කඳුරට ජනතා පෙරමුණේ මැයි දින රැලිය අවසාන භාගයේ දී පක්ෂ නායකයිනට මල්මාලා දැමීම සඳහා වේදිකාව මතට පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ගොඩවීම නිසා වේදිකාව කඩා වැටුණ ද ඉන් කිසිවකුටත් අනතුරක් සිදුනොවූ බව පක්ෂ ආරංචි.
තලවාකැලේ තේ පර්යේෂණ ආයතන ක්‍රීඩාංගනයේ මෙම රැස්වීම පැවැති අතර එයට නාමල් රාජපක්ෂ මහතා ද සහාභාගී විය. වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ ඔහු එහි නොසිටියේය. පක්ෂ නායිකා ශාන්තිනි චන්ද්‍රසේකරන්, දේශපාලන අංශ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ එහි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ... (නි)
අපරාදේ වේදිකාවට වෙච්ච හානිය. (නි)
බල සුබ නිමිති පෙරමග ලකුනටත් වැඩි ... (නි)
වැටීම ඇරබුනා එහෙනම්... (නි)
එයාලගේ බරට වෙන්න ඇති. (නි)
මොනවා කරන්නද
කඳුරට ජනතා පෙරමුණ? එහෙම පක්ෂයක් තිබුණා කියලා දන්නේ අදනේ. (නි)
ෂුවර් එකට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)
කලින් කඩාගෙන වැටුණා නම් එහෙම? (නි)
කියන දේවල් වල හැටියට කඩා නොවැටුනොත් තමයි පුදුම වෙනඩ ඕනෑ (නි)
තව මොනවා වැඩිකරන්න කියලද දන්නේ නැහැ මල්මාලා දාන්නෙ? (නි)
කවුද වග කියන්න ඉන්නේ
අයියෝ සල්ලි
ඕක කඩා වැටුනා කියලා පක්ෂයට මොකුත් වෙන්නේ නැහැ. (නි)
ජීවිත හානි නොවුන එක ගැන සතුටුයි.(ස)