රුපියල් දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ සගවාගෙන සිංගප්පූරුවට ගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 53 වෙනි වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි මොටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.
සැකකරු ඇවිදින ආකාරය පිළිබඳ සැක සිතී සහකාර රේගු අධිකාරි දුමිදු සිරිසේන මහතා විසින් ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ගෙන ගොස් එක්ස් කිරණ පරික්ෂනයකට යොමු කොට මෙම මුදල් ඔහුගේ ගුද මාර්ගයේ තිබී ඉවතට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යූරෝ පන්සීයේ කොළ 230 ක් සහ ස්විස් ප‍්‍රෑන්ක් දාහේ කොළ විසි එකක් තිබූ බව රේගුව කියයි.
මෙම මුදල් සිංගප්පූරුවට ගෙන ගිය විට තමන්ට රුපියල් හැත්තෑපන් දහසක කොමිස් මුදලක් ලැබෙන බව මොහු රේගුවට පවසා ඇත.
සැකකරු කැතී පැසිපික් ගුවන්සේවයට අයත් සී.එක්ස් 710 දරණ ගුවන්යානයෙන් මෙරට සිට සිංගප්පුරුව බලා යාමට ඊයේ රාත්‍රියේ 10 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.එම්. ඕ දි සේරම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන දුමිදු සිරිසේන, ජී.පී.එස් පෙරේරා, එස්.කේ.එස්.කේ ගමගේ, ආර්.එම්.එන්.පී බංඩාර, එච්.ඞී.එස්.සී පෙරේරා, පී.එච්.යූ.අයි විජේපාල, ඞී.එන්.එන්.ජේ සමරසේකර යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර නැවක් නේ?හිරේ ඉන්න කට්ටියනම් ඔයවගේ පස්සවල් හදුන්වන්නේ නැව් කියල (අ)
බුදු අම්මෝ! (දී)
අනේ මන්දා ,හැමකෙනාම පස්ස ව්‍යාපාර සඳහා යොදාගෙන. (දී)
පුංචි ඉඩෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් මෙයාට පර්චස් විස්සක ඉඩමක් තියනවා නම් උත්සාහයත් තියනවා නම් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. (දී)
මෙයා මෙහේ පෞද්ගලික බස් එකක ගියානම් නිකම්ම අහුවෙනවා. කොන්දොස්තර නිතරම කියනවනේ පස්සෙන් සල්ලි ගන්න කියලා. මිනිහ හිතයි කොහොමද මේක දන්නේ මගේ පස්සේ සල්ලි තියනවා කියලයි කියලා. (දී)
රුපියල් 75000 කට මෙහෙම කරනවා නම් ලොකු ගණනකට මොනවා කරයිද? (දී)
සල්ලි නම් අපේ. සල්ලි දැකලම නැති අයට කොගේ හංගගෙන ගිය සල්ලිද කියලා ප්‍රශ්නයක් නැහැ. (දී)
රේගුවෙන් අල්ල ගන්න කෝටි ගණනින් මුදල් වලට සහ ටොන් ගණනින් රත්තරන් වලට ඇත්තටම මොකද වෙන්නේ? (දී)
හත්දෙයියනේ! මෙයාගේ පස්ස පැත්ත මේ තරම් වටිනවාද ? බලාගෙන ගියාම මනුශ්‍ය ශරීරයේ වටිනාම කෑල්ල පස්ස පැත්තනේ. කිසිම ට්‍රැෆික් එකක් නැතුව එන්න තියන එකම මාර්ගය, ඒකටත් ගිය කල? මිනිස්සුන්ට කේන්ති ගියාම ඔන්න ඔය පැත්තටත් නරක වචන කියලා බනිනවා මට ඇහිලා තියනවා දැන් ඉතින් එහෙම බනින එකක් නැහැ ඇයි ඉතින් රත්තරන් වටින කෝටිගානක් වටින තැනකට එහෙම අපහාස කල හැකිද ? (දී)
මෙයා නම් අපේ කෙනෙක් වගේ (දී)
කට්ටිය ස්වයං රැකියා උත්පාදනයට මාර්ග අළුතින් හොයාගෙන වගේ (දී)
අම්මෝ මෙයා යුරෝපේ පැත්තේ හිටියා නම් හොද ගානක් හොයා ගන්නවා (දී)
නොයෙක් විදිහට පශ්චාත් භාගය ආදායම් මාර්ගය කරගත් අය අප අතර ඕනෑ තරම් ඉන්නවා. අපි මේ පැත්ත ගණන් නොගෙන හිටියට, ඒ පැත්ත නරකමත් නැහැ නේද? (දී)
ගබඩාව තව ටිකක් ඉඩ ලබාගන්න පුළුවන් තත්වෙට ගෙනාවා නම් හොඳ විදේශ විනිමය වෙළඳ පලක් විවෘත කරන්න තිබුනා, ලොකු උත්සවයක තියලා, ඇමති කෙනෙකුත් ගෙන්නලා. (දී)
තුෂාර, සුද්දන්ට තමන්ගේ පසුපස විකුණා පැමිණි අය යුරෝපයෙ නම් ගමකට ඉන්නවා. අනේ අපිට නම් එපා (දී)