දොඩංගොඩ බෝම්බුවල රබර් වත්තකදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබූ පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. ‘සතියකින් උඹ වැලිගම යවනවා‘ යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඔහුට තර්ජනය කළැයි කියන දකුණේ දේශපාලඥයකු ගැන ද ඔහු පොලිසියට කියා ඇත. ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැති බව ද දැන ගන්නට ඇත. දක්ෂිණ අධිවේගි මගේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ කොළයක් දී ඇත්තේ මේ කොස්තාපල්වරයා බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති ගරු ජනාදිපති තුමනි කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත වගේම රටේ දේශපාලකයින් ගෙන් රට බේරා නොගත්තොත් ඉදිරි මැතිවරණ ප්‍රති පල කොහොමවෙයිද (අ)
මොනවද මේ වෙන්නේ? (නි)
නුසුදුස්සන් දේශපාලනයට ආ විට ඔය වගේ දේවල් තමයි අහන්න වෙන්නේ. (නි)
අනේ මන්දා මොනවද කියලා මේ වෙන්නේ? (නි)
සතියකින්? වැලිගම යවනවා? අනේ මෙහෙමත් කතා? (නි)
නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු රටක ස්වභාවය පෙන්නුම් කෙරෙන හොඳම රට ශ්‍රී ලංකාවයි. (නි)
ඉතින් ඔය වැඩේට පොලිස් කණ්ඩායම් යොදවනවට වඩා අර දේශපාලකගෙන් අැහුව නම් හරිනේ. එයා කියාවිද දන්නේ නැහැ එයාට මතක නැහැ කියලා. (ස)
අධිවේගයේ හැටට හැටේ යන්න බැරි නම් මොකටද හැදුවේ කියලා මෙතුමාට හිතෙන්න ඇති. (අ)
ඡන්ද ලයිස්තුවේ අලුත් තීරයක් වෙන් කරලා , පිටරට ඉන්න අයගේ විස්තර අහලා. රට ගිය උදවියගේ ගෙවල් දොරවල් වලට වගකියන්නද දන්නේ නැහැ. එහෙමත් නැති නම් ඒ අයගේ ඡන්දය ට ජිල්මාට් එකක් දාන්න. දැන් ඉතින් සමහරු කියාවි රට ගියානම් මෙහෙ දේවල් මොකටද කියල. (අ)
මට කියන්න තියෙන්නේ මේවා අපිම කරගන්න ඒවා .....ලබන පාරත් දීල බලන්නකෝ ..(අ)
තිලක්, රුවන්, ඔබලා කියන කතාව ඇත්ත. නමුත් දැන් වෙලා තියෙන්නේ ජනතාව කාට ඡන්දය දුන්නත් දිනන්නේ වෙන කෙනෙක් වීමයි. අවලංගු ඡන්දයක් දාන එක ඉතාම අසීරු වැඩක්. මොකද කොහොම හරි එම ඡන්දය දිනවන්න අවශ්‍ය කෙනාගේ ගොඩට දානවා.මේ තත්වය යටතේ මැතිවරණ වලින් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැරි ය. (අ)
දැන් රටේ තියෙන්නෙ නීතියේ පාලනයද? නැතහොත් වෙනත් පාලනයක්ද? (නි)
රටේ ඉස්සරට වඩා අද නීතිය ක්‍රියාකරන පොලිස් නිලදාරීන්ගේ එඩිතරකම ගැන සතුටුවෙනවා පොලිස් කණ්ඩායම් 2ක් ඕනි නැ.ඔය ප්‍රසිද්දියේම තර්ජනය කරපු බලවතාගේ ගෙදර ලිපිනය අපිටත් පුළුවන් අවශ්‍යනම් හොයල දෙන්න ..(අ)
මේ දඩ කොලේ නිකුත් කළ පොලිස් නිලධාරියා අපේ උත්තමයගෙන් වැදලා සමාව නොගත් නිසා ඔහුව බොරු චෝදනාවක් මත හෝ අත් අඩංගුවට ගත යුතුය.නැතිනම් මේ ගිනි තබා ගැනීම ඔහුගේ පවුලේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඔහු විසින්ම සිදු කරන ලද්දක් බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.එසේත් නැතිනම් කුඩු කාරයෙකුට මෙහි වරද පැටව බලෙන් ප්‍රකාශයක් ගෙන මාධ්‍ය මගින් ප්‍රචාරය කල යුතුය.එවිට අපේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගත හැකිය. (අ)
බන්දුල පෙරේරා, මහතාගේ කතවට මාත් එකඟයි , ඇත්ත එළිවෙනකන් තවටිකදවසක් අපි බලන් ඉඳිමු , තවටික දවසකින් ඇත්ත එලියට ඒවි ඒතමයි " මෙම පොලිස් මහත්මා ම තමාට වෙඩි තියාගෙන තමන්ගේ කාරයට ගිනිතැබ ඇති බව " (අ)
සමන් කියපුදෙට හැමෝම එකගයි. කරුණාකර නියෝජ්‍ය ඇමතිගේ නම සදහන් කරන්න. අපිට ඊලග ඡන්දෙදි ප්‍රතිචාර දැක්විය හැකියි. මොනවද මේ තරම් දෙශපාලකයන් කැත වැඩ කරන්නේ. (අ)
තිලක් මේක තමා මම දැකපු හොදම ප්‍රතිචාරය එක "මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය" (අ)
සමන් ඔබ මෙන්ම මමත් ජනාදිපති තුමා ගැන බොහොම පැහැදීමෙන් හිටි අයෙක්.නමුත් පසුගිය කාලය තුල එතුමාගේ පක්ෂයේම අය කල වැරදි කිසිවකට කිසිම ප්‍රචිචාරයක් ලැබුනේ නැහැ. එ ඉන් අදහස් වන්නේ ඔහු ඒවා අනුමත කරන බව ද. එනිසා ම ඔහු කෙරෙහි තිබු පැහැදීමත්, ගෞරවයත් අවසන් කලා. (අ)
ඇත්තටම මම පැන්ෂන් ගිය එක ගැන අද මම සතුටු වෙනවා. අද හිටියා නම් මට වෙන්නේ මොකක්ද කියලා මගේ ඔලුවේ ඉන්න උකුනෙක් වත් දන්නේ නැහැ. මොකද මම නම් ඔයවගේ ඉවසන්නේ නැහැ, ගුටි කන්නෙත් නැහැ .(අ)
මේකේ දාලා තියෙන අදහස් ඔය කියන ලොකු උත්තමයෝ බලන්නේ නැහැ ළමයිනේ! ඒවාට වෙලාවක් නැහැ.වැඩ!,.වැඩ!! (අ)
මගේ ජීවිත කාලයේදීම දැකපු බහුතරයක් මැර දේශපාලකයන් බිහි වෙලා තියෙන්නේ දකුණෙන්. අනෙකුත් පළාත් වල අයට මොකක් හරි ගුණයක් කියලා දෙයක් තියෙනවා. (අ)
අනේ කව්ව්ද ඔය කියන උප ඇමතිතුම? (අ)
රටට ගිය කලක්... (ස)
මේ රටේ හොඳ නම ගෙනියන්නේ මෙහෙම අය තමයි (නි)
මේවා දකිද්දී මගේ ඇඟේ මාලු නටනවා (නි)
මේ සියලු දේට වගකිවයුත්තේ වගකීමකින් තොර දේශපාලනයයි (නි)
මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ.සිද්ධවෙන දේ පමණක් බලාගෙන ඉන්නවා (නි)
එහෙම එක එක්කෙනාට ඕනෑ විදියට වැලිගම යවන්න පුලුවන් නම් මොකක්ද මේ රටේ නීතිය? (නි)
මොකද ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැත්තේ? (නි)
නම කියන්නත් හිතෙනවා මට. ඒත් සුදු වෑන් මතක්වෙද්දී හිතට බයයි (නි)
දැන් දැන් රටේ සිද්ධවෙන දේවල් දෙස බැලූවිට අනාගතය ගැන ඇතිවන්නේ අවිනිශ්චිත බියකි (නි)
පොලිසියටත් මෙහෙම නම් සාමාන්‍ය අපි ගැන මොන කතාද? (නි)
යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් බහුතරය අවස්ථාවාදීන් හා කපටියන් නම් සහ ඡන්දදායකයන් බහුතරය මෝඩයින් නම් එවැනි රටක අනාගතය ගැන කතාකර ඵලක් නැත (නි)
නිතිය දඩ කොළේටවත් සිමා කරන්න හැදුවට එකත් බැහැනේ අප්පා (අ)
කමක් නැහැ යුද්දේ දිනුවනේ ? ඉතින් ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඔය හයි වේ එකේ මෙයාලාට පුළුවන් තරම් වේගෙන් යන්න දෙන්න ඕනේ. එහෙම ගිහින් මේ වගේ දේශපාලුවෝ මැරුණම ජනතාවට තමයි ජොලි. (ස)
කමක් නැහැ. ඔය අධිවේගේ ඔවුන්ට පුළුවන් තරම් වේගයෙන් යන්න දෙන්න. එහෙම කරන එකෙන් කවදාහරි ජනතාවට තමයි වාසියක් වෙන්නේ. (නි)
රටේ නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන්ටත් මෙහෙම වෙනවා නම් රටේ සාමාන්‍ය පුරවැසියන් ගැන කුමන කතාද? දුප්පත් මිනිහට ඉන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි කියලා හිත හදාගන්න. (නි)
අපිට ඉදිරියේදී මොනවා වෙයිද? (නි)
තව ටික දවසක් ඉවසලා බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
පුදුමාකාර නීතියක්නේ! (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
පිටරටක ඉන්න එක කොච්චර හොඳද? (නි)
මම මේ කියන්නේ අපේ රටේ ආගමික සංවිධාන කරුණාකරලා මේවට විරුද්ධව කතා කරන්න කියලයි (නි)
කවුරු කොහොම කිවුවවත් ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල දන්නවා. නීතිය එක එක එක්කෙනාට වෙනස් විදියට බලපාන්නේ. වෙනසක් මිසක වෙන විකල්පයක් නෑ. (ස)
බන්දුල පෙරේරා මහතාගේ අදහස් නැද්ද? (අ)
10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මේ පොලිස් කොස්තාපල්වරය පසු පස වැන් රථයකින් හබා ඇවිත් කාරයටත් ගිනි තියල ගහල වෙඩිත් තියලයි ගිහින් තියෙන්නේ. නීතියක් නැති රටේ මොනවද කරන්න බැරි. (ස)
අපේ ආණ්ඩුවේ දේශපලක මහත්වරු හරිම හොඳයි,අහිංසකයි. නීතිගරුකයි, මෙය දිනෙන් දින රට දියුණුව කරා ගෙනියනවා. ඊර්ෂ්‍යාකාරයෝ තමයි බැනල අදහස් දාන්නේ. මත්වරුනි එකාවන්ව එකතු වී ලබන සැරෙත් මේ අයවම පත් කරන්න (ස)
රටේ නීතිය බල්ලටම ගිය මෙවන් යුගයක් ලංකා ඉතිහාසයේ කිසිම දවසක තිබිල නැහැ.(ස)
මේ සිද්දිය සම්බන්දව නම් ගම සහිතවම සම්පුර්ණ විස්තරයක් අන්තර්ජාලයේ තියෙනවා.පිට රටවල ඉන්න අපි දකිනවා. රටේ දේශප්‍රේමීන්ට සත්‍යය දැනගන්න වාසනාව නැහැ. (ස)
එයා කියල තියෙන්නේ වැලිගම පොලීසිය පෙන්නන්න එක්ක යනව කියලයි (ස)
අපේ මිනිස්සු මෙව්වට බැන බැන ඊළඟ ඡන්දෙතිත් මෙයාලටම චන්දෙ දෙනවා. රටේ කරුමෙ ද? මිනිස්සුන්ගේ කරුමෙ ද? (ස)
ගරු ජනාධිපති තුමනි මම ඊයේ ඉතාම සතුටු උනා ඔබතුමා අසරණ රෝගී දැරියක් තුරුලුකරගෙන ඉන්න පින්තුරය දැකීමෙන්. එය දුටු ලංකාවේ බොහෝදෙනා මා මෙන්ම සතුටුවෙන්න ඇති ඔබතුමා වැනි නායකයෙක් රටේ සිටීම ගැන. නමුත් අද නිතිය බල්ලට දමමින් ක්‍රියා කරන මෙවැනි දේශපාලකයන් ගේ ක්‍රියා දකිනවිට මා ඉතාම කනගාටුවෙනවා. ඔබතුමා කරන සියලු හොඳ දේවල් මෙවැනි තිරිසනුන්ගේ අමන ක්‍රියා නිසා විනාශ වී යනවා හරියට කිරි කලයකට දමන ගොම බිඳක් වගේ. ඒක නිසා මෙවැනි දේවලට නිහඩව නොසිට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. ලංකාදීප .. කරුණාකර මෙය සම්පූර්ණයෙන් පලකරන මෙන් කාරුණිකව ඉල්ලමි. (ස)
එයා එහෙම කියන්නේ එයාගේ ගමත් වැලිගම නිසා වෙන්න ඇති..(ස)
මම මේ නොදන්නා කමටයි අහන්නේ ,දන්නා කෙනෙක් කියන්නකෝ තමන්ගේ ජීවිත වත් ආරක්ෂා කර ගන්න බැරි නිලදාරීන් කොහොමද රටක සාමය පවත්වන්නේ ,? (ස)
මම මේ පින්තුරේ දැකල අපේ රටේ නායකයා ගැන සතුටුවෙලා ඊයේ මුහුණු පොතේ ප්‍රතිචාරයකුත් යෙදුවා . එත් අද උදේම එතුමාගේ පක්ෂේ අලුකුත්තේරුවෙක් අර දඩකොලයක් දීපු පොලිස් නිලධාරියට ගහල කියල දැනගත්තම හිතුනේ වටේ ඉන්න අයහින්ද මෙතුමාත් දේශපාලන ගමනේ අවසානය කරා යනවා නේද කියල . (අ)
අවනිතියෙන් බේරෙන්න පුළුවන් , ස්වාභාවධර්මයෙන් බේරෙන්න බෑ. (ස)
අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා ඇමතිට දඩ කොලයක් නිකුත් කර ඇත්තේ මෙම නිලධාරියා විසින් වන අතර එදින ඇමතිවරයා පවසා ඇත්තේ දණ ගසා තමාගෙන් සමාව ගන්නා ලෙසයි. (ස)
පළමු වතාවට හොඳම ප්‍රතිචාර දැක්කේ අද. (ස)
බෞද්ද හිමි වරුනි. ඔබ වහන්සේලා මෙවැනි යටත් පිරිත් නුල් බඳිනවා නොවේද ? (ස)
මේ දේශපාලුව පල් හොරෙක්. වැලිගම යවන්න ඕනෑ මෙයාවයි. පී.සී. නොවෙයි. (ස)
ඕක තව ටික දවසකින් යට ගහල දාවි. වේගයෙන් යන්නේ කව්ද කියල රටම දන්නවා ..... මාධ්‍ය වලිනුත් කරන්නේ මිනිසුන්ගෙන් ඇත්ත වසන් කරන එක . මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි එවුන්ට විතරයි. (ස)
අපිට ප්‍රථමයෙන් මෙවැනි තර්ජන ගැන ඉදිරියට පැමිණිය යුත්තේ පොලිස් ලොක්කන්. දේශපාලන වහල් බව ,ගැති බව ,අතේ මල පහ කලත් එය සුවඳ යි කියන අමන බව අමතක කර මෙවැනි අය අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුයි. මොනවා උනත් මේ පුවත් නිසා සතියකට කිහිප වරක් මගේ ලේ අන්තිමටම රත් වෙනවා. (ස)
තව ටික දවසකින් මේ දෙශපාලකයෝ ඇවිත් මට මේ ඉඩමට ගෙදරට හරි ආසයි බහින්න එලියට නැත්නම් වැලිගම අරිනවා කියල කියයි. ඇයි දැන් අපේ රටේ නීතිය තියෙන්නේ දේශපාලකයන්ගේ අතේ නේ. (ස)
නංගියේ මල්ලියේ අම්මේ තාත්තේ, මේ තමයි අද අපේ සිරි ලංකාව. පස් පඩංගු ප්‍රජතන්ත්‍රවාදය. ලබන සැරෙත් නොවරදවාම චන්ද පොළට ගිහිල්ල කතිරේ ගහන්න. (ස)
දැනට වාර්තා වෙන විදියට මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහු විසින්ම වෙඩි තබාගෙන ඇති බව තහවුරු වෙනවා (අ)
මේ නිසා තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය බලපෑම් කරන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය රක්කින්න. අපේ ජනාධිපතිට බරි නම් මෙය නිවැරදි කරන්න අපිට ප්‍රතිවිපාක විදින්න වෙනවමි. පුදුමය මේ රටේ මිනිස්සුනනට තවම බැහැ නිවැරිදි මිනිසුන්ව හඳුනාගන්න. (අ)
නීතිය ක්‍රියාත්මක වෙන නිසා දඩකොලය ලියුවා නම් හැටට හැටේ ගිය කෙනා ට සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ප්‍රමාද මොන නීතියේ හැටියටද චන් මහත්තයෝ. ! (අ)
ආශ්චර්ය (අ)
මට පේන්නේ බන්දුල පෙරේරාත් එදා ඒ දේශපාලකයා සමග වාහනයේ හැටට හැටේ ගිහිල්ල. නැතිනම් නීතියක් තිබුනාට එක ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න කියලා දැන් මේ රටේ ඉන්න දෙකේ පන්තියේ ළමයාත් දන්නවා. (ස)
කඳබඩ මිස මොලේ නැති දේශපාලකයෝ තමයි ඉන්න තරමක් ඉන්නේ.ශ්‍රී ලංකාවේ ඉන්නවද මොලේ තිබෙන දේශපාලනාඥයෝ. (අ)
අපි කවුරුත් මේවා ගැන කම්පා වෙනවා. නමුත් මේවා මතක තියෙන්නේ හැමෝටම ටික දවසයි. නැවත චන්දයක් තියෙන දවසට මුකුත් නොදන්නා තාලෙට චන්දේ දීලා මේ අයම පත් කරනවා ,ලංකාවේ ඉහලම උගත්තු ඉන්න ගම්පහින් චන්දෙ දිනලා ඉහලින්ම දියවන්නාවට ගියේ කවුද කියලා අපි දැක්කනේ, එ් නිසා කලයක් තරම් ඔලුවක් තුල අලයක් තරම් තියෙන මොළය ඊලඟ පාරවත් මේ වගේ අයට එරෙහිව පාවිච්චි කලොත් හොඳයි. (ස)
ඔන්‍න අජිත් රෝහණ මහත්තයෝ ඔයාලගේ වැඩපෙන්වන්න. පුලුවන්නම් හරි වැරැදී කාරය අත්අඩංගුවට ගන්න. පුලුවනම් කරලා පෙන්වන්න අපිට හොදටම විශ්වාසයි ඔයාලා මේක හරියට කරන්න්නේ නැහැ කියල. (අ)
නීතිය ක්‍රියාත්මක වෙන නිසා තමයි දඩ කොළ ලියන්නේ. මෝඩ දෙසපලුවෝ ඉන්නවා, ඉස්සර එජාප කාලේ මීට වඩා හිටිය. නිවැරදි කරගෙන නැවතත් රට බෙදුම් වාදීන්ට, බටහිරට යට නොවන නායකත්වය රැකගෙන ඉදිරියට යමු. (අ)
පොලිස් කොස්තාපල්ට තිබුනේ දඩ කොලේ දුන්නු වරදට වැදලා සමාව ගන්නනේ.වැදලා සමාව ගත්තා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැනේ. (අ)
මේ කියන ප්‍රභූවරයා අධි වේගයෙන් යන්න හේතුවක් තියෙන්න ඇති. නිකමට කියනවා නම් සුන්දර සුරංගනාවියක් වාහනේ ඇතුලේ ඉන්න බව රාලහාමි දෙක්කාද දන්නේ නැහැ. නැත්නම් දෙවියනේ රාලහාමි කෙනෙකුට මෙවැනි අපරාධයක් කරනවද..? (අ)
නීතියක් නැති රටේ මේවා පුදුම නොවේ. (ස)
මීනීමරුවන් රජකරන කාලවකවානුව අපි ජීවත්වෙන්නෙ.මේ ලිපිය දැක්කම,අදහසක් පලකරනවාද නෙද්ද කියල දෙගිඩියාවෙන් හිටියෙ. ඒතරම්ම දේසපාලකයන් ගැන කලකරීමට පත් වුණා. ඉහල අදහස් දාල තියන අය හරි. ඊළඟ වතාවෙත් මේඅයම පත් කරගෙන රටේ නීතිය නැත්තටම නැතිකරන්න.(අ)
අපේ රට ගැන ලැජ්ජයි (නි)
"මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය" (අ)
මේ ආණ්ඩුව පමණක් අපි විවේචනය කළාට ඇත්ත කතාව කවුරු බලයට ගෙනාවත් මේවා වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. (නි)
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙම නැහැ (අ)
පොලිස් කොස්තාපල්වරය නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් දොඩංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.රටකට ගිය කලක්.ලබන සැරෙත් වුදෙන්ම ගිහින් පොලිමේ ඉදල පත් කර ගනිමු. (අ)
තිලක් සමග මම සම්පුර්ණයෙන්ම එකඟයි රටේ නීතිය බොහෝම පිරිහිලා (අ)
ඇමැතිටත් දඩ කොලේ ලිව්වා නම් කොහොමද කියන්නේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල. අනෙක අපිට කියන්නකෝ කවුද මේ ඇමති තුමා කියල. කඳබඩ මිස මොලේ නැති ඇමතිවරු කවදත් අපේ රටේ හිටිය..මිනිස්සුන්ට දැනගන්න කියන්න කාටද දඩ කොලේ ලිව්වේ කියල..එක ප්‍රසිද්ද කරන්න බැරි දෙයක් නෙමෙයිනේ.අනෙක බලන්නකෝ අපේ රටේ පොලිස් භටයින්ගේ තත්වය.කොහොම වුණත් කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියල කියමනක් තියෙනවනේ.මේවයේ සත්‍යය එළිවෙන කොට ඔය උඩින් පේන කතා නෙමෙයි ඇතුලේ තියෙන්නේ. (අ)
රථවාහන පොලිසියෙන් වේගයෙන් යන රථ නවත්වල දඩ කොළ දෙනවා.අපි බලන් ඉන්නවා.ඔය අතරේ සුපිරි වාහනයක් එකසිය ගානට වීගයෙන් එනව. වේගය 130 ටත් වැඩයි.වාහනය නවත්වන දඩ කොලය ලියන්න කලින් "වේගය වැඩි නිසා කියල කියද්දී" සුපිරි රථයේ සිටිය කෙනා කියනවා මේ පාරවල් තියෙන්නේ වීගයෙන් යන්න තමයි කියල රථය පන ගන්වාගෙන යන්න යනවා.මේ මම ලංකාවේ සිටිය කාලේදී මගේ ඇස් දෙකින් දුටුව අක සිද්දියක් පමණයි.(අ)