(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවැසීය .
එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ බදු දෙන්නේද නැතැයි පැවසූ ඇමැතිවරයා එසේ කිරීමට තමාකිසිවිටෙකත් ඉඩ නොදෙන බවද පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
මේ මොහොතේදීත් බලශක්ති ඇමති තමා යැයිද ඔහු කීවේය .
එසේම තෙල් බෙදා හැරීම චීනය තබා වෙන කිසිම රටකට පැවරීමට තීරණයක් ගෙන නැතැයිද අඩු තරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද අවධාරණය කළේය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා කරගෙන යන බවද බලශක්ති ඇමතිවරයා පැවසීය .
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ ’’