(ෂේන් සෙනෙවිරත්න)

තෙල්දෙනිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක්  අඹකොටේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන් ආපසු ගමන් කරමින් සිටියදී එහි ලඳු කැලෑවක සැඟවී සිටි පිරිසක් ජීප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ඊට අලහභානි සිදුව ඇති බව පොලිසිය කියයි.

තෙල්දෙණිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටියදී එම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.