1977 දී ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් දැනට ජීවත්ව සිටින එකම පුද්ගලයා වන අනගාරික රයිටර් තිලකසේකර මහතාගේ සේවය ඇගැයීමේ උත්සවයක් අම්මබලංගොඩ නගර සභා ශාලාවේදී පැවැත්විණි.
එජප මහලේකම් තිස්ස අත්තනායක, මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක, හිටපු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු, ඩී අශෝක ධනවංශ, දකුණු පළාත් සභා මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහත්වරු ද එහි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කරපු සංවර්ධන කාර්යයන් එහෙම තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලුම්බිණි, මෙතුමා අම්බලන්ගොඩ ආසනයට ඉතාමත්ම සේවයක් කළ මන්ත්‍රීවරයෙක්. නොදියුනු ගම්මාන වලට විදුලිය ලබා දුන්නා, ගෘහ කර්මාන්ත ඇති කලා. ඒත් අද දේශපාලකයෝ වගේ කයිවාරු ගැහුවේ නැහැ (නි)
සිසිර, එච්චර ජනතා සේවයක් කළා නම් ජනතා කැමැත්ත එතුමාට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි (නි)
ගාල්ලේ මන්ත්‍රිලා කොහොමත් හොදයි (නි)
මට මතකයි ගියා පාර පළාත් සභා ඡන්දෙ ඉල්ලුවා. එහෙම නම් කළ ගුණ දන්නා අම්බලන්ගොඩ ජනතාව ඇයි මෙතුමාව ලිස්ට් එකේ පහලටම ඈදල දැම්මේ? (අ)
එතුමාට දීර්ඝායුස පතනවා (අ)
මමත් අම්බලන්ගොඩ, මෙතුමා සේවයක් කලේ නෑ කියන්න බෑ, සේරම මන්ත්‍රීවරුන් මොන හැරි දෙයක් තමන්ගේ ජනතාවට කරලා තියෙනවා. මම දන්නා තරමින් නම් මෙතුමා සල්ලි පස්සේ නොගිය කෙනෙක්. තමන්ටම කියල ගෙයක් තියනවද කියල දන්නෙත් නැ. හිටියෙත් කුලියට . දිර්ගායුස පතනවා (අ)
කෙසේවෙතත් මෙතුමා අම්බලන්ගොඩ ආසනයට කරපු සේවය ඇති වර්තමාන අම්බලන්ගොඩ ආසනයේ දැන් ඉන්න දේශපාලකයන් එක්ක බලද්දී (නි)
මෙතුමා දැනට සිටින මන්ත්‍රීලත් (හිටපු මන්ත්‍රීලත් ) අතර මහනෙල් මලක්. දේශපාලකයෝ පරම්පරා ගානකට හම්බ කරන යුගයක තමාට කියා ගෙයක්වත් හදාගත්තේ නැති එකම මන්ත්‍රීතුමා තමයි රයිටර් තිලකසේකර මැතිතුමා. හම්බකරපු දේකුත් නැහැ. හැමෝම මිනිස්සු පුදුම ආදරෙයි. (නි)
ක්‍රිෂාන් විතාන, මෙතුමා ඡන්දෙන් දිනන්න විසිකරන්න සල්ලි නැති දුප්පත්, අවංක දේශපාලකයෙක්. ඒ වගේ කෙනෙකුට අපේ මිනිස්සු ඡන්දෙ දෙනවද? දැන් මිනිස්සු ඡන්දෙ දෙන්නේ සල්ලි වලට....... (නි)
මෙතුමා තිලක පුර ප්‍රදේශය හරහා බටපොලට යන්න බස් රථ සේවාවක් හදල දුන්නා, ඉස්සර එහෙම බස් සේවයක් තිබුනේ නැහැ, මිනිස්සුන්ට අක්කර කාල හෝ භාගය බැගින් බෙදල දුන්න බවත් මට මතකය. පාසලක් අලුතින්ම හදවල දුන්නා. සල්ලි නම් හම්බු කලේ නැත. මම නම් මෙතුමාගේ චන්ද දායකයෙක් නොවේ. මෙතුමාගෙන් වැඩක් කරවා ගෙන ද නැත. මිනිස්සුන්ට හැම දේම මතක සුළු කාලයකට විතරය. (නි)