කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල්වරයකු තුවාල කළැයි කියන පුද්ගලයකු තෙල්දෙනියේ දී අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු ද ඔහුගේ අට හැවිරිදි දියණිය ද වෙඩි වැදී තුවාල ලද බව පොලිසිය කියයි.
යුද හමුදාවෙන් පැන ගිය බව කියන මේ පුද්ගලයා සිය බිරිය හා දරු දෙදෙනා සමග යතුරු පැදියෙන් යද්දී පොලිස් නිලධරයකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළැයි ද, ගිනි අවිය පත්තුවී ඔහුගේ දියණියට ද වෙඩි වැදුණේ යැයි ද පොලිසිය කියයි.
දියණිය මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාගේ පව් නේද අහිංසක දරුවා පිටින් ගිහින් තියෙන්නේ. ? දැන් ඉතින් පවුල පිටින්ම අනාතයි. (නදී)
පොඩි එකා නම් පව්. ඒත් පොලිස් නිලධාරීන්ට මඩ ගහන්න ඉන්න අයට හොඳ වැඩේ.(නදී)
පිටිගල හිටියේ මමත් එක්ක එකම පොලිස් කුඩුවේ එදා.(නදී)
සෙල්ලන් පිස්තෝල අරන් දුවපු කෙනාව හංගපු අවි පෙන්නන ගෙනියන්නේ කවදාද? (නදී)
මේ පව් කාරයෝ නිසා අහිංසක දරු පැටව් නිකන් දුක් විදිනවා (ස)
දැන් පොලීසිය වටේටම වෙඩි තියනවා. වගේ වගක් නැතිව. පිස්සු නැත්ම් මරු. (ස)
'නන්දන' දන්නා ඉටිගෙඩියක් නැහැ.මේක මිලානොවක් නොවෙයි.(අ)
දැරියකගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලෙසු මෙම පොලිස් නිලධාරීන් වහාම අත් අඩංගුවට ගන්න.(නදී)
දැන් දැන් අපිට තමයි පාඩු නඩුත් නැතිව බඩු ගොඩ (ස)
දවසක් මේ තරුණ පොලිස් නිලධාරියෙක් මට කිව්වා නීතිය ක්‍රියාත්මක කරන්නයි ඒ ගොල්ල ඉන්නේ කියලා. මට ටිකක් හයියෙන් ගෝරනාඩුත් කළා. මම ඉතින් නිහඬව යටහත් පත්ව මගේ වැඩේ කරගෙන පොලිසියෙන් එලියට බැස්සා. මට දැනුයි තේරෙන්නේ එයා කියපු කතාවේ කොච්චර ගැඹුරු අර්ථයක් තියෙනවද කියලා. උසාවිය, නඩු ඇසීම ,පෙරකදෝරු ගැට, තර්ක විතර්ක, ඇප, නඩු,පනත්, මොකුත්ම නැහැ. හරි නේ අම්මපා.(නදී)
පොඩි ළමයි නිකන් දුක් විඳිනවා මේ අපරදකාරයන්ගේ මෝඩ වැඩ නිසා.(නදී)
දැන් දැන් සෙබලා කියන නමට නිගා දෙනවා නේද? (නදී)
වීරයන් හා ද්‍රෝහියන් අතර වෙනස කෙස් ගසකට සමානයි.(නදී)
ඇයි පාල , ඔයා දඬුවම් දෙන්නද ? රටේ නිතිය රකින නිලදාරීන් වගේම රටේ නීතියත් සක්‍රීයයි. ඒ නිසා පාල පාලගේ වැඩක් බලාගන්න.(නදී)
මේ දවස්වල සෙබලුන්ට උඋපහාර උත්සව පවත්වනවා නේද? (නදී)
අන්න හංගපු බඩු පෙන්වන්න ගිහිල්ලා.(නදී)
මෙයා නිසා දැන් සිය පවුලම දුක් විඳිනවා. පව් අහිංසක දරු පැටියා. (ස)
කුම්බලා මාළුයි බතුයි කෑවා නම් දුක් විඳපන් බළලෝ කිව්වලු. (ස)
මේයාගේ අංකය නිළය, නම, ඒකකය, නිවැරදිව සදහන් කරන්න. (ස)
අපරාදේ දැන් දුක්විදින්න වෙනවා.(නදී)