පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැර සිටින තලංගම පොලිස් ස්ථානාධිපති ,අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ,ඇතුළු පොලිසියේ සිව් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඔවුන් ලබන 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
හිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගේ සැමියා බව කියන කුමාරසිංහ කිතුල්ගලදී මරා දමා තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ගියවර ඇප අයදුම්පත ඉදිරිපත් කළහ.
තලංගම පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුලත්සිංහලගේ ජීවානන්ද උපුල් පෙරේරා,අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමල් ප්‍රියන්ත කොඩිතුවක්කු, සැරයන් සමරවීර ආරච්චිගේ නිහාල් පුෂ්පකුමාර සහ කොස්තාපල් නවරත්න මුදියන්සේලාගේ තරිදු ප්‍රසාද් නවරත්න රිමාන්ඩ් කළ අය වෙති.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තලංගම පොලිස් හතර යළි රිමාන්ඩ්
ගොඩගේ ප්‍රියන්ත Tuesday, 10 December 2013 07:52 PM
පුදුම වැඩක් කියන්නේ පොලිස් මහත් වරුත් මේ වැරදි වැඩ වලට සම්බන්ද වෙන එකනේ.(නදී)
සත්‍යා Tuesday, 10 December 2013 06:53 AM
වසන්ත ජිනදාස නීතියේ මුර දේවතාවුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 09 December 2013 08:05 PM
මේ හතර දෙනාට උදවු කළ නීතියේ අයටත් දඩුවම් දෙන්න ඕනෑ (නි)
රොෂාන් ප්‍රනාන්දු Monday, 09 December 2013 09:26 PM
මේවා සල්ලි බලාගෙන කරපු දේවල්, පලදෙනකොට පලදෙනවා.(නදී)
සුමංගල - ඇල්පිටිය Tuesday, 10 December 2013 12:49 PM
එළියේ වගේ සැප නැතුව ඇති (ස)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 December 2013 12:11 AM
එලියට ආවත් ඕවා පඩිසන් දෙනවා!!නැත්නම් රිටර්න් එක දෙනවා!!(අ)
ආරියසේන Tuesday, 10 December 2013 03:44 AM
අද ඉතින් සල්ලි වලින් ඕනෑම දෙයක් කරලා බේරන්න පුළුවන් කියලානේ හිතාගෙන ඉන්නේ (නි)
උපාලි Tuesday, 10 December 2013 04:57 AM
නීතියේ ආධිපත්‍යය යන්තමින් හෝ සුරැකෙන්නේ මෙවැනි එඩිතර යුක්තිගරුක විනිසුරුතුමන්ලා නිසයි. සමහර මිනීමරුවන් ඇප ලබාගෙන හිනාවෙවී යන හැටි දකිනකොටයි අපට වෙනස තේරෙන්නේ. (නි)