මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එපා යැයි ද, පරණ විදුහල්පත් අවශ්‍යයැයි ද කියමින් මවුපියෝ පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද තෙවැනි දිනටත් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
විද්‍යාලයයේ ආදි සිසුන් හා දෙමාපියන් මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටිති.
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රණාන්දු මහතා ද උද්ඝෝෂණයට සහභාගී වී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තේරෙනවද මොරටුවේ පළමු පුරවැසියා පටන් සියලුදෙනා අනෙකුත් වැඩ අතපසු කරලා තම දරුවන් වෙනුවෙන් අපේ පරණ ගුරුතුමාවම ඉල්ලන්නේ මොකද කියලා? (දී)
මමත් ආදි වේල්ස් කුමරුවෙක් විදිහට ඉල්ලන්නේ වැඩ අතිහිටුවීම නවත්වන්න. අඩුම තරමේ අපේ පාසලට නැති වුනත් වෙනත් පාසලකටවත් මෙතුමාගේ සේවය ලැබෙන්න සලස්වන්න. අවුරුද්දයි මාස 3කට මෙතුමාගේ සෙවනේ අධ්‍යාපනය ලැබූ වේල්ස් කුමරුවෝ පාරට බැහැලා නැහැ මැරයො වගේ හැසිරෙන්නේ නැහැ. ඔවුන් අධිෂ්ඨාන පූජා කරනවා. කොහේ හෝ පාසලක නැවත පත් වුනොත් මේ වාගේ ගුණගරුක දරුවන් පිරිසක් අපේ සමාජයට බිහි කරාවි. එයයි මගේ පැතුම.... (දී)
අහවලා නම් ඔතන ඉන්නේ නිකන් ශෝ එකට. ඉස්කෝලෙට තියෙන ආදරයකටනම් නෙමේ. එයා කොහොමත් මාස්ටර් ශෝ.(අ)
නිකරුනේ වැස්සට තෙමෙන්න අව්වට වේලෙන්න තරම් පිස්සුවක් මොරටු ජනතාවට නැත මෙය අපේ දරුවන් සහ පාසැල මෙන්ම පාසලට සහ දරුවන්ට අදරති ගුරුවරයෙක් වෙනුවෙනි චින්තක වැනි දහයක් හිටියොත් අපේ රටට දෙවියන්ගේම පිහිටයි (අ)
ඔය විදුහල්පතිතුමාට ඉන්න දෙන්න. දැන් විදුහල්පතිලා තීරණය කරන්නේ ආදී ශිෂ්‍යයොයි දෙමාපියොයි එකතු වෙලානේ. අමාත්‍යංශය කරන්න ඕනෑ එයාලා කියන දේ. ඔහොම යන් ..ඔහොම යන්.. (දී)
කොටි හිටපු කාලේ ඇයි මේ වගේ හැමදාම හැමතැනම වර්ජන නොතිබ්බේ? බෝම්බ නිසාද ? (දී)
අමාත්‍යංශයෙන් කිසිම වැඩක් හරියට කරන්නේ නැහැනේ. ඒ නිසයි මව්පියන්ට මේ වගේ කරදර වෙන්නේ. (අ)
බලාගෙන! මීලගට ඔබව දණ ගස්සවන්න පුළුවන් අරයා ආවා නම්... (දී)