එස්එල් Wednesday, 07 May 2014 12:05 PM

හරි හරි දැන්නම් ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියාවේ නැත්තටම නැති වේවි. අනිත් රටවලටත් ගියා නම් හොඳයි නේද ?? (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 02:20 PM

අපේ රටට සහය නොදෙන රටවලට ගිහින් කොච්චර කෙදිරි ගැවත් වැඩක් වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයෙන් බැටකාපු රටක් වෙන්නම ඕනේ ඒ ත්‍රස්තවාදය ගැන අවබෝදයක් ලබන්න නම්.(නදී)

:       0       0

චන්න Wednesday, 07 May 2014 02:36 PM

දැන් බොහොම දෙනෙක් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ඇවිත් කියන්න තියෙන ඔක්කොම බොරු කියමින්, ගන්න පුළුවන් හැම දීමනාවක් ම රජයෙන් ඉල්ලා ගනිමින් ඉන්නවා. නීත්‍යානුකුලව මෙහි පැමිණි ලාංකිකයන්ට වඩා ආර්ථික වාසි තකා බෝට්ටු වලින් පැමිණි උදවිය යහතින් ඉන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 265 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1317 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1584 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2270 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2930 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35249 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24056 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site