වී මලු අස්සේ සඟවා බුරුත කොට තොගයවක් රැගෙන ගිය ලොරියක් රාජසන්ක කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය නියෝ කළාය.
වැටැලීම කරද්දී ලොරියේ රියදුරා පළා ගොස් පසුව ඉදිරිපත් වූ බව ද පිළිගත්තේය.
ඔහුට රුපියල් තිස් දහසක දඩයක් ද නියම විය.
රුපියල් ලක්ෂ 12ක් වටිනා ලොරියට ෆිනෑන්ස් සමාගමක් සහ ක්‍තවත් පුද්ගලයෙක් අයිතිවාසිකම් කිවේය.
වනජීවී නිලධාරී ජගත් සිරිසේන මහතා අධිකරණයට දැන්වූයේ තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි හිමිකරු වැරදි කරු බව නීතියේ සඳහන් බවයි.
එවැන්නක් නොදැන සිටි බව ෆිනෑන්ස් සමගාම සහ අයිතිකරු උසාවියට දැන්වූවත් එය නොපිළි ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි තණ්හාව (දී)
එක, එක වෙලාවට එක එක තර්ක. අසාධාරණයට ලක්වෙන මිනිහට සාධාරණයක් නෑ.. (ස)
නියමයි, වැරැද්ද කල කෙනාට දඩේ තිස් දාහය්, ෆිනෑන්ස් සමගම මේ වැරැද්ද ගැන සමහරවිට නොදන්නවා ඇති, එත් ඒ අයට පාඩුව ලක්ෂ 12. (ස)
දේශ පාලුවන් කැලෑවල ගස් ලොරි ගණන් පටවද්දි වන ජීවකයොත් නිදි. පොඩිමිනිහා හැමදාම තැලෙනවා... (ස)
වරුණලා දයාලා මොනවද දන්නේ.. වන නිලධාරීන් නිදා ගත්ත නම් ලංකාව මෙලහකටත් සහරාවක් වෙලා. (ස)
හොද වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ (දී)
නොදැන නොවෙයිනේ මේ වැඩ කරන්නේ දැන.. දැන.. තමයි කරන්නේ (දී)
ම්ව්, ඔව් ඔයාලා හරි. වන ජීවී කට්ටිය තමයි පහුගිය කාලේ එක එක ව්‍යාපාර කරලා අහ්වුනේ.(නදි)