(අමදෝරු අමරජීව )
ත්රිකුණාමලය, කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට විත්තිකරුවකු වූ බලංගොඩ කස්සප හිමි අධිකරණයේ පෙනී නොසිටීම නිසා එම හිමිනමට නොසිති නිකුත් කළ ත්රිකුණාමලය ප්රධාන මහේස්ත්රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විත්තිකරුවන්ගෙන් ප්රකාශ සටහන් නොකර චෝදනා ගොනු කිරිම සම්බන්ධයෙන් පොලිසියෙන් ප්රශ්න කළ මහෙස්ත්රාත්වරයා අද (12) දින වරාය පොලිසියට ගොස් ප්රකාශ ලබාදෙන ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
වලංගු බලපත්රයක් නොමැතිව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ත්රිකුණාමල වරාය පොලිසිය හරහා ගොනු කළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා මෙම නියෝග නිකුත් කෙරිණි.
අධිකරණයේ පෙනී නොසිටීම නිසා නොසිති නිකුත් කර තිබූ මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින සැකකාරියක් අධිකරණයට ඉදිරිපත්වූ අවස්ථාවේ එම සැකකාරියට වරාය පොලිසියට ගොස් ප්රකාශයක් ලබාදීමටද මහේස්ත්රාත්වරයා නියම කෙරිණි.
මේ වන විට මෙම නඩු විභාගයට විත්තිකරුවන් පහළොස් දෙනකු චෝදනා ලැබ සිටින අතරින් තවත් එක් සැකකරුවෙකු නොසිති මත සිටින බව අනාවරණය විය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන මනෝජ් අරවින්ද සෙබස්තියන් කළණ පින්නදූව හේවා යන මහත්වරු පෙනී සිටි අතර වෙරළ සම්පත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීති නිලධාරී පංචාලි ප්රනාන්දු වෙරළ සංරක්ෂණ නිලධාරී එස් තීපරාජ් යන මහත්ම මහත්මීන්ද පෙනී සිටීහ.
මෙම නඩු විභාගය ලබන ජනවාරි හය වැනි දිනට මහේස්ත්රාත්වරයා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd