දකුණේ මහ ඇමැතිකම බල්ලකුගේ පස්සා පැත්තේ ඇති රෝම කූපයක් තරමින්වත් නොවටිනා බවත්, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට එදා ලෙයින් කළ සලකුණු වෙනස් නොවන බවත් මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
මාතර පැවැති රැස්වීමකදී ඔහු පැවසූවේ තමාට අසූචි කෑමේ ප්‍රශ්නයක් නැති බවත්, රජයට එක්වන්නේදැයි බොහෝ දෙනා තමාගෙන් අසන බවත් ඔහු කීවේය.
රජයේ තනතුරුවලට එක්සත් ජාතික පක්ෂ හයර් කරන බව පෙනෙන්නේයැයි ද එසේ යන අයගේ හෘද සාක්ෂිය ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඕක දෙනවා කිවුවේ හීනෙන් ද ? (නි)
කවුද ඉතින් දෙනවා කිව්වේ? ඔච්චර කෑ ගහලා කියන්න ඕනයෑ .. (නි)
මට නම් මෙය ඉතා පහත පිළිකුල් සහගත කතාවකි. (නි)
ලංකාවේ දේශපාලනයට ගාවගෙන මෙම අහිංසක සතාගේ නමෙත් දැලි ගාන්නද හදන්නේ? (නි)
මෙතුමාගේ ලේ දැන් වතුර වෙලා ඇත්තේ. (දී)
අපේ රනිල් මැතිතුමා ඉන්නකන් දිනන එක නම් බොරුවක් (දී))
තවම දකුනු පලාත් සභාව විසිරෙව්වේ නැහැනේ .එතකොට ආන්ඩුවට ගිහින් මම, රජය දිවිහිමියෙන් රකිනවා තවඅවුරුදු දහයක් පහලොවක් යනකම් මෙ රජය වැටෙන්නේ නැහැ කියලා කියන්න තව කියන්න දේවල් ඕනැනම් දයාගෙන් අහගන්න. (දී)
අපේ සිරි දයා ඔයවගේ දේවල් කියල තමයි පාට මාරු උනේ (දී)
තමන්ගේ වටිනාකම අනුව තමයි අනෙක් දෑ ගැන තක්සේරු තබන්නේ එක නිසා මොහුගේ වටිනාකම මීටත් වඩා පහල බව ජනතාව හොදින් දන්නවා (දී)
කණගාටුයි බුද්දික මහත්තයෝ මුකරිකම තිබුනට රටේ ව්‍යවස්ථාවෙන් පිළිගත් තනතුරක් බල්ලෙක්ගෙ මවිලක් ගානට දන්න එපා ඔබතුම එක්තරා රුපවාහිනී චැනලයක වැඩකරන කාලෙ ගරු විපක්ෂ නායක තුමාගෙන් ඔබතුමාගේ කොන්ද පන නැහැ කියල අහල අද එතුමාගේ නායකත්වය යටතේ ඉන්නවා. (දී)
දයාසිරිට හර්ද ෂාක්ශීය කියල එකක් තිබුනානම් කවදාවත් ඔයවගේ තමුන් ඔසවා තැබූ ජනතාවක් ඉදිරියේ මේ වගේ රඟපෑමක් කරන්න බැහැ. රටේ මිනිස්සුනට දේශපලකයන්ගේ සැබෑ මුහුණ දකින්න ලැබෙන්නේ මේ වගේ අවස්ථාවලදියි. යන යන හැම තැනම ජන හඬ අවදි කලේ. මුළු රට ඔබට ඒකයි ආදරය කලේ. පැන්නොත් ඔබත් ඒ පැත්තට මගේ මලේ. උන්නත් මලා වැනිවෙයි තිබුනාට බලේ. (දී)
දයාසිරි අයියා, තම ජොබ් එකෙන් ඉල්ලා අස්වෙලයි,පක්ෂය මාරු කලේ.ඒක අපි අවදානයට ගතයුතු කරුණක්.ඒක අනිත් දේශපාලක්යන්ට හොද උදාහරනයක් හා අබියෝගයක්. (නි)
මට නම් සියළු දේශපාලකයෝ ගැනම කියන්න තියෙන්නේ ඕක තමයි (නි)
මහජන නියෝජිතයෙක් වශයෙන්,ප්‍රසිද්ද ප්‍රකාශයන් කරනකොට පරිස්සම් වියයුතුය.මහ ඇමති තනතුරට යමෙක් පත්කරනුවේ මහජනයා විසිනි.එම මහජන කැමැත්ත බලු පස්ස පැත්තකට සම කිරීම ඒ චන්ද දායකයන් හාස්‍යයට ලක්කිරිමකි. (නි)
ලොකු කතා කියනකොට බයත් හිතෙනවා (නි)
මට පෙන්නේ තමන් ගැන තමන්ම වර්ණනා කරගනවා වගේ... (නි)
ඇට නැති දිවට මොනවා කියන්න බැරිද. (නි)
බොරුවට කතා කියන්නේ නැතුව යන්න ඕනෑ නම් යන්න... (නි)
ඔය කතා වලින් වැඩක්නේ..ඔබතුමා කෙලින්ම කියන්න ඕනෑ එක කියන්න (නි)
අනේ බුද්දික මල්ලි ,ඔයා අර ලේ වලින් අත්සන් කරන වෙලවෙ වීඩියෝ එක බලන්න ආයෙත් ආසයි.හරියට දෙමල ෆිල්ම් එකක වගේ. ඔයා අත කපාගෙන එහෙට දිව්වා ,මෙහෙට දිව්වා, අත පෙන්නුවා,කොලේ පෙන්නුවා.හරිම නෝටි (නි)
ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කිවුවලු (නි)
අපේ ඡන්දයෙන් පත්වුණු බුද්ධික මන්ත්‍රීතුමාව අපිට විශ්වාසයි. මාතර අපේ බලාපොරොතුව ඔබය... (නි)
ලලිත්, ගාමිණී මහත්වරු සමඟ රාජාලියා පක්ෂය පිහිටුවාගෙන පැවති පලවෙනි කුරුණෑගල රැස්වීමේ දී, එක මහත්තයෙක් කිවුවා, කුරුණෑගල ඇතාගල සෙලවුනත් මම නම් නැවත එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැහැ කියලා. ඇතාගල නම් සෙලවුනේ නැහැ, ඒත් එයා එක්සත් ජාතික පක්ෂයට ගියා. (නි)
ඒ කියන්නේ බුද්දික දැන්මම පිළිඅරන් ඉවරයි මීළඟ දකුනු පලාත් සභා ඡන්දෙත් ආණ්ඩුව දිනනවා කියලා... (නි)
ඔයාගේ පොරොන්දු ගැන අපිට වඩා හොදට ඔයා කොහොමත් දන්නවා ඇතිනේ (නි)
ඔයත් ඉක්මනින් පනින්න.තව කීපවරක් පනින්න ඔයාට වයස තියනවා. (දී)
දයාසිරි ආණ්ඩුවට ගියාට කමක් නැහැ එය කොහොමත් කොල පාට නේවේ .ඔයා හොද දකුණේ සිංහල කොල්ලෙක් අපිට ඔයාගේ ලේ විශ්වාසයි (දී)
හැබෑව නේන්නම් ... (නි)
දන්නවනේ ඒක ගන්න බැහැ කියලා .ඒක නිසා එහෙම කියනවා ඇති (නි)
කවුරු කවුරුත් ඔහොම තමා කියන්නේ......පස්සෙනේ හොරෙන් වැඩේ දෙන්නේ.... (දී)
බුද්ධිකට බලු මයිල කප්රුකක් වගේ පේනවද දන්නේ නැහැ (නි)
ජනතාවගේ නියෝජිතයන් පක්ෂ මාරු කිරීම් අනුමත කරන්නම බැහැ. මිනිසුන් කොයි මොහොතකත් තම පක්ෂය හැර විකල්පයක් වශයෙන් විරුද්ද පක්ෂයට යන්නෙම නැහැ,හැබැයි පක්ෂය කඩාගෙන ගිහින් වෙනම සංවිදානය වී නව පක්ෂයක් හදාගැනීම ගවුරවාන්විත මිනිසුන්ගේ ගව්රවාන්විත දේසපාලන ක්‍රමය අගය කළහැක්කක්.බුද්දික ඔබව පත්කළ ජනතාවට දිවිහිමියෙන් සලකන්න!ඔවුන්ට කවදාවත් පිටුපාන්න එපා!තමන්ගේ දරුවන්ට සලකන්න සමහර අම්මලා තම පතිවත විකුනනවා නමුත් සමාජයේදී සංවරශීලි ජනතාව එය අනුමත කරන්නේ නැහැ,එම වෘතියට යොදන නම පවා ප්‍රකාශ කිරීම අසන්වරයි සමාජයට,දෙසපලන්යෙත් ඒ කියමන මයි කීමට ඇත්තේ(මීට වඩා හොදය බඩ කපා ගන්නවා.කියල කියන්නේ ඕවට තමයි සහෝදරයා) (දී)
කමක් නැහැ, ඒ වුණාට ආණ්ඩුව පරදිනවා නම් හොදයි ටිකක් එයාලගේ ඇස් ඇරෙන්න. (නි)
අහෝ බුද්ධිය රතු ඉර පැනලාවගේ මොකෝ (නි)
අනේ ඉතින් ඔහොම කියන අයියලා තමයි හෙට අනිද්දට මාරු වෙන්නේ (නි)
බලු මයිල් එතරම් වටිනවද? (නි)
මේ කතාව මටනම් එක මවිල් ගහකට ගණන් ගන්න බැහැ (නි)
ඔය වගේකියපු අය බොහොමයක් පස්සේ ගියා (නි)
ඊයේ පෙරේදා පැන්න කෙනාත් ඊට වඩා කතා කිවුවනේ. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. (නි)
ඔයා හිතුවද දයාසිරි වගේ කියලා ඔයත්.. (නි)
ගිය සතියෙත් එක්කෙනෙක් මෙහෙම කියල තමයි දැන් අර පැත්තට පැන්නේ. දුමක් නැතිව ගින්නක් ඇති වන්නේ නැහැ. (නි)
බුද්ධික , ඔන්න ඔය කතා නවත්තලා ඔයත් තීරණයක් ගන්න (නි)
මන්ත්‍රීතුමා තවම ලාබලයි. ඔහොම කියපු අය අද කොහෙද ඉන්නේ කියලා හොඳට ඇස් ඇරලා බැලුවා නම් ....ඔය බලු මයිලටත් වටිනාකමක් එන දවසක් එනවා (නි)
එහෙම කියන්න එපා. බලු මයිලකට වඩා කොච්චර වටිනවාද? හැබැයි ඔහොම කියන්න පටන් ගන්නකොටම අපට හිතෙන්නේ රතු ඉර ළඟටම ඇවිල්ලයි ඉන්නේ කියලයි. අපේ අත්දැකීමේ හැටියට ඔය වගේ ප්‍රකාශත් එක්කම අනික් විශේෂ ප්‍රකාශයත් ලඟම එනවා. (නි)
මෙතුමත් පටන් අරන් වගේ. අනේ මගේ කට (නි)
මෙයා ඒ ගමන මේ මොකාටද එන්න හදන්නේ? (නි)
කට වරද්ද ගන්න එපා බුද්දික මල්ලියේ (නි)
බුද්ධික මල්ලි වැඩේ වරද්ද ගත්තා ලේ වලින් අත්සන් කරලා මල්ලියේ දකුණේ ලේ බාල්දු කරන්න එපා (දී)
ඇත්ත.ඒ වුනාට මට කිසිම දෙයක් කියාගන්ඩ බැහැ මෙතන. මොනවෙයින් මොනවා වෙයිද කියා හිතන්න බැහැ (නි)
බුද්දික, අපි දයාසිරි ට ආදරය කලා ,කගේ වරදින් හෝ එයා ගියා , එය දැන් වැරදි,ඔබව අපිට විස්වාසයි. කොච්චර තනතුරු නැතත් බුද්දීමත්ව හිතන්න . සල්ලි ගැනම හිතුවොත් ලෙඩේ. (දී)
බුද්දික ඔයාට තව වයස තියනවා .යු.එන්.පි එකේ ඉදල විපක්ෂය හදන්න බලන්න . ඔකේ දැන් නායකකමට කව්රුවත් නෑ.තව ටිකක් ඉවසල ඉන්න නිශ්ශබ්දව .ලබන මැතිවරණය තෙක් .නැත්තම් අපිට සැබෑ මහජන නියෝජිතයෙක් යු.එන්.පි එකේ නෑ .ඔබත් වැඩ කරන කෙනෙක් .බැරිනම් ලබන පාර යන්න . (දී)
මේවා කිසිම ප්‍රතිපතියක් නැති දේශපාලකයන්ගේ කතා. කතා කරනවා නම් මේ වගේ විකාර කතා නැතුව වැදගත් දෙයක් කිවයුතුයි. (දී)
බලාගෙන බුද්දික ලේත් එක්ක සෙල්ලම් එපා (දී)
අපි නම් ඕව අහල ඔට්ටු අල්ලන්නේ නැ (දී)
බලු මයිලුයි ලේයි දෙකම එක ගානට යයිද දන්නේ නැහැ. (නි)
දකුණේ අය ඔච්චර සුවිශේෂී ද? (නි)
මට මතකයි....දිවංගත එක්තරා සන්ධාන මන්ත්‍රීවරයෙකු කිවුවේ මගේ බල්ලාවත් යූඑන්පීයට යන්නේ නැහැ කියලා. අන්තිමට බල්ලාව ගෙදර තියලා ඔහු යූඑන්පීයට ගියා. අප රටේ ප්‍රජාතන්ත්‍රය කියලා එකක් තිබෙන නිසා ඕනෑම දෙයක් කියලා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. (නි)
මෙයා මේ විකාර කියනවා. දයාසිරි ගියාට එයාට යන්න බැහැ. එයා ලේවලින් අත්සන් කරලනේ ඉන්නේ.ගියොත් ජනතාවගෙන් ගුටිකන්න වෙයි. (නි)
අහවලා එක්ක ඉන්නවට වඩා නම් හොදයි යන එක (නි)
ඔය මයිල් , ස්මයිල් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හැබැයි හැමදාම විපක්ෂයේ ඉඳගෙන නිකන් කෑගහනවට වඩා, පක්ෂය මාරු කරලා හරි තමාගේ ප්‍රදේශයට අවංකව සෙතක් කරන්න පුලුවන් නම්, ඒකේ ඇති වරදකුත් නැහැ. අවසානයට විය යුත්තේත් එයයි. (නි)
ඇත්තටම ඇමතියෙක් මන්ත්‍රි කෙනෙක් අපිට නම් බලු මයිලක් තරම් නොවටී (නි)
මෙයාට ප්‍රශ්නයක් නැතුව ඕනෑ දෙයක් කන්නත් පුලුවන් (නි)
දුන්නොත් නොගෙනම ඉදීවි.ඕවා හොදයි කොන්ඩෙ බදින චීන්නුන්ට කියන්න (නි)
මොනවා කියෝනවාද මන්දා? (නි)