(මුදිතා දයානන්ද)
ආර්ථික අර්බුදකාරී තත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව අලෙවි නියෝජිතයන් අතර බෙදාහැරිය යුතුව තිබු ඉන්ධන ලීටර් කෝටි 1.6ක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් බෙදා හැර නැති බවද එයින් දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන් නිර්මාණය වූ බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙම කාලවකවානුවේ තවත් ඉන්ධන ලිටර් කෝටි 1.6ක් ප්‍රමුඛතා ලැයිස්තුව නොසළකා හරිමින් බෙදා හැර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව ඉන්ධන බෙදාහැරිමේදි අසමානතා දක්නට ලැබුණ බවද එම වාර්තාවේ සඳහන්වේ.
එම විගණන වාර්තාවට අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 හෝ 95 අලෙවි නියෝජිතයන් 120 දෙනෙකුට ලබාදි නොතිබු අතර අලෙවි නියෝජිතයෝ 22 අතර බෙදාහැර තිබුනේ ලංකා පෙට්‍රල් ලීටර් 6600ක් පමණි.
එහෙත් බෙදුම්කරුවන් 08 දෙනෙකු අතර ඉන්ධන ලීටර් 210,000ක් බෙදාහැර ඇත.
ලංකා ඔටෝ ඩීසල් අලෙවි නියෝජිතයෝ 73 දෙනකුට ඩිසල් කිසිවක් ලබාදි නොතිබු අතර අලෙවි නියෝජිතයෝ අට දෙනෙකු අතර බෙදාහැර තිබුණේ ලීටර් 6ල600ක් පමණිග එහෙත් අලෙවි නියෝජිතයෝ ලීටර් 2,00,000කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමණාකාරිත්වය සඳහන් කරන්නේ එවැනි තත්වයක් පැවති බව පිළිගන්නා අතර එය අදාල අලෙවි නියෝජිතයන්ගෙන් මුදල් නොලැබීමල ඇණවුම් නොලැබීම ආදී කාරණා නිසා සිදුව ඇති බවය.
එසේම ඇතැම් බෙදුම්කරුවනට වැඩි ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබුණ බවද සමා ජඅසහනය දුරලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තම ආයතනය කටයුතු කළ බවද ගැටලුව නිවැරදි කිරිමට කටයුතු කළ බවද ඔවුන් සඳහන් කර තිබේ.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ 2021 වසරේ දෙසැම්බර් 31 දිනට අදාල විගණන වාර්තාවේය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල් පෝලිම් හැඳුණු හේතුව විගණනය කියයි
SUNIL MILANO Wednesday, 03 May 2023 01:55 PM
තෙල් පෝලිම් විතරක් නෙවෙයි. ගෑස් ලිප් පිපිරවීම්... මෙයද මෙයද ජෙප්පන්ගේ, එන්.ජී.ඕ. කාරයින්ගේ කඩාකප්පල් වැඩ..? නමුත් කණගාටුවට කරුණ නම් මේ කාලකණ්ණින් අපතයින් තවමත් කටමැත දොඩවමින්... නිදැල්ලේ සිටීමයි.
බයි මිලානෝ Wednesday, 03 May 2023 03:47 PM
ඒක විතරක් නෙමෙයි, කලකට ඉහතදී කෝප් කමිටුවේදී එළි වුණා අර්බුද කාලයේ ඉන්දියාවෙන් ගැස් මිලදී ගන්න ඩොලර් මිලියන 60ක ආධාරයක් ලබාදී තිබුණත්, එවකට හිටපු මුදල් ඇමැති බැසිල් එය මාස 6ක් පමණ යනකම් ලබා නොගෙන මිනිසුන්ව ගෑස් පෝලිම්වල දුක්විඳින්න ඉඩහැරලා තිබ්බා කියලා... එහෙම මිනිස්සු ටිකක් තමයි අපහු මේ නැගිටින්න හදන්නේ...