තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය මෙසේ පැවැසුවේ, ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් හි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සමඟ පැවැත් වූ විශේෂ වැඩමුළුවක් අවසානයේ නිගමනයකට පැමිණෙමිනි.
තාරකා විද්‍යාඥයන්, තාරකනා භෞතික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් පමණක් නොව, ඇමෙරිකන් හමුදා අංශ ප්‍රධානීහු ද මෙම වැඩමුළුවට සහභාගී වූහ. ඔවුහු ග්‍රහක සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සහ දත්ත සෙසු පිරිස සමඟ බෙදා ගත්හ.
එහිදී පෘථිවියට අසලින් කලින් කලට ගමන් කරන ග්‍රහක සහ ඒවායේ ගමන් මාර්ග පරිගණක ඇසුරින් අධ්‍යයනය කිරීමෙන් පසු පෙනී ගියේ පෘථිවියට අනනතුරක් කළ හැකි ආකාරයේ යෝධ ග්‍රහකයක් 2038 ජූලි 12 වැනිදා පෘථිවිය දෙසට පැමිණෙනු ඇති බවත්, එය පෘථිවියේ හැපීමේ ප්‍රතිශතය සියයට 72 ක් බවත්ය.
මෙම ග්‍රහකය නියත වශයෙන්ම පෘථිවියේ හැපෙන්නේ නම්, ග්‍රහකය පුපුරුවා විනාශ කිරීමට හෝ ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමට සැලැසුම් සකස් කිරීමේ වැදගත්කම වැඩමුළුවට එක් වුණු ඇමෙරිකන් හමුදා ප්‍රධානින් පෙන්වා දුන් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
Achini Sunday, 23 June 2024 06:56 PM
රනිල් ඕක කළින් දන්නවා නම් 2035 කියලා ඇති 2048 නැතිව නේද?
සචිනි Monday, 24 June 2024 07:53 AM
මෝඩියේ රනිල් 2048 කිව්වෙ ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 100 වෙන කාලය අනුව මිස උඹ කියන එකකට නොවෙයි.
Always break down Sunday, 23 June 2024 07:20 PM
මැදමුලන, තන්ගල්ල කිට්ටුව යනවාද දනනේ නෑ..!
Prabha Sunday, 23 June 2024 08:24 PM
අම්මෝ තව තියෙන්නේ අවුරුදු14 ලු හොඳට කලා බීලා ජොලියේ ඉන්න ඕනෑ
මොඩ් බයියා Sunday, 23 June 2024 09:04 PM
චිචී පුතා ඉන්නකම් අපි නම් ඕවාට බය නෑ. ග්‍රාහකයට අහස්කූරක් හරි යවලා අපිව බේරා ගන්නවා.
පිටරටවැසියා Monday, 24 June 2024 12:09 AM
අචිනි, ඔය විශේෂ වැඩමුළුවට රනිල් ගියානම්, ඔය කියන ග්‍රහකය වඩාගෙන වැල් පාලමෙන් එගොඩ කරලා, පෘථිවියට එහායින් තියල තමයි නැවත එන්නෙ.
නාමල් Monday, 24 June 2024 01:55 PM
ඊට කලින් කොහාට හරි පැනගත්තොත් හරි... නැත්නම් ඉතින් සුන්තමයි...
ගැමුණු Monday, 24 June 2024 02:00 PM
ඕක මේ පොළවේ නම් කීයටවත් හැප්පෙන්නේ නෑ. එහෙම හැප්පෙනවා නම් රනිල් ලොක්කා 2048 මේ රටට මොකද්ද කරනවා කියපු එක කරන්නේ කොහොමද? අනික රනිල් නොදැන ඉන්න විදිහක් නැහැනේ එහෙම එකක් මේකේ හැප්පෙනවා නම්... ඕවා බොරු කථා...!