IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


තෙල් සංස්ථාව පොලු තියලා:ඉරාන තෙල් ගිවිසුම කඩලා

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ.

මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම ගැටලුවට මැදිහත් වූ සාගල රත්නායක මහතා මසකට ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව ඉරානයෙන් ඩොලර් මිලියන 250 ක ඉන්ධන ලබාගෙන ඇති නමුත් ඊට සමානව තේ ලබාදී නැත.

ඊට හේතුව වී ඇත්තේ තෙල් සංස්ථාව ඊට අදාල මුදල් තේ මණ්ඩලයට ලබා නොදීමයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැදිහත්වී තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කොට මසකට ඩොලර් මිලින පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීම වෙනුවෙන් මුදල් තේ මණ්ඩලය වෙත ගෙවීමට එකඟ වී තිබේ.

මේ අනුව පළමු තේ තොගය ඉකුත් සතියේ ඉරානය වෙත යැවීමත් සමඟ පහත බැස තිබූ තේ දළු කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව තේ වෙළෙදුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

තෙල් සංස්ථාව පොලු තියලා:ඉරාන තෙල් ගිවිසුම කඩලා

ravin Saturday, 19 August 2023 08:45 AM

ඔය ක්‍රමයට තෙලුයි, තේ කොළයි හුවමාරු කරගත්තාම කොමිස් කාරයින්ට මොකද වෙන්නේ..? බොල බූරු පුතේ නුඹ සෝක නොවී හිටපන්...!

:       1       67

sanjeeva Saturday, 19 August 2023 11:38 AM

දඩය ගෙවාගන්න බැරිවුණාම ඒකටත් බිලිවෙන්නේ අපේ පොකට් එකට... කෝටි ගණන් බදු නොගෙවා මගහරින මහා හොරු නිදැල්ලේ. ඔවුන් නොගෙවපු බදු අයකරන්නෙත් අපෙන්...

:       2       25

බද්රානි Saturday, 19 August 2023 01:02 PM

රාජපක්ෂලා පාලනය කළ සමයේ නේද මේ ගිවිසුම ගැහුවේ...? ඔවුන් සමග සිටි නිලධාරිනුත් චෞරයින්... ඩොලර් සියයට තෙල් බැරලයක් මිලදී ගන්නත් තවත් ගිවිසුමක් ගසා තිබුණා නේද...? මේ හොර කල්ලිය මේ රටට කළ හානිය වචන වලින් කියා නිම කරන්න බැහැ.. නමුත් මේ කිසිවෙකුට දඬුවම් නැහැ.

:       47       49

රට පෙරටSaturday, 19 August 2023 04:41 PM

ඒකට ඉතින් ශක්තිමත් කශේරුකාවක් තියෙන නායකයෙක් තෝරාගන්න ඕන.. ප්‍රශ්නය තියෙන්නේ එහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවාද කියලා තමයි කොහොම වුණත් රටින් ගෙනාවොත් ඉතිරි ටිකත් ඉවරයි..

:       0       21

නිහාල්Saturday, 19 August 2023 09:10 PM

චෞරයින්ගේ ගෝලයෝ බැක් හෑන්ඩ් පොයින්ට් ඩවුන් දාලා 45ක්ම...!

:       0       1

Dinesh Sunday, 20 August 2023 06:42 AM

මතකද හෙජින් ගිවිසුම...? කෝටි ගණන් බැංකුවලට ගෙව්වා දඩ විදිහට... රටට වෙච්චි පාඩුව කොච්චරක්ද? කවුද වැරැදි...? දඬුවම් දුන්නද?

:       0       2

විමංශා Saturday, 19 August 2023 04:47 PM

කවුරු ගිවිසුම් ගැහුවත් සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් නොකළොත් සාර්ථක වෙන්නේ නැහැ... තෙල් සඳහා ඩොලර් නිකුත් කිරීම කරනවා වගේ මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න ඕනෑ... ලංකාවේ කරන කිසිම වැඩක් පසු විපරම් නොකිරීමේ විපාක තමයි මේ කියන්නේ...!

:       0       30

chandima Saturday, 19 August 2023 11:14 PM

රනිල් ඇවිත් සෑහෙන කාලයක්... රාජපක්ෂලාගේ වැරැදි තිබුණා නම් ඒවා නිවැරැදි කරන්න ඇති තරම් කල්... බලපුවාම රාජපක්ෂලා වැරැදියට හරි යමක් කළා. හරි දේත් බැහැ. වැරැදි දේත් බැහැ. වලපල්ලට ගියාට පස්සේ රට ගොඩගන්නවා කියනවා. අපේ හරක් එව්වා තලලා අප්පුඩි තලනවා.

:       0       1

සල්ලි Sunday, 20 August 2023 08:33 AM

ජනාධිපතිතුමා නොසිටියා නම් මේක විසඳන්න වෙන්නේ නෑ. විශිෂ්ඨයි තුමනි...!

:       2       0

ගමේ එකාලා Sunday, 20 August 2023 05:34 PM

දූෂිත දේශපාලුවෝ රටටම පොලු තියලා. ලෝකෙට ණයවෙලා, හිඟාකන ජාතියක් බවට පත් කෙරුවා. එහෙව් රටේ තෙල් සංස්ථාවේ අය ගැන මොන කතාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 15 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 7 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 211 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1429 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 209 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 477 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site