IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තව ‘සතියකින් උඹ වැලිගම යවනවා‘

දොඩංගොඩ බෝම්බුවල රබර් වත්තකදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබූ පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.  ‘සතියකින් උඹ වැලිගම යවනවා‘ යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඔහුට තර්ජනය කළැයි කියන දකුණේ දේශපාලඥයකු ගැන ද ඔහු පොලිසියට කියා ඇත. ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැති බව ද  දැන ගන්නට ඇත. දක්ෂිණ අධිවේගි මගේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ කොළයක් දී ඇත්තේ මේ කොස්තාපල්වරයා බව දැනගන්නට ඇත.



අදහස් (0)

තව ‘සතියකින් උඹ වැලිගම යවනවා‘

ලසිත් Sunday, 01 June 2014 05:08 AM

මොකද ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැත්තේ? (නි)

:       0       0

අමිල Saturday, 31 May 2014 02:39 PM

බන්දුල පෙරේරා, මහතාගේ කතවට මාත් එකඟයි , ඇත්ත එළිවෙනකන් තවටිකදවසක් අපි බලන් ඉඳිමු , තවටික දවසකින් ඇත්ත එලියට ඒවි ඒතමයි " මෙම පොලිස් මහත්මා ම තමාට වෙඩි තියාගෙන තමන්ගේ කාරයට ගිනිතැබ ඇති බව " (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 31 May 2014 08:02 AM

නීතියක් නැති රටේ මේවා පුදුම නොවේ. (ස)

:       0       0

බන්දුල පෙරේරා. Saturday, 31 May 2014 02:40 PM

මේ දඩ කොලේ නිකුත් කළ පොලිස් නිලධාරියා අපේ උත්තමයගෙන් වැදලා සමාව නොගත් නිසා ඔහුව බොරු චෝදනාවක් මත හෝ අත් අඩංගුවට ගත යුතුය.නැතිනම් මේ ගිනි තබා ගැනීම ඔහුගේ පවුලේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඔහු විසින්ම සිදු කරන ලද්දක් බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.එසේත් නැතිනම් කුඩු කාරයෙකුට මෙහි වරද පැටව බලෙන් ප්‍රකාශයක් ගෙන මාධ්‍ය මගින් ප්‍රචාරය කල යුතුය.එවිට අපේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගත හැකිය. (අ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 31 May 2014 08:04 AM

නංගියේ මල්ලියේ අම්මේ තාත්තේ, මේ තමයි අද අපේ සිරි ලංකාව. පස් පඩංගු ප්‍රජතන්ත්‍රවාදය. ලබන සැරෙත් නොවරදවාම චන්ද පොළට ගිහිල්ල කතිරේ ගහන්න. (ස)

:       0       0

අන්දරමාන Saturday, 31 May 2014 02:49 PM

රටේ ඉස්සරට වඩා අද නීතිය ක්‍රියාකරන පොලිස් නිලදාරීන්ගේ එඩිතරකම ගැන සතුටුවෙනවා පොලිස් කණ්ඩායම් 2ක් ඕනි නැ.ඔය ප්‍රසිද්දියේම තර්ජනය කරපු බලවතාගේ ගෙදර ලිපිනය අපිටත් පුළුවන් අවශ්‍යනම් හොයල දෙන්න ..(අ)

:       0       0

සෝමරත්න Saturday, 31 May 2014 02:50 PM

අති ගරු ජනාදිපති තුමනි කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත වගේම රටේ දේශපාලකයින් ගෙන් රට බේරා නොගත්තොත් ඉදිරි මැතිවරණ ප්‍රති පල කොහොමවෙයිද (අ)

:       0       0

දිල්ශාන් Saturday, 31 May 2014 02:51 PM

තිලක්, රුවන්, ඔබලා කියන කතාව ඇත්ත. නමුත් දැන් වෙලා තියෙන්නේ ජනතාව කාට ඡන්දය දුන්නත් දිනන්නේ වෙන කෙනෙක් වීමයි. අවලංගු ඡන්දයක් දාන එක ඉතාම අසීරු වැඩක්. මොකද කොහොම හරි එම ඡන්දය දිනවන්න අවශ්‍ය කෙනාගේ ගොඩට දානවා.මේ තත්වය යටතේ මැතිවරණ වලින් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැරි ය. (අ)

:       0       0

ජානු Saturday, 31 May 2014 08:30 AM

තව ටික දවසකින් මේ දෙශපාලකයෝ ඇවිත් මට මේ ඉඩමට ගෙදරට හරි ආසයි බහින්න එලියට නැත්නම් වැලිගම අරිනවා කියල කියයි. ඇයි දැන් අපේ රටේ නීතිය තියෙන්නේ දේශපාලකයන්ගේ අතේ නේ. (ස)

:       0       0

නිමල් ලලිත Saturday, 31 May 2014 08:36 AM

අපිට ප්‍රථමයෙන් මෙවැනි තර්ජන ගැන ඉදිරියට පැමිණිය යුත්තේ පොලිස් ලොක්කන්. දේශපාලන වහල් බව ,ගැති බව ,අතේ මල පහ කලත් එය සුවඳ යි කියන අමන බව අමතක කර මෙවැනි අය අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුයි. මොනවා උනත් මේ පුවත් නිසා සතියකට කිහිප වරක් මගේ ලේ අන්තිමටම රත් වෙනවා. (ස)

:       0       0

සංජය Saturday, 31 May 2014 08:38 AM

‍ඕක තව ටික දවසකින් යට ගහල දාවි. වේගයෙන් යන්නේ කව්ද කියල රටම දන්නවා ..... මාධ්‍ය වලිනුත් කරන්නේ මිනිසුන්ගෙන් ඇත්ත වසන් කරන එක . මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි එවුන්ට විතරයි. (ස)

:       0       0

කපිල Sunday, 01 June 2014 06:53 AM

එහෙම එක එක්කෙනාට ඕනෑ විදියට වැලිගම යවන්න පුලුවන් නම් මොකක්ද මේ රටේ නීතිය? (නි)

:       0       0

ලයනල් Saturday, 31 May 2014 08:43 AM

මේ දේශපාලුව පල් හොරෙක්. වැලිගම යවන්න ඕනෑ මෙයාවයි. පී.සී. නොවෙයි. (ස)

:       0       0

නිමල් ලලිත Saturday, 31 May 2014 08:45 AM

බෞද්ද හිමි වරුනි. ඔබ වහන්සේලා මෙවැනි යටත් පිරිත් නුල් බඳිනවා නොවේද ? (ස)

:       0       0

ගයා Saturday, 31 May 2014 03:20 PM

මට කියන්න තියෙන්නේ මේවා අපිම කරගන්න ඒවා .....ලබන පාරත් දීල බලන්නකෝ ..(අ)

:       0       0

හර්ෂ Saturday, 31 May 2014 03:21 PM

ඡන්ද ලයිස්තුවේ අලුත් තීරයක් වෙන් කරලා , පිටරට ඉන්න අයගේ විස්තර අහලා. රට ගිය උදවියගේ ගෙවල් දොරවල් වලට වගකියන්නද දන්නේ නැහැ. එහෙමත් නැති නම් ඒ අයගේ ඡන්දය ට ජිල්මාට් එකක් දාන්න. දැන් ඉතින් සමහරු කියාවි රට ගියානම් මෙහෙ දේවල් මොකටද කියල. (අ)

:       0       0

මොහමඩ් Sunday, 01 June 2014 08:19 AM

මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ.සිද්ධවෙන දේ පමණක් බලාගෙන ඉන්නවා (නි)

:       0       0

කවින්දු Saturday, 31 May 2014 03:53 PM

අධිවේගයේ හැටට හැටේ යන්න බැරි නම් මොකටද හැදුවේ කියලා මෙතුමාට හිතෙන්න ඇති. (අ)

:       0       0

සුභාකරන් Saturday, 31 May 2014 03:58 PM

ඉතින් ඔය වැඩේට පොලිස් කණ්ඩායම් යොදවනවට වඩා අර දේශපාලකගෙන් අැහුව නම් හරිනේ. එයා කියාවිද දන්නේ නැහැ එයාට මතක නැහැ කියලා. (ස)

:       0       0

අජේ Saturday, 31 May 2014 09:15 AM

පළමු වතාවට හොඳම ප්‍රතිචාර දැක්කේ අද. (ස)

:       0       0

කෝලිත Sunday, 01 June 2014 08:39 AM

මේ සියලු දේට වගකිවයුත්තේ වගකීමකින් තොර දේශපාලනයයි (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 31 May 2014 09:25 AM

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා ඇමතිට දඩ කොලයක් නිකුත් කර ඇත්තේ මෙම නිලධාරියා විසින් වන අතර එදින ඇමතිවරයා පවසා ඇත්තේ දණ ගසා තමාගෙන් සමාව ගන්නා ලෙසයි. (ස)

:       0       0

තිලක් Saturday, 31 May 2014 09:25 AM

අවනිතියෙන් බේරෙන්න පුළුවන් , ස්වාභාවධර්මයෙන් බේරෙන්න බෑ. (ස)

:       0       0

මහින්ද අබුඩාබි Saturday, 31 May 2014 09:41 AM

කවුරු කොහොම කිවුවවත් ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල දන්නවා. නීතිය එක එක එක්කෙනාට වෙනස් විදියට බලපාන්නේ. වෙනසක් මිසක වෙන විකල්පයක් නෑ. (ස)

:       0       0

මහින්ද Saturday, 31 May 2014 04:43 PM

නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු රටක ස්වභාවය පෙන්නුම් කෙරෙන හොඳම රට ශ්‍රී ලංකාවයි. (නි)

:       0       0

සිරිවරුණ Saturday, 31 May 2014 10:06 AM

මම මේ නොදන්නා කමටයි අහන්නේ ,දන්නා කෙනෙක් කියන්නකෝ තමන්ගේ ජීවිත වත් ආරක්ෂා කර ගන්න බැරි නිලදාරීන් කොහොමද රටක සාමය පවත්වන්නේ ,? (ස)

:       0       0

පසිදු Saturday, 31 May 2014 04:54 PM

සතියකින්? වැලිගම යවනවා? අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

රමේෂ් Saturday, 31 May 2014 10:17 AM

එයා එහෙම කියන්නේ එයාගේ ගමත් වැලිගම නිසා වෙන්න ඇති..(ස)

:       0       0

ගුණවර්ධන Saturday, 31 May 2014 05:04 PM

අනේ මන්දා මොනවද කියලා මේ වෙන්නේ? (නි)

:       0       0

සමන් Saturday, 31 May 2014 10:23 AM

ගරු ජනාධිපති තුමනි මම ඊයේ ඉතාම සතුටු උනා ඔබතුමා අසරණ රෝගී දැරියක් තුරුලුකරගෙන ඉන්න පින්තුරය දැකීමෙන්. එය දුටු ලංකාවේ බොහෝදෙනා මා මෙන්ම සතුටුවෙන්න ඇති ඔබතුමා වැනි නායකයෙක් රටේ සිටීම ගැන. නමුත් අද නිතිය බල්ලට දමමින් ක්‍රියා කරන මෙවැනි දේශපාලකයන් ගේ ක්‍රියා දකිනවිට මා ඉතාම කනගාටුවෙනවා. ඔබතුමා කරන සියලු හොඳ දේවල් මෙවැනි තිරිසනුන්ගේ අමන ක්‍රියා නිසා විනාශ වී යනවා හරියට කිරි කලයකට දමන ගොම බිඳක් වගේ. ඒක නිසා මෙවැනි දේවලට නිහඩව නොසිට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. ලංකාදීප .. කරුණාකර මෙය සම්පූර්ණයෙන් පලකරන මෙන් කාරුණිකව ඉල්ලමි. (ස)

:       0       0

සඳරුවන් Saturday, 31 May 2014 10:28 AM

අපේ මිනිස්සු මෙව්වට බැන බැන ඊළඟ ඡන්දෙතිත් මෙයාලටම චන්දෙ දෙනවා. රටේ කරුමෙ ද? මිනිස්සුන්ගේ කරුමෙ ද? (ස)

:       0       0

සෑම් Saturday, 31 May 2014 05:13 PM

නුසුදුස්සන් දේශපාලනයට ආ විට ඔය වගේ දේවල් තමයි අහන්න වෙන්නේ. (නි)

:       0       0

අප්සරා Saturday, 31 May 2014 10:33 AM

එයා කියල තියෙන්නේ වැලිගම පොලීසිය පෙන්නන්න එක්ක යනව කියලයි (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 10:34 AM

මේ සිද්දිය සම්බන්දව නම් ගම සහිතවම සම්පුර්ණ විස්තරයක් අන්තර්ජාලයේ තියෙනවා.පිට රටවල ඉන්න අපි දකිනවා. රටේ දේශප්‍රේමීන්ට සත්‍යය දැනගන්න වාසනාව නැහැ. (ස)

:       0       0

තිලක් ඩුබායි. Saturday, 31 May 2014 10:35 AM

රටේ නීතිය බල්ලටම ගිය මෙවන් යුගයක් ලංකා ඉතිහාසයේ කිසිම දවසක තිබිල නැහැ.(ස)

:       0       0

බන්දු Saturday, 31 May 2014 10:37 AM

අපේ ආණ්ඩුවේ දේශපලක මහත්වරු හරිම හොඳයි,අහිංසකයි. නීතිගරුකයි, මෙය දිනෙන් දින රට දියුණුව කරා ගෙනියනවා. ඊර්ෂ්‍යාකාරයෝ තමයි බැනල අදහස් දාන්නේ. මත්වරුනි එකාවන්ව එකතු වී ලබන සැරෙත් මේ අයවම පත් කරන්න (ස)

:       0       0

තිලක් ඩුබායි. Saturday, 31 May 2014 10:38 AM

10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මේ පොලිස් කොස්තාපල්වරය පසු පස වැන් රථයකින් හබා ඇවිත් කාරයටත් ගිනි තියල ගහල වෙඩිත් තියලයි ගිහින් තියෙන්නේ. නීතියක් නැති රටේ මොනවද කරන්න බැරි. (ස)

:       0       0

සිරිසේන Saturday, 31 May 2014 05:31 PM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 10:40 AM

බන්දුල පෙරේරා මහතාගේ අදහස් නැද්ද? (අ)

:       0       0

පෙරුමාල් Saturday, 31 May 2014 05:40 PM

දැන් රටේ තියෙන්නෙ නීතියේ පාලනයද? නැතහොත් වෙනත් පාලනයක්ද? (නි)

:       0       0

ඩික්සන් Saturday, 31 May 2014 10:46 AM

මම මේ පින්තුරේ දැකල අපේ රටේ නායකයා ගැන සතුටුවෙලා ඊයේ මුහුණු පොතේ ප්‍රතිචාරයකුත් යෙදුවා . එත් අද උදේම එතුමාගේ පක්ෂේ අලුකුත්තේරුවෙක් අර දඩකොලයක් දීපු පොලිස් නිලධාරියට ගහල කියල දැනගත්තම හිතුනේ වටේ ඉන්න අයහින්ද මෙතුමාත් දේශපාලන ගමනේ අවසානය කරා යනවා නේද කියල . (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 10:49 AM

රථවාහන පොලිසියෙන් වේගයෙන් යන රථ නවත්වල දඩ කොළ දෙනවා.අපි බලන් ඉන්නවා.ඔය අතරේ සුපිරි වාහනයක් එකසිය ගානට වීගයෙන් එනව. වේගය 130 ටත් වැඩයි.වාහනය නවත්වන දඩ කොලය ලියන්න කලින් "වේගය වැඩි නිසා කියල කියද්දී" සුපිරි රථයේ සිටිය කෙනා කියනවා මේ පාරවල් තියෙන්නේ වීගයෙන් යන්න තමයි කියල රථය පන ගන්වාගෙන යන්න යනවා.මේ මම ලංකාවේ සිටිය කාලේදී මගේ ඇස් දෙකින් දුටුව අක සිද්දියක් පමණයි.(අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 May 2014 10:51 AM

ඇමැතිටත් දඩ කොලේ ලිව්වා නම් කොහොමද කියන්නේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල. අනෙක අපිට කියන්නකෝ කවුද මේ ඇමති තුමා කියල. කඳබඩ මිස මොලේ නැති ඇමතිවරු කවදත් අපේ රටේ හිටිය..මිනිස්සුන්ට දැනගන්න කියන්න කාටද දඩ කොලේ ලිව්වේ කියල..එක ප්‍රසිද්ද කරන්න බැරි දෙයක් නෙමෙයිනේ.අනෙක බලන්නකෝ අපේ රටේ පොලිස් භටයින්ගේ තත්වය.කොහොම වුණත් කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියල කියමනක් තියෙනවනේ.මේවයේ සත්‍යය එළිවෙන කොට ඔය උඩින් පේන කතා නෙමෙයි ඇතුලේ තියෙන්නේ. (අ)

:       0       0

රුවන් Saturday, 31 May 2014 10:51 AM

තිලක් සමග මම සම්පුර්ණයෙන්ම එකඟයි රටේ නීතිය බොහෝම පිරිහිලා (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 31 May 2014 10:52 AM

පොලිස් කොස්තාපල්වරය නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් දොඩංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.රටකට ගිය කලක්.ලබන සැරෙත් වුදෙන්ම ගිහින් පොලිමේ ඉදල පත් කර ගනිමු. (අ)

:       0       0

සේන Saturday, 31 May 2014 10:52 AM

අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙම නැහැ (අ)

:       0       0

චාමි Saturday, 31 May 2014 06:06 PM

මම මේ කියන්නේ අපේ රටේ ආගමික සංවිධාන කරුණාකරලා මේවට විරුද්ධව කතා කරන්න කියලයි (නි)

:       0       0

තාරක Saturday, 31 May 2014 11:03 AM

මේ ආණ්ඩුව පමණක් අපි විවේචනය කළාට ඇත්ත කතාව කවුරු බලයට ගෙනාවත් මේවා වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 11:05 AM

"මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය" (අ)

:       0       0

කාන්ති Sunday, 01 June 2014 02:04 PM

මේවා දකිද්දී මගේ ඇඟේ මාලු නටනවා (නි)

:       0       0

සුසන්ත Saturday, 31 May 2014 11:25 AM

අපේ රට ගැන ලැජ්ජයි (නි)

:       0       0

මිලානො ජ්යන්ත Saturday, 31 May 2014 11:29 AM

මීනීමරුවන් රජකරන කාලවකවානුව අපි ජීවත්වෙන්නෙ.මේ ලිපිය දැක්කම,අදහසක් පලකරනවාද නෙද්ද කියල දෙගිඩියාවෙන් හිටියෙ. ඒතරම්ම දේසපාලකයන් ගැන කලකරීමට පත් වුණා. ඉහල අදහස් දාල තියන අය හරි. ඊළඟ වතාවෙත් මේඅයම පත් කරගෙන රටේ නීතිය නැත්තටම නැතිකරන්න.(අ)

:       0       0

කපිල Saturday, 31 May 2014 11:30 AM

දැනට වාර්තා වෙන විදියට මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහු විසින්ම වෙඩි තබාගෙන ඇති බව තහවුරු වෙනවා (අ)

:       0       0

රුපිකා Saturday, 31 May 2014 11:31 AM

මේ කියන ප්‍රභූවරයා අධි වේගයෙන් යන්න හේතුවක් තියෙන්න ඇති. නිකමට කියනවා නම් සුන්දර සුරංගනාවියක් වාහනේ ඇතුලේ ඉන්න බව රාලහාමි දෙක්කාද දන්නේ නැහැ. නැත්නම් දෙවියනේ රාලහාමි කෙනෙකුට මෙවැනි අපරාධයක් කරනවද..? (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 May 2014 11:39 AM

පොලිස් කොස්තාපල්ට තිබුනේ දඩ කොලේ දුන්නු වරදට වැදලා සමාව ගන්නනේ.වැදලා සමාව ගත්තා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැනේ. (අ)

:       0       0

චන් Saturday, 31 May 2014 11:44 AM

නීතිය ක්‍රියාත්මක වෙන නිසා තමයි දඩ කොළ ලියන්නේ. මෝඩ දෙසපලුවෝ ඉන්නවා, ඉස්සර එජාප කාලේ මීට වඩා හිටිය. නිවැරදි කරගෙන නැවතත් රට බෙදුම් වාදීන්ට, බටහිරට යට නොවන නායකත්වය රැකගෙන ඉදිරියට යමු. (අ)

:       0       0

නිමල් මදුරංග Saturday, 31 May 2014 11:47 AM

ඔන්‍න‍ අජිත් රෝහණ මහත්තයෝ ඔයාලගේ වැඩපෙන්වන්න. පුලුවන්නම් හරි වැරැදී කාරය අත්අඩංගුවට ගන්න. පුලුවනම් කරලා පෙන්වන්න අපිට හොදටම විශ්වාසයි ඔයාලා මේක හරියට කරන්න්නේ නැහැ කියල. (අ)

:       0       0

නිරෝෂ් Saturday, 31 May 2014 11:53 AM

අපි කවුරුත් මේවා ගැන කම්පා වෙනවා. නමුත් මේවා මතක තියෙන්නේ හැමෝටම ටික දවසයි. නැවත චන්දයක් තියෙන දවසට මුකුත් නොදන්නා තාලෙට චන්දේ දීලා මේ අයම පත් කරනවා ,ලංකාවේ ඉහලම උගත්තු ඉන්න ගම්පහින් චන්දෙ දිනලා ඉහලින්ම දියවන්නාවට ගියේ කවුද කියලා අපි දැක්කනේ, එ් නිසා කලයක් තරම් ඔලුවක් තුල අලයක් තරම් තියෙන මොළය ඊලඟ පාරවත් මේ වගේ අයට එරෙහිව පාවිච්චි කලොත් හොඳයි. (ස)

:       0       0

චමිල් Saturday, 31 May 2014 06:51 PM

පිටරටක ඉන්න එක කොච්චර හොඳද? (නි)

:       0       0

රසානා Saturday, 31 May 2014 07:21 PM

අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)

:       0       0

ලාල් ජකර්තා Saturday, 31 May 2014 12:20 PM

කඳබඩ මිස මොලේ නැති දේශපාලකයෝ තමයි ඉන්න තරමක් ඉන්නේ.ශ්‍රී ලංකාවේ ඉන්නවද මොලේ තිබෙන දේශපාලනාඥයෝ. (අ)

:       0       0

ලසිත් Saturday, 31 May 2014 07:52 PM

පුදුමාකාර නීතියක්නේ! (නි)

:       0       0

කමල් Saturday, 31 May 2014 12:35 PM

මට පේන්නේ බන්දුල පෙරේරාත් එදා ඒ දේශපාලකයා සමග වාහනයේ හැටට හැටේ ගිහිල්ල. නැතිනම් නීතියක් තිබුනාට එක ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න කියලා දැන් මේ රටේ ඉන්න දෙකේ පන්තියේ ළමයාත් දන්නවා. (ස)

:       0       0

කමණි Sunday, 01 June 2014 04:10 PM

මේ රටේ හොඳ නම ගෙනියන්නේ මෙහෙම අය තමයි (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 31 May 2014 12:40 PM

ආශ්චර්ය (අ)

:       0       0

බිමල් Saturday, 31 May 2014 12:46 PM

නීතිය ක්‍රියාත්මක වෙන නිසා දඩකොලය ලියුවා නම් හැටට හැටේ ගිය කෙනා ට සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ප්‍රමාද මොන නීතියේ හැටියටද චන් මහත්තයෝ. ! (අ)

:       0       0

අජිත් Saturday, 31 May 2014 12:46 PM

මේ නිසා තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය බලපෑම් කරන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය රක්කින්න. අපේ ජනාධිපතිට බරි නම් මෙය නිවැරදි කරන්න අපිට ප්‍රතිවිපාක විදින්න වෙනවමි. පුදුමය මේ රටේ මිනිස්සුනනට තවම බැහැ නිවැරිදි මිනිසුන්ව හඳුනාගන්න. (අ)

:       0       0

සිල්වා Saturday, 31 May 2014 12:47 PM

නිතිය දඩ කොළේටවත් සිමා කරන්න හැදුවට එකත් බැහැනේ අප්පා (අ)

:       0       0

රොෂාන් Saturday, 31 May 2014 12:48 PM

අනේ කව්ව්ද ඔය කියන උප ඇමතිතුම? (අ)

:       0       0

ප්‍රසාදිනී Saturday, 31 May 2014 10:02 PM

තව ටික දවසක් ඉවසලා බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

දිනේෂ් Saturday, 31 May 2014 12:50 PM

මගේ ජීවිත කාලයේදීම දැකපු බහුතරයක් මැර දේශපාලකයන් බිහි වෙලා තියෙන්නේ දකුණෙන්. අනෙකුත් පළාත් වල අයට මොකක් හරි ගුණයක් කියලා දෙයක් තියෙනවා. (අ)

:       0       0

අනුපම Saturday, 31 May 2014 10:23 PM

අපිට ඉදිරියේදී මොනවා වෙයිද? (නි)

:       0       0

අසෝක Saturday, 31 May 2014 10:23 PM

රටේ නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන්ටත් මෙහෙම වෙනවා නම් රටේ සාමාන්‍ය පුරවැසියන් ගැන කුමන කතාද? දුප්පත් මිනිහට ඉන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි කියලා හිත හදාගන්න. (නි)

:       0       0

අසෝක Saturday, 31 May 2014 10:25 PM

කමක් නැහැ. ඔය අධිවේගේ ඔවුන්ට පුළුවන් තරම් වේගයෙන් යන්න දෙන්න. එහෙම කරන එකෙන් කවදාහරි ජනතාවට තමයි වාසියක් වෙන්නේ. (නි)

:       0       0

අසෝක Saturday, 31 May 2014 10:25 PM

කමක් නැහැ යුද්දේ දිනුවනේ ? ඉතින් ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඔය හයි වේ එකේ මෙයාලාට පුළුවන් තරම් වේගෙන් යන්න දෙන්න ඕනේ. එහෙම ගිහින් මේ වගේ දේශපාලුවෝ මැරුණම ජනතාවට තමයි ජොලි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 May 2014 11:21 PM

රටට ගිය කලක්... (ස)

:       0       0

ජුවානිස් Saturday, 31 May 2014 01:12 PM

මේකේ දාලා තියෙන අදහස් ඔය කියන ලොකු උත්තමයෝ බලන්නේ නැහැ ළමයිනේ! ඒවාට වෙලාවක් නැහැ.වැඩ!,.වැඩ!! (අ)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 01:17 PM

ඇත්තටම මම පැන්ෂන් ගිය එක ගැන අද මම සතුටු වෙනවා. අද හිටියා නම් මට වෙන්නේ මොකක්ද කියලා මගේ ඔලුවේ ඉන්න උකුනෙක් වත් දන්නේ නැහැ. මොකද මම නම් ඔයවගේ ඉවසන්නේ නැහැ, ගුටි කන්නෙත් නැහැ .(අ)

:       0       0

සංක Sunday, 01 June 2014 01:44 AM

යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් බහුතරය අවස්ථාවාදීන් හා කපටියන් නම් සහ ඡන්දදායකයන් බහුතරය මෝඩයින් නම් එවැනි රටක අනාගතය ගැන කතාකර ඵලක් නැත (නි)

:       0       0

ටෙනිසන් Saturday, 31 May 2014 01:42 PM

සමන් ඔබ මෙන්ම මමත් ජනාදිපති තුමා ගැන බොහොම පැහැදීමෙන් හිටි අයෙක්.නමුත් පසුගිය කාලය තුල එතුමාගේ පක්ෂයේම අය කල වැරදි කිසිවකට කිසිම ප්‍රචිචාරයක් ලැබුනේ නැහැ. එ ඉන් අදහස් වන්නේ ඔහු ඒවා අනුමත කරන බව ද. එනිසා ම ඔහු කෙරෙහි තිබු පැහැදීමත්, ගෞරවයත් අවසන් කලා. (අ)

:       0       0

ශක්ති Sunday, 01 June 2014 02:06 AM

පොලිසියටත් මෙහෙම නම් සාමාන්‍ය අපි ගැන මොන කතාද? (නි)

:       0       0

ශේන් Sunday, 01 June 2014 02:06 AM

දැන් දැන් රටේ සිද්ධවෙන දේවල් දෙස බැලූවිට අනාගතය ගැන ඇතිවන්නේ අවිනිශ්චිත බියකි (නි)

:       0       0

තාරක Saturday, 31 May 2014 01:55 PM

තිලක් මේක තමා මම දැකපු හොදම ප්‍රතිචාරය එක "මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය" (අ)

:       0       0

කොඩිතුවක්කු- මාතර Saturday, 31 May 2014 02:17 PM

සමන් කියපුදෙට හැමෝම එකගයි. කරුණාකර නියෝජ්‍ය ඇමතිගේ නම සදහන් කරන්න. අපිට ඊලග ඡන්දෙදි ප්‍රතිචාර දැක්විය හැකියි. මොනවද මේ තරම් දෙශපාලකයන් කැත වැඩ කරන්නේ. (අ)

:       0       0

සුමුදු Sunday, 01 June 2014 04:57 AM

නම කියන්නත් හිතෙනවා මට. ඒත් සුදු වෑන් මතක්වෙද්දී හිතට බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 662 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1602 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1594 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 389 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 643 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 476 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site