පදවි ප්‍රාප්තිය සමරන්නට ජාතික කොඩි ඔසවන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉල්ලන්නේ පදවි ප්‍රාප්තිය ජාතික උත්සවයක් යැයි සලකාගෙන දැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පක්ෂ මූලස්ථානයේදී අද (4) පැවසීය.
ජාතික ධජය ඔසවන්නේ ජාතික උත්සවවලට පමණක් බව අමාත්‍යවරයා නොදන්නේදැයි විමසූ ගම්මන්පිල මහතා මෙවැනි උත්සවවලට ජාතික කොඩිය එසැවීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද කීවේය.
ඔහු ඇතුළු පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයෝ කළු පැහැති ඇඳුමින් සැරසී
මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත නේද.? (ර)
කළු ඇඳුම් ඒ අයට හොඳටම ගැලපෙනවා. (ර)
මේ ගොල්ලෝ දැන් මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුම් දීල ගෙන්වාගෙන හොදට කන්න බොන්න දීල අතටත් ගානක් දීල තමන් කියන මෝඩ කතා දිනපතා පළකර ගන්නවා .මේවට හැමදාම යන කට්ටිය අපි දන්නවා (බ)
තාත්තගේ, පවුලගේ නම කන වැලපෙන, හඩන, ප්‍රසිද්ධියේ වියෝ ගී ගයන එක දේශප්‍රේමී ආසාවක් ළංකරගෙන්ද මේගොල්ලෝ දේශප්‍රේමී ව්‍යාපාරය කරන්නේ ?ඕකට තමයි කියන්නේ මෝඩයන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල (බ)
ගම්මන්පිල ගැන කියලා වැඩක් නෑ (බ)
කළු මිනිසුන්ට හරියන පාටක් තමයි කළු (බ)
එ්ක වෙන්න ඇති පහුගිය දවස්වල ජාතික කොඩිය විකෘති කරලා ජාතිවාදය ඇවිස්සුවේ....(බ)
ගම්මන්පිල මහත්තය මේ අවස්ථාවට කළු අඳින්න ඕන නැහැ...එයා දැන් කියන කළු කතා නිසා එයා කවුද කියා පේනවා ! (බ)
ගැමුණු විජේසූරිය,ඇනස්ලි ඩයස්,බර්ටි ගුණතිලක,සැමුවෙල් රොඩ්රිගෝ යන ඉස්සර හිටපු විකට නළුවන්ගේ අඩුව පුරවන්න කට්ටිය දැන් ඉන්නවා. (බ)
අවරගණයේ දේශපාලකයන්ට ගැලෙපෙන අවරගණයේ පාටක් තමා කළු. දිගටම කලුපාට අදින්න (බ)
මෙසේ කළු ඇඳලා, කළු කොඩි ඔසවලා කියන්නන් වාලේ දුවන්න ගියොත් නොම්මර ඒ අය කවුද කියලා මහජනතාවට දැනගැනීමට අවකාශ ලැබෙයි. (බ)
හිත කළු ජාතිවාදී මිනිස්සුන්ට කළු පාට හොදට ගැලපෙනවා (බ)
ඇත්තටම කරපු වැඩවල හැටියට ගැලපෙන්නේ කළු ඇඳුම තමා...(බ)
ඇයි, කළු කෝට් අයින් කරලාද ? (හේ)