ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසේදි මහානාග රජ විසින් ඉදි කළැයි සැලකෙන තිස්සමහාරාම චෙත්‍යය දකුණේ ඇති විශාලම චෙත්‍යයි.
උස අඩි 156 කි .විශ්කම්භය අඩි 550 කි.වෙසක් පොහෝයදාත් තිස්ස මහා සෑ රදුන් ෂඩ් වර්ණයෙන් බැබළුණේය.
ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසේදි මහානාග රජ විසින් ඉදි කළැයි සැලකෙන තිස්සමහාරාම චෙත්‍යය දකුණේ ඇති විශාලම චෙත්‍යයි.
උස අඩි 156 කි .විශ්කම්භය අඩි 550 කි.වෙසක් පොහෝයදාත් තිස්ස මහා සෑ රදුන් ෂඩ් වර්ණයෙන් බැබළුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුරැස් කියන්නේ ජීවමාන බුදු කෙනෙකුන් වහන්සේ නමකගේ ශරීරයේ විහිදෙන රශ්මි කදම්බයටයි. වර්තමානයේ ඔය හැමතැනම විහිදෙනවාය කියන බුදුරැස් මම නම් හිතන්නේ නිකම් හිතලුවක් විතරයි. අන්ධ භක්තියෙන් ආගමක් අදහනකොට ඔය වගේ දේවල් පේනවා. (ස)
පිටිගලගේ අදහස් වලට මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. මේ වගේ ප්‍රවෘත්ති වලින් වෙන්නේ බුදු දහමට නිගරු වෙන එක පමණි. බහුතරයක් බෞද්ධයෝ නියම බුදු දහම හරියට අවබෝධ කරගන්නේ නැතුව මේ වගේ මෝඩ දේවල් හරි කියල හිතනවා. බුදු දහම කියන්නේ මීට වඩා ගැඹුරු යථාර්තවාදී එකක්. ඒ අනුව කිසිවිටක මේ වගේ රැස් විහිදීමක් අජීවී වස්තුවකට කල නොහැකියි. (මුදී)
කොපමණ වැන්දත් ,බාර හාර උනත් ,සොබාදහම පවා දුසිලයන් ට අවැඩක්ම සිදු කරයි .(මුදී)
මෙතැනදී නම් බුදුරැස් කියන්නේ විදුලි එලියට.(මුදී)
පිටිගල ? යන්නේ කොහෙද? මල්ලේ පොල්. ෂඩ් වර්ණයෙන් බැබලුනාය කියලා තියෙන්නේ පාට හයෙන් විදුලි බුබුලූ දාලා තිබුනය කියන එක. කොහෙද ඔතන බුදු රැස්? (මුදී)
මේ කියන පුවත පැහැදිලි මදිනේ. චෛත්‍යය වටේ ෂඩ් වර්ණයෙන් සැරසු නිසා ද බැබලුනේ,? මාතෘකාව බුදු රැස් කියලා තියන විට පාඨකයන් වන අපට ලැබෙන්නේ වෙනත් අදහසක්. ඒ මොකද පසුගිය කාලයේ, සමහර සිද්ධස්ථාන වල බුදු රැස් විහිදෙනවා කියලා කියවුනානේ. (ස)
සේනක මහත්මයා, ඔබතුමා මෙය හොඳින් කියවා බලන්න. පිටිගල සහ නිමලාගේ අදහස් වලට මාද එකඟය (නි)
ජාතියක් ආගමක් නැති පිටිගලලා වගේ කට්ටිය කොහොමත් ඉන්නේ අන්ද මන්ද වෙලා වගේ තමා.ලියූ දේ තේරුම් ගන්න බැරි කට්ටියනේ (නි)
සාදු සාදු සාදු (දී)
පිටිගල නිමල ඔයාල දෙන්නගෙම අදහස් වලට මමත් එකගයි මෙයින් වෙන්නේ අපි අන්ධ භක්තිකයන් කියල ලෝකෙට ප්‍රසිද්ධ වෙන එක .අද රටේ සිද්ද වෙන දේවල් වලට එහෙනම් විහිදෙන්න ඕනේ අපායේ ගිනිදැල්. (ස)
යන්නේ කොහෙද? මල්ලේ පොල්. හරියට හරි. මාතෘකාව බුදුරැස්. ලිපිය පාට හයෙන් විදුලි බුබුලූ. (ස)
මෙතන තියන ප්‍රශ්නය වැඩි ආකර්ශනයක් ලිපියට ලබාදීමට වැරදි මාතෘකාවක් යෙදීමයි. ඕක පත්තර කලාවේ අය කරන අහිංසක උපක්‍රමයක්. නමුත් කියවන්නා බුද්ධියෙන් විමසා බලා තේරුම් ගත යුතුයි. (ස)
පිටිගලට පොඩි වැරදීමක් වෙලා වගෙයි. බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක්. අනික බෞද්ධයෝ අන්ධ භක්තිකයොත් නෙමෙයි (නි)
ඉතාම අලංකාරයි. සාධු සාධු සාධු! (නි)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න බලන්න ඕන.මේ කියන්නේ පාට හයේ බලබ් ආලෝකයෙන් සංකේත වෙන බුද්ධ රශ්මි මාලව.ඒ ගැන දහයක් දේ කියන්න ඔනෙ නෑ මම හිතන්නෙ.(ස)