(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථයකින් ගමන්ගත් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරිදි තරුණයකු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා ගමන් කරමින් සිටියදී සැකකරු ඔහුට දමා තිබූ අත් විලංගු වෙන් එම පොලිස් කණ්ඩායමේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයෙකුගෙ ගෙල සිරකර පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි
පොලිස් කොස්තාපල්වරයා ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි මහේෂ් ධනංජය නැමැත්තෙකි.ඔහු ඝාතනය සිදු කළ දිනයේදී යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවද කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තල්දූව ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් මරුට
Perera Sunday, 15 October 2023 11:21 AM
මේ ජවනිකාවේ තිර රචනයට පොඩ්ඩක් තාත්වික බවක් දෙන්න හදලා තියන බව පෙනෙනවා
ජයන්ත Sunday, 15 October 2023 01:38 PM
පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා සැකකරුවන්ගෙ අත් පිටුපසට තබා මාංචු දැමු වොත් නරකද?
ලසන්ත Sunday, 15 October 2023 03:20 PM
කටේ කිරි සුවද යන්නට පවා බැරිවුණා ...යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගමන්ම මෙහෙම නම් තවත් කලක් හිටියනම් කොහොම එකෙක් වෙයිද බුද්ධ කාලයේ හිටියා කියපු අංගුලිමාල පරාද කරාවි
Bamunuarachchi Sunday, 15 October 2023 07:13 PM
මොන හේතුවක් පෙන්නලා හරි කමක් නැහැ ඉවරයක් කරන්න. එසේ ඉවර කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල බොහෝමයි....!
විජිත් Sunday, 15 October 2023 09:54 PM
මට මේ රටේ පොලිසිය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපරාධකරුවන්ට, සැකකරුවන්ට " මාංචු " දැමීම පිළිබඳව. ලෝකයේ හැම රටකම දරුණු ගණයේ අපරාධකරුවන්ට මාංචු දමන්නේ " දෑත් පිටුපසට " තබාය. එසේ කළොත් අපරාධකරුවාට සෙල්ලම් දමන්න " කොහෙත්ම " නොහැක. මේ රටේ පොලිස්පති නම් "රූකඩය "මේ ගැන නොදන්නවා වෙන්න බැහැ !!! මේ වෙඩිකා මියගිය අපරාධකරුට දත් පසුපසට තබා මාංචු දැම්මා නම්, ඔහු මේ මොහොතේත් ජීවතුන් අතර වගේම ඔහුගෙන් තවත් සැඟවුණු රහස් රැසක් දැනගැනීමට තිබුණා. මට හිතෙන විදිහට නම්.. පොලිසිය මේ සෙල්ලම කරන්නේ " පොලිසියේ රහස් " රැසක් මේ අපරාධකාරයින් දන්නා නිසා, ඒවා එළිවෙයි කියා බයට .. කලින්ම සූදානම් කරගත් " තිර නාටකයක්" රඟපෑමයි. සියලුම සැකකරුවන්ගේ, අපරාධකාරයින්ගේ දෑත් පිටුපසට තබා මාංචු දැමීමට අණ කරන්න පොලිස්පති බය ඇයි? එතකොට පොලිසියේ හොර මැරකම් දන්නා අපරාධකරුවන් බොරු චෝදනාවක් දමලා මරන්න බැරි නිසාද?