සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අතර අද (17 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති පුහුණු එක්දින තරගයේදී ලකුණු 73 ක පහසු ජයක් අත්කරගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය. ලකුණු 272 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම ඕවර 44.5 ක් අවසානයේදී ලකුණු 198 කට දැවී ගියේය.
25 වැනි ඕවරය නිමා වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටි නමුත් පන්දු 39 කදී සභාපතිගේ පිලේ අවසන් පිතිකරුවන් තිදෙනා පිටියෙන් ඉවත් කළ දකුණු අපි‍්‍රකානුවෝ පහසුවෙන්ම තරගය ජයගත්හ.
කලකට පසුව ජාතික සංචිතයට එක්වූ වමත් පිතිකරු ජෙහාන් මුබාරක්, අංක 7 පිතිකරුවා ලෙස සටන්කාමී පිතිහරඹයක යෙදෙමින් ලකුණු 42 ක් ලබාගත් නමුත් සභාපතිගේ පිල ගොඩගැනීමට එය ප‍්‍රමාණවත් නොවීය.
සුපුරුදු ආක‍්‍රමණශීලී පිතිහරඹයට අවතීර්ණ වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 23 කදී ලකුණු 23 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක්ම සිය ඉනිමට ඇතුළත් කරමිනි. එහෙත් දිමුත් කරුණාරත්නගේ දැවීයාමත් සමගින් ශී‍්‍ර ලංකා සභාපතිගේ පිල පසුපාදට තල්ලූ වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 21 කට දැවී ගියේ සභාපතිගේ පිලේ බලාපොරොත්තු අඩපණ කරමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු පිල ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබාගත්තේය. ජේ. පී. ඩූමිනි පන්දු 100 කට මුහුණ දෙමින් ලකුණු 92 ක් ලබාගත්තේ සිය ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කරමිනි.
කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
හසිම් අම්ලා සහ ඇල්වීරෝ පීටර්සන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක් කිරීමෙන් අනතුරුව පිටියට පිවිසි ඩූමිනි, ශී‍්‍ර ලංකා සභාපතිගේ පිලේ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් දකුණු අපි‍්‍රකානු ඉනිමේ නැංගුරම බවට පත්විය.
කොදෙව් සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් තිසර පෙරේරා නැවතත් ජාතික සංචිතයට එක්වීමෙන් පසුව ඕවර 10 ක් යවමින් ලකුණු 49 කට කඩුලූ 2 ක් දවාගත් අතර ධම්මික ප‍්‍රසාද් ලකුණු 50 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායම
දකුණු අප‍්‍රිකානු කණ්ඩායම
හෂීම් අම්ලා - දුවද්දී දැවී ගියා 31
ඇලවයිරෝ පීටර්සන් - ඇ.මුබාරක් ප.විමුක්ති පෙරේරා 43
ජේ. පී. ඩුමිනි - ප.ප‍්‍රසාද් 92
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ.සේරසිංහ ප.තිසර පෙරේරා 40
ෆෆ් ඩු ප්ලේසී - ඇ.උඩවත්ත ප.තිසර පෙරේරා 40
ඩෙවිඞ් මිලර් - ප.ප‍්‍රසාද් 2
රොබින් පීටර්සන් - නොදැවී 11
රයන් මැක්ලරන් - නොදැවී 1
අතිරේක 11
එකතුව ඕවර 50 කදී කඩුලූ 6ක් දැවී 271
කඩුලු වැටීම:
1-46 (හෂීම් අම්ලා), 2-95 (ඇලවිරෝ පීටර්සන්), 3-165 (ඒ. බී. ඞීවිලියර්ස් ), 4-247 (ජේ. පී. ඩුමිනි), 5-253 (ඩෙවිඞ් මිලර්), 6-265 (ෆෆ් ඩු ප්ලේසි)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
කි‍්‍රස් මොරිස්, ඒරන් පැන්ගිසෝ සහ මෝනි මෝර්කල්
පන්දු යැවීම:
ධම්මික ප‍්‍රසාද් : 10-0-50-2, විමුක්ති පෙරේරා : 10-1-50-1, තිසර පෙරේරා : 10-0-49-2, චතුරංග ද සිල්වා : 8-0-51-0, සචිත‍්‍ර සේරසිංහ : 3-0-09-0, ජෙහාන් මුබාරක් : 9-0-57-0
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
කුසල් ජනිත් - ක.මු.කළා ප.මොරිස් 23
දිමුත් කරුණාරත්න - ඇ.ඞීවිලියර්ස් ප.මොරිස් 6
මහේල උඩවත්ත - ක.මු.කළා ප.රොබින් පීටර්සන් 12
ඇන්ජලෝ පෙරේරා - ඇ.රොබින් පීටර්සන් ප.ඩුමිනි 46
දිනේෂ් චන්දිමාල් - ඇ.අතිරේක ප.පැන්ගිසෝ 21
සචිත‍්‍ර සේරසිංහ - ඇ.ඞීවිලියර්ස් ප.මොරිස් 3
ජෙහාන් මුබාරක් - ඇ.මැක්ලරන් ප.රොබින් පීටර්සන් 42
තිසර පෙරේරා - ප.ඩුමිනි 19
චතුරංග ද සිල්වා - ඇ.මොරිස් ප.පැන්ගිසෝ 11
ධම්මික ප‍්‍රසාද් - ක.මු.කළා ප.රොබින් පීටර්සන් 0
විමුක්ති පෙරේරා - නොදැවී 3
අතිරේක 12
එකතුව ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී 198
කඩුලු වැටීම:
1-22 (කරුණාරත්න), 2-33 (කුසල් ජනිත්), 3-53 (මහේල උඩවත්ත), 4-102 (චන්දිමාල්), 5-111 (සේරසිංහ), 6-117 (ඇන්ජලෝ පෙරේරා), 7-155 (තිසර පෙරේරා), 8-182 (චතුරංග), 9-183 (ධම්මික ප‍්‍රසාද්), 10-198 (ජෙහාන් මුබාරක්)
පන්දු යැවීම:
මෝනි මොර්කල් : 3-0-13-0, ක‍්‍රීස් මොරිස් : 8-0-27-3, ජේ. පී. ඩුමිනි : 9-0-49-2, රයන් මැක්ලරන් : 8-1-29-0, රොබින් පීටර්සන් : 7.5-1-37-3, ඒරන් පැන්ගිසෝ : 9-0-39-2

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමින් ඉන්දියානු කණ්ඩායම දැනට වෙනත් තරගාවලියකට සහබාගි වෙන්නේ නැහැ. මොකද ඉන්දියානු කණ්ඩායම සමග මෙම තරගාවලිය සුදානම් නොකළේ? කව්ද කැමති දකුණු අප්‍රිකාව එක්ක තරග බලන්න ? (නි)
තිසර පෙරේරා හිටියානම් ඉන්දියාවට පරාද කරන්න තිබුනා.(නදී)
කුසල් අසාර්ථක වුනා.හැබැයි ඒ එංග්ලන්ඩ් තණ තිරුවල. කුසල් ලංකාවේ හොදට සෙල්ලම් කරනවා. ජයසුරිය අසාර්ථක වුනාට කණ්ඩායමෙන් ඉවත් කළ නැති තරම්. කුසල් කණ්ඩායමේ සිටිය යුතුමයි. චමීර කියනවා වගේ තමන් ගැන හිතලා ක්‍රීඩා කරන අය ගොඩ යාවි. තිරිමාන්නව කන්ඩායමෙන් ඉවත් කරන්න. එයාට ටෙස්ට් තරග දීලා දිමුත්ව ගන්න. මැතිව්ස් හා කුලසේකර 1 තරගය දෙකට ක්‍රීඩා නොකරන නිසා තිසර පෙරේරා අනිවාර්යෙන්ම කණ්ඩායමේ සිටිය යුතුයි. තේරීම් කමිටුව වෙනස් කරන්න කාලය දැන් හරි . (නි)
චන්දිමාල් අන්තිම තරග 15දිම ලකුණු 167යි නේද අරන් තියෙන්නෙ (නි)
ජිනත්, ඒක ඇත්ත. චන්දිමාල් ටෙස්ට් ක්‍රිකට් වලට සුදුසු ක්‍රිඩකයෙක් වගෙයි පෙනෙන්නෙ. (නි)
මුබාරක් මේ තරගයෙ හොදින් ක්‍රිඩා කරලා තුන් ඉරියව්වෙන්ම.. වැඩක් ගන්න පුලුවන් වේවි කණ්ඩායමට.. (අ)
චන්දිමාල් නම් මෙලෝ වෑඩක් නෑ තටමල තටමලා බෝල 50ක් කාලා ලකුණු 20 ගහල යනවා.(නදී)
ඒ කවුරුත් ජෙහාන් මුබාරක් ගැන කතා නෙකරන්නේ ජාඩි වාදය ඇවිල්ල හරිම කනගාටුයි අපි ලාංකිකයෝ හැටියට් සිටීමට පුළුවන්කමක් නැත්නම් මේ රටේ අනාගතයට තෙරුවන් සරණි (අ)
සනා තමුන්ගේ රට දියුණු වෙනවට අකමැති ඔයා වගේ ඉරිසියාකාර මිනිස්සු තමා ඔහොම ප්‍රතිචාර දාන්නේ (නි)
චන්දිමාල්ට තරඟ දෙකක් නායකත්වය දීල තියෙනවා පුලුවන්ද ජය ගන්න. අනේ මන්ද (අ)
තිසර පෙරේරා ඉවත් කණ්ඩායමෙන් ඉවත් කිරිම නම් අපරාදයක්. මේ තරග වාරයේදීවත් අවස්ථාව දුන්නොත් හොදයි. කොදෙව් සංචාරයේ ඉන්දියාව එක්ක අවසාන තරගයට තිසර ගත්තා නම් තරගයයේ ප්‍රතිඵලය ලංකාවට හොද වෙන්න තිබුනා. (නි)
සුමුදු ,කෘෂිකර්මයට පෝර නැහැනෙ. ඔයාට බැරිද මේකට අදහස් දාන වෙලාවෙ එළ හරකෙක් හඳන්න. එතකොට දෙන්නයි. (නි)
කුසල්ව එහෙට මෙහෙට වීසිකරලා රටේ අනාගතයයි මේ කන්නේ.ආත්මාර්ථයට ඉනිම් ගහන අය ගොඩ යනවා. කපුගෙදර වැනි අය හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඔවුන්ව හරියාකාරයෙන් භාවිතා කළේ නැහැ. (නි)
එයාලත් එකයි, මෙයාලත් එකයි. මේවාට අදහස් දැමීමත් නිකන් කාලය කා දැමීමක්...... (නි)
ලංකා සංයුතියේ ඉන්නවා ජාතික පෙල සහ ජාතික පෙලට දොරටුව විවෘත වු අය. මෙතැන විශේෂයෙන් රැකගත යුත්තේ කුසල්. ඔහු කලාතුරකින් බිහිවන අයෙක්. ඔහුව රැක ගතහොත් නිසියාකාරව අපට අනාගතයට ලෝකයටම පහරදිය හැකි කෙනෙක් බිහිකල හැකි වේවි. යලි ජයසුරිය යුගයක් දැකගත හැකි වේවි. ඉස්සර ලෝකයේ සෑම පිලක්ම අප සමග සෙල්ලමට එන්න පෙර ඔවුන් කල්පනා කලේ කවුද ඉස්සෙල්ලා පන්දු යවන්නේ කියලා. ඒ මානසීක පීඩනයම ඇති ජය ලබන්න. අනික අද වන විට ලෝකයේ ඉහල පෙලේ සිටින ලංකා කණ්ඩායමෙ අනාගත නායකත්වයට පවා සුදුසුකම් ඇති තිසර පෙරේරාව ජාතික පිලෙන් ඉවත් කිරිම කනගාටුදායකයි. ඔහු අසමත්වීම් වුනේම නැහැ. ඔහු කුමන හෝ අංශයකින් තමාගේ ස්ථානය තහවුරු කරන පුද්ගලයෙක්. මෙම තරගයේ පවා ඔහුගේ සේවය ඉටු කරලා තියෙනවා. චන්දිමාල් පවා පරිස්සම් විය යුතුයි (නි)
අයියෝ අපේ සුපිරිම පන්දු යවන්නන් නැතුවත් 272 ද ගැහුවේ? හැප්පිලා බලමු අපේ සුපිරි ක්‍රීඩකයොත් එක්ක.(නදී)
චන්දිමාල් ලංකාවේ ලාබාලම නායකයා. තිරිමාන්න උප, ඇන්ජලෝ පෙරේරාත් ඉන්නවා. ඔක්කොම හොදයි. (නදී)
චන්දිමාල් පැත්තකින් තියන්න කාලේ හරි . එයාට බලාගෙන ඉදලා පුරුදු වෙලා එන්න කියමු (නි)
ශ්රී ලංකාවේ සිටින හොදම ජව සම්පන්න පිරිස මේ වගේ කිසිම නිෂ්පාදනයක් රහිත කටයුත්තක් වෙනුවෙන් සම්පුර්ණ කාලයම කැප කරනකොට රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? මේ කට්ටිය මේ හෙලන දහදිය කෘෂිකර්මාන්තයට යෙදවුවා නම් සැලකිය යුතු ලෙස රටේ අත්‍යවශ්‍ය බඩු මිල අඩු කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අවම 1000ක් පමණ දැනට මේ විදිහට කාලය මේ ක්‍රීඩාව වෙනුවෙන් යොදවනවා. (නි)
ඊයේ මැච් එකට කලින් මම කිව්වේ ඇන්ජලෝ පෙරේරා ගැන අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕනේ තිසරවත් ගන්න ඕනේ (අ)
කුසල් ජනිත් ස්ථාවරයට පත් වුවොත් නොම්මර 1 කේ පිතිකරුවෙක් වෙන බව පෙනී යනවා...ඔහුගෙන් සුළු වෙරද්දක් වෙනවා....ඔෆ් එකට පන්දුව වෙටෙන විට පිත්ත දමන ආකාරය දුර්වල කම......මෙය හදාගන්න ඔබ ලෝකයේ ජය කෙහෙළි නංවන ක්‍රීඩකයෙක්. (අ)
රෙමා, ඔබ හරි. මමත් කියන්නේ ඔය ටිකම තමා. තිසර පෙරේරා ටීම් එකේ ඉන්න ඕනෑ. ඒක ඔය තේරීම් කමිටුවේ ඉන්න අයට තේරෙන්නේ නැති එක තමයි වැඩේ. (නි)
චන්දිමාල් ගැන සලකා බලන්න ඕනෑ (නි)
ඇන්ජලෝ පෙරේරාට අවස්ථාව දීලා චන්දිමාල්ට ටිකක් විවේක දුන්නොත් හොදයි නේද....? (නි)
මේ පාරවත් තිසර පෙරේරාව දාන්න. (නි)
තිසර පෙරේරාගේ ස්ථානය අහිමි වුනා නෙමෙයි අහිමි කළා. එයා තමා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා (නි)
ඇන්ජලෝ පෙරේරා අනිවාර්‍යයන්ම අපේ කණ්ඩායමට නම් කරන්න ඕනේ.(නදී)
කුසල් ජනිත්, ඇන්ජෙලො පෙරේරා වෑනි වේගයෙන් ලකුණු රැස් කලහෑකි ක්‍රිඩකයො සෑහෙන වටිනවා. (ස)
මම හිතන විදිහට ඇන්ජලෝ පෙරේරාත් වටිනා සම්පතක් වේවි අනාගතයේදී. (ස)