ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් සැක පිට පොලිස් විශේෂ කාර්ය බළකාය හබරණදී අත් අඩංගුවට ගත් තෙල් බවුසරයක් හබරණ පොලීසියට භාර දීමට රැගෙන යද්දී එහි රියදුරා බවුසරය ඇළකට පෙරැළිම සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇතැයි පොලීසිය කියයි.
ඉන්ධන ජාවාරමක තොරතුරු වසන් කැර ගැනීම සඳහා රියදුරා විසින් මෙම අනතුරු හිතාමතාම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
බවුසරයේ තෙල් හබරණ රක්ෂිතයේ ඇළ මාර්ග වලට කාන්දු වීම නිසා එහි මසුන් ,ඉබ්බන් ආදී ජලජ සතුන් රැසක් සතුන් මිය යෑමට ද පටන් ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරුගේ මොලේ තමා මොලේ. (ස)
ටිකිරි මොලේ. (ස)
රියදුරු මහතාට මොකද වුණේ එතකොට. (ස)
මෙයාගේ මොලේ දාන්නකෝ ඔය ඇලේ! (ස)
ඕවා මොනවද සෞදි ඉන්න අපේ අය කරන දේවල් දැක්කහම? (නි)
හොරකම කියන එක අද රාජ්‍ය පුද්ගලික අංශ දෙකටම පොදු දෙයක් වෙලා. පාලකයෝ මිලියන ගණන් හොරකම් කරමින් ආදර්ශමත් වෙද්දී සේවකයෝ පොඩි පොඩි හොරකම් කරනවා. මේ දෙකම එක හා සමානව වැරදි ක්‍රියාවන්. නමුත් නීතිය ක්‍රියාත්මක කරන සමහර අයටත් මේ වගේ දේවල් හොඳ අාදායම් මාර්ග වෙලානේ තියෙන්නේ. යහපත් පාලනයක් මේ රටේ ස්ථාපිත වනතුරු මේ දේවල් තව තවත් සිදුවන එක නවත්වන්න නම් කාටවත් ඔට්ටුයි බැරුවට. අවසානයේ විඳවන්නේ පාරිභෝගික ජනතාවයි. (නි)
වැරදි ගොඩක්.මේ වැරදි සේරම ගොනු කරලා නඩු දාන්න. (නි)
රියැදුරා බුද්ධිමත්. නමුත් බුද්ධිය උපයෝගී කරගත් අවස්ථාව තමයි නරක. අහිංසක සතුන් තමයි අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නේ (නි)
අපතේ ගිය තෙල් වල සහ වාහනයේ අලාභය මොහුගෙන් අය කරගන්න . පරිසර දුෂණයට රුපියල් ලක්ෂ 10 අවම වශයෙන් අය කරගන්න , මොහුළඟ මුදල් නැත්නම් දේපල විකුණා හෝ මුදල් අය කරගන්න . (දී)
පරිසර හානියට වෙනම නඩුවක් දැමියයුතුයි (දී)
මේවා හොරකම්ද (දී)
ලංකාව ඉතින් හදන්ට පුලුවන්ද... (ස)
මොහු බුධිමතෙක් යන අදහස් පලකරන පුද්ගලයන් ගැන මම කණගාටු වෙමි ,බුධිමතෙක් නම් ධාර්මික මාර්ගයකින් මුදල් උපයාගත් හැක , මට නම් මොහු පොදු දේපල හොරකන් කරන හොරෙකි , (ස)
රියදුරාවත් දවසක් බස්සල තියන්න ඕන ඇලේ...පැයකට සැරයක් යට ගිහින් උඩ එන්න කියන්නත් ඕනා.(නදී)