නීත්‍යනුකූල ගුවන්ගමන් බලපත‍්‍රයක් නොමැතිව යාත‍්‍රාවකින් නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකකිකයෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම්වරමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අරුල් සෙල්වන් නැමැති ලාංකිකයෙකි. යාපනයේ පදිංචි මොහු යාපනයේ අරිචල්මුනෙයි වෙරළ තීරයේ සිට රාමේෂ්වරම් වරාය වෙත පැමිණෙමින් සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් ආපු අයමනේ. අපහු එහෙ ගියාම මොකද. එකා දෙන්න නොවෙයි ඔක්කොම යන්න ඕනෑ. (අ)
හොරෙන්ම යන්න වටිනා මෙහෙව් රට, මම නම් ගිහින් දැම්මත් අපහු එනවා (අ)
ශ්රී ලංකාවේ ඉන්න බොහෝ ද්‍රවිඩ ජාතිකයින්ට මාතෘ භුමිය ලංකාව නොව දකුණු ඉන්දියාවයි. මොනවා වුණත් අන්තිමට ගිහින් වැටෙන්න තියෙන්නේ ඔතනයි කියලා අහිංසක වගේම මුලාවූ සිතින් මේ වගේ මෝඩ පියවර ගන්නවා. ලංකාවේ වාර්ගික ගැටුමක් ඇතිවන හැම මොහොතකම දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ කපටි දේශපාලකයින් අහිංසක නුගත් උතුරේ වසන ශ්‍රී ලාංකික ද්‍රවිඩයින්ව චාටු බස් වලින් රවටනවා. (නි)
ඉස්සර ඉන්දියාවේ අය කල්ලතෝනි කියලා මෙහෙට ආවා මෙහෙ හොඳ නිසා. දැන් ලංකාවෙ අය එහෙට යනවා එහෙ හොඳ නිසා. යහපාලනයත් එක්ක ජීවත්වෙන්න අමාරු ඇති. (නි)
එයාලගේ මවුරට වෙන්න ඇතිනේ. ඉතින් යන්න දෙන්න (නි)
දිවය ලෝකයක ඉඳන් අපායට හොරෙන් යන්නේ මොන මෝඩකමක්ද? (ම)
දැන් ඉතින් මොනා කරන්නද?(හේ)