සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ 7 වැනි දා පැවැති තානාපති ජංගම සේවය ත මගින් තවත් ශ්‍රී ලංකික අවතැන්වුවන් 500කට පමණ තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කැරිණි.
සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලයට අනුව සෞදි අරාබියේ රැදී සිටින සියළු විදේශිකයින් ජුලී මස 03 වැනිදාට පෙර මෙරටින් පිටත් විය යුතු බැවින් රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ජෙඩා කොන්සියුලර් කාර්යාලය මගින් විවිධ ප්‍රදේශවල මේ වන විට ජංගම සේවාවන් රැසක් පවත්වමින් ශ්‍රී ලාංකිකයින් හාරදහසකට පමණ තාවකාලික බලපත්‍ර නිකුත් කැර ඇති අතර ඊට සමගාමීව මෙම ජංගම සේවය දමාම් අල් කොබාර් හි යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැලේදී පැවැති ජංගම සේවය සදහා දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටි අතර තාවකාලික ගමන් ලියැවිලි ලබා ගත් අයගේ ප්‍රමාණය 500 කට අධික විය.අලුත් ගමන් බලපත්‍ර ඉල්ලුම් කළ අයද බොහෝය .
අවතැන්ව ගමන් ලියැවිලි ලබා ගත් කාන්තාවන් 100 ක් පමන ජංගම සේවාවට පැමිණ සිටි අතර ඒ සිගලුම කාන්තාවන් පිටවීමේ වීසා ලබා ගැනීම සදහා නයිටි වන් ආගම විගමන කාර්යාලයට යැවු බව නැගෙනහිර පළාත සභ සාධන කටයුතු මෙහෙයවන චාලි තලයරතන මහතා කියයි.
කෙසේ වුවද තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගත් නැගෙනහිර කලාපයේ රැකියාව කරමින් සිටි සියළුම ශ්‍රී ලාංකිකයින් සදහා පිටවීමේ වීසා මේ වන විට ආගමන විගමන කාර්යාලය මගින් නිකුත් කරනු ලබයි. මෙම තානාපති ජංගම සේවය සදහා සෞදි අරාබියේ නව තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ත්‍රී මහතාද සහය වු අතර එතුමාගේ උපදෙස් පරිදි මෙම මස 14 වැනිදා ඇස්ටුන් රෝහල අසල යෝජිත නව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී පැවැත්විමට කටයුතු කරන බැවින් තවමත් තාවකාලික ගමන් බලපත්‍ර ලබා ගත් අවතැන් වු ශ්‍රී ලාංකිකයින් එදිනට පැමිණෙන ලෙස බලධාරීන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් සෞදියට අපේ මිනිස්සු යවන්න එපා. ඒ රටට යවන අපේ ගැනු අයත් පිරිමි අයටත් දෙන වද නිසා වහාම නවත්තන්න. පස්සේ අඬලා වැඩක් නෑ.(නදී)
හැම ප්‍රදේශ වලම ජංගම සේවා පවත්වනවා. නමුත් අබහ, කමිෂ් මුශායට් හා අවට ප්‍රදේශ වල අනවසරයෙන් සිටින පුද්ගලයන් සඳහා කුමන ක්‍රියා මාර්ගයක් ගන්නේද? මෙම ප්‍රදේශය ඉතා විශාල ප්‍රදේශයක් බැවින් ජංගම සේවාවක් පැවැත්විය යුතුය. (නදී)
මේ කට්ටියට දැඩි ලෙස අවවාද කරන්න නීති විරෝධී ලෙස ඉන්න කට්ටියට රටින් පිට වෙන්න කියලා. මොකද මේ රටවල් වල නීති රීති කඩ කරන දඩුවම් දෙන කොට අපිට ලංකාවේ ඉදන් හුල්ලලා කරන්න දෙයක් නැහැ. වැරද්දක් වෙන්න කලින් තමන්ට ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. අපේ අය විතරක් නෙමේ බොහෝ ආසියානු රට වල අය ඇවිත් තමන්ගේ රටේ නම කැත කරන එක තමයි කරන්නේ.(නදී)
හරිනම් අර රිසානාට කරපු දේම ඇති ඔය අසික්කිත රටට ලංකාවේ අය යන එක නවත්වන්න. මුස්ලිම් ආගමේ වෙලත් සමාවක් දුන්නද?(නදී)
තවමත් ලංකාව හැදුනේ නැහැ. වහාම ලාංකිකයන් යැවීම නවත්වමු.(නදී)
භාග්‍යා,රංජනී,සන්දීප්, ඔයාල මොනවා කිව්වත් වැඩක් නැහැ, අතමිට සරුකරගන්න වෙන කොහේ යන්නද? මැද පෙරදිග පිහිට මිසක්, වටේ තියෙන බොදු රටවලින් මොනවද ලැබෙන්නේ අලි පැටියෙක් නැත්නම් බුදු පිළිමයක්, වර්තමාන බහුතර ලාංකිකයෝ ගොඩක් සේවය කරන්නේ මැදපෙරදිග බව අමතක නොකරන්න.(නදී)
පලවෙනි සහ දෙවෙනි ඡායාරූපවල ඉන්න කළු සාරියක් ඇඳගත් කාන්තාව කවුද (අ)
මේනකා, තානාපති කාර්යාලේ දුරකථන අංක සොයා කට්ටියක් එකතුවී ඒ ගැන දැනුම් දෙන්න. ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ලෙසට අනික් අයවත් දැනුවත් කරන්න (නි)
ෂෙරිෆ් , අරාබිය වැනි නීති තිබෙන රටවලට අහිංසක මිනිස්සු යවා අමාරුවේ දමන රැකියා ඒජන්සි වලට මිනිස්සුන් විසින් ගල්ගසා කුඩුකර දමන දිනය වැඩි ඇතක නොවේ. හොද රට වලින් දෙන අලි පැටියා වුවත් අපිට වටිනවා (නි)
ඔබගේ දැන ගැනීම සදහා. සෞදි තානාපති කාර්‍යාලය, රියාද. තානාපති වී ක්‍රිෂ්ණමුර්ති, දුරකතන :01-4608240 , 01-4195267.(නදී)