
(ටී.කේ.ජී.කපිල )
මත්ද්‍රව්‍ය , නීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අබුඩාබි නුවර සිට පිටුවහල් කර මෙරටට එවා තිබුණි.
මොවුන් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය විසින් පහර දීමට යොදා ගත් ඩ්‍රෝන යානා සහ මිසයිල සහ ඒවා ඉලක්ක වෙත වැදී පුපුරන ආකාරය පිළිබඳ දර්ශන තම ජංගම දුරකථන වල ගබඩා කර තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , බන්ධනාගාරගත කර සිට මෙසේ මෙරටට පිටුවහල් කර එවා තිබේ .
අශෝකපුර දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක නැමති 37 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සහ නීනීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම පිළිබද චෝදනා ලබා සිටින්නෙකි .
අනෙක් පුද්ගලයා පරෙවි සුදාගේ සමීපතම අනුගාමිකයකු වන බූස්ස බන්ධනාගාරය තුළ ද කළහකාරී ලෙස හැසිරීමකට සම්බන්ධ අයෙකු වන කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නැමති අයෙකි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්නේ? මේවා රහසිගතව තබාගෙන පරීක්ෂණ කිරීම නොවේද නිවැරදි ක්‍රමය? ඊට පස්සේ මාධ්‍යවලයි, යූටියුබ් එකෙයි හැමතැනම බොරු ප්‍රචාරය කරමින්, ඇත්ත එළියට එනවා නේද? පොලීසිය මීට වඩා වෘත්තීයභාවය රැකෙන පරිදි කටයුතු කරන්න. නිකන් ගැලරියට රඟපාන්නේ නැතිව.