IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ත්‍රස්තවාදය බිහි කළේ කොල්වින්ගේ ව්‍යවස්ථාවයි

‘හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට 1977 දී, විධායක ජනාධිපති ක‍්‍රමය රට ඉදිරියේ තබන්නට සිදුවුයේ සිරිමාවෝ  බණ්ඩාරනායක හිටපු අගමැතිනිය සමගි පෙරමුණ ආණ්ඩුවේ සිටි වාමාංශිකයන් යැයි කියාගත්ත සමාජවාදය, සර්ව සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳව කතා කළ විද්වත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා හැදු 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  නිසා’  යැයි  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ළිමේන්තු මන්ත‍්‍රී නීතීඥ විජයදාස රාජපක්‍ෂ    මහතා එසැණ සමඟ කළ සම්මුඛ සාකච්ජාවකදී පැවසීය.

‘එදා සමගි පෙරමුණ රජයේ 1972 ව්‍යවස්ථාව හේතුවෙන් සොල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය අහෝසි කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් අහිමිවීම හේතුවෙන්, අමිර්ත ලිංගම්ගේ නායකත්වයෙන් වඩුක්කොඩෙයි සම්මේලනය පවත්වා දෙමළ ජනතාවට වෙනම රාජ්‍යක් ඇතිකිරීමට පාර එළි කැර දුන් නිසා යැයිද වේලුපිල්ලේ ප්‍රභාකරන් හටද  එය හොඳ අවස්ථාවක් වී යැයි රාජපක්ෂ මහතා කීවේය.

තවද එම ව්‍යවස්ථාවෙන් ශ‍්‍රී ලංකාවේ අධිකරණසේවා, රාජ්‍යය සේවා යන කොමිෂන් සභාවන් අහෝසිකැර ඇමැති මණ්ඩලයට ඒකාධිපතිව හැසිරෙන්නට ආණ්ඩුක‍්‍රමයෙන් බලතල දුන් බවද පැවසූ ඒ මහතා, ජේ ආර් ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපති ක‍්‍රම ව්‍යවස්ථාවද දෝෂ දර්ශනයට ලක් කළේය.

ජේ ආර් ව්‍යවස්ථාව ජනතාවට නරක සහ භයානක ප‍්‍රතිපල ගෙන දෙන්නක් බවද ඔහු කීවේය.

ආර් ප්‍රේමදාස  ජනාධිපතිවරයාත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් වත්මන් ජනාධිපතිවරයාත් මෙම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවටත් ව්‍යවස්ථාදායකයට වගකියන තනතුරක් ඇතිකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදිව රට  පාලනය කරන බවටත්, ජනතාවට පොරොන්දු දී‍මෙන් යැයිද  ඔහු කීවේය.

වත්මන් එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මැතිවරණයන් වලට ඉදිරිපත්වීමට පෙර, ජනතාවට එජාප ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කිරීමත්, එය අනුව, යෝජනාවලියක්ද ඉදිරිපත්කර, ජනතා අදහස් විමසා , එය සංවාදයකට යොමුකොට, නව ව්‍යවස්ථාව ජනතාව අතරට පළමුව පත්කිරීම ප‍්‍රධානම අරමුණ බව පැවසූ රාජපක්‍ෂ මහතා, කෝට්ටේ මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ඉදිරිපත්කළ යෝජනාවලියේ දැනට පවතින ව්‍යවස්ථාවටම ඉදිරිපත්කළ කුඩා කොටසක් පමණක් බවත්, එජාප නව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් බවත්, එයට සෝභිත හිමියන් එකඟතාවය පළකල බවත් රාජපක්ෂ මහතා  සඳහන් කළේය.

එම මහතාගේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ එජාප මෙල්බර්න් ශාඛාවය, එහි සභාපති සිරිල් ධර්මවර්ධන, ලේකම් නාලක නවගත්තේගම සහ භාණ්ඩාගාරික  සුනිල් සොයිසා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙනෑෂ්  සරසවි ශ‍්‍රවණාගාරයේ    මෙම නව ව්‍යවස්ථාව පිළිබඳව විශේෂ දේශනයද පැවැත්විණි.



අදහස් (0)

ත්‍රස්තවාදය බිහි කළේ කොල්වින්ගේ ව්‍යවස්ථාවයි

න.ප්‍ර. Tuesday, 20 August 2013 02:20 AM

එතකොට පොන්නම්බලම් 1940දී පනහට පනහ ඉල්ලුවෙ කොල්වින්ගෙ ව්‍යවස්ථාව නිසාද? ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා. (නි)

:       0       0

සී.ඩබ්ලිව් Monday, 19 August 2013 04:30 PM

එහෙනම් මොකද ඔයා කොහේද ඉන්නේ.

:       0       0

නිහාල් Monday, 19 August 2013 04:31 PM

සුද්දාගෙන් අපිට සම්පුර්ණ නිදහස ලැබුනේ 1970 මැයි 27 වනදා සමඟි පෙරමුණු ආණ්ඩුවට ලැබුණු 2/3 ජනවරම නිසා.එතෙක් දෙමළ නියෝජිතයන් සුද්දගේ පස්සෙන් ගොස් බලා සිටියා ඉන්දියාව පකිස්ථානය වෙන්කරා සේම සුද්ද ලවා ලංකාව දෙකඩ කිරීමට.නමුත් අපි 1972 ජනරජයක් වුනාට පස්සේ තමයි දෙමළ ත්‍රස්තවාදීන්ට රට කඩාගන්න උවමන වුනේ.අද අපි සුද්දගේ යටතේ හිටියා නම් වෙන්න තියෙන හරිය සිංහලයට වෙලා හමාරයි. (ස)

:       0       0

කුමාර් Monday, 19 August 2013 04:40 PM

ලෝකෙම කාපු මාක්ස් ලෙනින් වාදය මෙරටට හදුන්වාදුන් අයත්, අදට එක බදාගෙන ඉන්න අයත්, මෙරටේ පරිහානියට සම්පුර්ණයෙන් ම වග කියන්න ඕන. මේ ජරා කොමියුනිස් වාදය 20 වෙනි සියවසේ නැතිවූ මිනිස් ජීවිත මිලියන 150 කට වගකියන්න ඕන. (අ)

:       0       0

රනිල් Tuesday, 20 August 2013 04:22 AM

ඕවට තමයි කියන්නේ විජේදාසගේ හිටිවන බයිලා කියලා, අනේ අපි නොදන්නා බොක්සින් ,. එජාප තොත්ත බබාලා.(නදී)

:       0       0

ලලිත් Monday, 19 August 2013 05:01 PM

අර සුද්දෝ දීපු විදියට කරගෙන උන්නනම් ඉවරයි නේ. වැඩි වැඩ වලට ගිහින් ත්‍රස්තවාදය ඇතිකළ, අධ්‍යාපනය කාල දැම්ම. පරිපාලනය මුදල් රෙගුලාසි, මාර්ග නීති, මේ සේරම කල දැම්ම, අන්තිමට මිනිස්සුන්ට කැමති නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට පත්කරලා යවන්න තිබුණු අවස්ථාවත් නැතිකරලා පක්ෂයක නායකකම අල්ලාගෙන රජවෙන එක්කෙනාගේ හෙන්චියල රොත්තෙන් එකෙකුට ඡන්දෙ දීල පාර්ලිමේන්තු යවන්න සිද්ද වුණා.(අ)

:       0       0

ටෙනිෂන් Monday, 19 August 2013 05:13 PM

කොල්වින් වැරදිද? සෝල්බරි ව්‍යවස්තාවේ 29 වගන්තියෙන් සුළු ජාතීන් ලෙස දෙමල, මුස්ලිම් ජනයට පහසුකම් කිහිපයක් තිබු බව ඇත්ත එයින් අදහස් කලේ මහා ජාතිය වැඩි වරප්ප්‍රසාද ලබන බව නොවෙයිද?එසේ වුකල කිසිම දිනක මොවුන් අතර සමගියක් ඇති වෙයිද?මගේ පුංචි මොලයට තේරුන විදියට නම් කොල්වින්ට අවශ්‍ය වුනේ එය නැති කිරීමයි. එය වැරදිද?ඇමෙරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල විශාල සුළුජාතින් ප්‍රමාණයක් ඇතිමුත් කිසිවෙකුටත් එලෙස වෙනම වරප්ප්‍රසාද තිබෙයිද.දෙශපාලඥයන් හැමදාම කළේ වැරදි කොන රට වැසියන්ට පෙන්වීමයි.මා දන්නා තරමින් එදා කොළඹ අය යම් අපහසු තාවයකට පත්වුණත් යාපනේ වැසියෝ යහපත් හොද ජීවිතයක් ගත කල විවෘර්ත ආර්ථිකය සියල්ල කණපිට පෙරලුව එයයි සත්‍යය (අ)

:       0       0

කරුණාරත්න Wednesday, 21 August 2013 05:39 AM

ව්‍යවස්ථාවේ නෙමෙයි වැරැද්ද ‍තියෙන්නේ පුද්ගලයන්ගේයි (නි)

:       0       0

සම්පත් Monday, 19 August 2013 06:35 PM

දේශපාලනය රස්සාවකටවත් නොකරපු වටිනා මිනිස්සුන්ට මඩ ගහන්න එපා. (ස)

:       0       0

සුනිල් Tuesday, 20 August 2013 03:58 PM

අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ මේවා (නි)

:       0       0

ගුණේ Tuesday, 20 August 2013 09:11 AM

ටෙනිසන් ඔබ හරි. (නි)

:       0       0

දේශමාමක Monday, 19 August 2013 07:32 PM

රටට ආදරේ කවුද නැත්තෙ කවුද යන්න ඒ කාලෙ ජනතාව තේරුම් ගත්තා. (නි)

:       0       0

මුණසිංහ Monday, 19 August 2013 07:47 PM

එතකොට කොල්වින් - ජේ ආර්ට කියලා තිබුනද මේ ජාතියේ ව්‍යවස්ථාවක් හදන්න කියලා. විජේදාස උන්නැහේ මේවා කියන්නේ පොඩි උන්ටද? කොල්වින්ලා කරපු දේවලින් 1/10 ක් වත් දේවල් මොවුන් කරනවද ජනතාව වෙනුවෙන්. (ස)

:       0       0

නිහාල් Monday, 19 August 2013 07:55 PM

මේ මහත්තයා වගේ මොළකාරයෙක් ඒ කාලේ හිටියා නම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ.. (ස)

:       0       0

ටිකිරි Wednesday, 21 August 2013 03:48 PM

පිටරටවල ගිහිල්ලා ලංකාවේ හිටිය බුද්ධිමතුන්ට නිග්‍රහ කරන එක හරිද? (නි)

:       0       0

ඇසල Monday, 19 August 2013 09:39 PM

ලංකාව කියන්නේ තාම සංස්කෘතික වශයෙන් නොදියුණු පසුගාමී සමාජයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ​යන සංකල්ප තාම අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අත කොටා වගේ , ගුරුවරිය දණ ගස්වපු මැරයා වගේ අයට පෝලිමේ ගිහින් ඡන්දේ දෙන්නේ (නි)

:       0       0

උපාලි රණතුංග Tuesday, 20 August 2013 12:20 PM

විජේදාසගේ බයිලා.නිහාල්, ටෙනිෂන්,උපාලි,න.ප්‍ර ඔබලා හරියටම හරි. මහා වින්නැහිය කලේ 1978 ව්‍යවස්ථාවෙන්.(අ)

:       0       0

කුමාර Wednesday, 21 August 2013 10:26 AM

කරුණාරත්න ගේ අදහස හරියටම හරි, වැරැද්ද හෝ වැරදි සිතුවිලි තියෙන්නේ පුද්ගල මතවාද අනුව. ව්‍යවස්ථාවේ වැරද්දක් නම් කොටි පරදවන්න ජනාධිපතිතුමාට කවදාවත් සේනාංක මෙහෙවන්න බලයක් ලැබෙන්නේ නැහැ. අනිත් කාරණය නම්, මේ සැවොම භාවිතා කරන අන්තර්ජාලය මේ රටට මේ විදියට ලැබෙන්නෙත් නැහැ, 78 පෙර ව්‍යවස්ථාව කරේ තියන් යන උදවිය අදටත් බලයේ හිටිය නම් . (ස)

:       0       0

ට්‍රිෂන් Tuesday, 20 August 2013 12:57 PM

78 ජේ ආර් ගේ ආණ්ඩු ක්‍රමය නිසා ඇති උන භයානක තත්වය නිසි තාමත් රට විදවන්නේ, ඉන්දු ලංකා ගිවිසුම රට විනාස කරා, එකට අනුව භාණ්ඩ 1110 ඉන්දියාවෙන් ගෙන්වද්දී අපේ අපනයන භාණ්ඩ ගණන උනේ 78, ඊට පස්සේ පළාත් සභා මර උගුල, ප්‍රබාකරන් ඔය තරම් බලවත් වෙන තැනට එනකම් වර්ධනය උනේ ජේ.ආර් ගේ කාලේදී. ජේ. ආර් ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. විධායකට අසීමිත බලතල දීල අත්තනෝමතික විදියට විනාසය කරා රට අදාල දැම්මේ. ජී ආර්, ජේ වී පී, එල් ටී ටී ඊ, මේ අය තමා හැම මනුස්සයගේම විනාසය ඇති කරේ (අ)

:       0       0

අමිතා Tuesday, 20 August 2013 01:11 PM

මුන්ට පිස්සු අනේ. මොකද දන්නෙ නෑ සුළු ජාතීන් ගැන හදිස්සියෙම කැක්කුමක් ඇතිවුනේ. රටේ ව්‍යවස්ථා හදන්න ඉස්සෙල්ල ඒගොල්ලන්ගෙ ව්‍යවස්ථා හදා ගත්තනම් මොකද?(අ)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 19 August 2013 11:08 PM

ටෙනිසන් මහතාගේ අදහස සමග මමත් එකගයි (නි)

:       0       0

ලහිරු Monday, 19 August 2013 03:41 PM

ත්‍රස්තවාදය පමණක් නොවෙයි තව තව දේවලුත් ලංකාවට හදුන්වා දුන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

දම් Monday, 19 August 2013 03:42 PM

කමත් භාෂාවට පරිභව කල ඉංගිරිසි ඇදුමින් සැරසුන මහා සමාජවාදිය. (අ)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 19 August 2013 03:46 PM

මහත්තයෝ ඕවා කතා කරන්න ඕනෑ ලංකාවේ ඉන්න නියම ඡන්දදායකයෝ එක්ක කියලයි මම නම් කියන්නේ. මොකද ඡන්ද බලය තියෙන්නේ ලංකාවේ ජිවත් වෙන ජනයාට (නි)

:       0       0

උපාලි Tuesday, 20 August 2013 01:21 AM

ටෙනිසන්, ඔබ හරියටම හරි. විජයදාස රාජපක්ෂ මහත්තය තව දුරටත් කිව්වා නම් හොඳයි, 1978 ව්‍යවස්ථාවෙන් කරපු මහා වින්නැහිය. ලංකාවේ ඉන්න හිස ඉදිමුණු නායකයන්ට ඒකාධිපති වෙන්න මග පාදා දුන්, මහ ජනතාවට හෝ තමන්ගේ චන්දදායකයන්ට වග නොකියන නමුත් මහජන නියෝජිතයින් යයි කියා ගන්න පිරිසක් බිහිකළ, තනතුරු රැකගැනීමට සේවය කිරීම නොව නායකයාට ආවැඩීම පමණක් ප්‍රමාණවත් බවට පත්කළ, මුළුරටම කුලල් කා ගන්න පොර පිටියකට හැරවූ, 1978 ව්‍යවස්ථාව හරියි කියලද එතුමා කියන්නේ. අපේ 'මොළ ශෝධනයක්' කරන්න එතුමා තවම මෝරලා මදි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 887 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 970 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1698 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2105 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 531 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1078 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35831 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site