දකුණේ මාර්ග ඉදිකිරිමේ ව්‍යාපාරයක රැකියාව කළ යාපනය ආයිත්තමලේ පදිංචිකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔවුන් උනැල්ලේ නිවසක් කුලියට ගෙන වැඩට ගොස් ඇති බවත් ඉරිදා මාතර පැවැත්වෙන රණවිරු සැමරුමට පෙර දින කළ සෝදිසියක දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිසෙන් සිව් දෙනකු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් බවත් පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළීවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම් පාර කියල හිතාගෙන වෙන්න ඇති එන්න ඇත්තේ එව්වා කොහෙද අපිත් එක්ක (ස)
පාර්ලිමේන්තුවෙත් ඉන්නේ පරණ කොටියෙක්.(නදී)
අපේ අය කලබල වෙන්න එපා පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති අය නැවත කඳවරු වලට යවමි. අනික ඒ අයට රටේ ඕනෙම තැනක වැඩ කිරීමට නිදහස්. හැබැයි ඉස්සර වගේ වැඩ බැහැ.(නදී)
මේ අය රැකියාවලට බඳවා ගත් අයගෙනුත් ප්‍රශ්න කල යුතුයි. දැන හෝ නොදැන ඔවුනට නිවාස කුලියට දුන් අයගෙන්ද ප්‍රශ්න කල යුතුවාක් මෙන්ම , මුදල් මතම නොයැපී රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ද යමක් හිතන්නට ජනතාව මීට වඩා උනන්දු වීම රටේ මෙන්ම තමන්ගේ යහපතටද යහපත් වනු ඇත.(නදී)
මෙයාල කොටි නෙවෙයි හරක්......! කම්කරු වැඩට එන්නේ නැතිව දේශපාලනේට ආවා නම් ඇමති කමක් වත් අරන් ඉන්න තිබුනනේ. (ස)
මාර නීතියක්නේ. මේ මිනිස්සුන්ට කුලී වැඩක්වත් කරන්න අවසර නැද්ද ? මේ ඉන්න කොටි නෙවෙයි ඊළඟ යුද්ධයට මුල පුරන්නේ මේ වගේ මිනිස්සුන්ට කුලී වැඩක්වත් කරන්න දෙන්නේ නැති පාලකයෝ. (ස)
ඇත්තටම දැන් සිංහල අපි අවදියෙන් ඉන්න කාලය හරි . අපේ කොල්ලෝ කී දාහක් මැරුවද (ස)
ඔය බය වරින් වර ඇති කරනවා කියන්නේ සරුංගලයකට නොනවතින මද සුළඟක් වගේ.(නදී)
පාරේ වැඩ කරපු එකද වරද ? දෙමල මිනිස්සුන්ට ලංකාවේ අනෙක් ප්‍රදේසවල වැඩ කරන්න බැරිද ? (නදී)
ආයෙත් දෙමළ සිංහල ප්‍රශ්නය මුල් අදිනවා වගේ. (ස)
දැන් සේරම හරි!. කොටි ඉවරයි කියලා සර්ව සුභවාදී වෙන එක නම් අපේ ඇඟට ගුණ නැහැ. ඔය වගේ තව කොච්චර දකුණට ඇවිත් ඇතිද? කොච්චර ක්‍රියාත්මක වෙමින් ඉන්නවද කියලා සෙවිල්ලෙන් ඉන්න එක නම් කාගේත් ජාතික යුතුකමක්.(නදී)
ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සිටික බව දැනගන්න.(නදී)
ඔය ලොකු ලොකු තැන්වල ඉන්න පරණ කොටි ටික අල්ලගන්නත් හොද වෙලාව.(නදී)
නැති බැරිකමට රැකියාවක් කරන්න ඇවිත් ඒ නිදහසත් නැද්ද (අ)
බලන් ගියාම පරණ දේවල් අමතක කරලා සාධාරණව ජිවත් වෙන්න බෑනේ ලංකාවේ. (අ).
මේ ගොල්ලත් ආයුධ පෙන්නන්න එක්ක යන්න තමා තියෙන්නේ. වෙන මොනවා කරන්නද. (අ)
කාලයක් වැඩ රැගෙන පඩි දෙන්න වෙනකොට කොටි කියල පොලිසියට අල්ලා දෙන කට්ටියකුත් වෙන්න පුළුවන් අපේ සමහර මුදලාලිලා. නියම ලෙස පරීක්ෂා කිරීම දැන් ඉතාමත් අවශ්‍යතාවක් බව සලකනු මැනවි. (අ)
කවුද මේ අයට දකුණේ මාර්ග ඉදිකිරීමේ රුකියවල් දුන්නේ .වරද කර තිබෙන්නේ ඔහුය . එනිසා ඔහුත් අල්ලා පරික්ෂා කරන්න (අ)
ඒ ගොල්ලන්ගේ සුපුරුදු වැඩ පටන් ගන්න කලින්,අත්අඩංගුවට ගත්ත එක බොහොම හොදයි. (අ)
දැන් ඉතින් යුද්දේ එවර නිසා මේ කට්ටියට නිදහශේ කියක් හරි හම්බකරගෙන ජීවත් වෙන්න දෙන්න. (අ)